පළමුවැනි කොටසය මෙතනි
න්මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක් තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක් Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය (මෙය පළමු වරට පළවූයේ 1987 අගෝස්‌තු 2 වැනිදා නිකුත් වූ Frontline කලාපයේය.) ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිගටම සටන් කරන බව ප්‍රභාකරන් එම සාකච්ඡාවේදී පැවසීය. එසේම ඉන්දු ලංකා ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ. ය අමාරුවේ වැටුණු හැටිද ඔහු පෙන්වා දුන්නේය. ආරක්‍ෂක අමාත්‍යාංශය Frontline රඳවා ගන්නා ලද්දේ එම කරුණු නිසා විය හැකිය. කෙසේ වුවද එම සඟරාව නිදහස් කර වෙළෙඳපොළට යෑවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව ඉකුත් සතිය මැදදී වාර්තා විය. පහත පළවන්නේ ප්‍රභාකරන්ගේ එම සම්මුඛ සාකච්ඡාවේ දෙවැනි කොටසය.
FrontLine සඟරාව - 1987 අගෝස්‌තු 5 වැනිදා ඔබ යාපනයේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුවා. මේ ගැන මතභේදාත්මක වාර්තා කිහිපයක් පළ වුණා. (ඉදිරි පළාත් සභා) ඡන්දයේදී සමාජ විරෝධී සන්නද්ධ කණ්‌ඩායම් තරග කිරීම වළක්‌වාලන බව ඔබ කියා තිබුණා. තවත් වාර්තාවක කියෑවුණේ ඔබ සැම කණ්‌ඩායමකටම තරග කිරීමට ඉඩ දෙන බවයි. මේ දෙකෙන් ඇත්ත කොයි එකද?
ප්‍රභාකරන් - මැතිවරණයේදී තරග කිරීමට හැමෝටම ඉඩ දෙනවා. අප අපේ දැක්‌ම ජනතාවට ඉදිරිපත් කරනවා.
FrontLine - දෙමළ ජනතාවගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඔඹඛF) ගැන ඔබ දරන මතය කුමක්‌ද?
ප්‍රභාකරන් - ඔවුන් අතීතයේදී කළ දේවල් ඔබ දන්නවා. මැතිවරණවලට තරග කිරීම හැර ඔවුන් වෙන දන්නේ මොනවාද? ඒ අය නැවතත් ඡන්දයට යාවි. (අපේ ප්‍රදේශවල) බලය ඔවුන් අතට යනවාට අප විරුද්ධයි. අපේ අරමුණ එයයි. අපේ ස්‌ථාවරයත් එයයි. ජනතාව තීන්දුවක් ලබාදීපුවාවේ. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඡන්දවලදී) තරග කරපුවාවේ. අපි අපේ අරමුණ වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව ඉන්නවා. තමන් සිටිය යුත්තේ කොයි පැත්තෙද කියලා ජනතාව තීරණය කරාවි.
FrontLine - සුදුමාලෙයි නගරයේදී පවත්වපු ප්‍රසිද්ධ රැස්‌වීමකදී ඔබ කියා හිටියා කොටි සංවිධානය තම අරගලය විවිධ ස්‌වරූපවලින් කරනවාය කියා. ඒ ස්‌වරූප මොනවාද? මේ සටන ජන පදනමක් තිබෙන සටනක්‌ද? නැත්නම් විප්ලවීය පක්‍ෂයක මුහුණුවරකින් කරන සටනක්‌ද? අහිංසාවාදී සටනක්‌ද? නැත්නම් ඔබ යළි ආයුධ අතට ගන්නවාද?
ප්‍රභාකරන් - අපි ජන පදනමක් සහිත ජන මූල අරගලයක් කරනවා.
FrontLine - ඒත්, කොටි සංවිධානය මිලිටරි සංවිධානයක් නේද?
ප්‍රභාකරන් - අද කොටි සංවිධානය කියන්නේ ජන පදනමක් තිබෙන සංවිධානයක්. ඔබ අපේ මැයි දින රැලිය දකින්නට ඇති. ඒ රැලිය තිබුණ වකවානුවේදී මේ ප්‍රදේශය තුළ හමුදා පාලනයක් තිබුණා. හමුදා හෙලිකොප්ටර් අහසේ සිට වෙඩි තිබ්බා. ඒ අතර දකුණේ සිංහල ජනතාවට බැරිවුණා මැයි දිනය සමරන්න. (දකුණේ භීෂණය පැවැති කාලය විය යුතුය - පරිවර්තක) එවැනි භයානක තත්ත්වයක් තුළ ගිනි ගහන අව්වේ දෙලක්‍ෂයක ජනගහනයක් එකතු කරගෙන අපට මැයි දින රැලිය පවත්වන්නට පුළුවන් වුණා. අප ජන පදනමක් ඇති සංවිධානයක් කියන එකයි එහි තේරුම. අප එවැනි ශක්‌තියක් ගොඩනගාගෙන තිබෙනවා. අප මිලිටරි සංවිධානයක් විතරක් වුණානම් මෙවැනි සුවිශාල ආකාරයකින් ජනතාව මැයි දින රැලියට එන්නෙ නැහැ.
FrontLine - නැගෙනහිර මුස්‌ලිම් ජනතාව ගැන ඔබේ මතය කුමක්‌ද?
ප්‍රභාකරන් - මුස්‌ලිම්වරුන් වෙනම කොට්‌ඨාසයක් ලෙස අප දකින්නෙ නැහැ. අප සලකන්නේ ඔවුන් දෙමළ ජනතාවගේම අනු කුලකයක් ලෙසයි. මෙය භාෂාව මගින් එකමුතු කළ, ආගමෙන් වෙනස් වූ ජනතාවක් පිළිබඳ ප්‍රශ්නයක්.
FrontLine - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවාද නැද්ද යන කාරණය උදෙසා පවත්වන ජනමත විචාරණයකදී එකතු කිරීමට විරුද්ධව ඡන්දය දෙන ලෙස ජනාධිපති ජයවර්ධන ජනතාවට ආයාචනා කර තිබෙනවා. මේ එකතු කිරීමට එරෙහිව මුස්‌ලිම් ජනතාව ඡන්දය දුන්නොත් ඔබ කරන්නේ කුමක්‌ද?
ප්‍රභාකරන් - එවැනි තත්ත්වයකදී කළ යුතු දේ ගැන අපේ සැලසුමක් නැහැ. එය අනාගතයේදී සිදුවීමට යන දෙයක්. එයට උත්තර සැපයිය හැක්‌කේ එම ප්‍රශ්නය මතුවූ විටයි.
FrontLine - තරගකාරී දේශපාලනික රාමුවක් තුළ මැතිවරණයක් පැවැත්වෙන්නට යන්නේ නම් එහිදී හටගත හැකි ගැටලු ලෙස ඔබ දකින්නේ මොනවාද?
ප්‍රභාකරන් - දේශපාලන තරගකාරිත්වයට අප දැනටමත් මුහුණ දී තිබෙනවා. අපට මේවා නුපුරුදු නැහැ. කවරෙක් තෝරා ගන්නවාද කියන තැනට එන්නට ජනතාවට ඉඩ දෙමු. මේ වියවුලෙන් ඔවුන් බේරා ගත හැකි නිවැරැදි නායකත්වයක් තෝරා ගන්නට ජනතාවට ඉඩ හරිමු.
FrontLine - පන්දහසක් වූ එල්. ටී. ටී. ඊ. කේඩරයේ අනාගතය කුමක්‌ද?
ප්‍රභාකරන් - එම කේඩරයේ අනාගත ජීවිතය සඳහා අප නිවැරැදි සැලසුමක් හදනවා. අප ඔවුන් අතරමං කරන්නෙ නැහැ. ඔවුන්ගේ ජීවන මාර්ගය සඳහා ක්‍රමයක් අප පිළියෙළ කර දෙනවා.
FrontLine - කොයි විදියටද?
ප්‍රභාකරන් - අප රැකියා අවස්‌ථා ඇති කරනවා. අධ්‍යාපනය ලැබීමට කැමති අයට ඒ සඳහා අවකාශය ලැබෙනවා. ඔවුන්ට තාක්‍ෂණික අධ්‍යාපන වැඩපිළිවෙළක් අප සංවිධානය කරනවා. අප ඉතාම විනයානුකූල පැවැත්මකට යන අතර සාමූහික අවස්‌ථා නිර්මාණය කරනවා.
FrontLine - ඉන්දු ලංකා ගිවිසුම සහ (ගිවිසුමට අනුව) අවි භාරදීමේ යෝජනාව ගැන ඔබේ කේඩරයේ ප්‍රතිචාරය කුමක්‌ද? අවි භාර දෙනවාට ඔවුන් විරුද්ධද?
ප්‍රභාකරන් - අපේ කේඩරයට මාව විශ්වාසයි. ඔවුන් මගේ වචනයට අවනත වන්නේ ඒ නිසයි. ඒත් අද වන විට අපට ආරක්‍ෂාවක් නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ වෙනත් සන්නද්ධ කණ්‌ඩායම්වලින් අපට අන්තරායක් හටගෙන තිබෙනවා.
FrontLine - (ගිවිසුම ක්‍රියාත්මක වී අවි භාරදීමෙන් පසු) ඔබේ සාමාජිකයන්ගේ ගෙලෙහි එල්ලා තිබෙන සයනයිඩ් කරල්වලට සිදුවන්නේ කුමක්‌ද? අතේ ආයුධ නැතිවිට ඔය කරල්වලින් වැඩක් තිබෙනවද?
ප්‍රභාකරන් - සයනයිඩ් කරල් අවශ්‍යයි. දැන් ඒවා අත්‍යවශ්‍යයි. නැගෙනහිර පළාතේදී මැරයන්ගෙන් ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කණ්‌ඩායම්වලින් සහ සිංහල හමුදාවෙන් බේරෙන්නට ඔවුන් සතු එකම ආයුධය තමයි ඔය සයනයිඩ් කරල. ඒ විතරක් නොවෙයි තමන් සමග එක්‌ව සටන් කර ජීවිත පරිත්‍යාග කළ සහෝදර සටන්කාමීන් සිහිගන්වනු පිණිස මගේ කේඩරය දිගටම සයනයිඩ් කරල පළඳීවි. (මෙහිදී දිලිප් යෝගි දෙස හැරෙන ප්‍රභාකරන් ඔහු සයනයිඩ් කරලක් පැළඳ සිටිනවාදැයි විමසයි. යෝගි ගෙල වටා ඇති නූලකට යා කළ සයනයිඩ් කරල ඉවතට ඇද පෙන්වයි. එම කරල සාදා ඇත්තේ කලු සහ සුදු ප්ලාස්‌ටික්‌වලිනි. ප්‍රභාකරන් ද එවැනි සයනයිඩ් කරලක් කමිස කර තුළින් පිටතට ඇද පෙන්වයි. එහි ඡායාරූපයක් ගන්නදැයි µ්‍රන්ට් ලයින් වාර්තාකරු විමසූ විට ප්‍රභාකරන් විනීත ලෙස එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි.)
FrontLine - ඔබේ සටන්කරුවන් මරා දැමුණු විට ඔබට දැනෙන හැඟීම කුමක්‌ද? උදාහරණයක් වශයෙන් 1983 දී ශ්‍රී ලංකා යුද හමුදාව සමග ඇති වූ සටනකදී මරා දමන ලද කොටි සටන්කරුවකු වූ චාල්ස් ඇන්තනි සිහිපත් වනු පිණිස ඔබ ඔබේ පුතාට (මේ වන විට ප්‍රභාකරන්ගේ දෙවන පුතා වූ බාලචJද්‍රන් ඉපිද නැත) චාල්ස් ඇන්තනි යන නම තබා තිබෙනවා.
ප්‍රභාකරන් - ඔවුන් ගැන අපට හරිම දුකයි. විසිදහසක් ජීවිත පරිත්‍යාග කරමින් කළ සටන ඉන්දියාවේ අවශ්‍යතාවලට යටවෙලා. ඒ විතරක් නොවෙයිá ඒ වීරයන්ගේ නියෝජිතයන් වන අපට නිසි ගෞරවය හිමි වී නැහැ.
එමතුද නොව, මෙවැනි කාලයකදී (ඉන්දු ලංකා ගිවිසුමේ මුල් අවධියට අදාළ වකවානුව) අපට තිබෙන ජනතා සහයෝගය කොතරම් ද යන්න ඉන්දීය රජයට ප්‍රදර්ශනය කළ යුතු බවයි අපට හිතෙන්නේ. අපට අයිති දේ නොදී, අපගේ උපදෙස් ලබාගැනීමකින් තොරව, ඔවුන් (ඉන්දියාව) ගිවිසුමකට එළැඹිලා· ඒ අනුව දෙමළ ඊළම ඉලක්‌කය කරගෙන ජනතා සහයෝගය සහිතව දේශපාලනයට පිවිසීමට අප කැමතියි. සියලු තත්ත්වයන්ට ගැළපෙන උත්තරය එයයි.
FrontLine - කොටි සංවිධානය ඔවුන් සතු අවි සම්පූර්ණයෙන්ම භාර නොදෙන බව කොටි නියෝජිතයකු කී බවක් යාපනයේ පළවූ පුවත්පත්වල සඳහන් වුණා.
ප්‍රභාකරන් - ඔව්. අපි එහෙම කිව්වා. අනාරක්‍ෂිත පරිසරයක් තුළ නිරායුධ වී (අවි භාරදී) බුරුතු පිටින් සංහාරය වනවාට වඩා සටන් කර මියයාම යහපත්.
FrontLine - ඔබේ ජීවිතයට බලපෑ චරිත මොනවාද?
ප්‍රභාකරන් - තල්ති සඟරාවේ පළවූ, ර. සු. නල්ලපෙරුමාල් ලියන ලද 'කලුක්‌කුල් ඊරාම්' (ගල ඇතුළත තෙත් ය) කතා පෙළ මා පස් වතාවක් කියවා තිබෙනවා. එය ගෙතී ඇත්තේ ඉන්දියානු නිදහස් සටන වටායි. මෙහිදී ලේඛක නල්ලපෙරුමාල් අහිංසාවාදී අරගලය සහ සන්නද්ධ අරගලය තුළනය කරනවා. සාමාන්‍යයෙන් නිදහස් සටන් ව්‍යාපාරයන් ගැන ඕනෑම දෙයක් මා කියවනවා. Joan of Arc, නැපෝලියන්, වැනි අය ගැන තිබෙන පොත් මා කියවා තිබෙනවා. මම ඉතිහාසය ගැන හැමදාමත් උනන්දු වුණා. මෝගල් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කළ පළමුවැන්නාගේ නම සිවාජි. තරුණ කාලයේදී සුභාස් චන්ද්‍රබෝස්‌ගේ පින්තූරයක් නිතර මා සතුව තිබුණා. මා පාඩම් කරද්දී ඒ පින්තූරය මේසය මත තබා ගත්තා. මේස ලෑල්ල මත මා මෙහෙම ලියා තිබුණා. "මගේ මාතෘ භූමිය වෙනුවෙන් අවසන් ලේ බිඳුව දක්‌වා මම සටන් කරමි.
FrontLine - මිස්‌ටර් ප්‍රභාකරන් ඔබට ස්‌තුතියි.
Sunday, 1 March 2015
මරණයෙන් දින හතකට පසු විජය හමුවූ උර්සුලා
විජය කුමාරතුංග තවමත් මේ රටේ මිනිසුන්ගේ හදවත් තුළ ජීවත් වන්නේය. ඔහුගේ මානව ප්‍රේමය පිළිබඳ ඕනෑවටත් වඩා කතා කර තිබේ. රංගන කෞශල්‍යය ගැන මියුරු හඬ ගැන කතා කර තිබේ. මේ ඔහු ගැන වෙනත් කතාවකි.
1979 දී විජය ගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවට සැපත්ව අවුරුදු 35 ක් තිස්‌සේ විජය පැතූ සුන්දර ලෝකය ගොඩනැඟීමට නිශ්සරණාධ්‍යාශයෙන් කැපවී සිටින ජර්මන් දානපතිනියක් වේ. ඇය උර්සුලා බයර් මැතිනියයි. ඇය සමඟ යෙදුණු පිළිසඳරකින් මෙම විශේෂාංගය සැකසුණි.
ජර්මනියේ සෝලිංගන් පුවත්පතේ ජනමාධ්‍ය වේදිනියක වන ඇය විජය කුමාරතුංගයන් භවයෙන් භවයට සසර පුරා එන සහෝදරයකු බව කියයි. මතු මතුත් විජයගේ සොහොයුරියක වී ඉපදීමට ප්‍රාර්ථනා කරන උර්සුලාගේ සංවාදයට සවන් දෙමු.
උර්සුලා හිටියේ නින්දේය. මින් පෙරදී නොඇසුව භාෂාවකින් කවුරුන්දොa සමඟ කතා කරනවා අසා සිටි ඇගේ ස්‌වාමියා ඇඟට අත තබා අවදිකර ඊට හේතු විමසුවේය.
"මගේ කාමරේ ආලෝකයෙන් බැබළුණා. මා කවුරුදොa කාලවර්ණ ඉතා දැකුම්කලු ආකර්ෂණීය දේහධාරී තරුණ පුරුෂයෙකු දුටුවා. මට ඔහු කතා කළා. මමත් ඊට ප්‍රතිචාර දැක්‌වූවා. හැබැයි ඒ ඔහු කියපු කරුණු මට හොඳින් අවබෝධ වුණා. ඒ භාෂාව ගැන සිතෙන විදියට ආසියාතික රටක වාගෙයි හැඟෙන්නේ. ආසියාවේ මිනිස් රූපයක් තමා මට සිහියට නැංවෙන්නේ". ඇය ස්‌වාමියාට කීවාය.
"ඔයා භූත දොඩවනවා". ඔහු කීය. උර්සුලා ඒ සිහිනය දුටුවේ 1979 ජනවාරි 14 දින රාත්‍රියේය. ඇය මාධ්‍ය ආයතනයෙන් ලද විශේෂ විදේශීය සංචාරයක් ලැබ 1979 ජුනි 18 දින ගුවන්ගත වූවාය. සිය ගමන ආසියා මහාද්වීපය සොයා ආරම්භ කරන්නට වූවාය.
ඇය ගුවන් තොටුපළට පිවිසියේ සිය ස්‌වාමියා ද කැටුවය.
එහිදී ඔවුනට අමුත්තෙකු හමුවිය. ඒ අමුත්තා අන් කවුරුත් නොවේ. මෙයට ප්‍රථම රාත්‍රියක සිහිනයෙන් දැක කතා කළ අද්භූත ආගන්තුකයාම යෑයි උර්සුලාට සිතුණි. ඇය ස්‌වාමියාට ද මේ සිද්ධිය හෙළි කළාය.
මාස හයකට ඉහතදී සිහිනයෙන් දුටුව ඒ ලස්‌සන මනුෂ්‍යයා දැන් තමා ඉදිරියේ ජීවමානව සිටිනවා නේදැයි උර්සුලා කල්පනා කරද්දී ඇයගේ කල්පනා ලොව බිඳිමින් ඔහු කතා කරන්නට විය. මේ ඔයාලා ඉන්නේ කොහෙ රටකට යන්නදැයි ඔහු ආකර්ශනීය සිනාවකින් තම හඬ අවදි කළේය.
භද්‍ර යෞවනයේ හිඳින උත්තුංග පුද්ගලයා දැත් එකතු කොට ආචාරකොට මෙසේ කතා කරන අතර මේ ආශ්චර්යය උර්සුලාට අදහා ගත නොහැකි විය.
"අපි ආසියාවේ රටවල් කිහිපයක සංචාරය කරනවා. ඔබ කොහේ ඉඳලාද ආවේ."
"මම ශ්‍රී ලංකාවේ. මගේ මවුබිමට යන්න මේ ඉඳින්නේ" ඔහු කීය.
"ආ කොච්චර ලස්‌සන හොඳ රටක්‌ද. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාව කියලා අපි අහල තියෙනවා."
"ආන්න හරි ඒ මගේ මවුරට තමයි. ඔය දෙන්නා අපේ රට අමතක කරන්නේ නැහැනේ." අද්භූත ආගන්තුක අමුත්තා ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නට වූයේය.
ස්‌වාමියා හා කතා කරගත් ඇය "අපි ඔබගේ රටට මුලින්ම ඔබ සමඟ එනවා" යෑයි කියමින් එකම ගුවන් යානයෙහි නැඟී ශ්‍රී ලාංකික අමුත්තා සමඟ ගුවන් ගත වූවාය.
මාධ්‍යවේදිනියක වන ඇය ශ්‍රී ලංකා සංචාරයේදී ගමන් කළ යුතු නගර, නැරඹිය යුතු වැදගත් ආයතන පිළිබඳ විමසන්නට වූයේ දැඩි කුතුහලයෙනි.
"මේ කාලයේ තමයි බුදු සිරිපතුල වඳින්නට වන්දනාවේ යන්නේ. ඔය දෙන්නට යන්න පුලුවන් අනුරාධපුරය, පොළොන්නරුව, කැලණිය, සීගිරි චිත්‍ර, දඹුල්ල, සිංහරාජ වනාන්තරය, ජයසිරිමහා බෝධිය, දළදා මාලිගය, ගංගා, අලි ඇතුන්, මහාවැව් බලන්න හැකියි. අමුත්තා හෙළිකළ තොරතුරු අසන විටදී ඇය උද්දාමයෙන් උද්දාමයට පත්වූවාය. "උර්සුලාවෝ සිහිනයෙන් දුටු සිද්ධිය හෙළි කරමින් දැයි දෙගිඩියාවෙන් පසු වෙද්දී "ඇයි ඔය තරම් බර කල්පනාවක භය වෙන්න එපා මගේ රටේ මිනිස්‌සු ආගන්තුක සත්කාරයට කැමැතියි. බොහොම ශීලාචාර ගුණ යහපත් අය. මම හොඳ නවාතැන් පළක් සොයා දෙන්නම්", අමුත්තා කීය.
කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකා භූමියට පය තැබුවා පමණි.
මේ නම් මගේම උපන් රට තමයි. මොකක් හෝ පුංචි වැරදීමකින් මම ජර්මනියේ ඉපදිලා තියෙන්නේ. මට දැන් දැනෙන්නේ මෙතෙක් කලක් ආගන්තුක දේශයක සිරවෙලා සිටියාදොaයි සිතෙනවා. ඇය ස්‌වාමියාටත් විජයටත් හෙළි කළාය. තමා ඉපදුණු තම මාතෘ භූමියට සත්‍ය ලෙසම සැපත් වී සිටින බව ඇයට හැඟෙන බවද ජීවිතයේ මින් පෙර නොලද ආස්‌වාදයක්, සතුටක් ශරීරයට විනිවිද දැනෙන බවද කීය.
විජය කුමාරතුංගයන් විසින් ඒ සීතල රාත්‍රියේම කොළඹ තරු පහේ සුපිරි හෝටලයකට කතා කර ආගන්තුක ජෝඩුවට හොඳින් ආරක්‍ෂාව සපයා රැක බලා ගන්නා ලෙසට එහි පාලනාධිකාරියට දැනුම් දුන්නේය.
එහිදී විජය ඔවුන්ට සමුදුන්නේ සංචාරය අතුරතුරදී තම නිවහනටද පැමිණ ආගන්තුක සත්කාරයකට සහභාගි වන ලෙසට දයාර්දව ඉල්ලීමක් කරමින්ය.
ශ්‍රී ලංකාවේ මාස කිහිපයක් ගතකළ උර්සුලාවෝ සංචාරයේ දී විශාල දැනුම් සම්භාරයක් සමඟ අවබෝධයක් ද ලැබුවාය.
භාෂාව, සිංහල සිරිත් විරිත් ආදිය ගැන ලත් අවබෝධය තුළින් ඇය සිහිනයෙන් කතා කළ භාෂාව සිංහල භාෂාවම බව ප්‍රත්‍යක්‍ෂ විය.
උඹගේ රට ශ්‍රී ලංකාව. උඹ ආත්ම ගණනාවක් සිංහල බෞද්ධ කාන්තාවක්. දානපතිනියක්. උඹට ළඟදී එහි යන්නට වාසනාව ලැබේවි. එදා රාත්‍රි සිහිනයෙන් විජය සිංහල භාෂාවෙන් කියා ඇති සුබ පණිවුඩය එය බව ඇයට වැටහිණි.
සංචාරය අවසන් කළ උර්සුලා යළි ජර්මනිය බලා නික්‌ම යැමට පෙර ගුවන් තොටුපළේ දී හමුවී කටුනායකදී සමුගත් නාඳුනන මිත්‍රයාගේ ඉල්ලීම අනුව ඔහු සොයාගෙන ගියේ ඔහු විසින් දෙන ලද ලිපිනය අනුවය.
ඔබගේ හමුවීම නිසා මේ සංචාරය සාර්ථක වුණා. ඔබ අපගේ ආත්මගත සොයුරෙක්, මේ සංචාරයෙන් හුඟාක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. ඔබට පුංචි පරිත්‍යාගයක් තියෙනවා. උර්සුලා විජයගෙන් ඉල්ලා සිටියේ මුදල් තොගයක් දිගු කරමිනි.
"මට කිසිවක් එපා. උපකාර උදව් කළයුතු පුද්ගලයන්, ආයතන, ළමා නිවාස තියෙනවා. අපි ගිහින් ඒ අයට දෙමු." මෙසේ කී විජය ඔවුන් සමඟ මහරගම සුචරිතෝදය ළමා නිවාසයට ගියේය. "මතක හිටින වැදගත් යමක් කරනවා නම් මෙතැන සුදුසුයි. මේවාගේ දුප්පත් දරුවෝ ලංකාවේ කිහිප තැනකම හිඳිනවා." සුචරිතෝදයේ දරුවන් පෙන්වමින් විජය හඳුන්වා දුන්නේය.
විජය ගේ ඉල්ලීමෙන් පසුව උර්සුලාගේ කාරුණික හදවත උණුවිණි. දරුවන්ට ඇඳුම් පැළඳුම්, ආහාර පාන, පොත පත පමණක් නොව අලුත්ම ගොඩනැඟිලි රාශියක්‌ද 1979 සිට අඛණ්‌ඩව ලබාදීමේ පදනමක් ඇරඹුණේය.
මාසිකව දිළිඳු දරුවන් දහසකට පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා ශිෂ්‍යත්ව ලබාදීම. ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර ආශ්‍රිතව ප්‍රජා ශාලා 25 ක් ඉදිකිරීම, පෙර පාසල්, දහම් පාසල්, පරිගණක පුහුණු ආයතන ආරම්භ කොට ගුරු වැටුප් සමඟ සියල්ලන්ට ආහාර පාන සැපයීම, ළමා නිවාස, වැඩිහිටි නිවාස ඉදිකිරීම, ගංගාරාම විහාරස්‌ථානයේ අභිනව වෘත්තීය පුහුණු ආයතන ගොඩනැඟිල්ල ඉදිකිරීම, එහි නවම් මහා පෙරහැරට මූල්‍යාධාර සැපයීම, හිසට සෙවණක් නැති පවුල් දහසකට නිවාස දහසක් ඉදිකිරීමටද ජර්මන් හිතු මිතු ගම ඇරඹීම, පිළියන්දල සිපින් ඔµa ලයිµa ආයුර්වේද රෝහල ඉදිකර ජාත්‍යන්තරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචාරය කිරීම ආදිය ඇයගේ පරිත්‍යාග කීපයක් වෙයි.
"මම ශ්‍රී ලංකාවට සේවය කරන්නේ සංසාර පළ පුරුද්ද හින්දයි. මම විතර සමාජයට වැඩ කරල සතුටු වන ජනමාධ්‍යවේදිනියක් ලෝකයේ නැතුව ඇති."
"මගේ කතාව ලංකාවේ දරුවන්හටත් ජනමාධ්‍ය වෘත්තියේ නියෑළෙන ජනමාධ්‍යවේදී සැමටත් ආදර්ශයක් වෙයි." උර්සුලා ඇයගේ කතාව හෙළි කරන්නට වූයේය.
"මට පුනරුත්පත්තිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මම බෞද්ධ පත පොත කියවනවා. භාවනා හොඳින් දන්නවා. මම හදවතින්ම බෞද්ධයි. උපතින් ජර්මන් වුණාට ගතින් සිතින් බෞද්ධයි."
"මගේ තාත්තා ජර්මන් යුද සෙබළෙක්. ඊට පෙර තාත්තා ප්‍රසිද්ධ සංගීතඥයෙක්. දෙවැනි ලෝක යුද්ධය නිසා සංගීතය අහන අය අඩුවෙලා. තාත්තා හමුදාවට බැඳුණේ අගහිඟ හින්දා."
"මම පාසලට ඇන්දේ එක ගවුමයි. සෙරෙප්පු පාවිච්චි කරන්නට සල්ලි තිබුණේ නැහැ. ඉස්‌කෝලේ ගියේ හැමදාම බඩ ගින්නෙයි. මගේ යෙහෙළියක් ගෙනා ආහාර වලින් ටිකක් කෑවා. එහෙම ඉගෙනගෙන ජනමාධ්‍යවේදිනියක වුණා."
"මගේ පුත්‍රයෙක් සෝලංගන් පත්‍රයේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්. ඡායාරූප ශිල්පියෙක්."
"විජය කුමාරතුංග කියන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ අග්‍රාමාත්‍යවරියක් හා අග්‍රාමාත්‍යවරයෙකුගේත් දෙවැනි දියණියගේ ස්‌වාමි පුරුෂයා බවත් ඔහු සුප්‍රසිද්ධ චිත්‍රපට රංගන ශිල්පියකු බවත් දැන ගත්තාට පසුව අපි මවිත වුණා. ඔහු තවදුරටත් ඔහුගේ පවුලේ තොරතුරු හෙළි කළේ නැහැ. කාලයක් ආශ්‍රය කරනකොට අපි මේවා දැනගත්තා."
"අපි සුචරිතෝධදය ළමා නිවාසයට ආධාර කරලා විජයගෙන් සමුගන්න කොට ඔහු මෙහෙම කීවා.
"අදින් පසුව ඔබ ලංකාවට එන්න ඕනේ ආගන්තුකයන් විදියට නොවෙයි. අපේම රටේ ළෙන්ගතු මිත්‍රයන් විදියටයි. ඒ එක්‌කම අපේ මේ බැඳීම ඉදිරියටත් පවතීවි." ඔහු කීවා.
ජර්මනිය දෙකඩ වුණු රටක්. දෙකඩ වුණු ජාතියක්. අද අපි එකතුව සිටිනවා. ලංකාවටත් දැන් උතුර නැගෙනහිර දකුණ කියා බේද නැතුව එකතුවෙලා සිටිනවා. ඔයා දන්නවාද මගේ මේ සමාජ සේවයට මුදල් හොයා ගන්නේ කොහොමද කියලා. අපේ ජර්මන් රටේ උපන් දින සාදවලට රුපියල් මිලියන ගණනක් එක පැයට දෙකට නාස්‌ති කරනවා. අපි ඒ මුදල් නාස්‌තිය වළක්‌වා ඒ මුදල් ලංකාවට මේ වාගේ වැඩ කරන්නට වැය කරනවා.
"මම විජය සමඟ අන්තිම වරට කතාකර සමුගත්තේ 1988 පෙබරවාරි මාසයේ මුල් සතියේදීයි."
විජය එදා මීට පෙර කිසිදවසක අපට නොකී කතාවක් කීවා. මම පුදුම වුණා.
"උර්සුලා සහෝදරිය. ඔයා කිසිදාක මේ පුංචි රට කිසිදා අමතක කරන්නට එපා. මේ රටේ මගේ ජනතාව ඔබට ආදරේ කරයි. ඔබව ආරක්‍ෂා කරයි. විජය කුමාරතුංගවත් පවුලේ අයවත් හැමදාම හදවතේ තියාගන්න කියලා ඔහු කීවා.
"මම විජයගේ පවුලෙන් සමුඅරන් ජර්මන් ගියා. සියලු බැඳීම් ඉවත් කරන්න. විජය ගැන බැඳීම් අත හැරියත් ලංකාවත් විජය ගේ පවුලත් අත් අරින්න එපා. 'විජය සමඟ තිබුණු හිත මිතුරුකම අත්හරින්න,' කවුරුදොa පණිවුඩයක් දීලා තිබුණා."
විජයගේ අකල් වියෝව පිළිබඳ ඒ දුක්‌බර පුවත බුද්ධි කිර්තිසේන අපිට දීලා තිබුණේ මෙහෙමයි.
"විජය මැරිලා දින 07 කට පසුව මා ඔහු සිහිනයෙන් දැක්‌කා. විජය සතුටින් සිටියේ. කොහේද ඉන්නේ ඇසුවා. සත්‍ය විශ්වාස කරන්න. මම ඉන්න තැනට ඔබට එන්නට බැහැ. නමුත් මට එන්න පුළුවන්. අපේ රටට හොඳ යුගයක් උදා වේවි. ජාතික සමඟිය ඇතිවේවි. ඔබ මගේ රටට උපකාර කරන්න, කියා විජය මගෙන් ඉල්ලා සිටියා," ඇය කීවාය.

Friday, 27 February 2015
සුන්දර උණවටුන අපි රැකගනිමු!!!
හොරු අල්ලනවා වගේ උණවටුන කෙලෙසූවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. සුන්දර උණවටුන අපි රැකගනිමු!!! මෙන්න නම් ගම් එක්ක විස්තර
උණවටුන මෙරට අති සුන්දර මුහුදු වෙරළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වසර ගණනාවක් තිස්සේ මෙම අදහස පැලපදියම් වී ඇති නමුත් අද ඔබ උණවටුනට ගියොත් ඒ සුන්දර උණවටුන දැකිය නොහැකි වනු අැති.මන්ද යත් වෙරළ සංරක්ෂණය මුවාවෙන් සිදුකළ කොමිස් කුටිටි ජාවාරමක් නිසා සුන්දර උණවටුන වෙනුවට ,දියකඩන, යකඩබට, සැකසු ගල් පර ආදියෙන් උණවටුව වෙරළ කළාපය හානියට පත්වී තිබේ.
පසුගිය රජය සමයේ උණවටුනේ වැල්ලේ දේවාලය අවට සංවර්ධනය කරන මුවාවෙන් පසුගිය රජයට හිතවාදී ව කටයතු කළ පුද්ලගලයෙක් මේ සුන්දර වෙරළ විනාශ කලේ සිය පෞද්ගලික මඩිය තර කර ගැනීම සඳහාය.
මුහුදු රළ ගසන වෙරළේ සිට මීටර් 25ත් 30ත් අතර ප‍්‍රමාණයකින් පළල් වූ ප‍්‍රදේශයක වෙරළේ වැලිවැටිය තැන්පත්වී තිබුණි. උණවටුනට පැමිණි සංචාරකයන්ගේ මනදොළ පිනවූයේ මේ වැලිවැටියයි.
වසරේ එක් කාර්තුවකදී උණවටුන වෙරළ තීරය සුළු වශයෙන් ඛාදනයට ලක්වීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් ඊළඟ කාර්තුවේදී ස්වභාවිකව යළිදු වැලිවැටිය නිර්මාණය විය. මේ තත්වය කෘත‍්‍රීමව වෙනස් කරන්නට මැදිහත් වූයේ ජනාධිපති උපදේශකයෙකු යැයි කියාගන්නා රාජපක්ෂවරුන්ට හිතවත් වෛද්‍ය අජිත් රණවක නමැති ව්‍යාපාරිකයාය.
උණවටුන සංචාරක කලාපයේ ඔහුට අයත් ඉඩම් තුනකි. එක් ඉඩමක් පිහිටියේ උණවටුන පීකොක් හෝටලයත්, ධීවර විවේකාගාරයත් අතරය. සැන්ඩි ලේන් හෝටලය පිහිටි භූමියද ඔහුගේය. උණවටුන වෙරළේ යද්දෙහිමුල්ල ඉඩමද මෙම ව්‍යාපාරිකයා සතුය. වසරේ මුළු කාලය පුරාම ඔහුගේ හෝටලය සහ ඉඩම් ආසන්නයේ වැලිවැටිය රඳවාගැනීමේ අරමුණින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලවා උණවටුන වැල්ල දේවාලය අසල තුඩුවෙන් ගල්වැටියක් ඉදිකරගත්තේය. උණවටුන වෙරළේ විනාශයට මග පෑදුනේ මේ ගල්වැටියත් සමගය. මෙම ගල්වැටිය දැම්මේ වැල්ලේ දේවාලය රැකගෙන සංරක්ෂණය කිරීමේ අරමුණින් යයි මතයක් පතුරුවා හැරියද එය පට්ටපල් බොරුවකි. මිනිසුන් දහස් ගණනකගේ ජීවිකාව අහිමි වෙද්දී දෙවොලේ දෙවියන් කොහි සිටින්නේදැයි කිසිවෙකු දන්නේ නැත.
Thursday, 26 February 2015
ලංකාව පාවාදුන් උඩරට ගිිවිසුමට වසර 200 යි
අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කළු සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි.
මාර්තු 02 වන දිනට ඉංග‍්‍රීසි ආණ්ඩුව සමඟ උඩරැුටියන් අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොහොත් ඉතිහාසයේ සඳහන්වන උඩරට ගිවිසුමට අවුරුදු දෙසීයක් ගතවේ. ඊට පෙර 1796 පෙබරවාරි 16 දින වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග‍්‍රීසින් විසින් අයත්කර ගෙන තිබුණි. මාර්තු 02 දින පස්වරු හතරට ශ්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මහනුවර මඟුල් මඩුවේදී හමුවන ලෙස උඩරට අධිකාරම් හා දිසාවේවරුන් සහ අනිකුත් ප‍්‍රධානීන්ට දන්වා තිබුණි. එදා මල්වත්තේ මහනායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප‍්‍රමුඛ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේලාද මඟුල් මඩුවෙහි වැඩඋන්හ. එහිදී ගිිවිසුම මෙම ප‍්‍රධානීන්ට හා මොහොට්ටාලවරු ඇතුළු සුළු මුලාදෑනීන්ටද කියවා දෙනු ලැබීය.
එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනෙකුගේ පාලනය යටතේ පැවති අප රටේ ස්වෛරීත්වය එංගලන්තයේ III වන ජෝර්ජ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත්විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත්වූයේ 1714දී I වන ජෝර්ජ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි කියූ බි‍්‍රතාන්‍යයේ අඩක් නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝර්ජ්ටය. ගිවිසුම ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංග‍්‍රහයේ (Ceylon Legislative Enactment) xi ඛණ්ඩයේ 390 ෙඡ්දය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ජ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මගින් සම්මත වූ ජනරජයක් නැවතත් අපට ලැබුණේ 1970 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කලූ සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි. හතර කෝරළේ, හත්කෝරළේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332ක් වූ මුලූ රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප‍්‍රමාණය නූතනයෙහි සියලූම පළාත් සභා ප‍්‍රදේශ හා බස්නාහිර සහ දකුණ පළාත් සභා ප‍්‍රදේශයන් තුළ සමහර කොටස් ද අයිති වූ භූමි ප‍්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වූවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම්, පැළඳුම්, සමාජ චාරිත‍්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත‍්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්‍යයේය.
1833 ඔක්තෝබර් 11 දින ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් නිකුත් කළ ආඥාවක් අනුව මුහුදුබඩ ප‍්‍රදේශද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා 1845 ඔක්තෝබර් 01 දින සිට හයවන පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ්‍රීමත් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 දින ඔහු පෙරදී දකුණු හා බස්නාහිර පළාතට අයත්ව තිබූ කොටස් සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බි‍්‍රතාන්‍ය ක‍්‍රීටයට ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද කි‍්‍රයාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්ථාදායකය මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති කි‍්‍රයාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝණය කිරීමේදී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවටද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා අනපනත් මිස අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් වූ අන පනත් හා නීති රීති නොවේ. අපේ පැවති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන) දෙවැනි ක‍්‍රමය වූ ප‍්‍රධානීන් ඉදිරියේ විසª නඩු හා ගම් සභා නඩු විසඳීමේ ක‍්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුලූ දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරැුටියෙකුට ඉංග‍්‍රීසින්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක් ලබා නොදුන්නේය.
බි‍්‍රතාන්‍ය ගිවිසුමෙන් ඔවුන් මත පැවරුන වගකීම් හා විශ්වාසනීයත්වය ආරක්ෂා කළේ කෙසේද? 1817-18 ඌව කැරැල්ල, 1848 මාතලේ කැරැුල්ල ආදී ඔවුන්ගේ පාලනයට විරුද්ධව පැනනැගි මහජන විරෝධතාවන් කෲර ලෙස මැඩ පැවත්වීමට ආණ්ඩුකාරයා ඔහු සතුව තිබූ නෛතික බලය මෙන්ම විධායක හා පරිපාලන බලතල ද උපරිම ලෙස ක‍්‍රියාත්මක කළේය. ඔවුන්ගේ ආඥා පනතකින් සියලූම ඉඩම්වල අයිතිය රජය සතු කරගෙන ඒවා කිරීටය සතු ඉඩම් (Crown Land) යැයි නිවේදනය කළේය. පාරම්පරිකව හිමි වූ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට අසරණ ගම්වාසීන්ට නීතියේ සරණ පැතීමට නොහැකි විය. එම ඉඩම් කෝපි, තේ, රබර්, පොල් ආදී වැවිලි සඳහා රන් පවුම් සමාගම්වලට මෙන්ම වැවිලි කර්මාන්තය ගැන උනන්දුවක් දැක්වූ ආණ්ඩුවේ ඒජන්තවරුන් වැනි උසස් නිලතල දැරුවන්ට ලබාදුන්නේය. ඒ. පර්ග්‍යුසන්ගේ 1857 වාර්තාවක් අනුව යුරෝපීය වැවිලිකරුවන්ට එවකට අක්කර 6337092 අයත් වූ අතර එම ප‍්‍රමාණය වගා කිරීමේ කටයුතු සඳහා ගෙන්වා ගත් ඉන්දීය කම්කරු පිරිස 129200 ක් විය. බදුල්ලේ උඩුකිඳ ප‍්‍රදේශයෙන් පමණක් එක් රාත‍්‍රියකදී ස්වකීය නිවාසවලින් පාරට ඇද දැමූ පිරිස, මධ්‍යම පළාතේ පිරිසත් සමග පවුලේ 37000 ක් විය. (ඌව ජර්නල්) උඩරට ගැමි කොමිසමේ වාර්තාවක් අනුව මෙම පිරිසට ඉඩම් අඟලකුදු තම උපන් බිමින් හිමි නොවීය. උඩරට තරුණ පෙරමුණද මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්තාවක් සැපයූ නමුත් ඉංග‍්‍රීසි ආණ්ඩුව ඒ පිළිබඳව මුණිවත රැුක්කේය. ඉංග‍්‍රීසීන් අප රටෙන් ගිය පසුත් මෙම ඉඩම් රජයේ ඉඩම් (State Land) යැයි නම්කර කිසිදු සාධාරණයක් පරවේනි ඉඩම් හිමි ගැමියන්ට ඉටුවී නැත. ඒ වෙනුවට පසුගිය රජය පහළ වෙල්ලස්සෙන් පමණක් අක්කර පනස්දාහක් සමාගම්වලට බදුදීමට සැලසුම් කර තිබුණි.
මෙම තත්ත්වය තේරුම් ගැනීමට විටින් විට බලයට එන පාලකයින්ට හැකි වන්නේ අද ගමේ සොහොන් බිමකට ඉඩම් කෑල්ලක් අත්පත් කර ගැනීමට යාමේදී පවා ඉන්දියන් වතු කම්කරු සංගමයට, වෘත්තීය සමිති නායකයින්ට, වතුකරේ දේශපාලකයන්ට පිංසෙන්ඩු වීමට සෑම නායකයෙකුටම සිදුව ඇති නිසාය. මෙම තත්ත්වය වඩාත් උග‍්‍ර වී ඇත්තේ 1977 ව්‍යවස්ථාවෙන් පසු ක‍්‍රියාත්මක වන ජන අනුපාත මැතිවරණ ක‍්‍රමය නිසාය. මෙම තත්ත්වය වෙනස් කිරීමට අද දැයට අවශ්‍ය වන්නේ ජාති හිතෛෂි ජන නායකයන් මිස මිල මුදල්, බලය, නිලය පසුපස යන දේශපාලන නායකයන් නොවේ. පෘතුගීසීන්ගෙන්, ලන්දේසින්ගෙන් උඩරට ගැමියා රැකගත්තේ මෙම ඉඩම්ය. ඉංග‍්‍රීසීන් මිත‍්‍රයින් ලෙස මෙම ජනතාවගේ පරවේනි අයිතිය රැකීමට ගිවිස ගත්තත් අවුරුදු තුන්සියයක් පමණ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණයන්ගෙන් ගැමියා රැක ගත් ඉඩම් දේපල ඔවුන්ට අහිමි විය. එපමණක් නොව මුහුදුබඩ ප‍්‍රදේශවලට අධ්‍යාපන පහසුකම් ලබාදුන් අතර ඔවුන් උඩරට පළමු ස්වභාෂා පාසල ආරම්භ කළේ 1856 දීය.
එනම් ගිවිසුම අත්සන් කර අවුරුදු හතළිස් එකකට පසුවය. මෙම ප‍්‍රදේශවල සිට කොළඹට ප‍්‍රවාහන පහසුකම් සපයා දුන්නේ 1827 දී හමුදාවන්ගේ ගමන් පහසුව සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා දුන් පසුවය. උඩරට ඉඩම් බුක්ති විඳීමේ චාරිත‍්‍රය පැවතියේ ප‍්‍රදේශයේ ජනතාවගේ සමගිය හා එකමුතුව රැුකගැනීම අරමුණු කොටගෙනය.
හුන්නස්ගිරිය කැලේ අභිරහසක්
අයිටීඑන් සේවකයා නෑ : ඇඳුම් කෑලි හමුවේ
2015 පෙබරවාරි මස 26 15:25:12 | .
ස්වාධීන රූපවාහිනියේ මාතලේ හුන්නස්ගිරිය මුදුනේ විකාශනාගාරයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී ජේ.එස්. ජාගොඩ (45) මහතා අඟහරුවාදා අලුයම සිට හුන්නස්ගිරියේදි අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත.
ඇඳ සිටි සරම හා කමිසයේ කැබලි කිහිපයක් සම්ප්‍රේෂණාගාරයේ පහළ කැලයේ තිබූ බවත් එම ස්ථානයේ ගස් වැල් පොඩිවී තිබූ බවත් පොලිසිය කියයි. අඟහරුවාදා අලුයම 12.30 ට පමණ සිය සගයන් දෙදෙනා සමග තේ බී නින්දට ගිය ජාගොඩ මහතා ඔහුගේ කාමරයේ නොසිටි බව සගයන් පොලිසියට පවසා ඇත.
මාතලේ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා හුන්නස්ගිරි මහ කැලේ සෝදිසියක්ද අද පටන් ගත්තේය.
මාතලේ, කළුදෑවල ජාගොඩ මහතා පදිංචිව සිටියේය. ඔහුගේ බිරිඳ හා දරුවන් මාතර පළාතේ සිටි. ජාගොඩ මහතාට මෑතදි උසස්වීමක් ලැබුණු බවත් ඔහුගේ සගයකු බව කියන පුද්ගලයකු ඒ ගැන නොසතුටින් සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
දින දෙකකට පසුවත් ඔහු ගැන ආරංචියක් ලැබී නැති බව පොලිසිය කියයි. කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කළ පොලිසිය හෝඩුවා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
Wednesday, 25 February 2015
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාවට වීදුරු ආවරණයක්
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් යෙදීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවේ. කුරුලු වසුරු සහ සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති කැටපත් පවුර නිරීක්ෂණය කිරීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය ඇමැති නන්දිමිත‍්‍ර ඒකනායක පෙරේදා (23) පස්වරුවේ සීගිරියේ සංචාරයක නිරතවූ අවස්ථාවේ මේ සඳහා අවධානය යොමු කර තිබේ.
ඇමැතිවරයා සමඟ විද්වත් කණ්ඩායමක්ද සීගිරියට ගොස් කැටපත් පවුර නිරීක්ෂණය කර තිබේ
සීගිරිය කැටපත් පවුරට කුරුළු වසුරු වැටීම වැළැක්වීමට සඳහා ඉහළින් අවාරණයක් ඉදිකීරීම පිළිබඳ ඇමැතිවරයා බළධාරීන්ගෙන් අදහස් විමසා ඇත.
Tuesday, 24 February 2015
දියේ ලගින ඌරන් ගැන කතාවක්
මඩේ ලැග්ගත් ඌරන් දියේ ලගින බවක් අප අසා නැත. ස්වභාවයෙන්ම අපිරිසිදුව සිටීමට ප්‍රිය කරන ඌරන් ජලයට ප්‍රිය කරන බව දැනගැනීමට ලැබිම පවා පුදුමයක් වනවා නිසැකය. නමුත් බහමාස් රාජ්‍යයට අයත් කැරිබියානු දිවයිනක් වන ‘බිග් මේජර් කේහි’ පදිංචිකරුවන් වන මෙම සූකර රංචුව දියේ බැස කෙළි සෙල්ලම් කිරීමටත් පිහිනීමටත් කෙතරම් දක්ෂද කියතොත් මොවුන්ගේ ජල ක්‍රීඩා නැරඹීමට වාර්ෂිකව සංචාරකයින් විශාල පිරිසක් ‘බිග් මේජර් කේ’ වෙත පැමිණන්නෝය.
මිනිස් වාසයෙන් තොරවූ දිවයිනක් වන බිග් මේජර් කේ වෙත ඇදී එන සංචාරකයන් බොහෝ දෙනෙකු පාහේ ඒ වෙත එන්නේ කොහෙන් ආවාදැයි නොදන්න මෙම යෝධ ඌරන් රංචුව සමග එක්ව මුහුදේ පිහිනීමටය. දවසේ වැඩි කාලයක් හිරු එළියෙන් නැහැවුණු වෙරළ තීරයේ අව්ව තපිමින් ගත කරන මෙම ඌරන් රංචුව දිවයින වෙත එන සංචාරකයන් රැගත් යාත්‍රා දුටු කල දියඹට පැන ඒවා වෙත පිහිනා එන්නේ දැඩි උදේයා්ගයකිනි. සාමාන්‍යයෙන් වෙරළේ සිට අඩි තුන්සියයක් පමණ ඔබ්බට ඔවුන් මෙලෙස පිහිනා යාමට සමත්ය. හුදකලා දිවයිනක ගත කරන ජීවිතයට හොඳින් හැඩගැසී සිටින මෙම යෝධ සූකරයන් බොහෝවිට තම කුසගින්න නිවා ගන්නේ දිවයින අසලින් ගමන් කරන යාත්‍රාවලින් මුහුදට වීසි කරන ආහාර ද්‍රව්‍යවලිනි. දිවයිනේ සිටින මෙම අපූරු අමුත්තන් පිරිස ගැන දන්නා යාත්‍රාවල ගමන් ගන්නා පිරිස්ද ඒ අසලින් යාත්‍රා කරත්දී ආහාර ද්‍රව්‍ය දියඹට වීසි කිරීමට අමතක කරන්නේ නැත.
බිග් මේජර් කේ දිවයින වෙත කවදා කෙසේ ආවාදැයි නොදන්නා මෙම සූකර රංචුව එක්තරා ආකාරයකින් අබිරහසකි. නමුත් මොවුන් දිවයිනට පැමිණි ආකාරය සම්බන්ධයෙන් ඇති මත කිහිපයක් වෙයි. ඉන් එකක් නම් නාවිකයන් පිරිසක් මෙම ඌරන්ව පසුව ආහාරයට ගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනට දමා ගියද යළි ඒ වෙත පැමිණෙන්නට ඔවුන්ට අතපසු වන්නට ඇති බවය. ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ කිසියම් නැවක ගමන් ගත් මෙම සූකර රංචුව නැව අනතුරට පත් වීමෙන් පසු මෙම දිවයින වෙත පිහිනා එන්නට සමත් වන්නට ඇති බවය.

Facebook නිර්මාතෘගේ අලුත්ම පිම්ම
Facebook වෙනුවෙන්ම සැන්ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයක නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි. පොදු වෙළඳ සැල්, හෝටල්,ක්‍රීඩාංගණ ඇතුළුව සුඛෝපභෝගී පහසුකම් ඇතිව සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebookසේවකසේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීම වන බවත් නගර සැළසුමට අනුව නිවාස ඒකක10000ක් ඉදිකිරීමට නියමිත බවත් පැවසේ. ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි මෙම නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරයි.
Monday, 23 February 2015
ගත සිත නිවාලන සුන්දර හුම්මානයේ ගෙවුණු මොහොතක්
ළා නිල් පැහැයට හුරු සයුර සිප එන සුළඟ උමුතු සීතලක් එක්කරයි. නිහඬ නිස්කලංක පරිසරය උමතු ලෝකයකට රැගෙන යය. මේ කරදියමල, එසේ නැතිනම් හුම්මානයේ අවට සුන්දරත්වයයි. මාතර, දික්වැල්ල නගරය පසුකර කුඩාවැල්ල මංසන්දියෙන් දකුණට හැරී ගිය පසු මේ සුන්දර ඉසව්වට පියමැනිය හැකිය. විශාල ගල් පර්වත දෙකක් මැද්දෙන් හඬක් නඟමින් වතුර මලක් ඉහළට යයි. එවිට පළාතම හිරිකඩ වැටුණා හා සමානව නැහැවී යයි. හුම්මානය ක්‍රියාත්මක වන්නේ එසේය.
හුම්මානයේ අතීතය සොයාගිය කල, එයට මෙම නම ලැබී ඇත්තේ හ්ම් යන ශබ්දය සමග ජලය ඉහළට නැඟීම නිසාය. එවකට ජාතික රූපවාහිනියේ විකාශය වූ නමයයි පහ වැඩසටහනින් මෙය පෙන්වූ පසු මුළුමහත් ශ්‍රී ලංකාව පමණක් නොව විදෙස් රටවලින්ද මෙම ස්ථානය පිළිබඳ තොරතුරු විපරම්කර බැලූ වගට සාධක ඕනෑතරම් ඇත. ඊට පෙර මෙම ස්ථානය පිළිබඳ ගම්වාසීන් පමණක් දැනසිට ඇත . එහෙත් මෙම සුන්දර කරදියමල රූපවාහිනියේ ප්‍රචාරය කිරීම නිසා ලැබුණු ප්‍රසිද්ධිය සමගින් අද වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ නැරඹුම් මධ්‍යස්ථානයක් බවට පත්වී හමාරය.
හුම්මානය ක්‍රියාත්මක වන්නේ සැමවිටම නොවේ. එක්වරක් ඉහළ ගිය පසු නැවත ඉහළ යෑමට විනාඩි කීපයක් බලාසිටිය යුතුය. මන්ද එහි අමුතු කතාවක් ඇත . ඒ නම් හුම්මානය පිහිටි ස්ථානයේ මුහුදු මට්ටමින් ගුහාවක් පිහිටා ඇත . එයට මුහුදු ජලය දෙපසකින් ගලා ඒමක් සිදුවේ. පීඩනය වැඩිවත්ම ගුහාවේ ඇති සිදුරු තුළින් ජලය ඉහළට විදීමක් සිදුවේ. ඇතැම්විට මීටර් 20ක් පමණ ඉහළ අවකාශයට මෙම දිය කොමළිය ඉහළ නගියි. මෙම ක්‍රියාවලියට හේතුවන්නේ මුහුදු රළවල බලය මගින් පීඩනයක් ඇති කිරීමයි. හුම්මානය ක්‍රියාත්මක වී තප්පර දහයක් වැනි සුළු කාලයකදී ඉහළ ගිය ජලය යළි විවරය කරා ගමන් කරයි. හුම්මානය ක්‍රියාත්මක වන්නේ එසේය.
සුන්දර වගේම මෙම ස්ථානයේ අනිසි ලෙස කටයුතු කිරීම නිසා ලිස්සා ඇද වැටී මරුමුවට පත්වුණ පුද්ගලයන් ගණන පහළොවකට ආසන්නය. සමහර අයගේ දේහයන් හමුවුවද එසේ නොමැති අයද වේ. එම නිසා මෙම සුන්දර කරදිය මල නැරඹීමට පැමිණෙනවා නම් ආරක්ෂිත වැට පසුපසට වී නරඹන ලෙස දැන්විය යුතුය.
මෙම ස්ථානයට යාබදව ගල් බංකු කිපයක් ඉදිකොට ඇත. මගදිගට වෙහෙස වී පැමිණෙනවා නම් මඳක් වාඩි වී හිඳ මෙහි සුන්දරත්වය නැරඹීමට මෙන්ම හුම්මානය නරඹා අවසානයේ දැනෙන තෙහෙට්ටුව සංසිඳවා ගැනීමට වන්නට ඇත. ඈත සයුර දෙස බලාගෙන ගෙවෙන තත්පරය පවා හදට නිස්කලංක සුවයක් රැගෙන එයි. එය මොනවට මෙම ස්ථානයේදී විඳගත හැකිය. තවත් වැදගත්ම දෙයක් ඇත. එනම් ප්‍රේමවන්තයන්ට මෙම ස්ථානය සුන්දර ඉසව්වකි. නමුත් අනවශ්‍ය ලෙසින් මෙහි රැඳී සිටීම උචිත නැත. එයත් සිත් තබාගැනීම වැදගත්ය.
තංගල්ල ප්‍රාදේශීය සභාව මගින් හුම්මානය හා පරිසර මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමේ ව්‍යපෘතිය මගින් මෙම ස්ථානය නවීකරණය කර ඇත. එමගින් හුම්මානය පිළිබඳව තවත් තොරතුරු දැකබලා ගැනීමට හැකියාව ඇත. එසේම හුම්මානය පිවිසුම් මාර්ගයේ දෙපස විකිණීම ඇති වෙළෙඳසැල් වලින් ලාබෙට කරවල ටිකක්, බැදපු මාලු ටිකක් රැගෙන යාමටද හැකිය . අඹ, ලොවි, වෙරළු වැනි ගමේ පළතුරුවලද රසයද විඳිය හැකිය. අපගේ උරුමයන් අප රැකගත යුතුය. එම නිසා මෙම සුන්දර කරදියමල වෙත පැමිණෙනවා නම් එය දූෂණය කිරීමට මොනයම් අයුරකින් හෝ දායක නොවිය යුතුය. මන්ද අපගේ උරුමය රැකගත යුත්තේ අපම විසින්ම බැවිනි.
වගකිව යුත්තන්ට නොපෙනෙන රටවිරුවන්ට එරෙහි හිංසනය
රටවිරුවන්ට උපහාර යැයි පැවසුවද ගතවූ මාස කීපය පුරාවට ඇසුණේ විදෙස් ශ්‍රමිකයන්ට සිදුවූ හිංසනයන් පිළිබඳ පුවත්ය. මැදපෙරදිග රැකියාවන්හි නිරතව සිටි 115 දෙනෙකු වධහිංසා ඉවසාගත නොහැකිව ඉකුත් 14 දිනද ආපසු පැමිණියේ යැයි ජනමාධ්‍ය වාර්තා කළේය.
ගෙවී ගිය මාසයක කරුවලගස්වැව ගංගාට වැටුප්ද නොදී පහරදී ලංකාවට එවා ඇත. ඩුබායි ගිය පංවරැල්ල ගමේ ස්වර්ණතිලකා එරට නිවසේ එල්ලී මැරී සිටියේ ගතවූ ජූලි මාසයේදීය. දෙමව්පියන් රිසානාලා වැඩි වයසින් උපද්දවා හෝ එයට අනුබල දෙන්නේද රටේ ළමයා සහ ආර්ථිකය පිළිබඳ පවතින ඛේදවාචකයේ තවත් පැතිකඩක් නිරූපණය කරමින්ය.
අබුඩාබියේ රැකියාවට ගිය කැකණදුර නාලනී තම හාම්පුතාගෙන් සිදුවන හිංසන නිසා එම නිවසෙන් පැන ගොස් තානාපති කාර්යාලයට පැමිණ සති දෙකක් ඇඳිවතද නොමැතිව සිටින්නේ යැයි ඇසුණේ ගතවූ නොවැම්බරයේදීය. නිට්ටඹුවේ සිත්ති මර්ලියා සෞදියේ රියාද් නගරයේදී අනතුරකට පත්ව එරට රෝහලක වසර දෙකක කාලයක් වීද ඇය ලංකාවට නොගෙනෙන්නේ ඇයිද යනුවෙන් ඇයගේ ඥාතීහූ විමසූහ. මාස හතකට පෙර මැලේසියාවේ රැකියාවකට ගිය මස්කෙළිය නෝර්වුඩ් ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු අමානුෂික වධ පමුණුවමින් මැලේසියාවේ හිර කරගෙන සිටින පුවත ඇසුණේද නොවැම්බර් මාසයේදීය. ඔවුන් සිය ඥතීන්ට පණිවුඩ එවා ඇත්තේ “මැරෙන්න කලින් බේරා ගන්න - තානාපති නිලධාරීන්ට කිව්වට වැඩක් නැත” යනුවෙනි.
එවැනි පුවතක් එම සතියේම කුවේට් රැකියාවට ගිය පලුගස්දමන රූපා සුසන්තිගේ ස්වාමියාද මාධ්‍යයට අනාවරණය කළේය. ඔහු පැවසුවේ කුවේට් රැකියාවට ගිය මගේ බිරිය ඒජන්සිකාරයන් මෙහෙකාරකමට විකුණනවා. බලධාරීන් නොබලන නිසා ලංකාවට එන්න විදිහක් නොමැති නිසා ඇය ගෙන්වා දෙන ලෙසය.
පවතින විකෘති අධ්‍යාපනය වෙනස් විය යුතු යැයි විලාප නගා බලය ඉල්ලා සිටින ඇත්තන් හැමදාමත් කළේ පහේ පන්තියේ සිටම දරුවන්ට නොමනා බරක් පැටවීම පමණි. අධ්‍යාපනයේ ඉච්ඡාභංගත්වය ඇති කළේ එතැනින්ය. පිල් මාරුව තුළ රැදෙමින් උසස් අධ්‍යාපනයට වින කටිමින් උගතුන් කූඩැල්ලන් කලවැද්දන් යන තැනට අධ්‍යාපන ඇමතිවරුන්ම විසින්ම උගත්කම පහත් කර අවසානය. එවැනි සමාජයක මිනිසුන් විදෙස්ගත නොවී ලංකාවේ සිට මොන කෙංගෙඩියක්වත් උපයාගන්නටදැයි නගන ප්‍රශ්නය සාධාරණය.
විදෙස් රැකියා සොයා යන්නේ සැපසම්පත් විඳීමට නොවේ. ආණ්ඩුව සිතන්නේ යමෙකු රට රැකියාවකට යැවීම මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් හෝ තමන් දුන් රැකියාවක් ලෙසය. ගතවූ දශක තුන තුළ විදෙස් රැකියා උත්පාදනය යන්න පුරසාරමක් බවට පත් කළ දේශපාලකයන්ට රටවිරුවන් යැයි ලේබල් ඇලවූ මිනිසුන්ගේ
අවුල්වී ගිය පවුල් අමතකය.
රට යැවීමේ (පැටවීමේ) කර්මාන්තය වසර තිහක් ඉක්මවා ගොස් ඇත්තේ මෙරට අධ්‍යාපනය තුළ හෙට පරපුර වෙනුවෙන් රැකියා උත්පාදන ක්‍රමයක් සිදු නොවූ නිසාමය. අනූවේ දශකයේ සිටවත් විධිමත් ක්‍රමවේදයක් තුළ අධ්‍යාපනය ගලා ගියේ නම් අද වනවිට වයස අවුරුදු 20-30 මිනිසුන් රට යායුතු නැත. යම් හෙයකින් ඇඟලුම් කම්‍හල්වත් නොඇරියේ නම් තරුණ පරපුරේ ඛේදවාචකය කෙසේ දිසානුගතවේද යන්න සිතීමත් බිහිසුණුය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජන හිතකාමී සේවයක් ලෙස ISO ජාත්‍යන්තර තත්ත්ව සහතිකය දිනාගත්තේ 2012 දීය. 2013 වසරේ ඉලක්කගත සැලසුම් පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ මැදපෙරදිග කලාපය ඇතුළු පිටරටවලදී 5%කට අඩු පිරිසක් වදහිංසා අතවරවලට ලක්වී අසරණ බවය. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඔවුන් වහාම ගෙන්වා ගැනීමට පියවර ගන්නවා යැයිද කාර්යාංශය පැවසීය. ස්වර්ණතිලකලා එල්ලී මැරෙන්නේත්, කරුවලගස්වැව ගංගලා නොමැරී දිවි බේරාගෙන රෝද පුටුවෙන් එනවිට ඒ සැලසුම්වලට සිදුවූ දේ ගැන වගකිවයුත්තන් නිහඬය.
විදේශ සේවයේ කාන්තාවන්ට සිදුවන හිරිහැර සොයා බලන්න යැයි ඉල්ලමින් රාවණා බළකායේ හිමිවරුන් ගතවූ දිනයක විදෙස් සේවා කාර්යාංශයේ සභාපතිවරයාගේ කාර්යාලය වට කළහ. “ හාමුදුරුවනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිත් කතා කරමු. මීඩියා වට කරගෙන මේ කරන විකාර මොනවාද? මේවා පබ්ලිසිටියට කර ගන්නා වැඩ” යනුවෙන් සභාපති සිද්ධිය අවසන් කළේය. යහපත් අරමුණක් උදෙසා කළ සදොස් ප්‍රවේශය නිසා ඒ උත්සාහයද යටපත් විය.
රටවිරු යැයි හැඳින්වුවද ඔවුන් ගැන සෙවීමට පවුලේ ඥාතීන් හැර තානාපති සේවකයන්ට හෝ කොන්සාල්වරුන්ට හැඟීමක් නැති බව පැහැදිලිය. තර්ජනාංගුලිය සමග හෙට එන්නම් යැයි රාවණා බලය කාර්යාංශයෙන් එළියට ගියද, නැවත පැමිණියේද නැත. පැමිණිල්ලක් ඇතොත් අපි විභාග කරනවා. සාකච්ඡා කරමු යැයි පැවසුවද එදිනට පසු ඇසුණු පුවත් අනුව සභාපතිවරයාගේ අවධානය යොමුවීද යන්නද පැහැදිලි නැත. එසේනම් රාවණා බලයට පොරොන්දු වූ පරිදි කාර්යාංශය සොයා බැලුවේද? කාර්යාංශය හිංසනයට පත් මිනිසුන් වෙනුවෙන් ගත් පියවර කුමක්ද? හැමදාමත් මර නින්දේ පසුවන විදේශ තානාපති සේවයට අවදිවීමට කළ අනතුරු ඇඟවීම කුමක්ද? යළිත් මෙවැනි දේ නොඇසීමට ගත් පියවර කුමක්ද?
ඉකුත්දා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ විදෙස් ශ්‍රමිකයන් ලක්ෂයක් දෙනා මහින්දට සහායදීමට මෙරටට පැමිණෙන පුවතකි. එහෙත් ලක්ෂ දාහතක් විදෙස්හි සේවය කරන රටක ඔවුන්ගේ ඡන්ද බලයට වටිනාකමක් දුන්නේ නම් මහින්ද වෙනුවෙන් තවත් ඡන්ද ලක්ෂ දහපහළොවක් එකතුවනු ඇත.
විදෙස් සේවා කාර්යාංශය පවසන්නේ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම් කොටසකම උපාධිධාරීන් තිදෙනකු පත් කළ බවකි. එසේ පත්කර තිබේ නම් කබලෙන් ළිපට වැටුණු මිනිසුන්ගේ දුක් අඳෝනා එම නිලධාරීන්ට නොඇසෙන්නේ ඇයි? ඒවා කාර්යාංශය වෙත වාර්තා නොවන්නේද? ඒ සම්බන්ධයෙන් ගන්නා ක්ෂණික පියවර කුමක්ද?
ඔවුන් රට ගියේ ලංකාවේ දේශපාලකයන්ට ආයතන සභාපතිවරුන්ටත් විදෙස් පරිපාලන නිලධාරීන් සහ ඔවුන්ගේ අඹුදරුවන් රැකීමට දර දිය අදින්නට නොවන බව තේරුම් ගැනීමටවත් වගකිව යුත්තන්ට මස් කළඳක් පිරි හිස් කබලක් නැතිද යන්න විමසිය යුතුය. කෙසේවුවද ජිනීවා ජාත්‍යන්තරය පිළිබඳවත් තැකීමක් නැති අපේ තානාපතිවරුන් අඩුම තරමින් නැති බැරිවුන් ගැන සිතනු යැයි සිතීමද හාස්‍යයක් පමණි.
2020 දී එක් වරක් පමණක් භාවිත කරන ස්මාට් සිරින්ජර් පමණයි - WHO -
ඖෂධ එන්නත් කිරීමේදී එක්වරක් භාවිත කිරීමෙන් පසු භාවිතයෙන් ඉවත් කරන ස්මාට් සිරින්ජර් 2020 සිට අනිවාර්යයෙන් භාවිත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නැවත භාවිත කරන සිරින්ජර් හේතුවෙන් මිලියන දෙකකට අධික ජනතාවක් විවිධ රෝගාබාධවලට ගොදුරු වන බවත්, සෑම වසරකම ඒඩ්ස් හා හෙපටයිටිස් වැනි රෝග ආසාධනය වීමට ඒවා හේතුවී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම නව සිරින්ජර් තරමක් මිලෙන් අධික වුවත්, රෝග වැළඳීමෙන් පසු ඒවාට ප්‍රතිකාර කිරීමට වඩා අඩු පිරිවැයක් ඒ වෙනුවෙන් වැය වන බවද ඔවුන් පවසයි.
ලොව පුරා වාර්ෂිකව බිලියන 16ක පමණ සිරින්ජර් භාවිත කෙරෙයි. සාමාන්‍ය සිරින්ජර් වරක් නොව කිහිප වරක් භාවිත කළ හැකි වුවත්, ස්මාට් සිරින්ජර් භාවිත කළ හැකි වන්නේ එක් වරක් පමණි.
Sunday, 22 February 2015
විරහ සුවය
මම ඥාති සොහොයුරා සමඟ ඔහුගේ වඩු මඩුවේ වහල පිළිසකර කරමින් සිටියෙමි.
වහල මත සිටි අපට යාබද පාර හොඳින් පෙනේ.
තරුණ යුවළක් පාරේ ඈත එනු මට පෙනිණ.
තරමක් ළඟට ආ කල තරුණයා කවුරුන්දැයි මම හඳුනා ගතිමි. තරුණිය ඔහුට තරමක් වැසී තිබුණෙන් ළඟට එන තුරුම හඳුනා නොගත හැකි විය.
ජෝඩුව අප අසලට ම පැමිණි කල බිම වැටුණු ලේන්සුව අහුලා දීමට තරුණයා නැමුණේ ය. තරුණිය ගේ රුව මසිත හොඳින් සිත්තම් වූයේ එවිට ය.
ඇය දුටු කල මම සීතල වී ගියෙමි.
වහලින් බිමට වැටේදෝයි බියක් මසිත ඇති විය. මා හඳුනා ගතහොත් ඊට වඩා ආත්ම ලජ්ජාවක් ඇති වේ. එහෙයින් මම ඔවුනට පිටුපා වහලට බර වීමි.
ඊළඟ මොහොතේ හොරැහින් පාර දෙස බැලූ මට තුරු වැල් අතරින් ඈත ඇදෙන ඔවුන් දිස් විය.
මම ඥාති සොහොයුරා දෙස බැලීමි. ඔහුද ඔවුන් ගැන විමසිලිමත්ව සිටි බව මට පෙනිණ.
ඒ වන විටත් මගේ ආත්මය කිඳා බසිමින් තිබිණ, මම තවදුරටත් අප්‍රාණික ව සිටියෙමි.
‘මොකද මල්ලියෙ එකපාරට වුණේ?’ ඥාති සොහොයුරා ඇසුවේය.
‘කොන්ද ඇමැට්ටි වුණා’ මම වහාම උත්තරයක් හොයා ගතිමි.
වහල මත දිගෑදුණු මම ටිකකින් වැඩ කිරීමට හිත හදා ගතිමි.
‘කවුද අයියෙ ඒ ගිය ජෝඩුව?’
‘අර නෝබට් අංකල්ගෙ මස්සිනාගෙ පුතානෙ. මිනිහ ළඟදි හොරෙන්ම බැඳල වගේ!’
මගේ හිතේ අමාරුව වැඩි විය. මම එය කොන්දේ අමාරුව පිට දා වහලින් බැස ගෙදර ගොස් හුදෙකලා වීමි.
ඇය කලකට පෙර මගේ පෙම්වතියව සිටියා ය. අප මුණ ගැසුණේ පෞද්ගලික පන්තියක දී ය.
ඈ දුටු මුල් දිනයේ දී ම මසිත ඈ කෙරෙහි ඇදී ගියේ ය. ඇගේ දසුන මට ලොවේ ඇති සොඳුරු ම දසුන විය.
මගේ හැඟීම තේරුම් ගත් මිතුරෝ මට උදවු කළහ, ඇගේ අක්කා සිටියේ ද එකම පන්තියේ ය. ඇය ද මට උදවු කළා ය. අවසානයේ මම ජය ගතිමි. ඇය මගේ පෙම්වතිය බවට පත් වූවා ය. නගරයේ තැන තැන අපේ පෙම් රජ දහන මැවිණ.
එහෙත් එය වැඩි කල් නොපැවතියේ ය. සතුරු කුමාරයා ආවේ වෙනත් නගරයක පෞද්ගලික පන්තියකිනි. ඔහු ඇයට ළං වී තිබුණේ ඇය වෙනත් දිනයක ඒ පන්තියට ගිය කල ය.
‘මට ඔයා ඕනෑ. එයත් හරි හොඳයි. එයත් ඕනැ’ ඇය කීවා ය.
එබස මසිතට වේදනා ගෙන දුන්න ද හිතේ කෝපයක් ඇති නොවූයේ ඇගේ අහිංසකකම නිසා ම ය. ඇය හුරතල් ය. බොළඳ ය. අනුන් ගේ හිත් රිදවීමට අකැමැති ය.
‘දෙන්නෙකුට කොහොමද ආදරේ කරන්නෙ?’ මම ඇසීමි.
‘අනේ මන්ද?’ ඇය කිකිණි හඬින් සිනාසුණා ය.
‘ඔයා එක්කෙනෙක්ව තෝරගන්ඩ!’
‘අනේ මන්ද’
‘ඒ වුණාට මට නං ඔයාව නැතුව බෑ’
‘එයත් ඕකම තමයි කියන්නෙ’
මම අමනාප වී හිස බිමට හරවා ගතිමි.
‘තරහ ගන්ඩ එපා බබෝ! මං ඔයාල දෙන්නව මුණ ගස්සන්නං. දෙන්න කතා කරල තීන්දුවක් ගන්ඩ!’
මම එකඟ වීමි. ඔහු ද එකඟ වී තිබිණි.
පසු දිනෙක ඇය අප දෙදෙනා මුණ ගැස්සුවා ය.
ඒ නගරයේ අවන්හලකි. ඇය එක් කොනකට වී පලතුරු බඳුනක් රස විඳින්නට වූවා ය. අපි තවත් කොනකට වී අපේ බඳුන් අතැතිව, එහෙත් ඒවා රස විඳීමට තරම් හිතේ සංහිඳියාවක් නොමැතිව පෙම් සටනක නියැළුණෙමු.
‘ඔයා මොනව කිව්වත් මට එයා නැතුව බෑ. ඔයා අපිට ඉඩ දෙන්ඩ!’ ඔහු ආයාචනා කළේ ය.
‘කරන්ඩ පුළුවන් දෙයක් නං මං අවංකවම කරනව. ඒත් මට එයාව ඔයාට දෙන්ඩ බෑ’ මම තරයේ කියා සිටියෙමි.
ඔහුට අසරණ හිනාවක් ගියේ ය.
මම ද අසරණ හිනාවක් පෑවෙමි.
‘ඔයාල තීන්දුව ගත්ත ද?’ ඇය හිස් බඳුන මේසය මත තබා අප දෙදෙනා සමඟ ම සමො'සමේ හිනා වුණා ය.
ඒ වෙලාවේ ඒ හුරතල් බැල්මෙහි මම තදින් වෙළී ගියෙමි. ඇය කෙසේවත් අත නොහරිමියි මම සිතා ගතිමි.
‘මට බෑ. ඔයා අයින් වෙන්ඩ!’ මම අලුත් පෙම්වතාට කීමි.
‘මට නං බෑ. ඔයා අයින් වෙන්ඩ!’ ඔහු මට කීවේ ය.
ඉන් එහාට ඇත්තේ ගුටි කෙළියයි. එහෙත් ඔහුටත්, මටත් එය ගෝචර නොවී ය.
මසිත දැඩි ආවේගයක් හට ගත්තේ ය. මම අවන්හලින් පිටවී ඒ ඉදිරියේ වූ මගේ බසයට නැඟුණෙමි. ඔහු ද ගොස් ඔහුට නියමිත බසයට නගිනු මම දිටිමි. ඇය අවන්හල් දොරකඩට පැමිණ බස් දෙක දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූවා ය.
දැන් මේ සියල්ල වැළලී ගොසිනි. ඇය දැන් මටත් නැත. ඔහුටත් නැත, අප තුන් හිතකින්වත් නොසිතූ කෙනකුගේ අත ගෙන ඇත.
ලෝකය අප සිතුවාට වඩා පළල් ය. අප ඒ දිග පළල අවබෝධ කොට ගත යුතු ය.
මතු යම් දිනෙක ඇය මට මහ මඟ දී හමු වනු ඇත.
පෙර පරිදිම ඇය මා හා දොඩනු ඇත. මා ද කතා කළ යුතු ය.
ජීවිතය එසේ ය, අප ඊට මුහුණ දිය යුතු ය.
ඩිජිටල් මාධ්‍ය ලෝකයක අපි තවමත් ‘ඇනලොග්’
අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ කේවල් කිරීමේ, නොඑසේනම් හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට. ඔවුන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය ස්වාධීන නිෂ්පාදන ආයතනවලට හෝ ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා සැලකිල්ලක් දක්වන්නේ නැහැ.
ටිකක් හරි පිටින් ගන්නේ බාල ගණයේ මෙගා ටෙලි නාට්‍ය විතරයි. නමුත් පිටරට තත්ත්වය මීට වෙනස්. ඒ රටවල නාළිකා වැඩි ප්‍රතිශතයක් මිලදි ගත්තේ ස්වාධීන නිෂ්පාදකවරුන් ගෙන්. අපේ රටේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයට මූලික හේතුව මේකයි.
ටෙලි නාට්‍ය යනු කලා කෘති නොවේ ය යන මතවාදයක් ස්ථාපිතව තිබු කාල වකවානුවක ‘භාවනා’, ‘අමරපුරය’ වැනි ටෙලි නාට්‍ය ඔස්සේ රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට අර්ථවත් වින්දනයක් ලබාදුන් ටෙලි නාට්‍යවේදියකු ලෙස බර්ට්‍රම් නිහාල් හඳුන්වා දිය හැකිය. ප්‍රේක්ෂකයන් උසස් ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප නොකරන බව ඔහු මෙම නාට්‍යවල සාර්ථකත්වයෙන් මනාව ප්‍රත්‍යක්ෂ කර සිටියේය.
* ‘අමරපුරය’ ටෙලි නාට්‍යයෙන් පසු ඔබ වසර තුනක් නිහඬයි?
එකක් පෞද්ගලිකව ඇතිවෙලා තියෙන කලකිරීම. අනික ටෙලි නාට්‍ය කර්මාන්තයේ පවතින අර්බුදය.
* මොකද්ද කලකිරීම? මුලින්ම ඒ ගැන අපි කතා කරමු.
ලංකාවේ හුඟක් විචාරකයෝ ‘අමරපුරය’ ප්‍රශස්ත ටෙලි නිර්මාණයක් ලෙස අගය කළා. මං හිතන්නේ එයට තරම් විචාර මෑතදී වෙන කිසිම ටෙලි නාට්‍යයකට ලියැවුණේ නැහැ. ඔවුන් දක්වපු අදහස් ප්‍රබලයි; ඒ වගේම ගැඹුරුයි. නමුත් සම්මාන උත්සවවලදී එය නොසලකා හැරියා. අඩුම ගාණේ හොඳම ටෙලි නාට්‍යය සඳහා නිර්දේශ කළේවත් නැහැ. මේවා යට මොනව තිබුණ ද කියා කියන්න මා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකල සම්මාන උත්සව පවා දේශපාලනිකරණය වෙලා තිබුණනේ. එහෙම දේශපාලන දෘෂ්ටියකින් මගේ නිර්මාණය දිහා බැලුව ද දන්නෙ නැහැ. කොහොම වුණත් මේ ප්‍රශ්නය ශාස්ත්‍රීය විදියට අරගන්න මං කැමැතියි. ඒ කියන්නේ මේ විනිශ්චය මණ්ඩල සාමාජිකයන්ට දෘශ්‍ය කලාව පිළිබඳ තිබෙන දැනුම මොකද්ද කියන එක. විශේෂයෙන් සංඥාර්ථ පිළිබඳ ඔවුන් තුළ කිසිම අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්ට නැහැ. මේ අය අඩුම ගාණේ පීටර් වුලන්ගේ ‘සයින් ඇන්ඩ් මීනිං ඉන් ද සිනමා’ කියන පොතවත් කියවලා තියෙනව ද කියන එක සැක සහිතයි.
* ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයක් ගැන ඔබ කතා කළා. මොකද්ද ඒ අර්බුදය?
අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ කේවල් කිරීමේ, නොඑසේනම් හෙට්ටු කිරීමේ බලය (BARGAIN POWER) තියෙන්නේ රූපවාහිනි නාළිකාවලට. ඔවුන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය ස්වාධීන නිෂ්පාදන ආයතනවලට හෝ ස්වාධීන නිෂ්පාදකයන්ට හෝ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශය නිපදවන ටෙලි නාට්‍ය කෙරෙහි අදාළ නාළිකා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ටිකක් හරි පිටින් ගන්නේ බාල ගණයේ මෙගා ටෙලි නාට්‍ය විතරයි. නමුත් පිටරට තත්ත්වය මීට වෙනස්. ඒ රටවල නාළිකා වැඩි ප්‍රතිශතයක් මිලදි ගත්තේ ස්වාධීන නිෂ්පාදකවරුන් ගෙන්. අපේ රටේ ටෙලි නාට්‍ය කර්මාන්තයේ අර්බුදයට මූලික හේතුව මේකයි. මගේ පෞද්ගලික උදාහරණවලින් කතා කළොත් 2004 විකාශය කළ මගේ ටෙලි නාට්‍යයක් 2005 මැතිවරණයෙන් පසු විකාශය අත්හිටෙව්වා. මගේ ‘අමරපුරය’ අවුරුදු තුනක් යනකම් රූපවාහිනි නාළිකාවකට විකුණගන්න බැරිව ගියා. මේ සියල්ල තුළ පෙනෙන යථාර්ථයක් වගේම නොපෙනෙන යථාර්ථයකුත් තිබෙනවා. කේවල් කිරීමේ තනි බලය රූපවාහිනි නාළිකා සතුවෙද්දි ස්වාධීන නිෂ්පාදකවරුන් වන අප අසරණ තත්ත්වයකට ඇද වැටෙනවා.
* වෘත්තිය මට්මටින් පරිණත ස්වාධීන ටෙලි නාට්‍ය නිෂ්පාදකවරුන් අපිට ඉන්නවා කියලා ඔබ හිතනව ද?
ඉන්නවා. ඒත් අවංකව කිව්වොත් ඒ ඉතාම සුළුතරයක් පමණයි. වෘත්තිය මට්ටමේ නිෂ්පාදකවරයකු වෙන්න නම් ඔහුට ප්‍රතිභාව පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. ඔහුට මාධ්‍යයේ නව ප්‍රවණතා, ආචාර ධර්ම, තාක්ෂණයේ වර්ධනය පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබිය යුතුයි. බොහෝම සරල උදාහරණයක් ගත්තොත් හින්දි චිත්‍රපටයක ගීතමය ජවනිකාවක් ගන්න. ඒක බලද්දි අපිට තේරෙනවා, අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, සංස්කාරකවරයා මොන තරම් වෘත්තිය මට්ටමකින් ඒ ජවනිකා නිර්මාණය කරලා තියෙනව ද කියලා. කාච යොදා ගැනීම, රූප ගැළපීම, ක්ෂේත්‍ර ගැඹුර. මේවා දැනගෙන තමයි ගීතමය ජවනිකාව නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් අපේ රටේ තියෙන්නේ මොකද්ද? නළු නිළියන්ට දෙබස් පවා දෙන්නේ එස්. එම්. එස්. මාර්ගයෙන්ලු. ඒක මොනතරම් පිරිහීමක් ද?
* රූපවාහිනි මාධ්‍යයේ වර්තමාන තත්ත්වය මොකද්ද?
රූපවාහිනිය හැම විටම වගේ පවතින දේශපාලන අධිපති මතවාදය (හෙජමොනිය) ප්‍රකාශ කරන මාධ්‍යයක්. එතැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රවෘත්තිවල දෘෂ්ටිකෝණය, සාකච්ඡාවලට කැඳවන පුද්ගලයන්ගේ පක්ෂපාතිත්වය යනාදි සියල්ල තීන්දු කරන්නේ මේ අධිපති මතවාදය ඉදිරිපත් කරන්නයි. දේශපාලනයේදී මෙන්ම මාධ්‍යකරණයේදිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්පුට කරන්න පුළුවන් වෙන්නේ දේශපාලනය, මාධ්‍යය හා ජනතාව අතර සිදුවන සන්නිවේදනය නිරවුල්ව හා අර්ථවත්ව සිදුවුණොත් විතරයි. ‘සන්නිවේදනයේ ගැටලු’ පිළිබඳ අධ්‍යයනයක් කිරීම සඳහා 1978 දී යුනෙස්කෝව මඟින් පිහිටුවූ සීන් මැක්බ්‍රයිඩ් කොමිසම පළ කරපු වාර්තාව කියෙව්වොත් මේ ගැන හුඟක් දේවල් ඔබට දැනගන්න පුළුවන්.
* රූපවාහිනිය ඉදිරියේ ප්‍රේක්ෂකයා නිශ්ක්‍රීය චරිතයක්?
ප්‍රේක්ෂකයන්ගේ භෞතික, මානසික හා සමාජ ගති පැවතුම් අතික්‍රමණය කිරීමේ පූර්ණ බලය නාළිකා විසින් හිමිකර ගනු ලැබ තිබෙනවා. ප්‍රේක්ෂකයාට කිසියම් බලපෑමක් කරන්න පුළුළුන් වෙන්නේ මහජන නාළිකා (PUBLIC CHANNEL) වලට විතරයි. මොකද ඔවුනුත් එහි කොටස්කරුවෝ. අපිට කළ හැක්කේ පෙන්වන දේ දිහා ඔහේ බලන් ඉන්න එකයි. කිසිවකුට එරෙහි වන්න අපිට නෛතික වශයෙන්වත් බලයක් නැහැ.
* වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් මොනව ද කියන්න පුළුවන්?
ලබන වසර වන විට වෙළෙඳ දැන්වීම්වල මුල් තැන ගන්නේ රූපවාහිනිය. ඒ වන විට දැනට තිබෙන ප්‍රචාරණ විධි ක්‍රම යල් පනින බව මාධ්‍ය විශේෂඥයකු වන මැතිව් ක්‍රෑමර් පෙන්වා දෙනවා. 2018 විතර වෙනකොට වෙළෙඳ දැන්වීම් නියත (ඉලක්කගත) ප්‍රේක්ෂකයා වෙත පුද්ගලානුබද්ධව සන්නිවේදනය වෙනවා. ඒක වෙන්නේ දත්ත සංඥාපක මුල් කරගත් අන්තර් ක්‍රියාකාරී තාක්ෂණ ක්‍රමවේදයක් මඟින්. මේ අනුව රූපවාහිනියේ සාම්ප්‍රදායික හා ආවේණික කළමනාකරණ ක්‍රමවේද, අලෙවි උපක්‍රම ආදිය ද වෙනස්කම්වලට භාජනය වෙනවා.
* අපේ රූපවාහිනි විකාශය තවමත් තියෙන්නේ PAL ඇනලොග් ක්‍රමයට. මේකත් දැන් කල් ඉකුත් වෙලා?
අපි තවමත් ඉන්නේ පටන් ගත්තු තැන. අපිට PAL ඇනලොග් සිස්ටම් එක හඳුන්වලා දුන්නේ ජපානය. ජපානය අද 4K සිස්ටම් එකට ගිහින්. මේ දෙක අතර විශාල තාක්ෂණික පරස්පරයක් තියෙනවා. අංකිතකරණයේදි (ඩිජිටල්) අපිට අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ජපන් ක්‍රමවේදය. අනික යුරෝපා ක්‍රමවේදය. විද්‍යාත්මකවම කතා කළොත් ජපානයේ තියෙන්නේ ISBD-T (ඉන්ටග්‍රේටඩ් සර්විසස් ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටින් ටෙරස්ට්‍රියල්) ක්‍රමවේදය. ඒක දැනට ලෝකයේ රටවල් 16 ත් 20 ත් අතර ප්‍රමාණයක පවත්වගෙන යනවා. යුරෝපයේ තියෙන්නේ DVB-T2 (ඩිජිටල් වීඩියෝ බ්‍රෝඩ්කාස්ටින් ටෙරස්ට්‍රියල් - 2) ක්‍රමවේදය. ඒක රටවල් 60 / 70 ක පවත්වගෙන යනවා. මම පෞද්ගලිකව හිතන්නේ යුරෝපීය ක්‍රමවේදය අපිට වඩාත් ඵලදායක කියලයි. PAL ඇනලොග් ක්‍රමය දැනට අවුරුදු 25 ක් 30 ක් තිස්සේ මේ රටේ පවතිනවනේ. ඒ වගේ ඉදිරි අවුරුදු 25 තුළ පවත්වගෙන යා හැකි නව ක්‍රමවේදයක් තමයි දැන් අපිට අවශ්‍ය.
* රූපවාහිනි තාක්ෂණය මෙසේ නවීන වෙනකොට සිනමා තාක්ෂණය කෙබඳු වේවි ද?
ඒකත් ඊට සමපාතව දියුණු වෙනවා. දැන් තියෙනවා ‘අයි මැක්ස්’ තාක්ෂණය. මි. මි. 35 වගේ දහ ගුණයක් විශාලව රූපය පෙනෙනවා. මි. මි. 70 වගේ තුන් ගුණයක් විශාලව පේනවා. විද්‍යාඥයෝ කියනවා, පියවි ඇහැට පේන රූපය ග්‍රහණය කරගන්න කිසිම තාක්ෂණයක් තවම හොයාගෙන නැහැ කියලා. මේ විදියට අලුත් අලුත් තාක්ෂණ ක්‍රමවේද සොයා ගන්න, සොයා ගන්න ඒ තැනට ළඟා වෙන්න බැරි වෙන එකක් නැහැ.
* අපිට තවමත් අති නවීන තාක්ෂණයකින් හෙබි ගෘහස්ථ චිත්‍රාගාරයක අඩුපාඩුව තියෙනවා?
ඔව්. රන්මිහිතැන්න එළිමහන් චිත්‍රාගාරයක්. ඒ වගේ චිත්‍රාගාරයක් අපේ රටට වුවමනා නැහැ. මං ඒ බව මෙම චිත්‍රාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති එක්තරා සාකච්ඡා වාරයකදි කියා සිටියා. එතැන ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ඩබ්. බී. ගනේගල මහතාත් හිටියා. පැය කීපයකින් කන්ද උඩරට ගමකට, වියළි කලාපයේ ගමකට, මුහුදු වෙරළ ආශ්‍රිත ගමකට යන්න පහසුකම් තියෙන ලංකාව වගේ පුංචි රටකට මොකට ද එළිමහන් චිත්‍රාගාරයක්? එදා මං කියපු දේ කවුරුත් ගණන් ගත්තු බවක් පෙනුණේ නැහැ. මට ආරාධනා කළෙත් ඒ සාකච්ඡා වාරයට විතරයි. ඊට පස්සේ ආරාධනා කළේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද එය පාඩු පිට පවත්වගෙන යන චිත්‍රාගාරයක්.
* ඔබ දැන් අවුරුදු කීපයක ඉඳන්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරනවා. ඒ සැලසුමට මොකද වුණේ?
තවමත් නිෂ්පාදකවරයකු මුණ ගැසුණේ නැහැ. සයිමන් නවගත්තේගමයි මමයි එකතුවෙලා ‘සංසාරණ්‍ය අසබඩ’ කියලා තිර නාටකයකුත් ලිව්වා. දැන් සයිමන් මියගිහිනුත් අවුරුදු 10 ක් වෙනවා. ඒ තිරනාටකය ඇසුරෙන් තමයි ඔහු ඒ නමින් පසුව නවකතා පොතකුත් ලිව්වේ. ඇත්තම කිව්වොත් මට නිෂ්පාදකවරුන් කීප දෙනෙක් මුණගැහුණා. ඒත් කවුරු හරි කියනවා මං ‘යූ. ඇන්. පී.’ කාරයා. මිනිහා එක්ක වැඩ කළොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා. ඉතිං ඒ යෝජනාව එහෙමම යට යනවා. පසුගිය කාලේ අපේ රටේ තිබුණේ ඉතිහාස කතා රැල්ලක්නේ. ඉන් බොහෝමයක්ම ඉතිහාසය විකෘති කරපු චිත්‍රපට. මේකට විරුද්ධව කිසිම බෞද්ධ භික්ෂුවක්, ඉතිහාස ආචාර්ය, මහාචාර්යවරයෙක් කට ඇරියේ නැහැ. ඔවුන් හිතන්න ඇති එහෙම විවේචනය කරලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ආගම දහම, ඉතිහාසය විකෘති වුණාට කමක් නැහැ කියලා.
* ඔබ කෙටිකතාකරණයට යොමු වුණේ සිනමාවෙන් කියාගන්න බැරිවුණු දේ එමඟින්වත් ප්‍රකාශ කරන්න ද?
එක අතකට ‘ඔව්’ කියලා කියන්න පුළුවන්. මගේ පරිකල්පනය මෙහෙයවෙන්නේ රූපයෙන්ම තමයි. තිරනාටකයක් ලියද්දි වුණත් සිද්ධ වෙන්නේ ඒ රූපමය සංකල්ප වචනවලට පෙරළීමක්. සිනමාවේදී ඒක යළි රූපයට නැංවෙනවා.
\සිනමානුරූපීව මැවෙන රූප සිනමාකරුවකුට තරම් අපුර්වත්වයකින් සාහිත්‍යකරුවකුට මැවේයැයි මා සිතන්නේ නැහැ. සිනමාකරුවන්ගේ සංකල්ප රූප හුඟක් ප්‍රබලයි. අනික මගේ කෙටිකතා සාම්ප්‍රදායික කෙටිකතා නෙමෙයි. ඒවා යථාර්ථයට එහා ගිය කෙටිකතා.
සුනිල් මිහිඳුකුල
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්
කොටු පැනීම
සුද්දා මුළු රටටම කොඩිය දැම්මේ 1815 දීය. එතනින් එහාට සිදුවූ හැම දෙයක්ම මිනිහ කළ ඒවා වන්නේය. එක්දහස් අටසිය ගණන්වල අග, සුද්දා ලංකාවේ නගර හදන්නට පටන්ගත්තේය. ඒ, එවකට සුද්දාට අයිති හැම කොලනියකටම ෙපාදු වූ Grid - iron පැටන් එකටය. ඒ කියන්නේ; කොටුරූල් පොතක කොටු විදියටය. කොට්ට ඇතුළේ බිල්ඩින් තියනවාය. කොට්ට වටේ පාරවල් තියනවාය. පාරවල් දිගට කානු තියනවාය. සුද්දා කෙළින් මිනිහාය. ඒ මිනිහගේ වොයිස් එකය.
1920 වෙන විට එයැයිට ලෝකෙ හතර දිප්බාගෙම ඉඩන් කඩන් තිබුණේය. ඒ හැම එකක්ම කොට්ටා කාරවිය. ආසියාතික අපි ඉතින් රාමුවල හිරවෙන්නට කැමති අය නොවීමු. ඒ නිසා සුද්දාගේ පැටන් අපිට දිරෙව්වේ නැත. කොටු පැනීම සිදුවූයේ ඒ නිසාය.
මුලින්ම කොටු පැන්නේ, ඉන්දියාවය. ඒ විසිවැනි ශතවර්ෂ ආරම්භයේදීමය. ඊට පස්සේ අපිය. අපි පනින විටම වාගේ ඕලන්දක්කාරයන්නට අයිතිව උන් ඉන්දුනීසියාව ද පැන්නේය. මේ සියලු රටවලට පොදු වූ කාරණයක් තිබිණි. එකක්, අධිකව වර්ධනය වෙමින් පැවති නාගරික දිළිඳු ජනගහනයයි. අනෙක විධිමත් නාගරීකරණයයි. සාම්ප්‍රදායික රාමුවෙන් පිටපැනීම නිසා ඉන්දියාවේත් ඉන්දුනීසියාවේත් ශ්‍රී ලංකාවේත් ප්‍රධාන නගරවල දිගට හරහට “හායි-හූයි” කියා පැල්පත් ඉදිවෙන්නට පටන් ගත්තේය. ප්‍රධාන මංමාවත් දිගට බිල්ඩින් තැනුනේය. ඒ නිසා රට සංවර්ධනය වූයේ “පාරදිගේ” ය. දැන් ඒකට කියන්නේ Ribbon Development කියාය.
සුද්දාගේ කීමට පිටින් නොයමින් සුද්දාගේ හිත නොබිඳිමින් අදටත් කොටුව ඇතුළේම ඉන්න රටවල් තිබේ. මැලේසියාව ඉන් එකකි. එයාලට එහෙම “ඔබීඩියන්ට්” වෙන්නට හැකි වූයේ ජනගහනය අඩු වීමත්, ඕනතරන් ඉඩකඩන් තිබීමත් නිසාය.
අපිව රාමුවකට කොටුකර තබන්නට හිතූ පරසුද්දාට හොඳ වැඩේය. අපි ආර්ය රුධිරය සහිත අභිමානවත් ප්‍රතාපවත් නිදහස් ජාතීන්ය.
ඒත් වැඩේ කියන්නේ... සුද්දාගේ ශ්‍රී පැටන් එකෙන් පිටපැන අපේම අනන්‍යතාවක් සහිත නාගරික පැටන් එකක් තෝරා ගත්තද? සියලු ටවුන්වල වැහි වතුර කානු පද්ධති අදටත් තියෙන්නේ සුද්දාගේ පැටන් එකට අනුව වීමය. මේ නිසා පොඩ්ඩක් වැස්සත් ටවුම යට වෙන්නේය. බොරු නම් වැහි දවසට නුවර ටවුමට ගිහින් බලන්නය.
මොනවා වුණත් අපි ආර්ය රුධිරය සහිත අභිමානවත් ප්‍රතාපවත් නිදහස් ජාතීන්ය. අපිව කොටුකර තබන්නට සුද්දාට කවදාවත් බැරිය
මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ කිරි ගවයින් 40,000ක් මස් කඩේට
ජාතික වනෝද්‍යානයක් තුළට නිසි අවසරයක් සහිතව ඇතුළුවන ඕනෑම කෙනකුගේ මූලික අභිලාෂය වන්නේ එහි නිදහසේ සැරිසරන වන සතුන්ගේ අසිරිමත් හැසිරීම් රටා දැක බලා ගැනීමය. නෙක විසිතුරු ස්‌වාභාවික පරිසර පද්ධතියක නිහඬ නිස්‌කාංසුව මදකට හෝ අත්විඳීමය. එය පරිසර හිතකාමී බොහෝ දෙනෙක් තුළ පහළ වන පොදු හැඟීමක් බඳුය.
පසුගිය දින මාධ්‍ය මගින් වාර්තා වූ පුවතකින් කියවී තිබුණේ ජාතික වනෝද්‍යානයක් සම්බන්ධව වෙනස්‌ම ආකාරයේ තොරතුරක්a ය. එහි සඳහන්ව තිබූ පුවතට අනුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටි කිරිගවයන්ගේ හිමිකරුවන්a නීතිය හමුවට පැමිණවීමත් ගව පට්‌ටි වනෝද්‍යානය තුළින් පිට කිරීමත් හේතුවෙන් කිරි ගවයන් පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් මස්‌කඩ වෙත අලෙවි කරමින් පවතින බවය. එතැනදී "මස්" බවට පත්වන කිරි ගවයන්ගේ දිවි ගමන ඉන්a නිමාවට පත්වීමේ අවදානමක් පවතින බවත් ය.
එය බොහෝ දෙදෙනකුගේ හද කම්පා කරවනසුලු පුවතක් විය. ඒත් සමඟම ඒ සම්බන්ධව බොහෝ දෙනෙක් තුළ පැනයක් ද මතු විය. එය නම් මාදුරුඔය ජාතික වනෝද්‍යානය යනු සතා සීපාවුන් සඳහා වෙන්වූ අභයභූමියක් ද නැතහොත් ගෘහාශ්‍රිතව ජීවත් වන කිරි ගව පාලනය සඳහා වෙන් කරන ලද වෙනස්‌ම ආකාරයේ "උද්‍යානයක්" පමණක් ද යන්නය.
මාධ්‍ය මගින් වාර්තා කර තිබූ ආකාරයට වනජීවී දෙපාර්තමේන්තුව විසින් මාදුරුඔය ජාතික වනෝද්‍යාන භූමිය තුළට අනවසරයෙන් ඇතුල්කොට කිරි ගවයන් ඉන් පිට කිරීමේ මෙහෙයුම් මේ වන විට ද සිදු කරන අතර ගව හිමියන් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඊට දඬුවම් පවා ලබා දෙමින් ඇත. වනජීවී දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළිවන්නේ අභයභූමිය තුළට අනවසරයෙන් ඇතුල්කොට ඇති ගවයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් පනස්‌දහසත් හැත්තෑ දහසත් අතර අගයක් ගන්නා බවත් ය.
දිගු කලක් මුළුල්ලේ කිරි ගවයන් වනජීවී කලාප තුළට නීතිවිරෝධී අයුරින් ඇතුල් කිරීමත්, එසේ කරන ලද ගවයන් ඉන් පිටකර හැරීමත් සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ගන්නා ලද උත්සාහයන්, ඒවා අසාර්ථක වීමට මෙතෙක් බලපෑ හේතූන්, ඒ හරහා මෙතෙක් හෙළිදරව් නොවූ රහස්, මාදුරුඔය සිදුවීමත් සමඟ කරළියට පැමිණෙමින් තිබෙන අතර එය මුල, මැද, අග, හැකිතාක් දුරට නිවැරැදිව ගලපමින් කළ යුතුව ඇති හෙළිදරව්වක් බඳුය.
කොතෙක් නීති අණපනත්a පැවතියද අප ජීවත් වෙමින් සිටින්නේ ඇතමුන් විසින් "අවනීතිය ද"නීතියක් බවට පත් කර ගෙන ඇති රටකය. මෙතෙක් මාදුරුඔය වනෝද්‍යානයේ අඳුරු අහුමුළු තුළ පමණක් නොව එළිපිටම දොaංකාර දී ඇත්තේ ඉහත සඳහන් කළ අවනීතියේ ඉහිළුම් නොදෙන සුළු හඬය. ලැඡ්ජාවට කාරණයවී ඇත්තේ එය දේශපාලන කටහඬකින් නිකුත් වී තිබීමය. එය ද ගහකොළ සතා සීපාවුන් භාරව සිටි උත්තමයකුගේ වීම ලැඡ්ජා දෙගුණ තෙගුණ කරනසුළු විය. අවංකව රාජකාරියේ නිරතවීමේ "බෝනස්" ලෙස වැඩ තහනමට, සේවා මාරුවට බියෙන් මුළුගැන්වී සිටි වනජීවියේ මහත්වරු මෑතකදී සිදුවූ "බල පෙරළිය" හේතුවෙන් මේ වන විට සිටින්නේ ප්‍රාණයක් ලද මිනිසුන් බවට පත්වෙමින්ය. හෙළිදරව් වන තොරතුරුවලට අනුව දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන් නැවතත් රාජකාරියට දායක වෙමින්ය. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ මාදුරුඔය ජාතික වනෝද්‍යානය නැවත වතාවක් වන සතුන්ට උරුම කර දීමේ වෑයමකය.
වනජීවී පනතට අනුව රටේ කුමන හෝ ජාතික වනෝද්‍යානයක් තුළට ගෘහාශ්‍රිත සතුන් එසේත් නැත්නම් හීලෑ කරන ලද සතුන් ඇතුල්කිරීම, රැගෙන යැම නීතියෙන් තහනම්ය. එය දඬුවම් ලැබිය හැකි වරදක්‌ය. සතෙකු පමණක් නොව කුඩා පැළෑටියක තරමේ දෙයක්‌වත් අනවසරයෙන් රැගෙන යැමට කිසිවකුට අවසර නැත්තේ කාරණා කීපයක් හේතුවෙන්ය. ඒ තුළින් වනයේ සරන සතෙකුට හෝ පරිසරයට යම් හානියක් වේ නම් එය අවම කිරීමේ අදහසින්ය. එබැවින් වනජීවී කලාපයකට ඇතුල් වීම, ඉන් පිටවීම පවා සිදු කළ යුතුව ඇත්තේ නිසි අවසරයක් සහිතවය. ඒ සඳහා මාර්ගෝපදේශන සේවයක් ද වනජීවී දෙපාර්තමේන්තුව මගින් සපයන්නේය.
රටේ අනෙකුත් ජාතික වනෝද්‍යානයන් තුළ අඩු වැඩි වශයෙන් ද මාදුරුඔය ජාතික වනෝද්‍යානය කිරි ගවයන්ට ගිය උද්‍යානයක් බවට පත් වන්නේ ද මේ කියන නියමයන්ට පරිබාහිරවය. මාදුරුඔය අලි ඇතුන් බහුලව ගම්වදින්නට ගත්තොත් අනෙක් වන සතුන් හට අධිකව බඩගිනි දැනෙන්නේත් අවසානයේ මාදුරුඔය කිරි ගවයන්ගේ බිමක්a පමණක් බවට පත් වන්නේත් එතැන් සිටය.
ජාතික වනෝද්‍යාන තුළට නීතිවිරෝධී අයුරින් ගවයන් ඇතුල් කිරීම කලක පටන් සිදුවන්නේය. ගව හිමියන්ගේ බලපුළුවන්කාරකම් දේශපාලන දැන හැඳුනුම්කම් සහ කලාතුරකින් හමුවන දූෂිත නිලධාරීන්ගේ කැමැත්ත මත සිදුවන මෙවැනි විපත්වලින් පරිසරය සහ පරිසරයේම කොටසක් වන වන සතුන් බේරා ගැනීම පිණිස රාජකාරිය දේවකාරිය සේ සලකන නිලධාරීන් එදත් අදත් නිරන්තර අරගලයකය. බොහෝ විට එවැනි දේ සීමා කිරීමට ඔවුන් සමත් වුවත් මුළුමනින් නතර කර දැමීම පහසු කාර්යයක් නොවීය. එසේ කිරීමට උත්සාහ කළ ඇතැමෙක් ගෙදරම ගොස් නතර වූ අතර ඇතැමෙක් ස්‌ථාන මාරුවීමකින් හෝ වෙනත් කුමන හෝ කරුණකින් බැට කන ලදී. මාදුරුඔයට දහස් ගණනින් යුත් ගව පට්‌ටි ඇතුළු කිරීම ආරම්භ වන්නේද ඔය කියන වටපිටාව තුළය. ඒ මීට වසර දෙක තුනකට එපිටය. ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලන හස්‌තයක් තිරය පිටුපස විය. බිය වැද්දීම්, තර්ජනය කිරීම් හමුවේ වනයත් එහි ඇති අසිරියත් රැක ගැනීම පිණිස දිවා රෑ වෙහෙසෙන වනජීවී නිලධාරීන් නිහඬ කරවන්නේද ඔය කියන ලද දේaශපාලන හස්‌තය විසින්ය.
ඇමැතිවරයා යනු දේශපාලන සත්ත්වයකු බැවින්ද ඔහුට මැතිවරණ ජයග්‍රහණ සඳහා "මනාපය" අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින් ද හෙළිදරව් වන ආකාරයට මාදුරුඔය වනෝද්‍යානය වටා ඇති අලි වැට හෙවත් විදුලි වැට ඈත් මෑත් කර කිsරි ගවයන් රක්‍ෂිතය වෙත දක්‌කනු ලබන්නේ ඔහුගේ අණට බය පක්‍ෂපාත ඔහුගේම ගෝලයන් විසින්ය.
එතැන් සිට සිදුවන දෑ පැවසීමට මාදුරුඔය ඇතුළු රටේ විවිධ ප්‍රදේශයන්හි වනජීවී අත්දැකීම් සහිත පුද්ගලයකු ඉදිරිපත් වූ අතර තමන්a ඇතුළු අනෙකුත් සහෝදර නිලධාරීන් ලබා ඇති අත්දැකීම් ඇසුරෙන් ඔහු ඉතිරිය පවසන්නට විය.
"හරක් අයිතිකාරයෝ කරන්නේ විවිධ සම්බන්ධකම් හදාගෙන ඔයවිදියට තමන්ගේ පට්‌ටිය අභයභූමි තුළට ඇතුල් කරන එක. බොහොමයක් අභයභූමිවල වැවෙන "අලි මානා" ගවයන්ට හොඳ ආහාරයක් (අලි මාන යනු තෘණ විශේෂයකි) කැලේ ජීවත්වන අලියට. කොළ ජාති ආහාරයට ගන්න වෙනත් සතුන්ට කන්න ඉබේ වැවෙන අලිමාන ටික හරක් කන්න ගත්තට පස්‌සේ කැලේ සත්තුන්ට ආහාර නැතිව යනව. අලිය අලි මාන, කෑවට හොඬවැලට අහු නොවෙන ටික ඉතුරු වෙනව. හරක් උලා කනකොට එහෙම ඉතිරි වෙන්න දෙයක් නෑ. එක පට්‌ටියේ තුන් හාර සීය ඉන්න හරක් මුළු පළාතෙම තියෙන අලි මානා කන්න ගන්නව. විශාල පට්‌ටි කැලේ සැරි සරන කොට උන්ගේ කුරවලට පස බුරුල්වෙලා පාංශු ඛාදනය ඇති වෙනව ගොම ගව මුත්‍රා හේතුවෙන් පරිසරය විනාශ වෙන්න ගන්නව. ඊට අමතරව වන සතුන්ගේ නිදහස් ජීවන රටාව උන්ට අහිමි වෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. කැලේට හරක් දක්‌කන මිනිස්‌සු කරන්නේ හරක් ටික එක්‌කම කැලේට ඇවිල්ල ඒ අය "වාඩි" ගහගන්නව. මේ පට්‌ටිවල ඉන්න ගවයන්ට වගේම ඒ මිනිස්‌සුන්ටත් කැලය හොඳට හුරුයි. ඔහොම සති ගණන්, මාස ගණන් කැලේට වෙලා ඉන්නකොට කැලේ ඉන්න කුළු හරක් පට්‌ටියෙ ඉන්න මී දෙනුන් සමග පට්‌ටි වැටෙන්න ගාලට ළං වෙනවා. එහෙම ළං වුණ ගමන්ම හරක් බලන මිනිස්‌සු කරන්නේ "ගාලෙ" කඩුල්ල වහල කුළු හරක්‌ව මෙල්ල කරන එක. ඒකට හරක් බලන මිනිස්‌සු උපන්ගෙයි දක්‍ෂයෝ. කුළු හරකගේ පස්‌ස ගාතයට කකුල තියල ඌව මෙල්ල කරන්න මේ අය දක්‍ෂයෝ. ඒකට පට්‌ටියේ ඉන්න ගවයන්ගෙන් ප්‍රයෝජන ගන්නව. ඒකට පුරුදු පුහුණු කරපු හීලෑ ගවයෝ ඔය කියන පට්‌ටියෙම ඉන්නව. එහෙම මෙල්ල කරන කුළු හරක්‌ව කඹ දාලා බැඳලා දවස් හය හත වතුර ටිකක්‌වත් නැතුව ගැටගහල තියෙන කොට බඩගින්නට පිපාසයට උන්ම අඩපන වෙන්න ගන්නවා.
ඊට පස්‌සේ මේ අය කරන්නේ උන්ව හණ ගහන එක. එහෙම හණ ගහල අලුත් මස වැහෙන්න අළු ගහනව. දැන් කුළු හරකත් පේන්නේ ගව පට්‌ටියෙම ගවයෙක් විදියට. එහෙම කරන කුළු හරක්‌ව ඊළඟට කරන්නෙ මස් කඩයට විකුණන එක. එක කුළු හරකෙක්‌ව රුපියල් තිස් හතළිස් දාහට විකුණනව. එහෙම කරන්න ඕන හින්ද තමයි මෙල්ල කරපු හැටියෙම හණ ගහන්නේ. ඒ දවස්‌වල වන ජීවියෙන්a මේව නතර කරන්න කොච්චර උත්සාහ කළත් ඒවට ඉඩ ලැබෙන්නේ නෑ. මේ දේවල් කොහොම හරි වෙනව."
"අනික තමයි නීතිය ක්‍රියාත්මක කරල වන ජීවියෙන් රක්‍ෂිත ඇතුළේ ඉන්න හරක්‌ව එළියට දැම්මෙ නැතත් ගවයන්ගේ අයිතිකාරයෝ පට්‌ටියෙ ඉන්න තෝරාගත් ගවයන්ව මස් කඩේට විකුණනව. සාමාන්‍යයෙන් පැටව් බෝ කරන්න ගව පට්‌ටියක පිරිමි සත්තු දෙතුන් දෙනෙක් හිටියාම ඇති. ඒත් පට්‌ටියක් ගත්තම පිරිමි සත්තු ඕන තරම් ඉන්නව. වනජීවියෙන් එළියට දැම්මත් නොදැම්මත් උන්ගේ ජීවිතය නිමා වෙන්නේ මස් කඩෙන්."
"ගව පට්‌ටි අභයභූමි ඇතුළේ ගාල් කිරීම හේතුවෙන් පරිසරයට තවත් ලොකුම හානියක් වෙනව. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අලි මාන කිsයන්නේ ඉබේ වැවිල ඉබේම විනාශ වෙන තෘණ වර්ගයකට. මේකට ගිනි තිබ්බොත් බටගාලට ගිනි ඇවිළුණා වගෙයි මුළු පළාතෙම තියෙන අලිමාන දැවිල පිච්චිල යනව. අලිමාන ආපසු වැඩෙන්න නම් පුච්චන්න ඕන. කැලේට වෙලා ගව පට්‌ටි බලාගන්න මිනිස්‌සු කරන්නේ ඉවක් බවක් නැතිව මේව පුච්චන එක. එහෙම පිච්චුනාම එක සීරුවට ආපහු අලි මාන වැවෙන්න ගන්නව. ඒ දල්ල ගවයන්ට හොඳකෑමක්. හැබැයි ඒකෙන් පරිසරයට වෙන හානිය ඉවරයක් නැ. කුඩා කුඩා සතුන් වර්ග විශාල ප්‍රමාණයක්, සර්පයන්, ඉබ්බං වර්ග රාශියක් කුරුල්ලන්, කුරුලු බිත්තර විශාල වශයෙන් මේ ගින්නෙන් විනාශ වෙන්න ගන්නව. කැලේ ජීවත් වෙන සතුන්ට කෑම නැතිවෙනවා. අලි ගම් වදින්න ගන්නව. මිනිස්‌සු කරන විනාශ හින්ද පරිසර පද්ධතියම විනාශවීම හේතුවෙන් දිනෙන් දින ඒවායේ තියෙන වටිනාකම් නැති වෙන්න ගන්නව. මේ දේවල් නතර කරන්න උත්සාහ කරන නිලධාරීන් විවිධ පීඩනයන්ට ලක්‌වෙන හින්දා ඒ අයට කරන්න දෙයක් නැති හින්ද මේව දිගින් දිගටම වෙන්න ගත්ත".
ඔය අතරේ වන සතුන් දඩයමට ලක්‌වෙනවා. එන්න එන්නම මේ තත්ත්වය ඉහළ යද්දී තමයි වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විට නීතිවිරෝධී ලෙස අභයභමි වල ගාල් කරගෙන ඉන්න කිරිගව පට්‌ටි එළියට දාන්න මෙහෙයුම් ආරම්භ කරල තියෙන්නේ. මෙච්චර කාලයක් දේශපාලන බලපුළුවන්කාරකම හින්ද ඒ දේවල් හරිහැටි කෙරුණේ නෑ.
"අභයභූමි ආරක්‍ෂා කිරීම, ඒව මතු පරපුර වෙනුවෙන් රැක බලාගැනීම වනජීවීයේ වගකීමක්. මේව දකින ඇතැම් අය චෝදනා කරන්න පුළුවන් වනජීවී මහත්වරුන් මේවට හවුල් කියල. එහෙම නිලධාරීත් නැතුව නෙමෙයි. දේශපාලන හයියත් එක්‌ක ඇතැම් වනජීවී නිලධාරීන් ඇතැම්විට මේ අපරාධවලට හවුල් වෙනව ඇති. හැබැයි බහුතරයක් එහෙම නෙවෙයි. ඒ අය රාජකාරිය හරියට කරන්න උත්සාහ ගත්ත. හැබැයි ඒක හරියට කරගන්න බැරි වුණා. අන්තිමට වුණේ වන සතුන් ආරක්‍ෂා කරගන්නව වෙනුවට ඒ අයගේ රස්‌සාව ආරක්‍ෂා කරගත්ත වෙච්ච එක විතරයි.
කලක් අභයභමි තුළට ගවපට්‌ටි ඇතුල් කිරීම අවම කිරීමේ අරමුණින් ඉන් පිටත සීමාවේ තෘණ භූමි ඇති කිරීමට බලධාරින් උත්සාහ ගෙන ඇතත් එය ගඟට ඉනි කැපුවා වගෙයි. ගව හිමියන් විසින් ගව පට්‌ටි සම්බන්ධව නිවැරැදි තොරතුරු ලබා නොදීම හේතුවෙන් ප්‍රමාණවත් වපසරියකින් යුත් තණබිම් සැකසීමට අපහසු වීම එයට හේතුව වී ඇත. වනජීවී නිලධාරීන් පවසන්නේ එය ගව හිමියන්ගේ උපක්‍රමයක් බවයි. ගවයන් අභයභූමි තුළ ගාල් කිරීමෙන් ලැබෙන අමතර වාසි නොලැබී යැම එයට හේතුව වී ඇති බව වනජීවී නිලධාරීන්ගේ මතය වී ඇත.
මේ වන විට මාදුරුඔයෙන් හෙළිදරව් වෙමින් පවතින්නේ මෙතෙක් කල් නීතිය "අවනීතියක්" බවට පත් කරගත් ඇතැම් ගව හිමියන්ගේ කැත හිරිකිත නිරුවතය. ජාතික වනෝද්‍යානයක් යනු කිරි ගව පාලනය සඳහාවත් ඒ මුවාවෙන් වෙන වෙනත් ජාවාරම් සඳහාවත් වෙන් කරන ලද භූමියක් නොවන අතර එය වන සතුන් නිදහසේ සැරිසරන පාරාදීසයක් විය යුතුය. දැන් සිදුවෙමින් ඇත්තේ අභයභූමි තුළට ගෘහාශ්‍රිත සතුන් ඇතුළත් කිරීමෙන් සිදුවන පාරිසරික හානි අවම කරවීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම සිදු කළ යුතු මෙහෙයුම්ය. සංඛ්‍යා ලේඛන සහිතව රටට හෙළිදරව් වෙමින් පවතින්නේ මෙතෙක් කලක් සිදු කොට ඇති වරදේa බරපතළකමය.
මාදුරුඔය ජාතික වනෝද්‍යනය යනු ජාතිය සතු සම්පතක් බැවින් එය ආරක්‍ෂා කිරීම අදාළ නිලධාරීන්ගෙන් මෙන්ම ආයතනවල ද වගකීම වන්නේය. මේ වන විට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක වෙමින් පවතී. එය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රාජකාරිය වී ඇත. ඔවුන්ගේ වගකීම වී ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් වනජීවී කලාපයට ඇතුල් කොට ඇති ගව පට්‌ටි ඉන් පිටත් කොට එහි ඇති පාරිසරික වටිනාකම ආරක්‍ෂා කරදීමය. ඉන් අනතුරුව ගව පට්‌ටි හෝ ගව හිමියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු සම්බන්ධව වනජීවියට "ගැටලුවක්" නැත.
තමන්ගේ රාජකාරි භූමි සීමාවෙන් ගෘහාශ්‍රිතව ඇති කරන ලද ගවයන් පිට කිරීමෙන් අනතුරුව වෙනත් පිරිසක් විසින් උන් රැගෙන යන්නේ "මසටද" අලෙවි වන්නේ කුමන මිලකටද එලෙස පිට කරන ලද ගව පට්‌ටිවලට අයත් ගවයන් කොපමණ ප්‍රමාණයකට "මරණය" හිමිවේද යන්න සොයා බැලිය යුත්තේ පොලිසිය සමග එක්‌ව කිරිගව පාලනයට සම්බන්ධ ආයතන මිස වනජීවී දෙපාර්තමේන්තුව නොවිය යුතුය. සැලසුම් සහගතව අභයභූමි වෙත ඇතුල් කරන ලද ගව පට්‌ටි යොදා ගන්නේ කිරිගව පාලනය සඳහා පමණක්‌ම ද වෙනත් කාරනාත් එයට අදාළ ද යන්න සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීම ජාතික වගකීමක් විය යුත්තේත් මේ වන විට එය ක්‍රියාවට නැඟෙමින් පැවතීම අගය කළ යුතුව ඇත්තේත් අනාගත යහපත පිණිසය. එසේ නොවන්නේ නම් අනාගතයේදී ජාතික වනෝද්‍යානයක් තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට දැක ගැනීමට ලැබෙන්නේ හේඩෑව ගිය වනෝද්‍යාන තුළ උලාකන කේඩෑරිව ගිය ගවයන් රංචු පමණය.
රුවන් ජයවර්ධන
අමාලි සරසවියෙන මරුතුරුළට රැගෙන ගියේ නවකවදයද?
හදිසි අනතුරු, යෞවන වයසේ පුද්ගල සියදිවි හානිකර ගැනීම් සහ අකාලයේ මියපරලොව යන වටිනා ජීවිත ගැන අපට ඕනෑ තරම් අසන්නට ලැබේ. දිනපතා පළවන පුවත්පතක එවැනි තොරතුරු නොමැති පුවත්පතක් සෙවීම හරියට කිසාගෝතමිය නොමළ ගෙයකින් අබ මිටක් සොයාගියා වැන්නකි. එවැනි පසුබිමක පසුගිය සතියේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගත් අමාලි චතුරිකාගේ මරණය බොහෝ දෙනාගේ කතාබහට ලක්‌වූ විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්වූ බව පෙනුණි. එය එසේ වූයේ ඇය සරසවි ශිෂ්‍යාවක නිසාම නොවේ. ඇගේ සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් බව සැක කෙරෙන හේතූන් සහ ඊට පරස්‌පර විරෝධී හේතු කාරණා විවිධ පාර්ශ්ව මගින් දැන් දැන් හෙළිවෙමින් තිබෙන බැවිනි.
අමාලි චතුරිකා තමන්ගේ ජීවිතය තොරකර ගැනීමේ මේ දැඩි තීරණයට එළැඹෙන්නේ සබරගමුව සරසවියේ ව්‍යවහාර විද්‍යා පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යාවකව සිටියදීය. ඉකුත් 17 වැනිදා පෙරවරුවේ ඇය මේ විනාශය කරගන්නා විට නිවසේ කිසිවකුත් නොසිට තිබේ. ඒ වන විට ඇගේ මව වසන්ති ඇල්විටිගල රැකියාවට පිටත්ව ගොසිනි. තමන්ගේ දියණිය මීට පෙර අවස්‌ථා දෙකකදීම සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව කියන ඇය අමාලිගේ මරණය සම්බන්ධයෙන් මේ කියන කතාව මේ සිද්ධිය හා බැඳි එක් පැතිකඩක් හෙළි කරන්නකි.

දුව කැම්පස් එකේ "රැග්" එක නිසා කැම්පස් ගිය දවසෙ ඉඳන් ගොඩක් දුකින් හිටියෙ. එයාගෙ ඉස්‌කෝලෙම යාළුවෙක් මැදිහත්වෙලා දිගින් දිගටම එයාට රැග් කරනවා කියල දුව නිතර කිව්වා. ඒ ළමයි දෙන්නත් දුවත් එක්‌කම එකම පන්තියෙ ඉගෙන ගත්ත අය. සමහර දවස්‌වලට මේ නිසා එයාට ආයෙත් කැම්පස් යන්න බෑ කියල කිව්ව. ඒ තරමට දුවට කැම්පස් එක ගැන කලකිරිල තිබුණේ. සමහර විට දුව මට කීව දේට වඩා ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන ඇහුවත් මොන හේතුවක් නිසාද මන්දා මට ඒවා හෙළිකළේ නැත්තෙ. අඩුම ගානෙ අනිත් ළමයි එක්‌ක කතා කරන්නවත් දෙන්නෙ නැතිව දුවව කොන් කරලයි තිබුණෙ. මේ ප්‍රශ්න නිසා වෙනත් විශ්වවිද්‍යාලයකට යන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලීමක් කළත් ඒකටත් ඉඩ ලැබුණෙ නෑ. මම කිව්වා දුවට කැම්පස් යන්න බැරි නම් ගෙදර ඉන්න කියල. ඒත් එයාට කොහොම හරි උපාධිය කරගන්න ඕන ආසාව තිබුණා.
අමාලිගේ මව එසේ කීවේ දියණියගේ මරණයට විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවක් වූ බව හඟවමිනි.
චතුරිකාට පැමිණි මේ කරදර නිසා ඇය විශ්වවිද්‍යාලයේ නේවා සිකව නොතබා අසල නිවසක නතර කිරීමටද මේ මව පියවර ගෙන තිබේ. ඒ අතරතුරදී ඇයට නවකවදය දෙන බවට කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයෙන් පරීක්‍ෂණයක්‌ද පවත්වා ඇත. නමුත් චතුරිකාගේ මවගේ ඉල්ලීම පරිදි එම පරීක්‍ෂණයද නවතා දමා තිබේ. ඇයද එවැන්නක් සිදුවූ බව පිළිගන්නීය.
නමුත් මේ කතාවේ අනෙක් පැතිකඩ නම් සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති සහ උපකුලපතිවරයා මාධ්‍යයට අමාලි චතුරිකා ශිෂ්‍යාව සම්බන්ධව කර ඇති හෙළිදරව් කිරීමය. එම තොරතුරුවලට අනුව අමාලි චතුරිකා කලක සිට මානසික ආතතියෙන් පීඩා විඳි ශිෂ්‍යාවකි. එම රෝගය නිසා ඇය විශ්වවිද්‍යාලයේ උපදේශක සේවාවන්ටද යොමුකර ඇත. රෝගී තත්ත්වය නිසා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුද ඇයට අතපසුව තිබෙන අතර ඒ නිසා නැවත වරක් පළමු වසරේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමටද ඇයට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් අවසර ලැබී තිබේ. සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය උදය රත්නායක මේ සම්බන්ධයෙන් හෙළිකරන තොරතුරු වැදගත්ය.
"ඔය ළමයා විශ්වවිද්‍යාලයට ආවේ ගිය වසරේ නේවාසිකාගාරයේදී මෙයා අමුතු විදියට හැසිරෙන්න පටන් අරගෙන තියනවා. මේ ගැන වාර්තා වුණාට පස්‌සේ ළමයගෙ අම්මා ගෙන්නල ගෙදර යෑව්වා. පස්‌සේ බෙහෙත් කරල හොඳවෙලා නැවත ආවා. ඔය විදියට කීප වාරයකදීම ආව ගියා. මේ ශිෂ්‍යාව ආව මුල් දවස්‌වල එක එක ප්‍රශ්න හදාගත්තා. සමහර අවස්‌ථාවලදී ඒ ගැන කියන දේ එකිනෙකට පරස්‌පරයි. ගැලපෙන්නෙ නෑ. මේ තත්ත්වය නවකවදය නිසා ඇතිවුණ දෙයක්‌ද කියල බලන්න අපි පරීක්‍ෂණයක් සිදුකළා. ඒත් ඇගේ මවගේ ඉල්ලීම මත ඒ පරීක්‍ෂණය අතරමඟ නතර කළා. මවගේ ඉල්ලීම වුණේ මෙතනින් එහාට පරීක්‍ෂණ අවශ්‍ය නෑ. ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය හදල දෙන්න කියල. ඒ සිද්ධියෙන් පස්‌සෙ කිසිම පැමිණිල්ලක් ලැබුණෙ නෑ. නමුත් ලෙඩ නිසා රෑට පාඩම් කරන්න බෑ කියල වසරක නිවාඩු අයෑදුම් කර තිබුණා. මේ සිද්ධිය වෙනකොට මේ ශිෂ්‍යාව නිවාඩු ගෙන හිsටියෙ.
මහාචාර්ය උදය රත්නායක හෙළිකර ඇති මේ තොරතුරුවලට අනුව අමාලි චතුරිකා විශ්වවිද්‍යාලයට පැමිණි කාලයේ පටන්ම ඇය මානසික ආතතිය රෝගයෙන් පීඩා විඳ තිබේ. නමුත් ඇය මේ රෝගයට ගොදුරු වීමට ලක්‌වූයේ නවකවදය නිසාද නැත්නම් ඊට පෙර සිටම ඇය එම රෝගයෙන් පෙළුණේදැයි මේ කිසිදු ප්‍රකාශයකින් ගම්‍ය නොවේ. ඇය සියදිවි හානිකර ගන්නා දිනයේද එයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුබෝවිල රෝහලට යායුතුව තිබූ බව චතුරිකාගේ මව ප්‍රකාශ කරන්නීය.
එයා රැග් එකට අහුවුණා කියලා පසුගිය අවුරුද්දෙ විශ්වවිද්‍යාලෙ යන එක අත්හරින්න උත්සාහ කළා. පස්‌සෙ මානසික පීඩාවට දිගටම බේත් ගත්තා. මරණය සිද්ධ වුණ දා උදේ ක්‌ලිනික් යන්න හිටියෙ. එයාට තව පොඩ්ඩක් ඩොක්‌ටර් එක්‌ක කතා කරන්න ඕන කියල තිබුණා.
එසේ ප්‍රකාශ කරන්නේ චතුරිකාගේ මවයි. කුඩා කාලයේදීම පිය සෙනෙහස අහිමිවන මේ දියණියව ඉතා දුක් මහන්සියෙන් උගන්වා ලොකු මහත් කර ඇත්තේ ඇගේ සවි ශක්‌තියෙනි. කොට්‌ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇය සරසවි වරම් ලබන්නේ දේවි බාලිකාවෙන් උසස් පෙළ හදාරමිනි. තමන්ගෙ තනි නොතනියට සිටි මවගෙ සිහින බලාපොරොත්තුද ඇය මතුදාක රැකබලා ගැනීමේ වුවමනාවද චතුරිකාට නොතිබුණා නොවේ. එහෙත් ඒ සිහින පවුරු එක මොහොතකදී බිඳින ඇය තම මවද මෙලොව තනිකර දමා සියදිවි හානිකර ගනී. ඒ ඇගේ අවසන් කැමැත්ත ලෙස මෙලෙස ලිපියක්‌ද ලියා තබමිනි.
"මගේ මිනිය පුච්චන්න. පුළුවන්නම් බොරැල්ල කනත්තෙදි. ඒ තමයි අදටත් මම දේවි මාතාවට ආදරේ නිසා. ඒ ආසන්නයෙ වළලන්න ඇති කැමැත්ත. මගේ මේ පොත් සේරම මගේ මිනියත් එක්‌ක පුච්චන්න. මගේ ලැප් එකයි, ටැබ් එකයි, ෙµdaන් එකයි තරින්දට දෙන්න. මගේ පොත්වල තියන සල්ලි වලින් අවසන් කටයුතු චාමෙට කරන්න. කිසිම සබරගමුව කැම්පස් එකේ ළමයෙක්aට මගේ අවමංගල්‍යයට සහභාගි නොවන ලෙස තරයේ ඉල්ලා සිටිනවා. මට කිසියම් උරුමයක් තියෙනවා නම් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න.
එසේ ලියා තැබූ ඇය තමන්ගේම සාරිය ගෙල වැලලාගෙන මියගොස් තිබේ. සබරගමු සරසවි සිසුන්ට අවමංගල්‍යයට සහභාගි නොවන ලෙස කර ඇති ප්‍රකාශය ඇය එම විශ්වවිද්‍යාල සිසුන් සමග දැඩි පිළිකුලකින් පසු වූ අයුරු සනාථ වන කරුණකි. යම් හෙයකින් ඇය සියදිවි හානිකර ගත්තේ මෙම කරුණ නිසාම නම් යළිත් එයින් හෙළිවන්නෙ මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ නිරුවත් කමයි. මේ ක්‍රමය තුළ විශ්වවිද්‍යාලය දක්‌වා ඉගෙන ගන්නා උගත් ශිෂ්‍යාවකගේ ජීවිතය පිළිබඳ ඇති තක්‌සේරුව එය නම් අපේ රටේ අධ්‍යාපනයෙන් සිදුවන්නේ කුමක්‌දැයි අපට නොතේරේ. එක් මාර්ගයක් අවහිර වන විට විකල්ප මාර්ග නොතිබෙන හිස් තැනකට මනස වැටීමටද ජීවිතයෙ ප්‍රශ්න දරා ගැනීමේ ශක්‌තිය නොමැති වීමද ඇගේ වරදක් නොව ඇය සකස් කළ මේ ක්‍රමයේ වරදකි. සරසවි ශිෂ්‍යාවක වන චතුරිකා පමණක් නොව අපට දිනපතා ඇසෙන සියදිවි නසා ගැනීම් බොහොමයක ඇතුළාන්තයෙන් හඬගා කියන්නේද එයයි.

ශ්‍රී ලංකාවේදී තහනම් කළ ඉන්දියානු සඟරාවේ පළ වූ ප්‍රභාකරන්ගේ සාකච්ඡාව මෙන්න...
|
Subscribe to:
Posts (Atom)