සුද්දා මුළු රටටම කොඩිය දැම්මේ 1815 දීය. එතනින් එහාට සිදුවූ හැම දෙයක්ම මිනිහ කළ ඒවා වන්නේය. එක්දහස් අටසිය ගණන්වල අග, සුද්දා ලංකාවේ නගර හදන්නට පටන්ගත්තේය. ඒ, එවකට සුද්දාට අයිති හැම කොලනියකටම ෙපාදු වූ Grid - iron පැටන් එකටය. ඒ කියන්නේ; කොටුරූල් පොතක කොටු විදියටය. කොට්ට ඇතුළේ බිල්ඩින් තියනවාය. කොට්ට වටේ පාරවල් තියනවාය. පාරවල් දිගට කානු තියනවාය. සුද්දා කෙළින් මිනිහාය. ඒ මිනිහගේ වොයිස් එකය.
1920 වෙන විට එයැයිට ලෝකෙ හතර දිප්බාගෙම ඉඩන් කඩන් තිබුණේය. ඒ හැම එකක්ම කොට්ටා කාරවිය. ආසියාතික අපි ඉතින් රාමුවල හිරවෙන්නට කැමති අය නොවීමු. ඒ නිසා සුද්දාගේ පැටන් අපිට දිරෙව්වේ නැත. කොටු පැනීම සිදුවූයේ ඒ නිසාය.
මුලින්ම කොටු පැන්නේ, ඉන්දියාවය. ඒ විසිවැනි ශතවර්ෂ ආරම්භයේදීමය. ඊට පස්සේ අපිය. අපි පනින විටම වාගේ ඕලන්දක්කාරයන්නට අයිතිව උන් ඉන්දුනීසියාව ද පැන්නේය. මේ සියලු රටවලට පොදු වූ කාරණයක් තිබිණි. එකක්, අධිකව වර්ධනය වෙමින් පැවති නාගරික දිළිඳු ජනගහනයයි. අනෙක විධිමත් නාගරීකරණයයි. සාම්ප්‍රදායික රාමුවෙන් පිටපැනීම නිසා ඉන්දියාවේත් ඉන්දුනීසියාවේත් ශ්‍රී ලංකාවේත් ප්‍රධාන නගරවල දිගට හරහට “හායි-හූයි” කියා පැල්පත් ඉදිවෙන්නට පටන් ගත්තේය. ප්‍රධාන මංමාවත් දිගට බිල්ඩින් තැනුනේය. ඒ නිසා රට සංවර්ධනය වූයේ “පාරදිගේ” ය. දැන් ඒකට කියන්නේ Ribbon Development කියාය.
සුද්දාගේ කීමට පිටින් නොයමින් සුද්දාගේ හිත නොබිඳිමින් අදටත් කොටුව ඇතුළේම ඉන්න රටවල් තිබේ. මැලේසියාව ඉන් එකකි. එයාලට එහෙම “ඔබීඩියන්ට්” වෙන්නට හැකි වූයේ ජනගහනය අඩු වීමත්, ඕනතරන් ඉඩකඩන් තිබීමත් නිසාය.
අපිව රාමුවකට කොටුකර තබන්නට හිතූ පරසුද්දාට හොඳ වැඩේය. අපි ආර්ය රුධිරය සහිත අභිමානවත් ප්‍රතාපවත් නිදහස් ජාතීන්ය.
ඒත් වැඩේ කියන්නේ... සුද්දාගේ ශ්‍රී පැටන් එකෙන් පිටපැන අපේම අනන්‍යතාවක් සහිත නාගරික පැටන් එකක් තෝරා ගත්තද? සියලු ටවුන්වල වැහි වතුර කානු පද්ධති අදටත් තියෙන්නේ සුද්දාගේ පැටන් එකට අනුව වීමය. මේ නිසා පොඩ්ඩක් වැස්සත් ටවුම යට වෙන්නේය. බොරු නම් වැහි දවසට නුවර ටවුමට ගිහින් බලන්නය.
මොනවා වුණත් අපි ආර්ය රුධිරය සහිත අභිමානවත් ප්‍රතාපවත් නිදහස් ජාතීන්ය. අපිව කොටුකර තබන්නට සුද්දාට කවදාවත් බැරිය
No comments:
Post a Comment