Pages

Saturday, 21 February 2015

ලෝක රූ රැජින ශ්‍රී ලංකාවේ ගස්‌ සිටුවයි

ලෝක රූ රැජින ශ්‍රී ලංකාවේ ගස්‌ සිටුවයි




2015 / 16 වසරේ ලෝක රූ රැජන ලෙස කිරුළු පැළැඳි රෝලින් ස්‌ට්‍රොaaස්‌ මෙනවියගේ සහභාගිත්වයෙන් ඊයේ (20 දා) උදේ කොළඹ ක්‍රීඩා හා සංචාරක අමාත්‍යංශයේදී ලංකාවේ මිලියනයක රුක්‌ රෝපණ ව්‍යාපෘතියක්‌ දියත් කිරීම උත්සවාකාරයෙන් සිදුවිය.

ශ්‍රී ලංකාවේ වන ආවරණය මේ වන විට සියයට 53 සිට සියයට 29 දක්‌වා අඩුවී ඇති අතර එම ව්‍යසනයට පිළිතුරක්‌ වශයෙන් මෙම මිලියනයක රුක්‌ රෝපණ වැඩසටහන දියත් කරනු ලබයි.

මෙහිදී කතා කළ රෝලින් ස්‌ට්‍රොaස්‌ ලෝක රූ රැජන ප්‍රකාශ කළේ මෙම මනරම් දිවයිනට පැමිණ මෙවන් වටිනා ව්‍යාපෘතියක්‌ දියත් කිරීමට අවස්‌ථාව ලැබීම ගැන තමා ඉතා සතුටට පත්වන බවයි. තමාගේ නිවසේ මිදුලේ විශාල ගසක්‌ තිබුණ බවත් එම ගසට තමා බෙහෙවින් ඇලුම් කළ බවත් සඳහන් කළ ඇය කීවේ පසු කලෙක එම ගස කපා දැමූ පසු තමා බෙහෙවින් දුකට පත් වූ බවයි.

මෙම මිලියනයක රුක්‌ රෝපණ වැඩසටහන දියත් කිරීමේ අවස්‌ථාවට සංචාරක හා ක්‍රීඩා ඇමති නවීන් දිසානායක සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති රොහාන්ත අතුකෝරල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ. මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා රොටරි සමාජය හා හැටන් නැෂනල් බැංකුව ඒකාබද්ධවය.

ලෝක රූ රැජන රෝලින් ස්‌ට්‍රොaස්‌ මෙනවිය දින තුනක්‌ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

No comments: