Pages

Showing posts with label histry. Show all posts
Showing posts with label histry. Show all posts

Sunday, 1 March 2015

ශ්‍රී ලංකාවේදී තහනම් කර යළි අවසර දුන් ප්‍රභාකරන්ගේ සාකච්ඡාවේ දෙවන කොටස මෙන්න

පළමුවැනි කොටසය මෙතනි

න්මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක්‌ තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක්‌ Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය (මෙය පළමු වරට පළවූයේ 1987 අගෝස්‌තු 2 වැනිදා නිකුත් වූ Frontline කලාපයේය.) ඊලාම් රාජ්‍යයක්‌ වෙනුවෙන් දිගටම සටන් කරන බව ප්‍රභාකරන් එම සාකච්ඡාවේදී පැවසීය. එසේම ඉන්දු ලංකා ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ. ය අමාරුවේ වැටුණු හැටිද ඔහු පෙන්වා දුන්නේය. ආරක්‍ෂක අමාත්‍යාංශය Frontline රඳවා ගන්නා ලද්දේ එම කරුණු නිසා විය හැකිය. කෙසේ වුවද එම සඟරාව නිදහස්‌ කර වෙළෙඳපොළට යෑවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව ඉකුත් සතිය මැදදී වාර්තා විය. පහත පළවන්නේ ප්‍රභාකරන්ගේ එම සම්මුඛ සාකච්ඡාවේ දෙවැනි කොටසය.

FrontLine සඟරාව - 1987 අගෝස්‌තු 5 වැනිදා ඔබ යාපනයේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වුවා. මේ ගැන මතභේදාත්මක වාර්තා කිහිපයක්‌ පළ වුණා. (ඉදිරි පළාත් සභා) ඡන්දයේදී සමාජ විරෝධී සන්නද්ධ කණ්‌ඩායම් තරග කිරීම වළක්‌වාලන බව ඔබ කියා තිබුණා. තවත් වාර්තාවක කියෑවුණේ ඔබ සැම කණ්‌ඩායමකටම තරග කිරීමට ඉඩ දෙන බවයි. මේ දෙකෙන් ඇත්ත කොයි එකද?



ප්‍රභාකරන් - මැතිවරණයේදී තරග කිරීමට හැමෝටම ඉඩ දෙනවා. අප අපේ දැක්‌ම ජනතාවට ඉදිරිපත් කරනවා.

FrontLine - දෙමළ ජනතාවගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඔඹඛF) ගැන ඔබ දරන මතය කුමක්‌ද?

ප්‍රභාකරන් - ඔවුන් අතීතයේදී කළ දේවල් ඔබ දන්නවා. මැතිවරණවලට තරග කිරීම හැර ඔවුන් වෙන දන්නේ මොනවාද? ඒ අය නැවතත් ඡන්දයට යාවි. (අපේ ප්‍රදේශවල) බලය ඔවුන් අතට යනවාට අප විරුද්ධයි. අපේ අරමුණ එයයි. අපේ ස්‌ථාවරයත් එයයි. ජනතාව තීන්දුවක්‌ ලබාදීපුවාවේ. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඡන්දවලදී) තරග කරපුවාවේ. අපි අපේ අරමුණ වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව ඉන්නවා. තමන් සිටිය යුත්තේ කොයි පැත්තෙද කියලා ජනතාව තීරණය කරාවි.

FrontLine - සුදුමාලෙයි නගරයේදී පවත්වපු ප්‍රසිද්ධ රැස්‌වීමකදී ඔබ කියා හිටියා කොටි සංවිධානය තම අරගලය විවිධ ස්‌වරූපවලින් කරනවාය කියා. ඒ ස්‌වරූප මොනවාද? මේ සටන ජන පදනමක්‌ තිබෙන සටනක්‌ද? නැත්නම් විප්ලවීය පක්‍ෂයක මුහුණුවරකින් කරන සටනක්‌ද? අහිංසාවාදී සටනක්‌ද? නැත්නම් ඔබ යළි ආයුධ අතට ගන්නවාද?

ප්‍රභාකරන් - අපි ජන පදනමක්‌ සහිත ජන මූල අරගලයක්‌ කරනවා.

FrontLine - ඒත්, කොටි සංවිධානය මිලිටරි සංවිධානයක්‌ නේද?

ප්‍රභාකරන් - අද කොටි සංවිධානය කියන්නේ ජන පදනමක්‌ තිබෙන සංවිධානයක්‌. ඔබ අපේ මැයි දින රැලිය දකින්නට ඇති. ඒ රැලිය තිබුණ වකවානුවේදී මේ ප්‍රදේශය තුළ හමුදා පාලනයක්‌ තිබුණා. හමුදා හෙලිකොප්ටර් අහසේ සිට වෙඩි තිබ්බා. ඒ අතර දකුණේ සිංහල ජනතාවට බැරිවුණා මැයි දිනය සමරන්න. (දකුණේ භීෂණය පැවැති කාලය විය යුතුය - පරිවර්තක) එවැනි භයානක තත්ත්වයක්‌ තුළ ගිනි ගහන අව්වේ දෙලක්‍ෂයක ජනගහනයක්‌ එකතු කරගෙන අපට මැයි දින රැලිය පවත්වන්නට පුළුවන් වුණා. අප ජන පදනමක්‌ ඇති සංවිධානයක්‌ කියන එකයි එහි තේරුම. අප එවැනි ශක්‌තියක්‌ ගොඩනගාගෙන තිබෙනවා. අප මිලිටරි සංවිධානයක්‌ විතරක්‌ වුණානම් මෙවැනි සුවිශාල ආකාරයකින් ජනතාව මැයි දින රැලියට එන්නෙ නැහැ.

FrontLine - නැගෙනහිර මුස්‌ලිම් ජනතාව ගැන ඔබේ මතය කුමක්‌ද?

ප්‍රභාකරන් - මුස්‌ලිම්වරුන් වෙනම කොට්‌ඨාසයක්‌ ලෙස අප දකින්නෙ නැහැ. අප සලකන්නේ ඔවුන් දෙමළ ජනතාවගේම අනු කුලකයක්‌ ලෙසයි. මෙය භාෂාව මගින් එකමුතු කළ, ආගමෙන් වෙනස්‌ වූ ජනතාවක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌.

FrontLine - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවාද නැද්ද යන කාරණය උදෙසා පවත්වන ජනමත විචාරණයකදී එකතු කිරීමට විරුද්ධව ඡන්දය දෙන ලෙස ජනාධිපති ජයවර්ධන ජනතාවට ආයාචනා කර තිබෙනවා. මේ එකතු කිරීමට එරෙහිව මුස්‌ලිම් ජනතාව ඡන්දය දුන්නොත් ඔබ කරන්නේ කුමක්‌ද?

ප්‍රභාකරන් - එවැනි තත්ත්වයකදී කළ යුතු දේ ගැන අපේ සැලසුමක්‌ නැහැ. එය අනාගතයේදී සිදුවීමට යන දෙයක්‌. එයට උත්තර සැපයිය හැක්‌කේ එම ප්‍රශ්නය මතුවූ විටයි.

FrontLine - තරගකාරී දේශපාලනික රාමුවක්‌ තුළ මැතිවරණයක්‌ පැවැත්වෙන්නට යන්නේ නම් එහිදී හටගත හැකි ගැටලු ලෙස ඔබ දකින්නේ මොනවාද?

ප්‍රභාකරන් - දේශපාලන තරගකාරිත්වයට අප දැනටමත් මුහුණ දී තිබෙනවා. අපට මේවා නුපුරුදු නැහැ. කවරෙක්‌ තෝරා ගන්නවාද කියන තැනට එන්නට ජනතාවට ඉඩ දෙමු. මේ වියවුලෙන් ඔවුන් බේරා ගත හැකි නිවැරැදි නායකත්වයක්‌ තෝරා ගන්නට ජනතාවට ඉඩ හරිමු.

FrontLine - පන්දහසක්‌ වූ එල්. ටී. ටී. ඊ. කේඩරයේ අනාගතය කුමක්‌ද?

ප්‍රභාකරන් - එම කේඩරයේ අනාගත ජීවිතය සඳහා අප නිවැරැදි සැලසුමක්‌ හදනවා. අප ඔවුන් අතරමං කරන්නෙ නැහැ. ඔවුන්ගේ ජීවන මාර්ගය සඳහා ක්‍රමයක්‌ අප පිළියෙළ කර දෙනවා.

FrontLine - කොයි විදියටද?

ප්‍රභාකරන් - අප රැකියා අවස්‌ථා ඇති කරනවා. අධ්‍යාපනය ලැබීමට කැමති අයට ඒ සඳහා අවකාශය ලැබෙනවා. ඔවුන්ට තාක්‍ෂණික අධ්‍යාපන වැඩපිළිවෙළක්‌ අප සංවිධානය කරනවා. අප ඉතාම විනයානුකූල පැවැත්මකට යන අතර සාමූහික අවස්‌ථා නිර්මාණය කරනවා.

FrontLine - ඉන්දු ලංකා ගිවිසුම සහ (ගිවිසුමට අනුව) අවි භාරදීමේ යෝජනාව ගැන ඔබේ කේඩරයේ ප්‍රතිචාරය කුමක්‌ද? අවි භාර දෙනවාට ඔවුන් විරුද්ධද?

ප්‍රභාකරන් - අපේ කේඩරයට මාව විශ්වාසයි. ඔවුන් මගේ වචනයට අවනත වන්නේ ඒ නිසයි. ඒත් අද වන විට අපට ආරක්‍ෂාවක්‌ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ වෙනත් සන්නද්ධ කණ්‌ඩායම්වලින් අපට අන්තරායක්‌ හටගෙන තිබෙනවා.

FrontLine - (ගිවිසුම ක්‍රියාත්මක වී අවි භාරදීමෙන් පසු) ඔබේ සාමාජිකයන්ගේ ගෙලෙහි එල්ලා තිබෙන සයනයිඩ් කරල්වලට සිදුවන්නේ කුමක්‌ද? අතේ ආයුධ නැතිවිට ඔය කරල්වලින් වැඩක්‌ තිබෙනවද?

ප්‍රභාකරන් - සයනයිඩ් කරල් අවශ්‍යයි. දැන් ඒවා අත්‍යවශ්‍යයි. නැගෙනහිර පළාතේදී මැරයන්ගෙන් ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කණ්‌ඩායම්වලින් සහ සිංහල හමුදාවෙන් බේරෙන්නට ඔවුන් සතු එකම ආයුධය තමයි ඔය සයනයිඩ් කරල. ඒ විතරක්‌ නොවෙයි තමන් සමග එක්‌ව සටන් කර ජීවිත පරිත්‍යාග කළ සහෝදර සටන්කාමීන් සිහිගන්වනු පිණිස මගේ කේඩරය දිගටම සයනයිඩ් කරල පළඳීවි. (මෙහිදී දිලිප් යෝගි දෙස හැරෙන ප්‍රභාකරන් ඔහු සයනයිඩ් කරලක්‌ පැළඳ සිටිනවාදැයි විමසයි. යෝගි ගෙල වටා ඇති නූලකට යා කළ සයනයිඩ් කරල ඉවතට ඇද පෙන්වයි. එම කරල සාදා ඇත්තේ කලු සහ සුදු ප්ලාස්‌ටික්‌වලිනි. ප්‍රභාකරන් ද එවැනි සයනයිඩ් කරලක්‌ කමිස කර තුළින් පිටතට ඇද පෙන්වයි. එහි ඡායාරූපයක්‌ ගන්නදැයි µ්‍රන්ට්‌ ලයින් වාර්තාකරු විමසූ විට ප්‍රභාකරන් විනීත ලෙස එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි.)

FrontLine - ඔබේ සටන්කරුවන් මරා දැමුණු විට ඔබට දැනෙන හැඟීම කුමක්‌ද? උදාහරණයක්‌ වශයෙන් 1983 දී ශ්‍රී ලංකා යුද හමුදාව සමග ඇති වූ සටනකදී මරා දමන ලද කොටි සටන්කරුවකු වූ චාල්ස්‌ ඇන්තනි සිහිපත් වනු පිණිස ඔබ ඔබේ පුතාට (මේ වන විට ප්‍රභාකරන්ගේ දෙවන පුතා වූ බාලචJද්‍රන් ඉපිද නැත) චාල්ස්‌ ඇන්තනි යන නම තබා තිබෙනවා.

ප්‍රභාකරන් - ඔවුන් ගැන අපට හරිම දුකයි. විසිදහසක්‌ ජීවිත පරිත්‍යාග කරමින් කළ සටන ඉන්දියාවේ අවශ්‍යතාවලට යටවෙලා. ඒ විතරක්‌ නොවෙයිá ඒ වීරයන්ගේ නියෝජිතයන් වන අපට නිසි ගෞරවය හිමි වී නැහැ.

එමතුද නොව, මෙවැනි කාලයකදී (ඉන්දු ලංකා ගිවිසුමේ මුල් අවධියට අදාළ වකවානුව) අපට තිබෙන ජනතා සහයෝගය කොතරම් ද යන්න ඉන්දීය රජයට ප්‍රදර්ශනය කළ යුතු බවයි අපට හිතෙන්නේ. අපට අයිති දේ නොදී, අපගේ උපදෙස්‌ ලබාගැනීමකින් තොරව, ඔවුන් (ඉන්දියාව) ගිවිසුමකට එළැඹිලා· ඒ අනුව දෙමළ ඊළම ඉලක්‌කය කරගෙන ජනතා සහයෝගය සහිතව දේශපාලනයට පිවිසීමට අප කැමතියි. සියලු තත්ත්වයන්ට ගැළපෙන උත්තරය එයයි.

FrontLine - කොටි සංවිධානය ඔවුන් සතු අවි සම්පූර්ණයෙන්ම භාර නොදෙන බව කොටි නියෝජිතයකු කී බවක්‌ යාපනයේ පළවූ පුවත්පත්වල සඳහන් වුණා.

ප්‍රභාකරන් - ඔව්. අපි එහෙම කිව්වා. අනාරක්‍ෂිත පරිසරයක්‌ තුළ නිරායුධ වී (අවි භාරදී) බුරුතු පිටින් සංහාරය වනවාට වඩා සටන් කර මියයාම යහපත්.

FrontLine - ඔබේ ජීවිතයට බලපෑ චරිත මොනවාද?

ප්‍රභාකරන් - තල්ති සඟරාවේ පළවූ, ර. සු. නල්ලපෙරුමාල් ලියන ලද 'කලුක්‌කුල් ඊරාම්' (ගල ඇතුළත තෙත් ය) කතා පෙළ මා පස්‌ වතාවක්‌ කියවා තිබෙනවා. එය ගෙතී ඇත්තේ ඉන්දියානු නිදහස්‌ සටන වටායි. මෙහිදී ලේඛක නල්ලපෙරුමාල් අහිංසාවාදී අරගලය සහ සන්නද්ධ අරගලය තුළනය කරනවා. සාමාන්‍යයෙන් නිදහස්‌ සටන් ව්‍යාපාරයන් ගැන ඕනෑම දෙයක්‌ මා කියවනවා. Joan of Arc, නැපෝලියන්, වැනි අය ගැන තිබෙන පොත් මා කියවා තිබෙනවා. මම ඉතිහාසය ගැන හැමදාමත් උනන්දු වුණා. මෝගල් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කළ පළමුවැන්නාගේ නම සිවාජි. තරුණ කාලයේදී සුභාස්‌ චන්ද්‍රබෝස්‌ගේ පින්තූරයක්‌ නිතර මා සතුව තිබුණා. මා පාඩම් කරද්දී ඒ පින්තූරය මේසය මත තබා ගත්තා. මේස ලෑල්ල මත මා මෙහෙම ලියා තිබුණා. "මගේ මාතෘ භූමිය වෙනුවෙන් අවසන් ලේ බිඳුව දක්‌වා මම සටන් කරමි.

FrontLine - මිස්‌ටර් ප්‍රභාකරන් ඔබට ස්‌තුතියි.

Thursday, 26 February 2015

ලංකාව පාවාදුන් උඩරට ගිිවිසුමට වසර 200 යි



අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කළු සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි.




මාර්තු 02 වන දිනට ඉංග‍්‍රීසි ආණ්ඩුව සමඟ උඩරැුටියන් අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොහොත් ඉතිහාසයේ සඳහන්වන උඩරට ගිවිසුමට අවුරුදු දෙසීයක් ගතවේ. ඊට පෙර 1796 පෙබරවාරි 16 දින වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග‍්‍රීසින් විසින් අයත්කර ගෙන තිබුණි. මාර්තු 02 දින පස්වරු හතරට ශ්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මහනුවර මඟුල් මඩුවේදී හමුවන ලෙස උඩරට අධිකාරම් හා දිසාවේවරුන් සහ අනිකුත් ප‍්‍රධානීන්ට දන්වා තිබුණි. එදා මල්වත්තේ මහනායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප‍්‍රමුඛ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේලාද මඟුල් මඩුවෙහි වැඩඋන්හ. එහිදී ගිිවිසුම මෙම ප‍්‍රධානීන්ට හා මොහොට්ටාලවරු ඇතුළු සුළු මුලාදෑනීන්ටද කියවා දෙනු ලැබීය.


එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනෙකුගේ පාලනය යටතේ පැවති අප රටේ ස්වෛරීත්වය එංගලන්තයේ III වන ජෝර්ජ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත්විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත්වූයේ 1714දී I වන ජෝර්ජ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි කියූ බි‍්‍රතාන්‍යයේ අඩක් නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝර්ජ්ටය. ගිවිසුම ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංග‍්‍රහයේ (Ceylon Legislative Enactment) xi ඛණ්ඩයේ 390 ෙඡ්දය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ජ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මගින් සම්මත වූ ජනරජයක් නැවතත් අපට ලැබුණේ 1970 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කලූ සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි. හතර කෝරළේ, හත්කෝරළේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332ක් වූ මුලූ රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප‍්‍රමාණය නූතනයෙහි සියලූම පළාත් සභා ප‍්‍රදේශ හා බස්නාහිර සහ දකුණ පළාත් සභා ප‍්‍රදේශයන් තුළ සමහර කොටස් ද අයිති වූ භූමි ප‍්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වූවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම්, පැළඳුම්, සමාජ චාරිත‍්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත‍්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්‍යයේය.


1833 ඔක්තෝබර් 11 දින ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් නිකුත් කළ ආඥාවක් අනුව මුහුදුබඩ ප‍්‍රදේශද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා 1845 ඔක්තෝබර් 01 දින සිට හයවන පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ්‍රීමත් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 දින ඔහු පෙරදී දකුණු හා බස්නාහිර පළාතට අයත්ව තිබූ කොටස් සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බි‍්‍රතාන්‍ය ක‍්‍රීටයට ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද කි‍්‍රයාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්ථාදායකය මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති කි‍්‍රයාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝණය කිරීමේදී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවටද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා අනපනත් මිස අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් වූ අන පනත් හා නීති රීති නොවේ. අපේ පැවති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන) දෙවැනි ක‍්‍රමය වූ ප‍්‍රධානීන් ඉදිරියේ විසª නඩු හා ගම් සභා නඩු විසඳීමේ ක‍්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුලූ දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරැුටියෙකුට ඉංග‍්‍රීසින්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක් ලබා නොදුන්නේය.


බි‍්‍රතාන්‍ය ගිවිසුමෙන් ඔවුන් මත පැවරුන වගකීම් හා විශ්වාසනීයත්වය ආරක්ෂා කළේ කෙසේද? 1817-18 ඌව කැරැල්ල, 1848 මාතලේ කැරැුල්ල ආදී ඔවුන්ගේ පාලනයට විරුද්ධව පැනනැගි මහජන විරෝධතාවන් කෲර ලෙස මැඩ පැවත්වීමට ආණ්ඩුකාරයා ඔහු සතුව තිබූ නෛතික බලය මෙන්ම විධායක හා පරිපාලන බලතල ද උපරිම ලෙස ක‍්‍රියාත්මක කළේය. ඔවුන්ගේ ආඥා පනතකින් සියලූම ඉඩම්වල අයිතිය රජය සතු කරගෙන ඒවා කිරීටය සතු ඉඩම් (Crown Land) යැයි නිවේදනය කළේය. පාරම්පරිකව හිමි වූ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට අසරණ ගම්වාසීන්ට නීතියේ සරණ පැතීමට නොහැකි විය. එම ඉඩම් කෝපි, තේ, රබර්, පොල් ආදී වැවිලි සඳහා රන් පවුම් සමාගම්වලට මෙන්ම වැවිලි කර්මාන්තය ගැන උනන්දුවක් දැක්වූ ආණ්ඩුවේ ඒජන්තවරුන් වැනි උසස් නිලතල දැරුවන්ට ලබාදුන්නේය. ඒ. පර්ග්‍යුසන්ගේ 1857 වාර්තාවක් අනුව යුරෝපීය වැවිලිකරුවන්ට එවකට අක්කර 6337092 අයත් වූ අතර එම ප‍්‍රමාණය වගා කිරීමේ කටයුතු සඳහා ගෙන්වා ගත් ඉන්දීය කම්කරු පිරිස 129200 ක් විය. බදුල්ලේ උඩුකිඳ ප‍්‍රදේශයෙන් පමණක් එක් රාත‍්‍රියකදී ස්වකීය නිවාසවලින් පාරට ඇද දැමූ පිරිස, මධ්‍යම පළාතේ පිරිසත් සමග පවුලේ 37000 ක් විය. (ඌව ජර්නල්) උඩරට ගැමි කොමිසමේ වාර්තාවක් අනුව මෙම පිරිසට ඉඩම් අඟලකුදු තම උපන් බිමින් හිමි නොවීය. උඩරට තරුණ පෙරමුණද මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්තාවක් සැපයූ නමුත් ඉංග‍්‍රීසි ආණ්ඩුව ඒ පිළිබඳව මුණිවත රැුක්කේය. ඉංග‍්‍රීසීන් අප රටෙන් ගිය පසුත් මෙම ඉඩම් රජයේ ඉඩම් (State Land) යැයි නම්කර කිසිදු සාධාරණයක් පරවේනි ඉඩම් හිමි ගැමියන්ට ඉටුවී නැත. ඒ වෙනුවට පසුගිය රජය පහළ වෙල්ලස්සෙන් පමණක් අක්කර පනස්දාහක් සමාගම්වලට බදුදීමට සැලසුම් කර තිබුණි.


මෙම තත්ත්වය තේරුම් ගැනීමට විටින් විට බලයට එන පාලකයින්ට හැකි වන්නේ අද ගමේ සොහොන් බිමකට ඉඩම් කෑල්ලක් අත්පත් කර ගැනීමට යාමේදී පවා ඉන්දියන් වතු කම්කරු සංගමයට, වෘත්තීය සමිති නායකයින්ට, වතුකරේ දේශපාලකයන්ට පිංසෙන්ඩු වීමට සෑම නායකයෙකුටම සිදුව ඇති නිසාය. මෙම තත්ත්වය වඩාත් උග‍්‍ර වී ඇත්තේ 1977 ව්‍යවස්ථාවෙන් පසු ක‍්‍රියාත්මක වන ජන අනුපාත මැතිවරණ ක‍්‍රමය නිසාය. මෙම තත්ත්වය වෙනස් කිරීමට අද දැයට අවශ්‍ය වන්නේ ජාති හිතෛෂි ජන නායකයන් මිස මිල මුදල්, බලය, නිලය පසුපස යන දේශපාලන නායකයන් නොවේ. පෘතුගීසීන්ගෙන්, ලන්දේසින්ගෙන් උඩරට ගැමියා රැකගත්තේ මෙම ඉඩම්ය. ඉංග‍්‍රීසීන් මිත‍්‍රයින් ලෙස මෙම ජනතාවගේ පරවේනි අයිතිය රැකීමට ගිවිස ගත්තත් අවුරුදු තුන්සියයක් පමණ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණයන්ගෙන් ගැමියා රැක ගත් ඉඩම් දේපල ඔවුන්ට අහිමි විය. එපමණක් නොව මුහුදුබඩ ප‍්‍රදේශවලට අධ්‍යාපන පහසුකම් ලබාදුන් අතර ඔවුන් උඩරට පළමු ස්වභාෂා පාසල ආරම්භ කළේ 1856 දීය.




එනම් ගිවිසුම අත්සන් කර අවුරුදු හතළිස් එකකට පසුවය. මෙම ප‍්‍රදේශවල සිට කොළඹට ප‍්‍රවාහන පහසුකම් සපයා දුන්නේ 1827 දී හමුදාවන්ගේ ගමන් පහසුව සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා දුන් පසුවය. උඩරට ඉඩම් බුක්ති විඳීමේ චාරිත‍්‍රය පැවතියේ ප‍්‍රදේශයේ ජනතාවගේ සමගිය හා එකමුතුව රැුකගැනීම අරමුණු කොටගෙනය.