Pages

Saturday, 21 February 2015

කිරි සුවඳ වියෑකෙන්නට පෙර රති කෙළියට...


* ගම්පහ, කළුතර, නුවර, ගාල්ල නගර ආශ්‍රිතව වැඩිපුර උපත් පාලන උපකරණ විකිණෙන්නේ අඩු වයස්‌ දරු දැරියන් අතර

කාලය ගෙවී යයි. උපදියි. මියයයි. සොබාදම එයයි. උසස්‌ මනසක්‌ ඇත්තා මිනිසා යෑයි සම්මතයක්‌ පැවතිය ද එය මුසාවක්‌ බව පෙනෙන්නට තිබේ. අද දවස ගත කරන ස්‌වභාවය අනුව හෙට දවස තීරණය වන බව මේ උසස්‌ මනසක්‌ ඇත්තා නොදන්නා සේය.

මිනිසා යන සත්ත්වයාගේ පැවැත්ම ර`දා පවතින්නේ පවුල යන සංකල්පය මතය. එහෙත් අද වන විට සාම්ප්‍රදායික පවුල මූලික වෙනස්‌වීම් රාශියකට භාජනය වෙමින් පවතී. අද වන විට පවුලේ විවිධ අංශවල නවීකරණය සිදුවෙමින් පවතී. එසේ නොවූ පවුලක්‌ සමාජයේ හුදකලා වේය යන මතයක්‌ පෙරකී උසස්‌ මනස මත අතුරා තිබේ. අද මන්දිර බද්ද ගෙවන රාජනායක ගේ සිට මඩ සෝදා හවහට වැල්පුටුවේ හි`ද විටක්‌ බුදින සිරිපාල ගේ යටි හිත දක්‌වාම මේ නවීකරණ නරිනාටකය ඔඩු දුවා තිබේ. ඉන් අද දරුණු ලෙස පීඩා විඳින්නේ මේ රාජනායකලාගේත් සිරිපාලලාගේත් දූ දරුවෝය. එහිදී නෂ්ට වන්නේ දූවරු පමණක්‌ම නොවේ. කිසිවකුගේ දෑස්‌ මානයට අසු නොවෙමින්ම පුතුන් විනාශ වන්නේ අනාගතයේ නිරංග ජීවිත සමූහයක්‌ පමණක්‌ මේ මහපොළව මත ඉතිරි කොට තබමිනි.

මේවා හිතලුවක්‌ නොවේ. සාධක සහිත සනාථ කළ හැකි සත්‍යයන්ය.

ඉකුත් වසර පහක්‌ තිස්‌සේ ලංකා ප්‍රසවවේදීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරු කොළඹ දී රැස්‌වී සාකච්ඡා කරන රටේ ඔඩු දුවන ප්‍රධාන ගැටලු රැසක්‌ තිබේ. තරුණ දූ දරුවන් ලිංගික අධ්‍යාපනය පිළිබ`ද නිවැරදි පුළුල් දැනුමකින් තොර වීම, නීති විරෝධී ගබ්සා කිරීම්, මත් ද්‍රව්‍ය භාවිතය නිසා තරුණ පිරිස්‌ ව`දභාවයට පත්වීම, අනිසි ඖෂධ භාවිතය නිසා විවිධ රෝගාබාධදයන්ට නතුවීම, ජාන විකෘති දරු උපත් සංඛ්‍යාත්මකව වැඩි වීම, තරුණ වයසේ පසුවන ගර්භණීන් සිය දිවි නසා ගැනීම, ව`දභාවයෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාත්මකව වැඩි වීම, එම ගැටලු අතරින් කිහිපයක්‌ පමණි.

එවන් ගැටලුකාරී මාතෘකා බිහිවන්නේ වෙනත් ග්‍රහලොවකින් පැමිණි වෙනත් ජීවින් කොට්‌ඨාසයක්‌ නිසා නොවේ. සමාජ සම්මතයේ ඇති සම්ප්‍රදායන් අභිබවා යැම නිසා බව අප තදින්ම තේරුම් ගත යුතුය. දැනට දශක දෙකකට පෙර මේසා මිනිසුන් දරුණු නැත. මේසා සන්නිවේදන ක්‍රම පුළුල් නැත. මේසා උපදේශන සේවා පාසලින් පාසලට ව්‍යාප්තව නැත. මේසා දැනුම් සම්භාරයකින් තරුණ මොළ පිරී තිබුණේ ද නැත. කෙටියෙන්ම කියතොත් මිනිස්‌ හැඟීම් දැනීම් මේසා ප්‍රචණ්‌ඩව නම් තිබුණේම නැත. අද ජීවත්වන පිරිසෙන් වැඩිදෙනෙක්‌ ඉකුත් දශක දෙකෙහි මතකය යළි කැ`දවිය හැකි පිරිසය. ඉන් පසුතැවිය යුතු ප්‍රබලම කරුණ මේ දශක දෙකට එපිට පිරිස අද දෙමවුපියන් වී දූ දරුවන් වදා සමාජය හදන තැනට පැමිණ සිටීමය. එසේ නම් මේ මුළු මහත් සමාජයකට වරදක්‌ වී ඇත්තේ ඔවුන් අතින්ද? වරදක්‌ සිදුවීමේ සමාජ පසුබිම විමසා බැලීම පසෙක තබා සිදුව ඇති ව්‍යසනය විමසීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ ප්‍රශ්න පිලිලයක්‌ සේ ඔඩු දුවා ඇති බැවිනි.

අද සමාජය විකෘතිය. ඒ බැව් සනාථ වන හොදම සාධකය තරුණ දූ දරුවන්ය. සංස්‌කෘතිය හෙවත් ගෞරවාන්විත හැසිරීම, භය පක්‌ෂපාතිත්වය, සංයමය, විනය, යහපත් සිතිවිලි සියල්ල හැර දමා මොවුහු දිව යන්නේ කොයිබටද?. සැබැවින්ම පෙර කී නිරංග සමාජයක්‌ ගොඩ නැඟීමටමද?. එය එසේ බැව් දැක්‌විය හැකි සාධක එමටය.

අද නවීන තාක්‌ෂණය දියුණුවේ හිනි පෙත්තෙහිම තිබේ. ඒ නිසාවෙන් හබරණ අලි ගහන කැලේ පැල්පතේ වෙසෙන කුසුමා ද නින්දට යන්නේ ජංගම දුරකථනයෙන් සිය පෙම්වතාට කෙටි පණිවුඩයක්‌ ලියා තබමිනි. කොළඹ සිටින ටෙක්‌ලාට සේම තුම්පනේ විමලාටත් ජංගම දුරකථනයේ එලාම් එක වැදුණේ නැති නම් අවදිවන්නට බැරිය. එකල අලුයම හතරට කුකුළා හ`ඩලමින් කළ සුන්දර මෙහෙය අද කරන්නේ ජංගම දුරකථනය ය. එතෙකින් අරඹන නැවුම් දවස තත්පරයෙන් තත්පරය ගත වන්නේ නවීන තාලයටය. ආදරය සෙනෙහස කැපවීම හැ`ගීම් අෙන්‍යාන්‍ය සුහදතාව යුතුකම් වගකීම් සියල්ල ඉටුකරන්නේ නවීණ තාක්‌ෂණයෙන් හෙබි ජංගම දුරකථනය. තොරතුරු ගෙන එන්නේ ඉන්ටනෙට්‌ය. ඊ මේල්ය. ඒ සියල්ල පසෙකින් තබමු. තරුණ හදවතක ජනිත වන නැවුම් ආදරයක මිහිර තෙලි තුඩකින් කොලයක්‌ මත තම අත්අකුරින් ලියන්නට පහළවන සිතක්‌ ඇති වන දුවෙක්‌ නැත්නම් පුතෙක්‌ අද කොතැනක හෝ සිටීද? ස`ද ඇති රැයක කවුලුව අසල හි`ද හෙවනැලි අතරේ තම සිත මැවූ රුව සොයන දුවක නැත්නම් පුතකු අද කොතැක හෝ සිටීද?. තම ප්‍රේමවන්තයාගෙන් හෝ ප්‍රේමවන්තියගෙන් ලද පළමු පෙම් හසුන ඒ මේ තැන වරින්, වර ස`ගවමින් තම ආදරය රැක ගන්නට වෙර දරන දුවක හෝ පුතකු අද කොතැනක හෝ සිටීද?. මේ ව්‍යසනයේ ඇරඹුම එතැන විය හැකිය.

අද ඇත්තේ කෘත්‍රිම ආදරයකි. සෙනෙහසකි. අද ප්‍රථම ආදරය සනිටුහන් කරන්නේ කොහේ හෝ ගෙස්‌ට්‌ හවුසයකය. තානායමකය. පාලු කාමරයකය. නැතිනම් චිත්‍රපට ශාලාවක බොක්‌ස්‌ සීට්‌වලය. රෝමයේ අන්‍යයන් අතර ආදරය පතුරුවාලන්නට වෙර දැරූ ශාන්ත වැලන්ටයින් තුමාද අද මේ පවට කර ගසා සිටී. වැලන්ටයින් දිනයේ අරුත සැබැවින් නොදත් බොහොමයක්‌ තරුණියන් වැලන්ටයින් සමරන්නේ තමන්ගේ ප්‍රාණය වන් පතිව්‍රතාවය ද බි`ද දමමිනි. එහි ඊළ`ග එකම පියවර තවත් සති කිහිපයකින් ලිංගික රෝග වෛද්‍ය සායනවල හෝ ප්‍රසව නාරි වෛද්‍ය සායනවල දොරකඩ සිට තරුණ දූ දරුවන් හොරා පොලිස්‌ නැටීමය.

zඅනේ ඩොක්‌ට මේ දරුවන්ට ව්‍යංගයෙන් වත් ඔය වහෙන් ඔරෝවත් නැතුව අමුවෙන්ම කියලා දෙන්න. ඉස්‌කෝලේ ඒ තරමටම ප්‍රශ්න. බඩට ළමයි දා ගත්තු එවුනුත් මේ ඉස්‌කෝලේ ඉන්නවා. එක්‌තරා ප්‍රකට කාන්තා විද්‍යාලයක ලිංගික සෞඛ්‍යය හා උපදේශන සේවාව ලබා දීමට ගිය විශේෂඥ වෛද්‍යවරයකුට විදුහල්පතිවරයෙක්‌ එසේ කියා තිබිණි.

අද වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණුවකට පැමිණ තිබුණ ද බාල වයස්‌කාරියක හෝ අනියම් ප්‍රේමයකින් ගැබ් ගත් නීති විරෝධී ගැබිනියක්‌ ගැබිනිs භාවයෙන් මුදවාලන්නට තබා විකෘති කළලයක්‌ ඉවත් කිරීමට හෝ වෛද්‍යවරයකුට නීතියෙන් ඉඩක්‌ නැත. ඉවත් කිරීම කෙසේ වෙතත් නීති විරෝධි ගැබ් ගැනීම් පිළිබ`ද කතා කිරීමට හෝ වෛද්‍යවරයකුට අයිතියක්‌ නැත. එහෙත් සාක්‌ෂි සහිතව සනාථ කළ හැකි අන්දමට දිනකට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු හෝ ලිංගික රෝග පිළිබ`ද වෛද්‍යවරයකුගෙන් සහනය අයෑදීමට පැමිණෙන තරුණ පිරිස දෙදෙනෙකි. මේ ලංකාවේ ප්‍රධාන පළාත් නවයෙන් බස්‌නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද, මධ්‍යම, දකුණ යන පළාත් හයෙහි සිටින ඉහත කී වෛද්‍යවරුන් සංඛ්‍යාවට සාපේක්‌ෂව දිනක රෝගීන් ගණන ගණන් බැලූ විට සමස්‌ත තරුණ සංහතියටම ලිංගික ගැටලුවක්‌ තිබේ. මෙහි බරපතළ බව එතැන නොවේ.

නීතියෙන් විරෝධයක්‌ ඇති වයස්‌ සීමාවකදී ලිංගික සම්බන්ධතාවක්‌ පවත්වා ගැබ්ගත් ගැහැනු දරුවන් තරුණියන් සහ අනියම් (බිරින්දෑවරු) කාන්තාවන් කෙසේ හෝ ගබ්සාවක්‌ කර ගැනීමය. එය සමාජයීය ගැටලු රැසක ආරම්භක වෙඩි මුරය ද වෙයි. දැන් දැන් ප්‍රතිකාර වෙත යොමු වීමේ මාර්ග සොයා යන අන්දම වෙනස්‌ හැඩයක්‌ ගෙන තිබේ. ඇතැමුන් වෛද්‍ය උපදෙස්‌ පසෙක තබා ඖෂධවේදීන්ගේ හෝ ඖෂධ වෙළෝද නියෝජිතවරුන්ගේ උපදෙස්‌ අනුව ප්‍රතිකාර අරඹා තිබේ. එහි ප්‍රතිඵල දරුණුය. සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව අනවශ්‍ය හදිසි ගැබ් ගැනීමක දී නීත්‍යනුකූල විවාහක කාන්තාවන්ට සහ මවුවරුන්ට නිර්දේශ කර ඇති ඖෂධ අද වෙළෝදපොළෙන් මිලදී ගන්නේ පාසල් දරුවන්ය. අවිවාහක තරුණියන්ය. ඔවුහු අද වනවිට එම ඖෂධ කෝකටත් තෛලය ලෙද පාවිච්චි කරති. මෙම ඖෂධය හෝමෝනය වරින් වර එක දිගට වෛද්‍ය උපදෙස්‌වලින් තොරව පාවිච්චි කිරීමේ ආදීනව එමටය. වයස අවුරුදු දහසයක දරුවෙක්‌ මෙම ඖෂධය දෙවරකට වැඩි වාර ගණනකදී පාවිච්චි කළ විට ඇයට දරුවන් බිහිකිරීමට නිත්‍ය වශයෙන් අවැසි කාලය (වයස අවුරුදු 25) වන විට ගර්භාෂය ආසාදිතව විවිධ රෝග තත්ත්වයන් ඇති වීමේ ඉඩක්‌ පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ලාංකික දූ දරුවන් වැනසෙන දුක්‌ඛදායීම අවස්‌ථාව ඇතැම් වංචනික ඖෂධ වෙළෙඳුන්ගේ මුසාවන්ට මුළා වීමය. ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය. ග`ගට වැටුණු මිනිහා බලන්නේ පිදුරු ගහේ හරි එල්ලිලා තම පණ කෙන්ද රැක ගැනුමටය. එපරිද්දෙන්ම හැ`ගීම්වලට වහල් වූ අනාගතේ අසිරිය හැඩට විඳින්නට ඉඩ නොතැබූ මෝඩ දූවරුන් හදිසියේ තමන් ගැබ් ගෙන ඇතැයි දත් විට ඉන් මිදීමට නොවිඳිනා දුක්‌ ගැහැටක්‌ නැත. මෙය යෙහෙන් දන්නා ඇතැම් කූට වෙළෙන්දෝ ගබ්සා වීමට ගිලින පෙති ඇතැයි දරුවෝ මුළා කරති. මෙම ගිලින පෙති ආවරණයකින් සමන්විත නොවේ. හොර රහසේ ඖෂධ වෙළෙදසලේ ඇතුළත කුඩා කාමරයකට කැටුව ගොස්‌ අධික මිලකට (රුපියල් පන්දහසේ සිට ඉහළට) විකුණනු ලබයි. දියණිවරු මේ ඖෂධ ලබා ගැනීමට උකස්‌ තබන්නේ තමන් වැඩිවිය පත්වූදා තම පියා ආඩම්බරෙන් ගෙලට දැමූ රත්‍රං මාලය හෝ වළල්ලක්‌ හෝ විය හැකියි. අකාලයේ තම අනාගතය කඩා ඉහිරවා මොන ගිලින පෙත්ත ගිල්ලත් බොහෝ දූවරුන්ගේ ළපටි ගර්භාෂයට පැමිණි නොදරුවා එය අතහැර දමා යන්නේ නැත. වංචාකාරීන්ගේ මුළාවට මුදල් ද වියදම් කරමින් මොන තරම් පීඩාවන්ට ලක්‌ වුවත් පොලිස්‌ පැමිණිලි පොතට ඒ වගක්‌ එක්‌කාසු කරන්නට මේ කාටත් හැකියාවක්‌ නැත. ඒ මේ සියල්ලන්ම වංචාකාරයින් නිසාය. එතැකින් නොනැවතී ඇය ඊළ`ග පිහිට අයෑදින්නේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්‌ථානයකය. එහිදී සිදුවන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. නැතිනම් ජීවිත කාලයටම පොලියත් සමග රැගෙන යන්නට වන විෂබීජ ශරීරගත කර ගැනීමටය. තවත් විටෙක ගැබ්ගෙල දුර්වලතා වැනි රෝග තත්ත්වයන් උරුමවෙයි.

ගැහැනිය යනු උපන්දා සිට ඊළඟ පරම්පරාව වෙත විවිධ ලක්‌ෂණ සහිත ජාන රැගෙන යන්නියකි. අතරමඟකදී ඇය සොබාදහමට පිටුපා ගමන් මග වෙනස්‌ කළ හොත් යහපත් දරුවන් වදන මවක්‌ වන්නට වරම් නොලැබෙනු ඇත. මොහොතක සුව විඳින්නට හිත පොළඹවන පිරිමි මෙහි වගකීම ගත යුත්තේ සමාජයටම කරනු ලබන සාපරාධී ක්‍රියාවක්‌ ලෙසටය. තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගන්නේද පිරිමින්ය. ඝර්මකලාපීය රටක්‌ වන ලාංකික සිරුරට මත්පැන් මත්ද්‍රව්‍යය, දුම් පානය ඔරොත්තු නොදේ. ජාත්‍යන්තර පාසල් මෙන්ම අමතර පන්තිවල අතුරු ප්‍රතිඵල ලෙස දායාද කොට ඇත්තේ, මත්ද්‍රව්‍ය විෂ සමග ජාන විකෘතිතා ය. එය අනාගතයේ යහපත් මවක්‌ හෝ පියකු ලෙස වැජඹෙන්නට තිබූ ඉඩ අහුරා තැබීමකි. කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අනුරාධපුර වැනි නගරවල සෑම සෙනසුරාදාවකම ඉරිදාවකම තරුණයන් තරුණියන් තම ජීවිත කෙලෙසා ගනිති. පොලිසිය ද එදිනට සේවයේ නියුතුව නැති සෙයකි. කාර්යබහුලව සිටින්නේ ලැගුම්හල් සහ ඖෂධහල් සේවක පිරිස්‌ මෙන්ම ත්‍රිරෝද රථ හිමිකරුවන්ය. දැන් දැන් මෙය වාණිජකරණයට නතු වූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයකි.

මේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්‌කරුවන්ව ඇත්තේ සති අන්තයේ නිවසින් එළියට යන ආදරණීය දූ දරුවන් නොවේද?. දරුවන් වෙනුවෙන් නව ලොවක්‌ තනන්නට සිහින දකිමින් කාර්ය බහුල වන දෙමවුපියන්ට ඒ සිහිනවලම රැඳී ඉන්නට සිදුවනු ඇත.

අපි අතීතය පසු කොට ආ පිරිසක්‌ වෙමු . එදා පවුල තුළ සමාජයීය බන්ධනයක්‌ සේම ආරක්‌ෂාවක්‌ ඇති කළේ චාරිත්‍රය. නිතර දෙවේලේ මුණ ගැසෙන ඥාති සබඳතාය. දියණියක වැඩි විය පත්වූදා පවත්වන චාරිත්‍ර උත්සව හරහා සමාජයට දැන්වූයේ ඇයව ආරක්‌ෂා කළ යුතු බවකි. ඇය මවක වීමට සූදානම් බවකි. සමාජය මෙසේ සැකසී තිබීම හරහා ආරක්‌ෂා වූයේ රටේ අනාගතය ය. අද එවැන්නක්‌ නැත. චාරිත්‍ර රකින්නන් සම්ප්‍රදාය ගරු කරන්නන් වැටී ඇත්තේ මෝඩයන් ගණයට ය. වැරදුණු තැන එතැන ය. 

ලෝක රූ රැජින ශ්‍රී ලංකාවේ ගස්‌ සිටුවයි

ලෝක රූ රැජින ශ්‍රී ලංකාවේ ගස්‌ සිටුවයි




2015 / 16 වසරේ ලෝක රූ රැජන ලෙස කිරුළු පැළැඳි රෝලින් ස්‌ට්‍රොaaස්‌ මෙනවියගේ සහභාගිත්වයෙන් ඊයේ (20 දා) උදේ කොළඹ ක්‍රීඩා හා සංචාරක අමාත්‍යංශයේදී ලංකාවේ මිලියනයක රුක්‌ රෝපණ ව්‍යාපෘතියක්‌ දියත් කිරීම උත්සවාකාරයෙන් සිදුවිය.

ශ්‍රී ලංකාවේ වන ආවරණය මේ වන විට සියයට 53 සිට සියයට 29 දක්‌වා අඩුවී ඇති අතර එම ව්‍යසනයට පිළිතුරක්‌ වශයෙන් මෙම මිලියනයක රුක්‌ රෝපණ වැඩසටහන දියත් කරනු ලබයි.

මෙහිදී කතා කළ රෝලින් ස්‌ට්‍රොaස්‌ ලෝක රූ රැජන ප්‍රකාශ කළේ මෙම මනරම් දිවයිනට පැමිණ මෙවන් වටිනා ව්‍යාපෘතියක්‌ දියත් කිරීමට අවස්‌ථාව ලැබීම ගැන තමා ඉතා සතුටට පත්වන බවයි. තමාගේ නිවසේ මිදුලේ විශාල ගසක්‌ තිබුණ බවත් එම ගසට තමා බෙහෙවින් ඇලුම් කළ බවත් සඳහන් කළ ඇය කීවේ පසු කලෙක එම ගස කපා දැමූ පසු තමා බෙහෙවින් දුකට පත් වූ බවයි.

මෙම මිලියනයක රුක්‌ රෝපණ වැඩසටහන දියත් කිරීමේ අවස්‌ථාවට සංචාරක හා ක්‍රීඩා ඇමති නවීන් දිසානායක සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති රොහාන්ත අතුකෝරල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ. මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා රොටරි සමාජය හා හැටන් නැෂනල් බැංකුව ඒකාබද්ධවය.

ලෝක රූ රැජන රෝලින් ස්‌ට්‍රොaස්‌ මෙනවිය දින තුනක්‌ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.

දැනටමත් 11 දෙනකු දිවි නසාගෙන

යහපාලනයට මුවා වී කොතලාවල බොරු කියනවා
දැනටමත් 11 දෙනකු දිවි නසාගෙන
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනිය


ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය මාධ්‍යයට කරුණු දැක්‌වූ අයුරු. ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය

සිරිමන්ත රත්නසේකර

ගෝල්ඩන් කී තැන්පත්කරුවන් නමදහස්‌ එකසිය විසිහත් දෙනාගෙන් එකොළොස්‌ දෙනකු මේ වන විට සියදිවි නසාගෙන ඇති බවත්, තවත් එකසිය එකොළොස්‌ දෙනකු අකාලයේ මියෑදී ඇති බවත් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය ඊයේ (20 වැනිදා) අනාවරණය කළාය. එහෙයින් තවත් තැන්පත්කරුවන් අකාලයේ මරු තුරුළට නොයවා නීතියේ සාධාරණත්වය ඔවුන් වෙනුවෙන් ඉටු කරන මෙන් අදාළ අංශවලින් ඉල්ලා සිටින බවද ඇය කීවාය.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම වෙනුවෙන් 2013 වසරේÊපෙබරවාරි 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කළ සැලසුම කල් නොයවා වහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් හපුආරච්චි මහත්මිය ඉල්ලා සිටියාය.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිව සිටි ලලිත් කොතලාවල මහතා යහ පාලනයට මුවාවී මෙම මූල්‍ය වංචාවෙන් ගැලවී සිටීමට උත්සාහ කරන බවටත් ඔහු දැන් මාධ්‍ය මගින් අමූලික බොරු ප්‍රකාශ කරමින් සිටින බවටත් ඇය චෝදනා කළාය.

මෙම තැන්පත්කරුවන් වෙනුවෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව වරින් වර පත්ව සිටි අග්‍ර විනිශ්චයකාරවරුන් සිව්දෙනකු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 14 දෙනකු යටතේ විභාග වුවත් මේ වන තෙක්‌ විසඳුමක්‌ ලැබී නොමැති බවත් කී හපුගොඩ මහත්මිය මෙය දීර්ඝ කාලයක්‌ විභාගවන මූලික අයිතිවාසිකම් නඩුව ලෙස ගිනස්‌ වාර්තාවක්‌ තබා ඇතැයිද කියා සිටියාය.

තැන්පත්කරුවන්ට මුදල් හොයා ගන්නේ කෙසේද යන්න නොව තැන්පත්කරුවන්ගේ මුදල්වලට ලලිත් කොතලාවල මහතා කුමක්‌ කළේද යන්න විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක්‌ පත්කළ යුතුව ඇතැයිද ඇය පැවසුවාය.

නාරාහේන්පිට රේණුකා හෝටලයේ දී ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය එම අදහස්‌ පළ කළාය.

මෙම මාධ්‍ය හමුව සඳහා තැන්පත්කරුවන් කිහිප දෙනකුද එක්‌වූ අතර එහිදී ඇතැම් තැන්පත්කරුවෝ හැඬූ කඳුළින් සිය අදහස්‌ ඉදිරිපත් කළහ.

ක්‍රිස්තියානි වීම වරදක් නිසා ඉස්ලාම් ISIS තිරිසනුන් විසින් හිස ගසා දැමු අහිංසක ඊජිප්තු ජාතිකයින් 21දෙනා

ක්‍රිස්තියානි වීම වරදක් නිසා ඉස්ලාම් ISIS තිරිසනුන් විසින් හිස ගසා දැමු අහිංසක ඊජිප්තු ජාතිකයින් 21දෙනා

ක්‍රිස්තියානි වීම වරදක් නිසා ඉස්ලාම් ISIS තිරිසනුන් විසින් හිස ගසා දැමු අහිංසක ඊජිප්තු ජාතිකයින් 21දෙනා
ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදීන් විසින් ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ. කොප්ටික් ක‍්‍රිස්තියානි ලබ්ධිකයින් 21ක් හිස ගසා දමා ඝාතනය කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබේ.
ඊජිප්තුවේ ස්වදේශික ක‍්‍රිස්තියානිවරුන් වන කොප්ටික් ලබ්ධිකයින් විසින් මුසල්මානුවන් ඉලක්ක කර සිදුකළ අපරාධ වලට පළිගැනීමක් ලෙස මෙය සිදුකළ බව ඉස්ලාමික රාජ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ.
මේ අතර ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි පවසා ඇත්තේ මේ සඳහා කවරාකාරයකින් හෝ පලිගැනීමට කයිරෝවට සම්පූර්ණයෙන් අයිතිය ඇති බවයි.
මේ කුරිරු ඝාතනය සඳහා ප‍්‍රතිචාර දැක්වීමට සුදුසු ආකාරය හා වේලාව පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව ඊජිප්තු රාජ්‍ය මාධ්‍ය ඇමතූ ජනාධිපතිවරයා පවසා තිබේ.
සිය පුරවැසියන් පිරිස ඝාතනය කරන ලද බව සැලවූ වහාම ඊජිප්තු ආරක්‍ෂක අංශ සමග හදිසි සාකච්ඡවක් කැඳවීමට අල් සිසි කටයුතු කර ඇති අතර අසල්වැසි ලිබියාවට සංචාරය කිරීම තහනම් කිරීමට ඊජිප්තු විදේශ අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ලිබියානු නගරයක් වන සිර්ටේ හි කම්කරුවන් ලෙස කටයුතු කළ ඊජිප්තු ජාතිකයින් 7 දෙනෙකු දෙසැම්බර් 31 වනදා පැහැරගනු ලැබූ අතර තවත් 14 දෙනෙකු ජනවාරි 3 වනදා පැහැරගනු ලැබිණි.
එය වාර්තාවූ පසු ලිබියාවේ රැඳී සිටින සියලූ ඊජිප්තු ජාතිකයින්ට සිය රට පැමිණෙන ලෙස ඊජිප්තු රජය විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.
මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමෙන් පසු පවතින දැඩි අරාජික තත්වය මත ISIS ඇතුළු කණ්ඩායම් රැසක් ලිබියාවේ පාලනය සිය ග්‍රහණයට ගැනීමට වෙර දරමින් සිටිති.

ISIS ඉස්ලාම් මස් වැද්දන් මිනිස් අවයව විකිණීම අරඹයි

ISIS ඉස්ලාම් මස් වැද්දන් මිනිස් අවයව විකිණීම අරඹයි

ISIS ඉස්ලාම් මස් වැද්දන් මිනිස් අවයව විකිණීම අරඹයි
අයි.එස්. සටන්කාමීන් මිනිස් අවයව අලෙවි කිරීමේ ජාවාරමක නිරත වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ජගත් සංවිධානය මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත්තේ එම සංවිධානයේ ඉරාකයේ සිටින තානාපතිවරයා ලබාදුන් තොරතුරුවලට අනුවයි. ගැටුම්වලදී මියයන පුද්ගලයින්ගේ අවයව මෙලෙස අලෙවි කරන බවටයි තානාපතිවරයා තොරතුරු ලබා දී ඇත්තේ.

Friday, 20 February 2015

විවාහ මංගල්‍යය සැණකෙළියක් කරගත්තාට යුගදිවිය සැණකෙළියක් නොවේ

විවාහ මංගල්‍යය සැණකෙළියක් කරගත්තාට යුගදිවිය සැණකෙළියක් නොවේ

alt
විවාහය මිනිස් ජීවිතයේදී හමුවන සොඳුරුතම සන්ධිස්ථානයකි. එසේම අපගේ සංස්කෘතියට අනුවද එය ඉතා වැදගත් අධ්‍යාත්මික හා සමාජීය ගාම්භීර වූ අවස්ථාවකි. අලුත් පවුලක ආරම්භය සනිටුහන් කරන මෙම වැදගත් අවස්ථාව අද වන විට එමගින් ආරම්භ කරන නව ජීවිතයට ගැටලු ගොන්නක් උත්පාදනය කරන්නක් බවට පත්ව තිබේ. මෙය ඉතාම ඛිෙදනීය තත්ත්වයකි. අද මංගල දිනය තරම් ‘විකිණෙන’ වෙළෙඳ සංකල්පයක් තවත් ලංකාවේ නැති තරම්ය. අද මංගල උත්සවවල පැවතිය යුතු ගාම්භීර බව ඉක්මවා ගිය ‘සංදර්ශන’ තත්ත්වයකට පත්ව තිබේ. තම මංගල උත්සවයද මෙවැනි සංදර්ශනයක් කර නොගතහොත් එය මහා මදිකමක් ලෙස සිතීමට අද තරුණ ප්‍රජාව ‍පොළඹවා ඇත්තේද මේ සේවා සපයන වෙළෙඳ ප්‍රජාවන්ම බව ඉතා පැහැදිලිය. මේ කුළුගැන්වීම්වලට හසුව අද තරුණ තරුණියන්ද තම මංගල උත්සවය ව්‍යාජ සුරලොව සිරියක් ආටෝප කරගන්නට ගන්නා උත්සාහයන් අනන්තය. තම දෙමාපියන්ට ඇවිටිලි කරමින් ගේ දොර ඉඩකඩම් විකුණා, උකස්කර හෝ මංගල උත්සව සඳහා මුදල් සොයා ගන්නා දරුවෝ සමාජයේ සිටිති. එසේම තම සේවා ස්ථානවලින්, බැංකුවලින් මෙම ‍පොලී පදනම මතද මුදල් ලබාගෙන තම මංගල උත්සවවලට වියපැහැදම් කර වසර ගණන් එම ණය මුදල් ගෙවමින් දුක් විඳින අය අපට සමාජයේදී අනන්තවත් මුණ ගැසෙති.
තරුණ දූ දරුවෙනි, සිතා බලන්න. මංගල දිනයක් අලංකාරවත්ව, ගාම්භීර ගතියකින් යුතුව පැවැත්විය යුතුමය එහි විවාදයක් නැත. නමුත් මේ සුළු කාලය සඳහා තමනට දරාගත නොහැකි තරමේ මුදලක් වියපැහැදම් කිරීම නම් සැබවින්ම අනුවණකමකි. තමන්ගේ දෙමාපියන්ට හැකි ආකාරයට සැලසුම් සහගතව සකසුරුවමකින් යුතුව එය කළ හැකිය. උදාහරණයක් ලෙස මනාලිය හැඩගැන්වීම සඳහා ලක්ෂ ගණන් අයකරන ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පිනියෝ අප රටේ සිටිති. ඒ සඳහා හැකියාව ඇති අය ඒ අයගේ සේවාව අත්වින්දාට කම් නැත. නමුත් තම තමන්ට ඇති හැකියාවට අනුව බොහෝ සුන්දර ලෙස මනාලියන් හැඩගන්වන්නට දක්ෂ ජනකාන්ත නොවූ ශිල්පීහු ද ඕනෑ තරම් සිටිති. ‍පොදුවේ ගත්විට සෑම මංගල සේවාවක්ම එසේය. තමන්ට දරාගත නොහැකි මිල ගණන්වල සේවා ලබාගෙන නව යුගදිවිය ණය ගෙවන්නට කැප නොකොට කල්පනාකාරීව තම මංගල උත්සවය සංවිධානය කර ගැනීමට සෑම තරුණaltතරුණියක්ම සිහි තබා ගත යුතුය. මංගල දිනය යනු පැය කීපයකට මිහිපිට සුරලොවක් මවාගැනීම නොවේ. මංගල දිනයෙන් ආරම්භ වන සුන්දර මොහොතේ සිට මුළු ජීවිතයම සුරවිමනක් කර ගැනීමට උත්සාහ දැරීමය. මංගල උත්සවයෙන් පසු සියල්ල අවසන් වන්නේ නැත. ඔබ යුවළක් ලෙස ජීවිතය ගොඩනගා ගැනීමට කිසියම් ආර්ථික ස්ථාවරයක් අවශ්‍ය වෙයි. එබැවින් ජීවිතයේ ආරම්භයේදී පුහු ආටෝපවලට විශාල මුදලක් නාස්ති නොකොට ඒවා දෙදෙනාගේ අනාගත සුබසිද්ධිය සඳහා ප්‍රවේශම් කරගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙයි. අන්‍යයන් කරන්නන් වා‍ලේ ඒවාට ගැති නොවී තවත් කෙනෙකුගේ මංගල උත්සවයකට වඩා ඉහළින් කිරීමේ තරගයට අවතීර්ණ නොවී තමන්ගේ ඇති හැකියාවට අනුව අනාගතයට බරක් නොවන විවාහ මංගල උත්සවයකට යොමුවීම වැදගත්ය.
මංගල උත්සවයේදී වැදගත් වන අධ්‍යාත්මික සමාජමය අංගවලට මුල්තැනදී අපේ චාරිත්‍ර වාරිත්‍ර විධි නිසි අයුරින් අනුගමනය කරමින් චාම් එහෙත් ගාම්භීර මංගල උත්සවයක් සඳහා හතර වරිගය එකතු කර ගත හැකිය. එසේ නොමැතිව මඟුල් ගෙය කානිවල් එකක් නැතහොත් සැණකෙළියක් කර ගත්තාට යුගදිවිය යනු සැණකෙළියක් කානිවල් එකක් නොවන බව තරයේම සිතට ගැනීම ඔබගේ වගකීමකි.
උපදෙස්
සමාජසේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා
අනුෂා ගෝකුල ප්‍රනාන්දු
විසිනි


නිර්මලා කුමාරි සේනාරත්න

සොබාදහම ගවේෂණයට තෝතැන්නක් වූ යගිරල වනපෙතේ පරිසර තක්සලාව

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේ දී අතිශය පෘථුල ෙජෙව විවිධත්වයකට හිමිකම් කියන රටක් බව නොකිවමනාය. නමුත් එම ෙජෙව උරුමයන් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කර තැබිම හා තිරසාර අයුරින් පරිභෝජනය කිරීමට අප සතු උනන්දුව දුර්වලය. ලෝකයේ ෙජෙව විවිධත්ව උණුසුම් කේන්ද්‍රයක් වශයෙන් ද ශ්‍රී ලංකාව නම්කර ඇත්තේ අපේ රටේ ඇති අග්‍රගණ්‍ය සොබා උරුමයන් රැස නිසාය. අප නිද්‍රාශීලීව පසුවෙද්දී මෙරට වනජීවී හා වෘක්ෂලතා සම්පත් දිනෙන් දිනම මිහිමතින්  තුරන්ව යමින් පවතී. එනිසා දේශීය දැනුම හා කුසලතාව යාවත්කාලීන කර ගනිමින් මෙරට ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය වෙනුවෙන් පෙළගැසීමේ කාලීන අවශ්‍යතාවක් පවතී. ඒ සඳහා මග කිවහැකි, අගනුවරටද ඉතා ආසන්න අපූරු අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස සොබාදහම ගවේෂණයට තෝතැන්නක් වූ යගිරල වනපෙතේ පරිසර තක්සලාව හැඳින්විය හැක.
යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ මූලික වස්තු බිජය හටගන්නේ වර්ෂ 1984 තරම් ඈත අතීතයේදීය. ඒ එම වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් යගිරල වනාන්තරයේ අක්කර සියයක පමණ කොටසක් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනිමින් පවත්වාගෙන යාම ආරම්භ කිරීමත් සමගය. දැනට ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාලයක් මගින් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා තම භාරකාරීත්වය යටතේ පවත්වාගෙන යන මුල්ම හා එකම වනාන්තරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළමනාකරණය වන මෙම යගිරල වනපෙතයි. ඉන් පසු මෙම වනපෙත කේන්ද්‍ර කරගනිමින් සංරක්ෂණ, පර්යේෂණ, අධ්‍යාපන හා පාරිසරික සංචාරක කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය හා යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය ජයවර්ධනපුර සරසවියේ මගපෙන්වීම යටතේ ආරම්භ විය.
දිවයිනේ අගනුවර සිටද පහසුවෙන් ළඟාවිය හැකි ආකාරයෙන් ස්ථාපනය වී ඇති යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ කොළඹට කිලෝමීටර් අනූවක් පමණ දුරින් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශය තුළය. කොළඹ සිට හොරණ, මතුගම නගර ඔස්සේ හෝ කළුතර, බේරුවල ,දර්ගා නගරය ඔස්සේ මේ වෙත ළඟා විය හැක. ඝර්ම කලාපයට අයත් පහතරට තෙත් සදාහරිත වනාන්තරයක තුරු‍ලේ හිඳිමින් එහි නිහඬ නිස්කලංක හා සාමකාමී වටපිටාව අත්විඳින්නටත් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීමටත් යගිරල වනපෙතේ මෙම පරිසර තක්සලාව තෝතැන්නක් බව අවධාරණය කළ යුතුය.
සමස්ත වපසරිය හෙක්ටයාර් 2004.9ක් වන යගිරල වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේනතුව යටතේ පරිපාලනය වන අතර සිංහරාජයට දකුණින් පිහිටා ඇති දැනට ශේෂව පවතින අතිශය ෙජෙව විවිධත්වයෙන් පරිපූර්ණ පහතරට තෙත් කලාපීය සදාහරිත වනාන්තර අතලොස්ස අතරින් එකකි. කාණ්ඩ හැට දෙකකට හා ගණ 120කට අයත් ශාක විශේෂ 152ක් මෙම වනාන්තරයෙන් හමුවේ. තවද යගිරල වනපෙතේ සිදුකර ඇති ෙජෙව විවිධත්ව අධ්‍යයනයන්ට අනුව එහි ක්ෂීරපායී විශේෂ 36ක්, උරග විශේෂ 19ක් හා උභයජීවී විශේෂ 10ක් මෙම වනාන්තරය නිවහන කරගනිමින්  ජීවත්වන බව අනාවරණය කරගෙන ඇත. එයින් ක්ෂීරපායී විශේෂ 4ක් දිවයිනට ආවේණික බව තහවුරු කරගෙන තිබේ. යගිරල වනරක්ෂිතයේ ජීවනාලිය වශයෙන් හැඳින්විය හැකි ඇතා වැටුණු වළ නමින් හැඳින්වෙන දර්ශනීය දොළ පහර ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසකගෙන්ද සමන්විත වේ. මෙම වනාන්තරය තුළින් ගලන දිය පහරවල්වලින් මේ දක්වා වාර්තා වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 22ක් පමණ වේ.
එසේම පක්ෂීන් නිරීක්ෂණයටද කදිම තෝතැන්නක් වන මෙම වන පියසේ මෑතකදී කරන ලද අධ්‍යයනයන්ට අනුව වාර්තා වී ඇති  පක්ෂි විශේෂ ගණන 94කි. ඒ අතුරින් 11 ක් ශ්‍රී ලංකාවට ආවේණික වන අතර 12ක් තර්ජනයට ලක්වූ විශේෂ වීම මෙම අගනා සොබා උරුමය රැක ගැනීමේ අවශ්‍යතාව මොනවට කියා පායි.
රක්ෂිතයේ ඉහළ කඳු පන්තියකින් ආරම්භ වී සිහින් දිය දහරාවක් ලෙස පහළට බසින මේ ඇතා වැටුණු දොළ වනපෙත මධ්‍යයේදී විශාල දොළ පහරක් බවට පත්වේ. පසුව මෙම දොළපහර උඩුගම දෙසට ගලා බසින අතර එහි නැවතුම සිදුවන්නේ බෙන්තර ගඟට එක්වීමෙන් අනතුරුවය. තවත් අපා දෙපා සිවුපා විහඟ ඈ සත්ව විශේෂ රැසකගේද නිජබිම වන යගිරල සංරක්ෂිත වනාන්තරයේ කටුකිතුලාන හා පෙමරගල වශයෙන් ගිරි හිස් දෙකකි. මෙම ඇතා වැටුණු වළ පිළිබඳ විමසන පුරාවෘත්ත වලට අනුව අතීතයේ දී මෙම වනාන්තරය අලි ඇතුන්ටද වාසභූමි සපයා ඇති අතර එසේ  ජීවත්වූ ඇතෙකු වරක් මෙම දිය දහරේ තිබූ ස්වාභාවික ගල් වළකට වැටීම නිසා මෙම දොළ පහර ඇතා වැටුණු වළ ලෙස හඳුන්වන බව කියති. මෙවැනි සොබාදහමේ  අපූර්ව නිර්මාණයක් බඳු යගිරල වන පෙත සෙවණේ හිඳිමින් වන හා පරිසර විද්‍යාවන් හැදෑරීමට ලැබේ නම් එය සැබෑ ලෙසම අසිරිමත් සිදුවීමක් බව නොකිවමනාය.
නමුත් සොබා සුන්දරත්වයෙන් අනූන වූ මෙම සුන්දර වන පියසට මිනිස් ක්‍රියාකාරකම්  නිසා ඇතිවී ඇති තර්ජන ද සුළුපටු නොවන බව කනගාටුවෙන් නමුත් ප්‍රකාශ කළ යුතුය. ඒවායින් කීපයක් පහත පරිදි දැක්විය හැකිය. වනාන්තර මායිමේ ඇති ඉඩම් අනවසරයෙන්  එළිපෙහෙළි කර ඒවා වගා බිම් බවට පත් කරගෙන තේ වැනි වැවිලි භෝග වගා කිරීම ප්‍රබල තර්ජනයක් බවට පත්ව ඇත. අක්‍රමවත්  ලෙස මහා පරිමාණයෙන් වනාන්තරය තුළින් දැවමය නොවන වනජ ද්‍රව්‍ය (වෙනිවැල්, වේවැල්, දුම්මල වැනි) රැස් කිරීම, වල්ලාපට්ට ශාකයේ ඇතිවන රෙසිනවලට මෑතක සිට ඇති වූ දැඩි ඉල්ලුම හමුවේ වනාන්තරය තුළ ඇති වල්ලාපට්ට ශාක කැපීම, දැව ජාවාරම්කරුවන්ගෙන් ආර්ථික වටිනාකමක් ඇති ශාකවලට ඇතිවී ඇති තර්ජන, සතුන් මස් පිණිස දඩයම් කිරීම හා සතුන් හා සත්ව කොටස් ජාවාරම (කබල්ලෑවන්, උරගයින් වැනි), කැළි කසළ හා අපද්‍රව්‍ය (‍පොලිතීන්, ප්ලාස්ටික් වැනි) වනාන්තරය මායිමේ බැහැර කිරීම ආදී විනාශකාරී තත්ත්වයන්ද මෙම වනපෙතේ ෙජෙව උරුමයන් වනසා දමමින්  සිටීමද ශෝචනීයය.
දැනට යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතන මගින් මෙම වනාන්තරය තුළ සිදු කෙරෙන අධ්‍යාපනික කටයුතු බොහෝය. විද්‍යාර්ථීන්, පාසල් සිසුන් හා සෙසු ‍පොදු ජනතාව තුළ පරිසරය පිළිබඳ දැනුම හා සංකල්ප වැඩි දියුණු කිරීම සඳහා මෙමගින්  සිදුවන මෙහෙය අති විශාලය. අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් මෙම සුන්දර වනපෙතේ වැදගත්කම ජනතාවට අවබෝධ කර එතුළින් මෙම වනාන්තරයට ඇතිවී ඇති තර්ජන වළකාගෙන, මතු පරපුර උදෙසා මෙම වනාන්තරය සංරක්ෂණය කිරීම මෙහිදී මූලිකව සිදුවනු ඇත. පාරිසරික ව්‍යාප්ති හා ජනවිහිදුම්කරණ වැඩසටහන්, තිරසාර සංචාරක සේවා සැලසුම්කරණය, සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩසටහන්, පරිසර උපදේශනය පිළිබඳ වැඩසටහන්, පරිසර සංචාරක වෘත්තීය පුහුණු හා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන් ආදී ව්‍යාපෘති රැසක් ද මේ තුළ ක්‍රියාත්මක වේ. එමගින් බිහි කෙරෙන මානව සම්පත් අද දවසේ මෙන්ම හෙට දවසේද මෙරට මෙන්ම ලෝකය පුරා වනාන්තර, වනජීවීන්  හා සෙසු ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය තුළින් මිහි තලයේ  අනාගත පැවැත්ම ස්ථාවර කර ගැනීම සඳහා දක්වන දායකත්වය අපේ රටටද ආඩම්බරයක් බව කිව යුතුය. එබැවින් මෙම ආයතන දීර්ඝකාලීනව පවත්වාගෙන යාම සඳහා අනලස්ව ක්‍රියාකිරීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බවද අවධාරණය කළ යුතුය. යගිරල සංරක්ෂණ අධ්‍යාපන ආයතනය පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන සහ පරිසර අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාගෙන් ලබාගත හැක.

මුතුරාජවෙල-මාඳුගඟ-වන්කා‍ලේ තිබෙන මොනවද මේ තෙත්බිම්?

Bird

තවත් අන්තර්ජාතික තෙත්බිම් දිනයක් මෙම පෙබරවාරි දෙවැනිදාට යෙදී තිබුණි. වර්ෂ 1972 පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සා නුවරදී රැස්වූ රටවල් රැසක නියෝජිතයින් තෙත්බිම් සංරක්ෂණය සඳහා වූ ඉතා වැදගත් අන්තර්ජාතික එකඟතාවයක් වන රැම්සා සම්මුතිය (Ramsar Convention ඇතිකර ගන්නා ලදී. සෑම වසරකම පෙබරවාරි දෙවැනිදා අන්තර්ජාතික තෙත්බිම් දිනය සැමරෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ජලාශ්‍රිත ශාක හා සත්ව විශේෂ රැසකට සුවිශේෂී 
වාසභූමි සපයන ෙජෙව විවිධත්වයෙන් අගතැන්පත් පරිසර පද්ධති ආකාරයක් ලෙස මෙන්ම මිනිසාගේ සමාජාර්ථික පරාමිතීන්ටද වටිනාකම් රැසක් අත්කර දෙන සොබාදහමේ ඉතා වැදගත් දායාදයක් වන තෙත්බිම් හඳුනාගෙන ඒවා සංරක්ෂණය කර ගැනීම අරමුණු කරගෙන ඇතිකරගත් මෙම අන්තර්ජාතික එකඟතාවය ලෝකයේ පරිසර සංරක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් ලෙස හැඳින්විය හැක. ඊට පින් සිදුවෙන්නට ශ්‍රී ලංකාවේ අපටද රැම්සා තෙත්බිම් ගණනාවක හිමිකම ලැබුණද මේ දක්වා එම තෙත්බිම් ආරක්ෂා කරගනිමින් ධරණීය ලෙස තෙත්බිම්වලින් ජනනය කරගත හැකි ප්‍රතිලාභ ලබා ගැනීමට අප කොතෙක් දුරට සමත්ව ඇතිද යන්න ගැටලු සහගතය. මෙවර තෙත්බිම් දිනයේදීවත් ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ යහපත් බලා‍පොරොත්තුවක් ඇතිකර ගත හැකිවේද යන පැනය අප අභිමුව ශේෂ වී තිබුණේ එබැවිනි.
අන්තර්ජාතික වටිනාකමක් සහිත රැම්සා තෙත්බිම් ‍ලේඛනය (Ramsar List of wetland of international importance) යටතේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් තෙත්බිම් ලැයිස්තුගත කිරීම අරඹන ලද්දේ 1974 වසරේ සිටය. ඒ යටතේ මුලින්ම ‍ලේඛනගත වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Cobovrg Peninsula තෙත්බිමයි. වර්තමානයේදී රටවල් 168 කට අයත් තෙත්බිම් 2186ක් මෙම ‍ලේඛනය ඇතුළත් කර ඇත.
ලෝකයේ රැම්සා තෙත්බිම්වලින් ආවරණය වී ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 208514877කි. ශ්‍රී ලංකාවේ තෙත්බිමක් මුලින්ම රැම්සා තෙත්බිම් ‍ලේඛනයට ඇතුළත් වන්නේ වර්ෂ 1990 ජුනි 15 වැනිදාය. ඒ බුන්දල තෙත්බිමයි. එය අංක 487 යටතේ ලියාපදිංචි වී ඇත. 
ඉන්පසු පිළිවෙළින් ආනවිළුවන්දාව (2001 අගෝස්තු 03/ අංක 1078), මාදුගඟ (2003 පෙබරවාරි 11/අංක 1372), වන්කාලෙයි (2010 අගෝස්තු 12/1910), කුමන (2010 ඔක්තෝබර් 29/1931) හා විල්පත්තුව (2013 පෙබරවාරි 02/2095) යන ශ්‍රී ලාංකේය තෙත්බිම් රැම්සා තෙත්බිම් නාමාවලියට ඇතුළත් කරන ලදී. එසේම 1989 වසරේදී සකස් කරන ලද ආසියානු තෙත්බිම නාමාවලියටද මෙරට තෙත්බිම් ගණනාවක් ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ බලපවත්නා 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත (සංශෝධන) 1937 අංක 02 දරන වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත මගින් ප්‍රකාශිත වනජීවී රක්ෂිත වශයෙන් මෙරට පිහිටා ඇති සියලුම තෙත්බිම්වලට නීතිමය ආවරණය ලැබි තිබේ. නමුත් හුදෙක් රැම්සා තෙත්බිම් ‍ලේඛනයට ඇතුළත් කිරීමෙන් හෝ වනජීවී රක්ෂිත ලෙස නම් කිරීමෙන් පමණක් මෙරට තෙත්බිම්වලට අත්වූ යහපතක් නොමැති බව වර්තමානයේදී මෙරට තෙත්බිම් මුහුණදී සිටින කනගාටුදායක ඉරණම කදිමට දෙස් දෙයි.තෙත්බිම් යනු කිසිදු වැදගම්මකට නැති හිස් බිම් තීරු ලෙස ලෝකයා විසින් සලකනු  ලැබුවේ මීට දශක ගණනාවකට පෙරය. ලොව පුරා තෙත් බිම් කසළ බැහැරලන ප්‍රදේශ ලෙස යොදා ගැනීමට හෝ ගොඩකර තෙත්බිම් යනු කිසිදු වැදගැම්මකට නැති, හිස් මුඩු බිම් ලෙස සිතා කටයුතු කරන්නට ලෝකයා උත්සාහ කළ යුගයක් තිබුණි. පස් දමා ගොඩ කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට හෝ කැළි කසළ පුරවා තෙත් බිම් විනාශ කරන්නට අතීතයේ දී විවිධ රටවල් කටයුතු කළේ එහෙයිනි. 
නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම දුර්මතය ලෝකයෙන් ඉවත් වී ගොස් බොහෝ කල්ය. ඒ වෙනුවට තෙත්බිම් යනු පරිසර විද්‍යාත්මක වශයෙන් ජල විද්‍යාත්මක වශයෙන් හා සමාජාර්ථික වශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරණ සොබා දහමේ අමිල දායාදයක් බව ලෝකය මේ වන විට අවධාරණය කොටගෙන තිබේ. තෙත් බිම් මනා ලෙස සංරක්ෂණය කොට කළමනාකරණය කොට තිරසාර අයුරින් පරිභෝජනය කිරීම වෙනුවෙන් ලොව බොහෝ රටවල් කැපවී සිටින්නේ එබැවිනි.
නමුත් අවාසනාවක මහත නම් ශ්‍රී ලංකාව අද දක්වාම කටයුතු කරන්නේ ඉහත කී දුර්මතවලම එල්බගෙන බව කනගාටුවෙන්  නමුත් සඳහන්  කළ යුතුය. ඒ පිළිබඳව වටහා ගැනීමට කොළඹ අගනුවරින්  වැඩි දුරක් ගමන් කිරීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්නව පිහිටා ඇති ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිමක් වන මුතුරාජවෙල තෙත්බිමට මේ මොහොතේ ද අත් වී ඇති ඉරණම ඊට කදිම නිදසුනකි. අඩු තරමින් අන්තර්ජාතික අවධානය යොමු වී ඇති මෙරට රැම්සා තෙත්බිම් කිහිපයවත් ආරක්ෂාකර ගැනීමට අ‍පොහොසත්ව සිටින වටපිටාවක අප තව දුරටත් තෙත්බිම් සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳව කතා කිරීම මිථ්‍යාවක්  බව නොකිවමනාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රැම්සා තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් කළ බුන්දල ජාතික උද්‍යානයට අයත් වනාන්තර හා නිතොරවම ජලජ පක්ෂීන්ගෙන් ගහන බන්දුවැව ජලාශය විනාශ කරමින් හෝටලයක් හා සී ප්‍ලේන් තොටු‍පොළක් ඉදිකිරීමට පසුගිය රජයේ හිතවතකු පසුගිය කාලයේ කටයුතු කළේ වනජීවීය බලා සිටියදීය. සාමාන්‍ය වැසියෙකුට දර කෝටුවක් කඩා ගැනීමට පවා උද්‍යාන මායිම පනින්නට ඉඩ නොතබන වනජීවි නිලධාරීන් බූන්දල හරහා හම්බන්තොට කිරින්ද ප්‍රධාන මාර්ගයේ පසෙක ඉතා පැහැදිලි ලෙසම ජාතික උද්‍යානය තුළ මහා දවා‍ලේ සිදු වූ මෙම විනාශය දෙස ඉවත බලාගෙන සිටියේ ඉතා නිර්ලජ්ජිත ලෙසය. වර්තමාන බලපෙරළියත් සමග දැනට එම වනාන්තර හෙළි පෙහෙළි කිරීම තාවකාලිකව නවතා දමා තිබුණද කොයි මොහොතේ කවර මුහුණුවරකින්  එම විනාශය යළිත් සක්‍රීය වේ දැයි කිව නොහැකිය.
ශ්‍රී ලංකාවේ දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභය භූමියට ඉතා ආසන්නව මේ වන විට ඉදිකෙරෙමින් පවතින නිෂ්පාදන ව්‍යාපෘතියක් හේතුවෙන් එම අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා ජන ජීවිතවලට බරපතළ බලපෑම් එල්ලවීමේ අවදානමක් පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයින් ප්‍රමුඛ පරිසර හා සිවිල් සංවිධාන බලධාරීන් ගේ අවධානය යොමු කිරීමට උත්සාහ  කරන්නේ ද ඒ අතරය. මෙම කර්මාන්ත ශාලාව ඉදි කිරීම සිදුවන්නේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට, අභය භූමියට මීටර් 80ක දුරකින් වීම නිසා මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම අගනා පරිසර පද්ධතියට බලපෑම් එල්ල වීමේ වැඩි ඉඩකඩක්  පවතී. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 199 පෙබරවාරි 23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන්  පූර්ණ ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමට ව්‍යාපෘති කරුවන් නීතියෙන් බැඳී සිටී. 
නමුත් මෙම ව්‍යාපෘති කරුවන් එසේ සිදුකර නොමැත. ඒ වෙනුවට මොවුන් විසින් සිදුකර ඇත්තේ ප්‍රාරම්භක පරිසර පරීක්ෂණ වාර්තාවක් පමණක් සකස් කිරීමය. නමුත් එසේ තිබියදී සොබා දහමේ අමිල දායාදයක ඉරණමද ජනතාවගේ ජීවත් වීමේ අයිතියද පෞද්ගලික කොම්පැණි කරුවෙකුට පාවාදෙමින් මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම කටයුතු සිදුකිරීමට අවසර ලබාදීමට වයඹ පළාත් පරිසර අධිකාරීය කටයුතු කිරීම තුළ තෙත් බිම් සංරක්ෂණය පිළිබඳව කතාකර පලක් නැත.
මෙරට තෙවැනි රැම්සා තෙත්බිම වන මාදුගඟේ ඉරණමද ඊට වැඩි වෙනසක් නැත. තෙත්බිම් අල්ලාගෙන ගොඩකිරීම හා අනවසර හෝටල් හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම, කඩොලාන ශාක විනාශය, ඝන අපද්‍රව්‍ය මහා පරිමාණයෙන් බැහැරලීම මෙන්ම අක්‍රමවත් සංචාරක කටයුතුද මේ වන විට මාදුගඟේ ඉරණම තීරණය කරමින් සිටී.
වන්කාලෙයි, කුමන හා විල්පත්තු රැම්සා තෙත්බිම් මේ වනවිට මුහුණ දී සිටින ඛිෙදනීය ඉරණමද මීට නොදෙවැනි බව නොකිවමනාය. නමුත් මේ කිසිම තෙත් බිමක් සංරක්ෂණය කරගනිමින් තිරසාර අයුරින් ප්‍රතිලාභ ජනනය කරගැනීමේ වැඩපිළිවෙළක් මතෛක් බලධාරීන් විසින් ඉදිරිපත් කර නැත.
වර්තමානයේ මෙරට ජනාධිපති ධුරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ‍පොරොන්දු අතර ද පරිසරයට හිතැති ‍පොරොන්දු ගණනාවක් තිබූ බව සැබෑය. අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිත බව පිළිබඳව වගබලා ගැනීම, පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම වැනි ‍පොරොන්දු ඒ අතර විය.
නමුත් ඉහත සඳහන් පරිදි මෙරට සියලුම රැම්සා තෙත්බිම් පරිපාලනය වන වනජීවී සංරක්ෂණ විෂය පථය අමාත්‍යාංශ ගත කිරීමේදී වර්තමාන ආණ්ඩුව ද කටයුතු කර ඇත්තේ සංරක්ෂණවාදී ආකාරයෙන් නොවන බව කිව යුතුය. වනජීවී සංරක්ෂණයේ වගකීම පරිසර අමාත්‍යාංශයට භාර නොදී සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා යටතට එම වගකීම පැවරීමම අවුල් සහගතය.
කෙසේ නමුත් ‍පොරොන්දු වූ පරිදිම ඉහත කී වනජීවී සම්පත් හා වනජීවී රක්ෂිත සංරක්ෂණයට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මෛත්‍රී පාලනය අනලස්ව කටයුතු කරන්නේ නම් මේ වසරේදීවත් ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය පිළිබඳව යහපත් බලා‍පොරොත්තුවක් තබා ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. ජනාධිපතිවරයාද, විෂය භාර අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ පිළිබඳව තම ප්‍රමුඛ අවධානය යොමු කරනු ඇතැයි අප උදක්ම උපේක්ෂා කරමු.

අසුනක් නොලැබුණු ‘මිඩිවයිෆ්’ බසයෙන් එළියට

අසුනක් නොලැබ හිටගෙන ගිය ගැබිනි මවක ගම්පොළ උලපනේ දී බසයෙන් එළියට විසි වී බරපතළ තුවාල ලැබූ සිද්ධියට සතියක් ගතවීමට මත්තෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හිටගෙන යද්දී ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේ දී බසයෙන් එළියට විසි වී මහ පාරට වැටී තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ ගම්පොළ ජයමාලපුර 6වැනි පටුම‍ගේ පදිංචි යූ. එස්.ප්‍රේමකාන්ති පොඩිමැණිකේ නමැති පේරාදෙණිය රෝහලේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකි.
ඇය සිය සැමියා සමඟ යතුරු පැදියෙන් විත් කොත්මලේ ඩිපෝවට අයත් මහවැලිගම මහනුවර බස් රථයට ගොඩ වී ගමන් ගනිමින් සිටිය දී ජයමාලපුර පන්සල අසල වංගුව පසුකරද්දී බස් රථයේ අල්ලාගෙන සිටි කණුව අතහැරී දොරෙන් එළියට විසි වී තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මේ දිනවල පවතින අධික ශීතලත් සමඟ ඇය‍ගේ අත් හිරි වැටී මේ ලෙස බසයේ කණුව අතහැරී ඇති බව ද පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගත් බව සඳහන්ය. කෙසේ නමුත් ඇයගේ තත්ත්වය එතරම් බරපතළ නොමැති බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමටත් ගම්පොළ පොලිසිය කටයුතු යොදා ඇති බව ප්‍රකාශ විය.
ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා ස. පො. අ. චූලනී වීරරත්න ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශ ස්ථානාධිපති උ.පො.ප. සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

අමුතුම ජාතියේ සතුන් යාල වනයේ


2015 පෙබරවාරි මස 20 10:40:26 | . 








 
මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය සීමා කොටගත් වර්ග කිලෝමීටර් 980ක පමණ ප්‍රමාණයකින් යුතු යාල අද ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරකයින් පැමිණෙන ප්‍රමුඛ තම වනෝද්‍යානය බවට පත්වී ඇත.
විශාලත්වයෙන් එය දෙවැනි වන්නේ විල්පතු වන උයනට පමණි. යාල වන උයනේ සතුන් දැක බලාගැනීමට පැමිණෙන්නන් අතර දේශීය මෙන්ම විදේශ සංචාරකයෝද විශාල ප්‍රමාණයක් වෙති. මෙම පිරිස් වනෝද්‍යානයේ සංචාරය කිරීම  සඳහා අවශ්‍යවන වාහන සැපයීම දැන් විශාල ව්‍යාපාරයක් බවට පත්වී ඇත. දිනකට වාහන 500 කටත් වඩා වැඩි ප්‍රමාණයක් වන උයනට ඇතුළුවෙයි.
මේවා සැපයීමෙන් හොඳ ආදායමක් එම වාහන සපයන්නෝ ලබති. එසේවුවද එම වාහන පදවන්නන් වනෝද්‍යානයේ ගෙනයන ක්‍රියා කලාපය වන උයනේ වනජීවීන්, වෘක්ෂ ලතා හෝ පරිසරයට කිසිසේත්ම හිතකර නොවන බව පෙනෙන්නට ඇත.
යාල ප්‍රසිද්ධ වී  ඇත්තේ ශ්‍රී ලංකා දිවියන්, වලසුන් සහ අලි ඇතුන් ගහන වනෝද්‍යානයක් වශයෙනි. යාල ලෝකයේ එක තැනක දිවියන් වැඩිවශයෙන්ම ගැවසෙන වනාන්තරයක් ලෙසද ප්‍රසිද්ධියට පත්වී ඇත.
එහි එක වාහනයක් දිවියෙක් දුටුවහොත් අනෙක් සියලුම වාහනවලට ඒ බව ජංගම දුරකථන මඟින් දැනුම් දෙනු ලබයි. මෙහිදී සිදුවන්නේ අවට ඇති සියලුම වාහන දිවියා දුටුවායයි කියූ තැනට එක රොක් වීමයි.
මුලින් පැමිණෙන වාහන මාර්ගය අහුරමින් දිවියා එතනින් ඉවත් වන තුරුම නවතා තබාගෙන බොහෝ වෙලාවක් සිටියි.එකදු රියදුරකු හෝ අනෙකුත් වාහන සඳහා අවස්තාවක් ලබාදෙන්නේ නැත.
යාල ඇති මාර්ග පටු වීම හේතුවෙන් මුලින් පැමිණෙන වාහන ඉදිරියෙන් නවතාගෙන සිටීම නිසා පසුව පැමිණෙන වාහනවලට දිවියා දැක ගැනීමට හෝ ඒ අසලට යාමටවත් ඉඩක් නොලැබෙයි.  
එවැනි  අවස්ථාවල සමහර අසංවර රියදුරන් කරන්නේ මාර්ගයෙන් බාහිර වන පෙදෙස පැත්තෙන් වාහනය පදවමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමයි. එවන් ක්‍රියාවකදී වනයට හෝ කුඩා සතුන්ට සිදුවන හානිය පිළිබඳව ඔවුන් සැලකිලිමත් වන්නේ නැත.
බොහෝ තැන්වල ඉවක් බවක් නොමැතිව වාහන පැදවීම නිසා විශාල වශයෙන් අලාභ හානි සිදුවෙයි. වාහන පැදවීම  නිසා නියමිත මාර්ගය අවට විශාල මඩ ගොහොරු ඇතිවී තිබේ.
පසුගියදා යාල සංචාරය කළ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනජීවී දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නන් කිහිප දෙනකුම  පැවසුවේ මෙම වාහන රියදුරන් සතුන් පෙන්වා සංචාරකයින්ගෙන් වැඩි මුදලක් ලබාගැනීමට උනන්දුවන නිසා මෙවන් තරඟකාරී තත්වයක් ඇතිවෙන බවය.
මීට අමතරව යාල වනයේ "ගැමුණු" නමින් වූ ඇතෙකු වාහන ඇතුළේ ඇති ආහාර උදුරා ගැනීමට පුරුදු කරවීමට තරම් සමහරුන් ක්‍රියා කර ඇති බවද ඔවුහු පවසති. සංචාරකයින් ගමන් ගන්නා මෙම වාහන ඇතුළේ  ඇත්තේ සංචාරකයින් ගමන් බිමන් යන අවස්ථාවල කෑමට බීමට ගන්නා විස්කෝතු, මාළු බනිස්, මසල වඩේ, කඩල  වැනි සතුන්ට කිසිසේත්ම සුදුසු ආහාර පාන නොවේ. මෙවැනි ආහාර වන සතුන්ට ලබාදීම නීති විරෝධී ක්‍රියාවක් වුවද  රියදුරන් හෝ මග පෙන්වන්නන් ඒ ගැන සැලකිලිමත් වන බවක් පෙනෙන්නට නැත.
මෙම අවාසනාවන්ත ක්‍රියා කලාපයන් නවත්වා දැමීමට කළ හැකි එකම ප්‍රතිකර්මය සියලුම වනෝද්‍යානයන්හි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා වාහන සැපයීම සම්පුර්ණයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන වන සතුන් දැක බලාගැනීම සඳහා සියලුම සංචාරකයින් හට සමසේ අවස්තාවක් ලබාදෙන සාධාරණ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවීම සහ  සියලුම රියදුරන් දැනුවත් කිරීම බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මගපෙන්වන්නෝ  පැවසුහ.


Wednesday, 18 February 2015

කුණු ගොඩට වීසි කළ තැඹිළි ලොඳවලින් කුස ගින්දර නිවා ගන්නා ශ්‍රී ලංකා මාතාවගේ දරුවෙක්.

කුණු ගොඩට වීසි කළ තැඹිළි ලොඳවලින් කුස ගින්දර නිවා ගන්නා ශ්‍රී ලංකා මාතාවගේ දරුවෙක්. 
ගුවන් යානා නොඑන එයාර්පෝට්, පෝට් සිටි අධිවේග මාර්ග හදන්න කලින් මෙවැනි දරුවන්ගේ කුස ගින්දර නිවා සිටීම වැදගත් නේද?








වැලන්ටයින් ශාපය


යුරෝපයේ බොහෝ රටවල ජනයා පිළිගන්නා පරිදි පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනයයි.ඔව්හු එදින සැණකෙළි පවත්වති. පෙම්වතුන් සුපිරි හෝටල් සහ අවන්හල් තුළ විනෝද වන අයුරු එදින දක්‌නට පුළුවන. පෙම්වතුන් හා පෙම්වතියන් අතර රෝස මල් හුවමාරු කර ගැනීම්, සුබපැතුම් පත් යෑවීම, තෑගි බෝග පිරිනැමීම වැනි ක්‍රියාකාරකම් වැලැන්ටයින් දිනයේ සුලබව සිදුවෙයි. ඇතැම් විට සමාජය විසින් හෙළා දකිනු ලබන සමූහ ප්‍රේමය සමූහ කාමාශ්වාදය බිරින්දෑවරු හුවමාරුව වැනි දේවල් ද ඒ අතර වෙයි. තම පෙම්වතාගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකිව ජීවිතයම අඳුරු කරගන්නා පෙම්වතියන් ගැනද අසන්නට ලැබේ. ඒ නිසා වැලන්ටයින් දිනය හැඳින්වීමට වලත්තයන්ගේ දිනය යනුවෙන් උපහාසාත්මක යෙදුමක්‌ද ව්‍යවහාරයට පැමිණ තිබේ. කෙසේ වුවද "වැලන්ටයින්" යන ඉංග්‍රීසි වචනය සිංහලයට පෙරළෙන්නේ එවැනි ඌරුවකටයි.
බටහිර පන්නයට හැඩ ගැසුණු අපේ රටේ නාගරික තරුණ තරුණියන් අතර වැලන්ටයින් දිනය තරමක්‌ ප්‍රචලිතව තිබුණත් ගැමි සමාජයට එය තවමත් ඇතුළත්වී නොමැත. ඇතැම් මාධ්‍ය ආයතන එය ගම්බද තරුණ පිරිසට හුරු කරවන්නට දැඩි උත්සාහයක යෙදෙන අයුරු දක්‌නට ලැබේ. එසේ කරන්නේ ඒ ඔස්‌සේ වෙළෙඳ රැල්ලක්‌ නිර්මාණය කර ගැනීමේ හා සංස්‌කෘතික හර පද්ධතීන් වැනසීමේ අදහසිනි. 2002 වැලන්ටයින් දිනයේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ කුටි සාදා පෙම්වතුන් ජෝඩු වශයෙන් ඒවාට කොටු කිරීමේ සැලැස්‌මක්‌ ද දියත් කෙරුණේ ඒ අනුවයි. කොටහේන ප්‍රදේශයේ එක්‌තරා දේවස්‌ථානයකට පැමිණෙන්නැයි ජනමාධ්‍ය මගින් පෙම්වතුන්ට අරයුම් කරන අවස්‌ථා ද තිබේ. සමස්‌ත කතෝලික බැතිමතුන් එවැනි ක්‍රියාවන් අනුමත කරන්නේ නැත.
වැලන්ටයින් යනු කතෝලික පූජකවරයෙකි. එතුමා ගැන පැහැදිලි ඓතිහාසික වාර්තා සොයාගත නොහැක. කතෝලික සාන්තුවරයන්ගේ නාමාවලියේද එවැනි කෙනෙකු ගැන සඳහන් නොවේ. කතෝලික බැතිමතුන් පෙබරවාරි 14 වැනිදා වෙන්කරගෙන තිබෙන්නේ ශාන්ත සිරිල් සහ ශාන්ත මෙතෝදියස්‌ නමැති සාන්තුවරුන් වෙනුවෙනි. ඉතාලියේ ජීවත් වූ ප්‍රාණ පරිත්‍යාග කළ වැලන්ටයින් නමැති රෝමානු කතෝලික පූජකවරුන් දෙදෙනකු ගැන පූරාවෘත්තයන්හි සඳහන් වෙයි. රෝමයේ දෙවන ක්‌ලෝඩියස්‌ රජු ක්‍රිස්‌තු වර්ෂ 279 දී වැලැන්ටයින් නමැති පූජකයකු හිස සිඳ මැරුවේය. ඒ රජුගේ පාලන කාලයෙහි විවාහක තරුණයේ යුද හමුදාව බැඳීමට මැලිකමක්‌ දැක්‌වූහ. හමුදාවට දුර්වල වීමට එය බලපෑවේය. ඒ ගැන අවධානය යොමු කළ ක්‌ලෝඩියස්‌ රජු විවාහය තහනම් කළේය. ඒ නීතිය හේතුවෙන් විවාහයට වැටකඩොලු බැඳුණු පෙම්වතුන් ගැන අනුකම්පා කළ වැලැන්ටයින් පූජකතුමා රහසිගත කුටියක්‌ තුළ තරුණ තරුණියන් විවාහ කරවීමේ වැඩපිළිවෙළක්‌ දියත් කළේය. ඔහු මරා දමන්නට රජු විසින් නියම කරන ලද්දේ එයට දඬුවම් වශයෙනි. ආදරවන්තයන්ට උදව් කිරීම හේතුවෙන් එවැනි දඬුවමකට ලක්‌වූ වැලැන්ටයින් පූජකවරයාගේ දේහය ද ඇත. එතුමා වෙනුවෙන් 1835 දී තැනූ දේවස්‌ථානයක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේද තිබේ. වැලැන්ටයින් නමින් පුරාවෘත්තයන්හි සඳහන් වන මේ පූජකවරුන් දෙදෙනා එක්‌ අයකු විය හැකි බව බොහෝ දෙනා අනුමාන කරති.
මරණ දඬුවම නියම වී සිටි වැලැන්ටයින් පූජකවරයා බලන්නට පැමිණි තරුණ තරුණියෝ එතුමා කෙරෙහි ඔවුන් තුළ ඇති ආදරය වැලිවලින් සිරමැදිරියේ බිත්තිවල සටන් කළහ. එතුමාගේ කුටියට රෝස මල් විසි කළහ. සිරමැදිරියේ බිත්තිවල සටහන් කළහ. එතුමාගේ කුටියට රෝසමල් විසි කළහ. සිරමැදිරියේ රැකවලාගේ දියණියද ඔවුන් අතර සිටියාය. පූජකවරයා සමග නිතර කතාබහ කරන්නට ඇයට පියාගෙන් අවසර ලැබිණි. දෙදෙනා අතර පෙම් සබඳතාවක්‌ ඇතිවුණ බව කියෑවෙයි. හිස සිඳින්නට රැගෙන යන දිනයේ පූජකවරයා තම පෙම්වතිය වෙනුවෙන් සිරමැදිරියේ බිත්තියක "ඔබගේ වැලැන්ටයින්ගේ ආදරය" Love From your Valantine යනුවෙන් සටහන් කළේය. පෙම්වතුන් අතර රෝසමල් හා සුබපැතුම්පත් හුවමාරුවට පදනම වැටුණේ වැලැන්ටයින් තුමාගේ ජීවිතය සමග බැඳුන මෙම සිදුවීම් අසුරෙනි. පෙම්වතා හැඳින්වීමට වැලැන්ටයින් නම ද භාවිත වෙයි. ලොව මුල්ම වැලැන්ටයින් සුබපැතුම් පත ලෙස සැලකෙන්නේ 1415 වසරේ ලන්ඩනයේ සිරමැදිරියක සිටි චාල්ස්‌ නමැති ආදිපාදවරයා පෙම්තියට යෑවූ සුබපැතුමයි.
භාරතීය දේව විශ්වාසයන්ට අනුව කාමයට අධිපති දෙවියා මල්සරාය. ඔහු පාර්වතී දෙස බැලුම් හෙළනු දැක කෝපයට පත් ඊශ්වරයා තම නෙත් කිරණින් මල්සරාගේ සිරුර දවාලීය. ඔහුට අනංගයා යන නාම ලැබුණේ අංග හෙවත් සිරුර නැත්තා යන අරුතිනි. අනඟ රැඟුම් හා අනඟ කෙළි යන වචන ඔහුගේ හැසිරීම් රටාව සමග බැඳී ඇත. අනංගයා තම දුන්නෙන් ආදරයේ මල් හී විද පෙම්වතුන්ගේ හදවත් සිදුරු කරයි. ඔහුගේ සිරිත ඔවුන් ආදරයෙන් උමතු කිරීමයි. බටහිර රටවල වැසියන්ගේ විශ්වාසයට අනුව කාමයට අධිපති වීනස්‌ දෙවියාගේ පුත්‍රයා කියුපිඩ්ය.වීනස්‌ යනු සිකුරුය. එසේම රූපයෙන් අගතැන්පත් දෙවඟනක්‌ ලෙසද හැඳින්වෙයි. කියුපිඩ් නිරූපණය කරන්නේ පියාපත් සහිත මල් දුන්නක්‌ අතින් ගත් බිළිඳකුගේ ස්‌වරූපයෙනි. පෙරදිග විශ්වාසයේ හැටියට ඒ මල්සරා හෙවත් අනංගයාය. ආදර පැතුම්පත්වල ඔහුගේ රුව ද යෙදෙයි. වැලැන්ටයින් සුබපැතුම් යෑවීම ප්‍රචලිත කරන ලද්දේ 1847 වසරේදී එස්‌තර් හොලන්ඩ් නමැති වෙළෙන්දියක විසිනි. සැබවින්ම එය වෙළෙඳ ව්‍යාපාරයකි. නත්තල් පත් හැරුණු විට බටහිර රටවල වැඩිපුරම හුවමාරු වන්නේ වැලැන්ටයින් සුබපැතුම් පත්ය.
අද වන විට අප සංස්කෘතියත් සීග්‍රයෙන් බටහිර ගති පැවතුම් වලට පෙලබෙන බව නොරහසකි. ඊටත් වඩා වේගයෙන් බටහිර පවතින දුසිරිත් (පෙරදිග ඇසින් බලන විට ) අප සමාජයට මුල්බැසගෙන හමාරය. වැලන්ටයින් දිනයද එවැන්නකි .යම අයෙක් මෙය කොළබ ඉහල පැලැන්තියේ දෙයක් ලෙස හුවා දක්වති. නමුත් ප්‍රශ්නය බහුලව පවතින්නේ ඔවුන් අනුකරණය කිරීමට යන (වෙනත් ලෙසකින් කියනවානම් වෙන්න පොෂ් ) පිරිස අතරය. මක් නිසාද යත් කුඩාකල සිට සංකර ලෙස හැදුන වැඩුන අය තමන්ගේ සීමාව හොද හැටි දනිති. ඊටත් අමතරව ඔවුන්ගේ ගති පැවතුම් වලට සමාන ගති පැවතුම් ඇති සමාජයක්ද සිටි. එහෙමත් නැත්නම් ධනය හා බල පුළුවන් කම නිසා අවසානයේ ඔවුන් අමාරුවේ නොවැටී ජිවත් වෙයි.
රටේ සදාචාරයට වඩා තමන්ගේ ජනප‍්‍රියත්වය බොහොම ඉහළින් සලකපු මාධ්‍ය ජාවාරම්කරුවන් මේ වැලන්ටයින් ආගමනය පිටුපස ලොකු භූමිකාවක් රඟපාපු බව ප‍්‍රකට කාරණාවක්. මිය ගිය වැලන්ටයින් පූජකවරයා ලංකාවේ තවමත් ජීවත් වෙන්නේ ඒ ‘මාධ්‍ය වීසාවල’ අනුමැතිය නිසයි. යම් දවසක මාධ්‍යයන් තුළින් ම වැලන්ටයින්ට වැට බැඳුණොත් ආවටත් වැඩිය ඉක්මනින් වැලන්ටයින් අපේ රටින් යවන්න පුළුවන් කියන එකත් විශ්වාසයි. ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ. මොකද වැදගත් වෙන්නෙ ‘මුදල්’ මිසක, රට, ජාතිය, ආගම, සංස්කෘතිය හෝ සභ්‍යත්වය නො වන නිසා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා මුල්කරගෙන අපේ සමාජයට සිදු කළ ආකල්ප ම ය හානිය සුළුපටු නෑ. අදටත් ඔය කියන දවසෙදි මේ ධර්මද්වීපයේ බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වේ.
අද කාලයේ ආදරය ලෙස ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ විනෝදය, ලිංගික සතුට , තෑගිබෝග වැනිදේවල්ය. වැලන්ටයින් කීවාම අපිට මතක් වෙන්නේද , රාගයෙන් මත්වූ තරුණ ජෝඩු හොරෙන් පෙම්සුව විඳින දසුන්ය.වැලන්ටයින් කියද්දී සිහියට නැගෙන දෙවල් අතර , රූම්ස් , බීච් , පාර්ක් සහ බොක්ස් යන දේවල් පෙරමුනේ සිටී. එහෙත් අද කාලයේ ආදරය පලාගොස් ලිංගිකත්වය ඉතිරීවී තිබේ..ප්‍රථම ලිංගික එක්වීමේදී තම සහකාරියගේ හැසිරීම් රටාව, ඇය පුදුම වෙන ආකාරය, ඇය සතුටුවෙන ආකාරය ඕනෑම කොල්ලෙක් සිතින් අත්විදී.එය ඔහුගේ ජීවිතයේ වටිනාම දවස්වලින් එකකි. එහෙත් කනගාටුවට කාරණාවනම්........අද කාලේ ගොඩක් ගෑනු ළමයි එම සුන්දර අත්දැකීම , තම ජීවන ගමන් මගේ මුනගැහෙන නොවදගත් පුද්ගලයකුට, පරණ පෙම්වතාට, විනෝදයට ඇසුරු කරන පෙම්වතෙකුට ලබාදීමයි.
මීටත් වඩා භයනකම් වසංගතය උසස්පෙළ සිසු සිසුවියන් අතර මෙය පැතිරී යාමයි. යොවුන් වියට පා තබන ඔවුන් සමහරක් නොදැනුවත් කම නිසාවෙන් අසරණ වෙති. තවත් සමහරු කාමුකත්වය පසුපස යන වැඩිමල් පෙම්වතුන්ට හසු වෙති
එකකින් තරුණ තරුණියන්හට උපත් පාලන කොපු මිලදී ගැනීමට උගන්වයි. අනෙක තරුණියන් හට ප්‍රවේසම් වීමට මතක් කරදෙයි
මෙවැනි සංකර සිරිත් ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටකට කොහෙත්ම ගැලපෙන්නේ නැත ......ඒ බව අනගාරික ධර්මපාලතුමා ජීවතුන් අතර සිටියදී හොඳින් දැනගෙන සිටියේය ....මේ එතුමාගේ වදන් පෙළකි ...
" මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා."
එදා අනගාරික ධර්මපාලතුමා මෙලෙස පැවසූයේ වර්තමානයේ බෞද්ධයන් සංකර සිරිත්වලට මේ ආකාරයෙන් ගොදුරුවීම නොවේද ?
මෙය දැනටමත් ජාතික ප්‍රශ්නයක් වී හමාරය..මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල දැරියන්ය .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් දෙයනම් මේ වැලන්ටයින්ය ..මේ දවසට අපේ දැරියන් කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ?...ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ... ආදරේ කරන්න විශේෂ එක් දවසක් ඕන නැත ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි.. දැරියනි ,,මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කර නොගන්න ....මුස්ලිම් ජාතිකයන් මේ වැඩ කරන්නෙ නැත ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...දැරියනි මේ කපටි වැඩ වලට හසුනොවන්න
මෙවැනි දුරාචාර දේවල් අරභයා තමන්ගේ නම ඇඳී තිබීම පිළිබඳව ශාන්ත වැලන්ටයින් පියතුමා දන්නේ නම් සිය දහස් වාරයක් කණගාටුවනවාටද සැක නැත......
..................