Wednesday, 4 March 2015
World's oldest person celebrates 117th birthday in Japan
The world's oldest person, a woman from Japan, is turning 117-years-old.
Misao Okawa, who was born on 5 March 1898 in Osaka, spent time with family the day before her actual birthday, to mark the occasion.
Speaking at Wednesday's celebrations she said that 117 years didn't seem like such a long time.
She now lives in a nursing home in Osaka and staff there said she has slowed down a bit in recent months and has trouble with her hearing.
Despite this she is still in good health and eats well.
Born to a kimono maker, Mrs Okawa married her husband Yukio in 1919. He died in 1931.
They had two daughters and a son. Mrs Okawa now has four grandchildren and six great-grandchildren.
She was officially recognised as the world's oldest person in 2013 by Guinness World Records.
Tuesday, 3 March 2015
"දනේෂ මදුරංග එදිරිසූරිය"
මේ පොටෝ එකේ ඉන්න මිතුරා facebook එන, වර්ථමාණයේ බොහෝදෙනා දන්න කෙනෙක් ඔහු නමින් "දනේෂ මදුරංග එදිරිසූරිය" ඔහු බොහෝ පින්කම් facebook මිතුර මිතුරියන් එකතුකරගෙන සිදුකරනවා.
බලන්න මේ පොටෝඑක ඇතැම් කෙනෙක් මේ අම්මා ලගට උපස්ථාන කරන්න තියා නිකම්වත් ලන්වෙන්න කැමතිවෙන්නේ කීයෙන් කීදෙනාද..? බොහෝ අයට එහෙම දෙයක් කරන්න අමාරුයි. ඔහු කරන්නේ සාමාන්‍ය තරුණයෙක් නොකරන දෙයක්. මේ ඡායාරූපය ධනේෂ මීට ටික කාලෙකට කලින් ගත්ත එකක්, අද වෙද්දි ඔහුගේ profile පින්තුරය විදිහට ඔහු ඒක යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔහුටත් මේ අවස්ථාව තදින් සිතට සංවේදී මතකයක් උනා කියන එකයි.
මිතුර ඔබ සිදුකරන පින්කම් පිළිබදව අපට නිතර පින්පොතෙහි සටහනක් තැබීමට නොහැකි උනත් අවස්ථාව ලැබෙන විදිහට සිදුකරන්නේ ඉතාම සතුටින්. මේ පින්කමත් ඔබ රටේ විවිද ස්ථානවල සිදුකරන පින්කම්, පින් පොතෙහි අපි සතුටින් අනුමෝදන් වෙනවා..!
ඒවගේම ඉදිරියටත් නොයෙක් පින්කම් කරගන්නට ඔබට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා.!
සාදු සාදු සාදු..!!
පියවි ඇස රවටන ස්වභාව ධර්මයේ අපූරු සිදුවීමක් කැමරාවක සටහන් වූ අයුරු
මේ ඡායාරූපයෙන් දැක්වෙන සිද්ධිය හරහා සතුන් අතර පවතින අපූරු මිත්‍රත්වයක් සම්බන්ධයෙන් ඔබ මහත් සතුටට පත්වනවා වන්නට පුළුවන.
කොළ පැහැති කොට්ටෝරුවෙකු විසින් මුගටි පැටවෙක් රැගෙන පියාඹා යන සංවේදී දර්ශනයෙන් ඔබ කුල්මත් වනවා වන්නට හැකි ය.
එහෙත්, ඔබගේ නිගමන සම්පූර්ණයෙන් වැරදි ය.
මේ මිත්‍රත්වයක් නොවේ. අහිංසක කොට්ටෝරුවෙකු, මුගටියෙකුගේ ග්‍රහණයෙන් මිදී දිවි ගලවා ගැනීම සඳහා කරන අරගලයකි.
මාර්ටින් ලී මේ නමැති එංගලන්ත ජාතිකයෙකු නැගෙනහිර ලන්ඩනයේ පිහිටි Hornchurch Country Park නමැති උද්‍යානයේදී මෙම ඡායාරූපය ගෙන තිබේ.
විනෝදාංශයක් ලෙස ඡායාරූප ගැනීමෙහි නිරත ඔහු පවසන්නේ, සිය බිරිඳ සමග අදාළ උද්‍යානයේ සිටියදී කොළ පැහැති කොට්ටෝරුවෙකු පියාඹා ගෙන පැමිණි බව ය.
එවැනි කොට්ටෝරුවෙකු තමන් ඉන් පෙර දැක නොතිබූ හෙයින් වහා ඡායාරූපයක් ලබා ගත් බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, අදාළ කොට්ටෝරුවා කෑ ගසමින් වේගයෙන් පියාඹා ගෙන පැමිණි බව ඡායාරූපය ගැනීමෙන් පසුව ඔහුට වැටහී ඇත.
ඉන්පසු එම කොට්ටෝරුවා ආහාරයට ගැනීම සඳහා මුගටි පැටවෙකු උගේ බෙල්ලෙහි එල්ලී සිටින බව මාර්ටින් ලී මේ දැක තිබේ.
එය දුටු වහා ම තමන් කොට්ටෝරුවා බේරා ගැනීම සඳහා ඉදිරියට යන අතරතුර මුගටියා බියට පත්වූ හෙයින් කොට්ටෝරුවා ග්‍රහණයෙන් මිදුණු බව මාර්ටින් ලී මේ පවසයි.
ඒ අතරවාරයේ කොට්ටෝරුවා වහා ඉගිළ ගොස් සිය ජීවිතය බේරා ගෙන ඇත.
පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ හෙට දවසේ අවශ්‍යතාව
ශ‍්‍රී ලංකාව පාරිසරික විවිධත්වය සහ පාරිසරික පරිභෝජනය තුළ ඉතා ඉහළ අගයක් ගනී. දකුණු ආසියාතික රටකට ආවේණික වූ පාරිසරික ව්‍යාප්තිය සෑම බිම් අඟලක් පුරාවට ම පැතිර පවතින රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්විය හැකි වුවද මෙහි පවතින විශේෂත්වය වන්නේ, අන් ආසියානු රටවල්වලට සාපේක්ෂව සුවිශේෂී අන්‍යතා රැසකින් මෙරට පාරිසරික පද්ධතිය පැවතීමයි. අප ජීවත්වන වටපිටාව පරිසරය ලෙස සරලව ම හැඳින්විය හැක. නමුත් මෙම සරල අර්ථකථනයට එහා දිව ගිය ඉතා ගැඹුරු අර්ථයක් එකී මාතෘකාව විෂයෙහිලා පවතී.
පරිසරය හා එකනෙකට දිවයන බුද්ධිමත් ම සත්ත්ව කොට්ඨාසය මිනිසා ලෙස හඳුනාගත හැකිය. සතුන්ට සාපේක්ෂව අප වටා පවතින පාරිසරික විවිධත්වය අප විසින් පරිභෝජනය කිරීම ඉතා ඉහළය. මිනිසා මෙම පාරිසරික පද්ධතිය අවබෝධයකින් තොරව ද පරිභෝජනය කිරීම ද ඉතා ඉහළ අගයක පවතී. මෙම පාරිසරික පද්ධතිය අවබෝධයන් ගෙන් තොර ව පරිභෝජනය කිරීම නිසා නූතනයේ ඇති ව තිබෙන පාරිසරික උවදුරු විෂයෙහි ලා මහත් බලපෑමක් සිදු කොට තිබේ. දෛනික පරිභෝජන රටාවට පමණක් පරිසරය වෙතින් අදාළ දෑ උකහාගනු ලබන මිනිසා පරිසරය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර වෙනුවෙන් දක්වනු ලබන්නේ ඉතා අල්ප වූ ප‍්‍රතිචාරයකි.
ග‍්‍රීක භාෂාවෙන් පරිසරය ඔයිකස් ලෙස හඳුන්වයි. තමන් ජීවත් වන වටපිටාව සහ ඒ සමඟ දක්වන අන්තර් සබඳතාව මෙහි සරල ම අර්ථයයි. මෙහි පවතින විද්‍යාත්මක ඉඩහසර අති විශාල වන අතර විද්‍යාත්මක හේතු ඵලවාදයන් පාරිසරික තත්ත්වය හා ගැටී පවතී. ජලය, වාතය, හිරුඑළිය, ගහකොළ, සතා සිව්පාවුන්, ගේ දොර, සමුද්‍රය මෙකී සියල්ල ම අප දෛනික ව ජීවිතය තුළ තදබල ලෙස ඇසුරු කරනු ලබන පාරිසරික සාධකයි. මෙබ සාධක විෂයෙහිලා පවතින ජීව විද්‍යාත්මක සහ භෞතික විද්‍යාත්මක පදනම ප‍්‍රජාව විෂයෙහිලා ලබා දිය යුතු සරල අවබෝධයක් පැවැතීම අනිවාර්යය වෙයි.
පාරිසරික ජනමාධ්‍යවේදයේ (Environmental journalism) අවශ්‍යතාව ඉස්මතු වන්නේ මෙකී කරුණු කාරණා හේතුවෙනි. ජනමාධ්‍යාවේදියා යනු තොරතුරු සහ සිදුවීම් මාධ්‍ය වෙත සමීප කරවීම සහ එම තොරතුරු මඟින් සමාජයට අවශ්‍ය දැනුවත්භාවය සැලසීම යන විෂය පිළිබඳ ව හැදෑරීම සිදු කරන පුද්ගලයායි. එය විෂයයක් ලෙස භාවිතය හා අවබෝධය යන කරුණු මත ලබන ක්ෂේත‍්‍රගත වෘත්තීයකි. මෙම වෘත්තීය විවිධ විෂයයන්ට සමගාමීව එකිනෙකට වෙනස් වුවද ඔවුන් සියලු දෙනාගේ ම කාර්යභාරය තොරතුරු සහ සිදුවීම් ප‍්‍රවෘත්තිගත කිරීමයි. පරිසරය යන විෂය සමගාමීව ද මෙවැනි ම වූ වෘත්තියක් ක‍්‍රියාත්මක වේ. ලංකාව තුළ මෙම වෘත්තීය තවදුරටත් නව වෘත්තීය ස්වභාවයක් වුව ද යුරෝපය සහ අප‍්‍රිකානු රටවල මෙම වෘත්තීය වඩාත් ජනප‍්‍රිය මෙන් ම ජනතාව සහ මාධ්‍ය විෂයෙහිලා සහ සම්බන්ධතා ගොඩනගනු ලබන විෂය ක්ෂේත‍්‍රයක් බවට පත් වී හමාරය.
පාරිසරික ජනමාධ්‍ය, පාරිසරික ගවේෂණය යන ක්ෂේත‍්‍රයෙන් බිඳී ආවකි. ගවේෂණය යන ක්ෂේත‍්‍රය දැනට ශතවර්ෂ කිහිපයක සිට ලොව පුරා සිදු වූ ජනප‍්‍රිය විනෝද මාධ්‍යයක් විය. දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලොම්බස් (Christopher Columbus) රැල්ෆ් වැල්ඩෝ එමර්සර් (Ralph Waldo Emerson) හෙන්රි ඩේව්ඩ් තෝරිව් (Henry David Thoreaw) යනාදීන් 19 වන ශත වර්ෂයේ සහ ජෝන් බරෝ (John Burrough) සහ ජෝන් මූයිර් (John Muir) 20 වන ශත වර්ෂයේත් මෙම ගවේෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් වූ අතර චාල්ස් ඩාවින් වැනි ප‍්‍රමුඛයන් ද මෙම ක්ෂේත‍්‍රයේ කැපී පෙනේ. මොවුන් සිය ගවේෂණයට අමතරව සිදුකළ සුවිශේෂී ම ක‍්‍රියාවලිය වූයේ සිය ගවේෂණ දත්ත සටහන් කර තැබීමයි.
එම දත්ත පසු කලෙක පුවත්පත් මාධ්‍ය විෂයෙහි ලා සමාජගත කිරීමට අවශ්‍ය පසුබිම පවා නිර්මාණය වූ අතර ප‍්‍රජාව විෂයෙහිලා මෙම ප‍්‍රවෘත්තීන් වඩාත් ජනප‍්‍රිය වූ අතර වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. පාරිසරික ජනමාධ්‍ය විෂය, විෂයයක් ලෙස හැඩගැසීම 1960 දශකයෙන් පසු සිදු විය. මේ හා සමගාමීව පාරිසරික සන්නිවේදන විෂය ආරම්භ වී පැවති අතර පාරිසරික සන්නිවේදනයේ ම තවත් එක් කාණ්ඩයක් ලෙස මෙම පාරිසරික ජනමාධ්‍යවේදය සමාජගත විය. යුරෝපය ආශ‍්‍රිත ව ගොඩනැගී පවතින කාර්මික පරිසරය නිසා පාරිසරික ප‍්‍රවණතා මොහොතින් මොහොත අභියෝගයට ලක් විය. මේ නිසා මිනිසා වටා පවතින යහදායක පරිසරය අවපැහැයට වෙනස් වූ අතර මේ පිළිබඳ ජනමාධ්‍ය විසින් නිතර දෙවේලේ මිනිස් ප‍්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නැගිණි. මිනිසාගේ ක‍්‍රියාවලීන් හි පවතින ප‍්‍රතිපෝෂණය ලෙස මෙම පාරිසරික සමතුලිතතාව බිඳවැටීම ආරම්භ වූ අතර එය මිනිසා විසින් ම අවම කරගත යුතු බවට තීරණය විය. එහි අවසානය වූයේ පාරිසරික ජනමාධ්‍යාව්දීන් වඩාත් වේගයෙන් සමාජගත වීමයි.
ඒ අනුව 1966 සිට පාරිසරික න්‍යායපත‍්‍ර හඳුන්වා දීම සිදුවිය. පාරිසරික නීති (Environmental Policy) පාරිසරික ආචාර ධර්ම (Environmental Ethics) ආදිය සමාජගත විය. පරිසරය විෂයෙහි ලා සිදුවන විවිධ හානිදායක තත්ත්වයන් මෙම මාධ්‍යවේදීන් විසින් හඳුනාගන්නා ලද අතර ඔවුන් විසින් ඒවාට අවශ්‍ය දැනුවත්භාවය පුවත්පත් මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන්නට විය. එසේම එම හානිදායක පාරිසරික පද්ධති සුරැකීමට අවශ්‍ය නීති රෙගුලාසි සැකසීමට පවතින රජයට බල කිරීම ද සිදු විය. මේ නිසා මෙම පාරිසරික ජනමාධ්‍යවේදීන් ප‍්‍රධාන මාධ්‍ය වෘත්තිකයන් ලෙස සමාජගත විය. ඔවුන් යුරෝපය සහ අප‍්‍රිකාව පුරා වේගයෙන් ව්‍යාප්ත විය. ඒ අනුව 1990 වසරේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ සමාජ කවය (Society of Environmental Journalists) බිහි විය. ඔවුන්ගේ ප‍්‍රධාන මෙහෙයවන්නේ පාරිසරික වාර්තාකරණය මඟින් මහජනතාව දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධ ව නිවැරදි මාර්ගය පෙන්වා දීමත් ය. නූතනය වන විට මෙම සමාජ ක‍්‍රමය විසින් මෙහෙයවනු ලබන අධ්‍යයයන ආයතන ලොව පුරා ක‍්‍රියාත්මක වන අතර ඊට සමගාමීව පාරිසරික ජනමාධ්‍යවේදීහු ද ක‍්‍රියාකාරී මට්ටමක සිටිති.
පාරිසරික ජනමාධ්‍යවේදය ලංකාව වැනි පාරිසරික විවිධත්වයක් තුළට ඉතා අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පාරිසරික සන්නිවේදන විධික‍්‍රම හමුවේ පාරිසරික සුරක්ෂිතතාව සමාජගත කළ යුතු අතර පාරිසරික ව සිදුවන අවගමනය පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීම ද සිදුවිය යුතුය. ශ‍්‍රී ලංකාව තුළ පවතින පාරිසරික විවිධත්වය වාර්තාගත කිරීමත් ඒවාට අවශ්‍ය මාධ්‍ය අවධානය ලබා දීමත්, එමඟින් ජනතාව දැනුවත් කිරීමත් මේ යටතේ සරලව ම අවබෝධ කරගත හැකි කි‍්‍රයාදාමයයි. පරිසරික ජනමාධ්‍යවේදය තුළ දී පරිසරික විධික‍්‍රම, විෂය රටා වෙනස් වීම් සහ ජෛව විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ ව ද දළ වශයෙන් අවබෝධයක් පැවතීම මෙම විෂයට සමගාමී ව ප‍්‍රගුණ කළ යුතුය.
ලංකාව තුළ පවතින සුවිශේෂී පාරිසරික තත්ත්වය මූලිකව ම හැදෑරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන බහුලව ම මෙරට පවතී. අමාත්‍යංශ මට්ටමේ සිට ශාඛා සමිති දක්වා වූ පෙළ ගැසීමක මෙම ආයතන පවතී. මෙම ආයතන තුළ පවතින ප‍්‍රතිපත්ති ආචාරධර්ම රීතිගත කරුණු ආදිය සරල සැකැස්මක් යටතේ අවබෝධයේ පැවතිය යුතුය. එසේම ඒ සඳහා අවශ්‍ය උපදේශකත්වය පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යංශය, වනජීවි සම්පත් අමාත්‍යංශය, මධ්‍යම පරිසරික අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන මඟින් ලබා ගත හැක. ආයතනගතව පවතින නීති රෙගුලාසි සහ පාරිසරික වටිනාකමකින් යුත් පරිසර තත්වයන් පිළිබඳ ව මනා අවබෝධයක් පැවතීම මෙම විෂය සමගාමිව පවතින ශාස්ති‍්‍රය අධ්‍යනයයි.
අධ්‍යයනයකින් තොරව මෙම පාරිසරික ජනමාධ්‍යවේදය හැදැරීමට අවශ්‍ය පසුබිම සකසා ගත නොහැක. පාරිසරික ජනමාධ්‍යවේදය, ජාතික තලයේ සිට ප‍්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ත විය යුතුය. මේ සඳහා සැකසුණු මාධ්‍ය බලමුළුවක් පැවතීම ඉතා ප‍්‍රයෝජනවත්ය. මෙම වෘත්තිය පසුබිමින් අපේක්‍ෂිත අවසාන අරමුණු පාරිසරික සුරක්‍ෂිතතාව නම්, ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම රාජ්‍ය මට්ටමින් ලැබීම වඩාත් වැදගත් ය. නූතනයේ ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ඉතා අතළොස්සක් පමණ ප‍්‍රාදේශීය ව පවතින පාරිසරික ගැටලු යම් ප‍්‍රමාණයකින් වාර්තාකරණය සිදුකරයි. එසේ වුවද මෙම ප‍්‍රවණතාව දැකිය හැක්කේ පුවත්පත් මාධ්‍ය තුළින් පමණි. විද්‍යුත් මාධ්‍ය මඟින් පාරිසරික දැනුවත්භාවය සහ එවැනි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වීම සිදුනොවන තරම්ය.
මූලිකව ම පාරිසරික ව ඇති වී තිබෙන යම් තත්ත්වයක් පාරිසරික ගැටලුවක් ද, යන්න පිළිබඳ ව අවබෝධ කරගත යුතුය. පසුව එමඟින් සිදුවන හානිය පිළිබඳ ව අධ්‍යයනයක නියැළිය යුතුය. පසුව මෙම ගැටලුව නිසා ප‍්‍රජාව සහ අන් පාරිසරික තත්වයන් විෂයෙහි ලා සිදුවන හානිය අවබෝධ කර ගත යුතුය. ඒ සම්බන්ධව ඡායාරූප, වීඩියෝ මාධ්‍ය, සහ විචාර, විවේචන ආදි දත්ත ඒකරාශී කර ගත යුතුය. මෙය එක්තරා ආකාරයකට ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. පසුගියදා මෙරට සිදු වූ රතුපස්වල ඛේදවාචකය, මීට කදිම උදාහරණයකි. දීර්ඝ කාලයක සිට සිදු වූ ජල හානිය සහ පසට එක්රැස් වූ රසායනික ද්‍රව්‍ය දෛනික ජීවිත තුළට මහත් බලපෑමක් කිරීමට සමත් විය. දෛනික ජීවිතය තුළ දී ප‍්‍රජාව විසින් දකින මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් සාමාන්‍ය යැයි සැලකුවද ඒ හා සම්බන්ධව ගවේෂණයක නියැළෙන්නෙකුට මෙම පුවත කදිම පාරිසරික පුවත් අනාවරණයක් වනු ඇත. එය අපට මෑතකදී හමු වූ එක් උදාහරණයක් පමණි. එවැනි ම වූ සිද්ධීන් කිහිපයක් නීත්‍යනුකූල ලේබලය මත නීත්‍යනුකූල නොවන තත්වයක සිට සිදුවන බව අමතක කළ යුතු නො වේ. පාරිසරික ජනමාධ්‍ය වැනි විෂයයන් පිළිබඳ ව අධ්‍යයන ක්ෂේත‍්‍රයක් පැවතිය යුත්තේ මෙබැවිනි.
පාරිසරික ජනමාධ්‍ය වැනි විෂයයක් තුළ පවතින අධ්‍යයන ක්ෂේත‍්‍ර වඩාත් ගැඹුරු අර්ථයක් යටතේ පවතී. මතුපිටින් දකින පාරිසරික තත්ත්වයන්ට සාපේක්ෂව ඒ හා සමානව අභ්‍යන්තරිකව පවතින ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කළ යුතුය. එවැනි දත්ත මාධ්‍ය විෂයෙහි ලා ප‍්‍රජාව අතරට සන්නිවේදනය විය යුතුය. ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි පවතින නෛතික රෙගුලාසි පිළිබඳ ව නූතනයේ වඩාත් ප‍්‍රගුණ කළ යුතු පාරිසරික ආරක්ෂණ විධික‍්‍රම වෙයි. පාරිසරික වෙනස්වීම් අවබෝධය එය ස්වයං අධ්‍යයනයක් බවට පත් වෙයි. මෙම ක්ෂේත‍්‍ර අධ්‍යයනය තුළ විශේෂිත වූ ක්ෂේත‍්‍රයන් අධ්‍යයනයක් බවට පත් වෙයි. මෙම ක්ෂේත‍්‍ර අධ්‍යයනය තුළ විශේෂිත වූ ක්ෂේත‍්‍රයන් අධ්‍යයනයට අවශ්‍ය ඉඩ හසර සකසා ගත හැක. උදාහරණයක් ලෙස දේශගුණික වෙනස්කම් පිළිබඳ ව අධ්‍යයනයක නියැළෙන්නෙකුට මේ සම්බන්ධව පවතින ජාත්‍යයන්තර නීති, ආචාර ධර්ම, ජාතික රෙගුලාසි ආදිය පිළිබඳ ව අධ්‍යයනය කළ යුතුය. ඒ අනුව, එම තත්ත්වයන් මෙරට දේශගුණික පාර්ශවයන් වෙත ආරෝපණය කරලීමත්, හඳුනාගත් ගැටුම්කාරී තත්ත්වයන් වෙත විසඳුම් සෙවීමත් සිදුකළ හැක. මෙය විමර්ශනාත්මක මෙන් ම විද්‍යාත්මක අධ්‍යයන ක්ෂේත‍්‍රයන් දක්වා පුළුල් විය හැකිය.
1980 දශකයේ, ලෝකයේ දේශගුණික වෙනස්වීම් පිළිබඳ රාජ්‍ය මට්ටමෙන් සාකච්ඡාවට බඳුන් විය. 1988 දී පළමුවරට මෙම දේශගුණික වෙනස්කම් පිටුදැකීමට අන්තර්ජාතික අවධානය යොමු විය. ඒ අනුව මිහිමඬල උණුසුම් වීම (Global Warming) මොන්ටි‍්‍රයෙල් ප්‍රොටොකෝල් (Montreal Protocol) වැනි සම්මුතීන් වෙනුවෙන් අන්තර්ජාතික ප‍්‍රජාව දිරිගැන්වීම සිදුවිය. දේශගුණ වෙනස්වීම පිළිබඳ අන්තර් රාජ්‍ය සභාව (Inter Governmental Panel on Climate Change – IPCC) සමුළුව මෙහි එක් ප‍්‍රතිඵලයකි. පාරිසරික ජනමාධ්‍යවේදය තුළ මෙවැනි විෂය ධාරාවන් සුලබව දැකිය හැක්කේ යුරෝපය වැනි රටවල් ඇසුරෙනි. මෙවැනි ඉතා ඉහළ පාරිසරික ප‍්‍රවණතාවන් වෙනුවෙන් පාරිසරික ජනමාධ්‍යවේදය ලංකාව වැනි රටක ගොඩනැගීම තරමක අපහසු වුවද, මෙරට දේශගුණික ප‍්‍රවණතා වෙනුවෙන් මාධ්‍ය හරහා ප‍්‍රජාව දැනුවත් කිරීම වඩාත් සඵලදායි වේ. දේශගුණික වෙනස්කම් තුළට මෙරට මධ්‍යම පළාත බහුලව යොමු වේ. එමඟින් සිදුවන අලාභහානි සහ ඉන් සිදුවන පාරිසරික වෙනස් වීම් පිළිබඳ ව අධ්‍යයනය කිරීම යම් ප‍්‍රතිඵලදායී තත්ත්වයකි. මෙවැනි විෂයගත ක්ෂේත‍්‍රයක් වෙනුවෙන් පාරිසරික ජනමාධ්‍ය ප‍්‍රතිපත්ති සැකසිය යුතුය. ඒ අනුව ඒ ඒ මාධ්‍යයන් විෂයෙහි ලා පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව ඉස්මතු විය යුතුය. ප‍්‍රවෘත්ති වාර්තාකරණය තුළ පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් එක් ප‍්‍රවෘත්තියක් හෝ ප‍්‍රචාරය වීමට අවැසි වැඩපිළිවෙළක් ගොඩනගා ගත හැකි නම් මූලික ම අරමුණ වන පාරිසරික දැනුවත් කිරීම ප‍්‍රජාව විෂයෙහි ලා ජනප‍්‍රිය වෙයි. විද්‍යුත් රූපවාහිනි නාලිකා බිහිවීමට අවශ්‍ය මූලිකම පසුබිම මේ පාරිසරික ජනමාධ්‍යවේදයේ ම තවත් එක් පැතිකඩකි.
පාරිසරික ජනමාධ්‍යවේදය සහ ජනමාධ්‍යවේදීන් විෂයෙහිලා, මෙරට පවතින පාරිසරික සංවේදීතාව නිබඳ ව ම සිය වෘත්තියාභිමුඛ මූලාශ‍්‍ර වෙනුවෙන් තොරතුරු සපයයි. දේශගුණය, මුහුදු ඛාදනය, ජල විදුලි නිෂ්පාදනය, ආවේණික පාරිසරික හා සත්ත්ව කොටස්, හරිතාගාර වායු විමෝචනය, එමෙන්ම ගල් කැඩීම, වැලි ගොඩ දැමීම, ඒකදේශීය ශාඛ විනාශය, ජාන මංකොල්ලය, ආක‍්‍රමණික ශාඛ, අනවශ්‍ය පස් ගොඩ දැමීම, වගුරු බිම් ගොඩ කිරීම, කුඹුරු ඉඩම් ගොඩ කිරීම, රක්ෂිත ගිනි ලෑම, පිදුරු වැනි කාබනික පොහොර විනාශ කිරීම, සත්ත්ව දඩයම, කුණු කසළ සහ රසායනික අපද්‍රව්‍ය අක‍්‍රමවත්ව බැහැර කිරීම සහ පතල් මිනිරන් හෑරීම වැනි දෛනිකව අපට හමුවන ගැටලුකාරී පාරිසරික තත්ත්වයන් වෙත සමීපවීම පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ විෂයගත පැතිකඩකි. ලංකාව වැනි ඉතා කුඩා දිවයිනක සිදුවන මෙම අසමතුලිත පාරිසරික සංහරණය යම් දිනයක පරම්පරාගතව සිදුවිය හැකි ඛේදනීය තත්ත්වයක් වනු නොඅනුමානය. මෙම තත්ත්වය වළක්වාලීම වෙනුවෙන් ප‍්‍රජාව වහ වහා දැනුවත් විය යුතුය.
පෘථිවියේ උණුසුම ඉහළයාමෙන් මුහුදු මට්ටම 21 වන සියවස වන විට තවදුරටත් ඉහළ යනු ඇත. ලෝකයේ මුළු ජන සංඛ්‍යාවෙන් 21% - 38% ප‍්‍රමාණයක් වෙරළ කි.මී. 30 - 100 අතර කලාපයන්හි ජීවත් වෙයි. වෙරළ ආශ‍්‍රිතව ගොඩ නැගී පවතින ආර්ථික සම්පාදන ක‍්‍රම විධි බොහොමයක් සිය ජාතික ආර්ථිකය තර කරයි. පාරිසරික හා දේශගුණික වෙනස්වීම නිසා සිදුවන මිහිතලය උණුසුම් වීමේ ප‍්‍රතිවිපාක ඔවුනට නුදුරු කාලය තුළ පොදුවේ භුක්ති විඳීමට සිදු වේ.
ශ‍්‍රී ලංකාවේ වෙරළ කලාපය පිළිබඳ ව කර ඇති අධ්‍යයයන ප‍්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතී. 1951 වර්ෂයේදී ඒක පුද්ගල වෙරළ මායිම සෙ.මී. 79ක් වුවද, එය 2031 වසර වන විට සෙ.මී. 07ක් බවට නිගමනය ලැබී තිබේ. දළ ජාතික නිෂ්පාදනයට 40%ක දායකත්වයක් වෙරළ කලාප ආශ‍්‍රිත ප‍්‍රජාව විසින් දක්වනු ලබති. මෙනිසා මෙවැනි පසුබිමක දී ඉහත අවධානය යොමු විය යුතු කාලසීමාව අද වන විට ඉස්මතු වී පවතී. මුහුදු වැලි ගොඩ දැමීම, කොරල් විනාශය, මීට ප‍්‍රධාන සාධක වෙයි. දෛනිකව සිදුවන මෙම පාරිසරික සංහරණය මාධ්‍යයන් තුළ වාර්තා නොවන තරම්ය. එමඟින් අදාළ නිලධාරීන් සහ සුරක්ෂිතභාවය ද සිදු නොවන තරම්ය.
කාර්මික වායු දූෂණය අද වන විට කොළඹ ආදී තදාසන්න නගර කේන්ද්‍ර කර ගනිමින් සීග‍්‍රයෙන් සිදු වෙයි. හරිත ආර්ථිකය (Green Economy) වැනි සංකල්ප වඩ වඩාත් දියුණු විය යුතුය. සංවර්ධනයට සාපේක්ෂව සිදුවන මේ පාරිසරික සංවර්ධනය තිරසාර සංවර්ධනයේම තවත් එක් භූමිකාවකි. ඕසෝන් වියන වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය කාලය ඉස්මතු වී පවතී. CFC (Chlorofluorocarbon) යන වායුව ක‍්‍රමානුකූලව පරිභෝජන රටාවෙන් ඈත් කළ යුතුය. මෙවැනි ක‍්‍රියාමාර්ග හඳුනා ගැනීමට තරම් දැනුම් ප‍්‍රමාණය ඇතැම් විටක නාගරික ප‍්‍රජාව විෂයෙහිලා ද, ඉතාම අවම මට්ටමක පවතී. මොන්ටි‍්‍රයෙල් සමුළුව (Montreal Protocol) 1987 වර්ෂයේ අත්සන් තැබෙනුයේ මේ වෙනුවෙනි. මෙවැනි ක‍්‍රියාමාර්ගවලට අවශ්‍ය පාරිභෝගික රටාව සැකැස්ම අද දිනයට නො ව හෙට දිනයේ රටේ මෙන් ම මුළු මහත් පෘතුවියේම පැවැත්මට අවශ්‍ය හිතකර ක‍්‍රියාමාර්ග වනු ඇත.
ශ‍්‍රී ලංකාව තුළ මෑත කාලීනව සිදුවන වන හරණය ඉතා ඉහළ අගයක් ගෙන ඇත. තවදුරටත් මේ තත්ත්වය ඉහළ ගියහොත් සිදු වනුයේ, ශ‍්‍රී ලංකාව වඩාත් උෂ්ණාධික රටක් බවට නොබෝ කලකින් පරිවර්තනය වීමයි. සංවර්ධනයේ සිදුවන ප‍්‍රතිලාභ අදටත්, හෙට දිනයටත් වඩා අනාගතයට සඵලදායී විය යුතුය. එවැනි අරමුණක් වෙනුවෙන් සිදු කරනු ලබන සංවර්ධනය මෙරට වන හරණය දැඩි ව ආරක්ෂා කළ යුතුය. සිදු කරනු ලබන අනවසර ඉදිකිරීම් හේතුවෙන් මෙරට ජෛව විවධත්වයට හානි සිදුවීම පසුගිය කාලසීමාව තුළ දිගින් දිගටම පුවත් මඟින් වාර්තා විය. අඛණ්ඩව සිදුවන මෙම මාධ්‍ය විමර්ශනය හෙට දිනයේ පාරිසරික පැවැත්මට වඩා යහදායි වනු ඇත. මේ වන විට 78%ක වන විනාශයක් ශී‍්‍ර ලංකාව තුළ සිදු වී හමාරය. ජල පෝෂක සිඳී යාම, වගුරු බිම් සිඳීයාම, ජෛව විද්‍යාත්මක පාරසරික හානිය, දේශගුණික වෙනස් වීම්, කාන්තාරිකරණය,ඩපස සෝදා යාම, ආදිය මෙම වන හරණයට සමගාමීව සිදුවන අතුරු ඵල විපාකයන්ය. මහා පරිමාණයෙන් සිදුවන වාණිජ වගාවන් සහ ඉඩම් කට්ටිකර වෙන් දේසි දැමීම අවධානයට යොමු වී නොමැති තරම්ය. ප‍්‍රාදේශීයව ගොඩනැගෙන පාරිසරක ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව ඉස්මතු වන්නේ මෙවැනි බරපතළ ගැටලුවලට අවශ්‍ය ප‍්‍රචාරණය සහ බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගැනීමටයි. එමෙන්ම ප‍්‍රාදේශීයව ප‍්‍රජාව දැනුවත් කිරීම ද මේ හරහා සීග‍්‍රයෙන් සිදුවෙයි.
පාරිසරික ජමාධ්‍යවේදයේ ම තවත් එක් ජනප‍්‍රිය පැතිකඩකි වාර්තා චිත‍්‍රපට කලාව සහ ඡායාරූප ශිල්පය. වන ජීවි චිත‍්‍රපට (Wild life Documentary) සහ වන ජීවි ඡායාරූප (Wild life Photography) අදිය මෙම ජනප‍්‍රිය තේමාවට අදාළ මූලිකාංග වෙයි. පාරිසරික ආරක්ෂණ උපක‍්‍රම වෙනුවෙන් සැකසුණු වාර්තා චිත‍්‍රපට සහ සඟරා, වාර ප‍්‍රකාශන ජනතාගත කිරීම මෙම පාරිසරික ජනමාධ්‍යවේදයේම තවත් එක් පියවරකි. ප‍්‍රාදේශීය මට්ටමින් සැකසුණු පාරිසරික බලකායන් වෙනුවෙන් ලබාදෙන මාධ්‍ය අනුග‍්‍රහය වඩාත් පුළුල් විය යුතුය. කියුබාව වැනි රටවල් ඩෙංගු උවදුර සිය රටින් තුරන් කර දැමීම සඳහා මෙවැනි මාධ්‍ය මැදිහත්වීම් බහුලව යොදා ගන්නට වූහ.
එමෙන්ම ගවේෂණාත්මක පාරිසරික පුවත්පත් කලාව වෙනුවෙන් පුවත්පත් තුළින් ලබාදෙන ඉඩ හසර තවත් පුළුල් විය යුතුය. ඉතා අතළොස්සක් පුවත්පත් මෙම ජාතික මෙහෙය වෙනුවෙන් සිය ඉඩ කඩ නිර්ලෝභීව යොදා ගැනීම අගය කළ යුතුය. පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඇගයීම් උලෙළක් පිළිබඳ ව අසා නොමැති තරම්ය. නමුත් ඉන්දියාව වැනි රටවල් තුළ මෙම ක්ෂේත‍්‍රය සඳහා ඇගයීම් ඉතා ඉහළ තලයක පවතී. ඔවුන් සඳහා රාජ්‍ය මැදිහත් වීමෙන් සපයනු ලබන උපදේශන සේවා සහ පුස්තකාල පහසුකම් පුළුල් විය යුතු අතර මෙරට පාරිසරික කටයුතු වෙනුවෙන් පවතින අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබේ. ග‍්‍රාමීය ප‍්‍රජාව විෂයෙහිලා පාරිසරික දැනුවත්භාවය ඉතා අවම මට්ටමක පවතී. පරිසරයට සිදුවන අපයෝජනය හඳුනා ගැනීමට සහ ඒවා පිළිබඳ ව දැනුවත් කිරීමට අවශ්‍ය ක‍්‍රමවේද මේ යටතේ ගොඩනැංවීම රටේ හෙට දවසේ පාරිසරික සමතුලිතතාවය සුරක්ෂිත වීමට මහත් පිටුබලයක් වනු ඇත.
හෙට දවසේ වර්ධනය වන මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් පාරිසරක තත්ත්වය සැකසී ඇත. එසේ වුවද මෙම පාරිසරික තත්ත්වය මඟින් උකහා ගතයුතු ඵල ප‍්‍රයෝජන වඩාත් විධිමත් විය යුතුය. එමඟින් පරිසරයට හානිදායක යමක් සිදුවුවහොත් එහි අනිසි ප‍්‍රතිඵල මතු යම් දිනෙක ඉතා ඉහළින් භුක්ති විඳීමට සිදුවනු නොඅනුමානය. ශී‍්‍ර ලංකාව ඉතා කුඩා භූමි ප‍්‍රදේශයක් හිමි රටකි. නමුත් අපට උරුම වූ මෙන්ම අපට ආවේණික වූ පාරිසරික සමතුලිතතාව ඉතා ඉහළ අගයක් ගනී. මෙම සංවේදීතාවට හානි සිදුවීම පාරිසරික සමතුලිතතාව බිඳීයාමට හේතු වෙයි. හෙට දවසේ මෙරට පාරිසරික වටපිටාව අවදානම් සහගත නොවීමට නම් අප අද සිට ම පරිසරය සුරක්ෂිත කළ යුතුය. එය ජාතියක් සතු වගකීමයි.
පැල්පතින් තොර හරිත නගරයක්
සංවර්ධනය යනු රටක සෞභාග්‍යය උදා කරවන්නකි. සෞභාග්‍යමත්, සමෘද්ධිමත් සමාජයක් තුළ දිවි ගෙවීමට මෙ ලොව ඕනෑ ම පුද්ගලයෙකුගේ මානව අවශ්‍යතාවකි. සංවර්ධනය මානව සහ භෞතික යනුවෙන් දෙයාකාර වුවත් මිනිසුන්ගේ ආකල්ප, ගුණධර්ම සහ වටිනාකම් නැංවීම මෙහිලා සැලකෙන අතර මිනිසුන්ගේ ජීවන පරිසරය සුඛිත මුදිත බවට පත් කිරීම භෞතික සංවර්ධනය ලෙස සැලකේ. මෙරට සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ඇතිකරමින් කොළඹ පැල්පත්වාසීන් එයින් මුදවාගනිමින් ඔවුන් වෙනුවෙනුම දැන් සුවිසල් මන්දිර ඉදිවෙමින් පවතී.
ඒ යටතේ පැල්පතින් තොර හරිත නගරයක් මහින්ද චින්තන සංකල්පය යටතේ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් හා මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කළ නිවාස 1137කින් සමන්විත කොළඹ හේනේමුල්ල, රන්දිය උයන, විසල් නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට සමඟාමීව හෙට (18) ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.
ඉතා කුඩා බිම් ප‍්‍රමාණයක කිසිදු පහසුකමක් නොමැතිව දුකසේ ජීවත් වූ මෙම අසරණ ජනතාවට සියලු ම පහසුකම් සහිත ව අලංකාර නාගරික පරිසරයක් ද සමගින් ලැබෙන මෙම නව නිවසක වටිනාකම රුපියල් මිලියන 8 ක් පමණ වේ. වර්ග අඩි 450 කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්‍ෂක පහසුකම්වලින් යුක්ත වේ. නවීන විදුලි සෝපාන හා හදිසි අවස්ථාවන් හී දී විදුලි බලය ලබා ගැනීම සඳහා සූර්ය බල ශක්ති පද්ධති ද සවිකර තිබීම විශේෂත්වයකි. ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ලොව නවීන නාගරික සැලසුම් සමගින් ඉතා විධිමත් ලෙස යටිතල පහසුකම් ද සංවර්ධනය කර තිබේ. මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමඟාමී ව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක‍්‍රීඩාංගණ, විධිමත් ලෙස මාර්ග පද්ධති පුළුල් කිරීම, ප‍්‍රජා ශාලා වැනි අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු වීම ජනතාව ලැබූ තවත් විශිෂ්ට ප‍්‍රතිලාභයකි.
කොළඹ පැල්පත්වාසීන් පැල්පතින් මුදවාලමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර නායකත්වයෙන් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් හා මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක නිවාස 70000 කඩිනම් විසල් ව්‍යාපෘති වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට අමතර ව ඉදි වූ තවත් සුවිශේෂී වූ නිවාස ව්‍යාපෘති 03ක් ජනතා අයිතියට පත්කිරිමට මේ වන විටත් සූදානම් ව ඇත.
නොවැම්බර් 21 එදිරිසිංහ වත්ත සිරිමුතු උයන නිවාස 564 ක් ද, දෙසැම්බර් 01 වන දින කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස 216 ක් ද, දෙසැම්බර් මස 08 වන දින ෆර්ගියුෂන් පාර මුවදොර උයන නිවාස 872ක් ද ජනපති ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරිමට නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇත.
2010 ඔක්තෝම්බර් මාසයේ සිට කොළඹ නගරය තුළ වැඩබිම් 26ක ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු ලොව නවීණ නගර සැලැසුම් සමගින් විධිමත් යටිතල පහසුකම්වලින් යුත් නිවාස ඒකක 20000 කඩිනමින් මේ වන විටත් ඉදිවෙමින් පවතී. මේ වන විට නිවාස ඒකක 3000ක් පමණ ජනතාව අතට පත්කර ඇති අතර මේ වසර අවසානයේ නිවාස ඒකක 5000ක් ජනසතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ නිවාස ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ වාර්තා ගත සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. මෙය සැබෑ ම ආශ්චර්යයකි. ජනාධිපතිතුමාගේ තුන් කල් දක්නා නුවණින් හා විශිෂ්ට නායකත්වයෙන් දශක ගනණාවක් පුරා ඉදිකිරීමට නොහැකි වු නිවාස ප‍්‍රමාණයක් පසුගිය වසර 03ක් වැනි කෙටි කලක් ඇතුලත ඉදිකර ජනතාවට තිළිණ කිරීමට හැකි වීම අපේ රටේ ජනතාව ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයකි. පාට පක්‍ෂ, ජාති, කුල, ආගම්, නෑදෑකම් ඇතුළු මොනයම් හෝ පුද්ගලික පටු සාධකයන්ගෙන් සම්පූර්ණයෙන් ම තොර වී කොළඹ නගරයේ ජීවත් වන අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ම ක‍්‍රියාමක මෙම විසල් සංවර්ධන ව්‍යාපෘත ක‍්‍රියාවෙන් ම ඔප්පු කිරීමට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියට හැකියාව ලැබී තිබේ. දහසක් බලාපොරෝත්තු මැද දිනාගත් සාමයට නව අරුතක් ගෙන දෙමින් අප මේ ගත කරන්නේ සංවර්ධනයේ ස්වර්ණමය යුගයකය. දිනෙන් දින මේ ගොඩනැගෙන්නේ රටේ අනාගතයයි. මේ ගොඩනැගෙන්නේ ඔබගේත් ඔබගේ දරුවාගේත් හෙට දවසයි.
වේගවත් නාගරීකරණයත් සමග ලෝකයේ සෑම රටක් ම මුහුණපාන පැල්පත්වාසීන්ගේ හා අඩුපහසුකම් ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීමේ අභියෝගය ජය ගැනිමින් සාර්ථකව ඉදිරිය කරා ගෙන යන සංවර්ධන ක‍්‍රියාදාමයේ නියමුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා, අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂාන් ද සිල්වා, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් බි‍්‍රගේඩියර් සමන්ත ජයසුන්දර, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් රංජිත් සමරසිංහ ඇතුළු නිලධාරිවරු කටයුතු කරති.
ගාල්ලට අරුණැල්ලක්
එනම් ආර්ථිකමය ගැටලු, පවුල්වල විසරීයාම, පවතින සම්පත්වලින් ඉහල ඵලදායිතාවක් ලබා ගැනීමට නොහැකි වීම යන කාරණා වේ. එමෙන් ම මෙම කාරණා තුළින් ළමා අපචාර, කාන්තා හිංසනය වාර්තා වැඩිවීම, දිවිනසා ගැනීම් වැඩිවීම, සමාජයීය පරිහානිය ඉහළ යාම වැඩි වී ඇති බවද ගම්‍ය කරයි. මෙම සමාජ ප්‍රශ්න ගාලු දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ව ජීවත්වන අඩු ආදායම්ලාභී ජනතාවගෙන් උද්ගත වන සමාජයීය ප්‍රශ්නයක් ලෙස ද හඳුනාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු පවුල් සංඛ්‍යාව 269,000ක් පමණ වන විට එයින් 100,000කට ආසන්න පිරිසක් තේ වගාව ආශ්‍රිත ව ජීවිකාව ගොඩනඟාගත් පුද්ගලයන් වන අතර 50,000කට ආසන්න ප්‍රමාණයක් කුරුඳු වගාව ආශ්‍රිතව ජීවනෝපාය මාර්ග සකසාගත් පිරිසක් වෙති.
මෙම කරුණු පාදක කරගත් ගාල්ල මහ දිසාපති, දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු අවම කර ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සමාජ ඵලදායිතා සතිය නම් කරමින් සමාජ ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනකට වර්තමානයේ මුල් පියවර තබා ඇත. ඒ අනුව මෙහි පළමු පියවර වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජීවනෝපාය මාර්ගයක් වන කුඩා වතු ආශ්‍රිත තේ, කුරුඳු හා රබර් වගාවන්හි ඵලදායිතාව උපරිමය සඳහා මෙන්ම ඒ ආශ්‍රිත ව ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු යොදා ඇත. එමගින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඉලක්කයක් වන ගාල්ල දිස්ත්‍රික් ජනතාවගේ 9.9%ක් වන දිළිඳුකම අඩු කිරීම මෙමගින් අපේක්ෂා කරයි.
වර්තමානය වන විට මෙම වැඩසටහන සඳහා ස්ථාපිත ක්‍රියාකාරී මෙහෙයුම් කමිටුව මගින් ජීවනෝපාය මාර්ග දෙකක් ලෙස තේ හා කුරුඳු ආශ්‍රිත ජීවනෝපාය කටයුතුවල ඵලදායිතාව වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇත. එමෙන් ම මෙම ජීවනෝපායන් පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී තේ හා කුරුඳු සඳහා විශේෂ වෙළෙඳපොළක් තිබීම, ගැනුම්කරුවන් සමීපයේ සිටීම, වෙළෙඳපොළ ඇතිවන ඉහළ භාණ්ඩ අවශ්‍යතාව, ශ්‍රී ලාංකික තේ හා ආදේශන නොවන කුරුඳු සඳහා පවතින ඉල්ලුම හා පර්යේෂණ මගින් ලබා ගත හැකි නව නිපැයුම්වලින් නිර්මිත විශාල සම්පත් හා සේවා ප්‍රමාණයක් පැවතීම යන කරුණු නිසා තේ හා කුරුඳු ක්ෂේත්‍රයන් හි ඵලදායිතාව ඉහළ නැංවීම සාර්ථක ඉදිරි ඉලක්කයක් ලෙස මේ වන විටත් හඳුනාගෙන ඇත.
ප්‍රවර්ධනය තුළින් වැඩි ආදායමක් ලබා ගත හැකි භෝග සම්පතක් ලෙස කුරුඳු හා තේ වගාව හඳුනාගත්ත ද, මේ වන විට ලබා ගත හැකි උපරිම අස්වැන්න නෙළා ගැනීමට වගාකරුවෝ අපොහොසත් වී තිබීම දේශීය ආර්ථිකයට ලැබෙන ආදායම් නොලැබී යාමකි. එනම් කුඩා තේ වතු අධිකාරිය පවසන ආකාරයට අක්කරයකින් තේ කිලෝ ග්‍රෑම් 650 පමණක ප්‍රමාණයක් ලබා ගත හැකි වුව ද වගා හිමිකරුවෝ තේ අක්කරයකින් ලබා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 350ක සාමාන්‍ය අගයක පවතින බවය. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය තුළ තේ කිලෝ ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් අක්කරයකින් ලබා ගන්නා පිරිස 10%ක් පමණ අඩු ප්‍රමාණයක් බව සඳහන් වේ. කුරුඳු භෝගය ගැන සලකා බැලීමේ දී, එහි තත්ත්වය ද එම ආකාරයෙන් ම පවතී. එනම් කුරුඳු අස්වැන්න කිලෝ ග්‍රෑම් 150/200ක අගයක් පවතින අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තෙම්න්තුවට අනුව කුරුඳු අක්කරයකින් කුරුඳු කිලෝ ග්‍රෑම් 450ක පමණ අස්වැන්නක් වසරකට ලබා ගත හැකි බව සඳහන් වේ.
එබැවින් මේ වන විට ඵලදායිතා ප්‍රවර්ධන කමිටුව මගින් ඵලදායිතාව අඩු වීමට හේතු හඳුනාගනිමින් පවතී. එනම් ප්‍රධාන වශයෙන් වගාකරුවෝ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය සේවා පහසුකම් ලබා ගැනිමට ඇති අපහසුතාව, එනම් සේවා සැපයීමට සිටින නිලධාරීන් ගණන අඩු සංඛ්‍යාවක් වන අතර 90,000ක් පමණ වන ඉඩම් කැබලි සංඛ්‍යාවකට ඔවුන්ගේ උපදේශන සේවාව තුළින් වගාකරුවෝ සඳහා දැනුවත් භාවය ලබා දිය යුතුය. ඒ මගින් එක් අයෙකුට ඉඩම් 4000කට වඩා වැඩි සංඛ්‍යාවකට තම උපෙද්ශන සේවාව සැපයිය යුතු අතර ඒ සඳහා ඔවුනට හිමි සම්පත් හා කාලය ප්‍රමාණවත් නොවන්නේය. කාර්යාල තුළ අතිරේක නිලධාරීන් සිටිය ද ඔවුහු තම රාජකාරියෙන් බැහැර නොවන නිසා හෙවත් වෙනත් කටයුත්තකට සහය දැක්වීමට කැමැත්ත නොදැක්වීම මත ඔවුහු මැඳිරිගත මානසිකත්වයෙන් යුත් නිලධාරියෝ ලෙස හඳුනාගෙන ඇත. ඔවුන්ගේ මෙම මානසිකත්වය නිසා අතිරේක සේවා සම්පත වැදගත් කටයුත්තකට දායක නොවන සම්පතක් ලෙස අපතේ යාමක් සිදුවේ.
මෙම ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනේ දී ප්‍රධාන වශයෙන් වගාකරුවෝ පිළිබඳ සලකා බැලීමේ දී රජය මගින් ලබා දෙන දැනුම ලබා ගැනීම සඳහා සංවිධානගත වීම අඩුවීම භෝග ඵලදායිතාව අඩු මට්ටමක පැවතීමට හේතු වී ඇත. ඒ අනුව මෙහි පවතින දුර්වලතා හඳුනාගත් නිලධාරීහු ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධ වන්නේ සියල්ල අවබෝධ කරගත් පරිසරයකින් පසු විෂය ක්ෂේත්‍රයේ සිය කාර්යයට එහා ගිය මැදිහත් වීමකටය. ප්‍රායෝගිකව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අභියෝගයක් වුව ද එමගින් ජනතාවගේ ජීවන අර්බුද විසඳා ගැනීමට මඟ පෙන්වීම අරමුණු කර ගෙන ඇත.
මෙම වැඩපිළිවෙළ ආරම්භයේ දී ප්‍රථමයෙන් ම ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් අනුව ප්‍රාදේශීය කණ්ඩායම් සංකල්පය සවිබල ගැන්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම කටයුත්ත උදෙසා වසමක ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ,කෘෂි පර්යේෂණ නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරී යන කණ්ඩායම මුලික කරගෙන ඇත. ඒ ආකාරයෙන් මෙම කණ්ඩායම ප්‍රාදේශීය ලේකම් එහි නියමුවා වශයෙන් ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවේ ආරම්භය 2012 වර්ෂයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන්නකි. ප්‍රථමයෙන් කුරුඳු වගාවේ නියුතු 31දෙනෙකු සමඟ සාකච්ඡා කර ආරම්භ කරන ලද මෙම වැඩසටහන සතිපතා පවත්වන ලද ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවල තීන්දු තීරණ මත ඉදිරි කාර්යයන්ට සැලසුම් සකස් කරන ලදී. මෙහි දී විශේෂයෙන් ම අපනයන කෘෂිකර්ම නිලධාරීන්, කුඩා තේ වතු නිලධාරීන් හා සෙසු නිලධාරීන් විසින් භෝග වගාකරුවෝ සඳහා තම ඉඩම්වල ඇති භෝගවල සතු ආර්ථික වටිනාකම හා ඒ සඳහා ඵලදාව වැඩිදියුණු කර ගැනීමට හැකි ක්‍රම ගැන දැනුවත් භාවයට ගෙන එමින් ඵලදායිතාව අඩුවීමට හේතුවන කාරණා පැහැදිලි කර දෙනු ලැබීය. ඒ අනුව පසේ ආම්ලිකතාවය වෙනස්වීම මත ඵලදායිතාව වෙනස් වන බවද පස සංරක්ෂණය, පඳුරු පාලනය, පසට ගැලපෙන උසස් පොහොර භාවිතය හා අස්වැන්න ලබා ගැනීමේ දී තේ දළු නෙළීමේ ක්‍රමවත් භාවය, කුරුඳු අස්වැන්න ලබා ගන්නා නිවැරදි ක්‍රමයන් යන අස්වැන්න වැඩි කර ගතහැකි ක්‍රමයන් පිළිබඳ වගාකරුවන් දැනුවත් භාවයට පත් කරන ලදී.
මෙම කාල වකවානුවේ දී ලබාගත් ප්‍රගතිය මූලික පදනම කරගත් ප්‍රාදේශීය නියමුවෝ මෙහි ඉදිරි ගමන පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡාවන් ආරම්භ කරන ලද්දේ මුදල් අමාත්‍යාංශයේ ද අනුදැනුම අතැතිවය. ඒ යටතේ මේ වන විට ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන මගින් සපුරාගත් ඉලක්ක ලෙස තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට ඒ ඒ භෝගයන්ට අදාළ ව සේවා උපදෙස් ලබා ගැනීමට වතු හිමියන්ට අවස්ථාව ලබා දීම හා වතු හිමියන්ගේ ගැටලු විසඳා ගැනීමට ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන ජාලයක් නිර්මාණය කර ගැනීමට පසුබිම සකස් කරදීම ළඟා කර ගත් සාර්ථක ඉලක්කයන් වේ.
වර්තමානය වන විට මෙම දැවැන්ත වටිනා මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික්කය තුළ මෙහෙයුම් කමිටු 18ක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ ඉදිරි සැලසුම් සකස් කරමින් ප්‍රධාන ඉලක්කයන් දිනා ගැනීමට මෙම කමිටුව තුළ ඇති වටිනා ම සාධකය වන්නේ උප මෙහෙයුම් කමිටු 18හි ක්‍රියාකාරිත්වයයි. එහි ක්‍රියාකාරිත්වය යනු ගාලු දිස්ත්‍රික්කයේ අනාගත සුබ නිමිති වේ.
2013/2014 ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන මෙසේ සාර්ථක වන විට 2 වන අදියර ලෙස 2015 දී සපුරාගැනීමට ඉලක්ක කරගෙන පවතින අරමුණු කිහිපයක් පවතී.
01. පළමු අදියරේ ක්‍රියාත්මක වු ග්‍රාම නිලධාරී වසම්වල පහසුකාරකයන් 1105ක ගේ මැදිහත්වීම මත නව පවුල් 10,000ක් සම්බන්ධ කර ගැනීම.
02. ප්‍රජා සංවිධාන ක්‍රියාකාරීන් අතරින් වසමකට 05 බැගින් වසම් 284ක් සඳහා මැදිහත්කරුවන් 1420ක් හඳුනාගෙන එක් ප්‍රජා ක්‍රියාකාරියෙකුට නව වසම තුළ නව පවුල් 10 බැගින් වැඩසටහනට යොමු කර ගැනීමට කටයුතු කිරීම.
03. දිස්ත්‍රික්කයේ ඉතිරි ග්‍රාම නිලධාරි වසම් 612 තුළ වැඩසටහන ආරම්භ කිරීම මගින් නව පවුල් වැඩසටහන සඳහා සම්බන්ධ කර ගැනීම, ඒ තුළින් 48,680ක පමණ පහසුකාරකයන් මෙම වැඩසටහනට එක් කිරීමට අපේක්ෂා කරයි.
විධිමත්ව පියවර තබමින් ඉදිරියට පැමිණෙන ගාලු දිස්ත්‍රික්කයේ තවත් සාධනීය සුභ ලකුණක් වන මෙම ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන ගාල්ලට සැබැවින්ම හෙමින් පායන අරුණාලෝකයක් ව හෙට දින ප්‍රාණවත් කරන මහා හිරු කදම්භයක්ව එය ගාලු කොටුව දෙසින් පෙනෙන සුන්දරත්වයෙන් පිරි හිරුට වඩා එකතු කළ අගයක් සහිත ව දිදුලන රැස් දහරක් වනු ඇත.
වඳ වී යන විල් මුවා රැකගනිමු
ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් තෙත් කලාපයේ කළුතර හා ගාල්ල දිස්ත‍්‍රික්ක දෙකෙහි ද රට තුළට වන්නට ස්ථාන කිහිපයක හා වෙරළබඩ කලාපය ආශ‍්‍රිත පහත් බිම් ප‍්‍රදේශවල පමණක් වාර්තා වේ. මතුගම, බුලත්සිංහල, අම්බලන්ගොඩ, ගෝනපිනුවල, ඇත්කඳුර, කරන්දෙණිය, තෙල්වත්ත, බටපොළ, ඌරගස්මංහන්දිය හා මාඳු ගඟ ආශ‍්‍රිත දූපත්වල ද සුළු වශයෙන් මොවුන් ජීවත් වෙති. එහි වගුරු බිම්, පදුරු වනාන්තර, කුරුඳු වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල හා කඩොලාන ආශ‍්‍රිත පරිසරවල ජීවත් වේ. එහෙත් දැනට මේ සතුන් වාර්තා වන ප‍්‍රදේශවල සුදුසු වාසස්ථාන බොහොමයක් එළි පෙහෙළි වීම හේතුවෙන් මේ සතුන් ගේ ගහනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී.
මේ ප‍්‍රදේශවල ජනතාව විල් මුවා වගා බෝග ආහාරයට ගන්නා සතුරෙකු ලෙස සලකයි. කිරිවදින ගොයම්, කුරුඳු දළු, එළවළු බෝගවල දළු ආහාරයට ගැනීමට මේ සතුන් රාත‍්‍රී කාලයේ දී වගාබිම්වලට පැමිණේ. එසේ පැමිණෙන සතුන්ව විදුලි සැර යෙදීමෙන් හා මළ පුඩු වැනි උගුල් ඇටවීමෙන් මරණයට පත් කරයි. ඉතාම සීමිත ගහනයක් පමණක් ජීවත් වන මේ සතුන් මේ අයුරින් මරා මස් විකිණීම මේ ප‍්‍රදේශවල බහුලව සිදු කරයි. විශේෂයෙන් මෙය අම්බලන්ගොඩ, කරන්දෙණිය, බටපොළ හා ඌරගස්මන්හන්දිය වැනි ප‍්‍රදේශවල බහුල ව සිදුවන්නකි.
ලංකාවේ ඉතා ම සීමිත ව්‍යාප්තියක් ඇති මේ සතුන් ආසියාවේ රටවල් කිහිපයක ම වාර්තා වේ. නේපාලය, භූතානය, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය, පකිස්තානය හා ඉන්දියාව වැනි රටවල මේ විශේෂය ව්‍යාප්ත ව සිටී. ඉන්දියාවේ තරමක් බහුල ව වාසය කරන මේ සතුන් බෙංගාලය, උතුරු ඉන්දියාව, පංජාබය හා ඇසැමය යන ප‍්‍රදේශවල ජීවත් වේ. මියන්මාරයේ කඩොලාන වනාන්තරවල තරමක් බහුල ව මේ සතුන් වාර්තා වේ.
විල් මුවා ලංකාවේ ඉතා සීමිත ප‍්‍රදේශයක පමණක් ව්‍යාප්ත ව සිටින බැවින් සමහරුන් මේ විශේෂය යටත් විජිත යුගයේ දී දඩයම පිණිස ලංකාවට හඳුන්වා දුන් සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වයි. එහෙත් ඒ සඳහා කිසිදු ලිඛිත හෝ වෙනත් සාධක නොමැති අතර මේ විශේෂය ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත් වූ බවට සාධක පවතී. වසර 14000 ක් පමණ පැරණි අලවල පොත්ගුල් ලෙන තැනීමේ දී විල් මුවා ගේ යටි හනුවේ දතක කොටස් හමු වී ඇත. ඒ ගල් ලෙනෙහි හමු වූ සත්ත්ව නිදර්ශක පිළිබඳ ව ආචාර්ය ගාමිණී අධිකාරි මහතා සමඟ පර්යේෂණවල නිරත වන කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා විසින් මේ බව තහවුරු කර තිබේ.
ඒ අනුව විල් මුවා ඈත අතීතයේ සිට ම ලංකාවේ ජීවත් වූ බවට තහවුරු වේ. තව ද දැනට වඩා පුළුල් ව්‍යාප්තියක් මේ සතා ගේ අතීතයේ තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. තව ද ලංකාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ හා ඉන්දියාවේ වාර්තා වන විශේෂයේ ලක්ෂණ අතර පුළුල් වෙනසක් පවතින බව බොහෝ පර්යේෂකයින් ගේ මතයයි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණවල නිරත වුවහොත් මේ විශේෂය ලංකාවට ආවේණික විශේෂයක් වීමේ වැඩි හැකියාවක් ඇති බව දැනට විද්‍යාඥයින් අතර පවතින මතයකි.
ප‍්‍රමාණයෙන් සෙන්ටිමීටර 60 - 65ත් අතර උසින් යුත් විල් මුවා ගේ ශරීර වර්ණය ඒකාකාර ලා දුඹුරු පැහැති ය. ශරීර ප‍්‍රමාණයෙන් තිත් මුවාට වඩා කුඩා වන අතර ඕලු මුවාට වඩා තරමක් විශාල ය. ශරීරයේ සුදු පැහැති තිත් නොමැති බැවින් තිත් මුවාගේ ශරීර වර්ණය රතු - දුඹුරු පැහැයක් ගන්නා බැවින් ඕලු මුවා ගෙන් ද වෙන් කර හඳුනා ගත හැකි ය. පිරිමි සතුන්ට කොටස් තුනකට බෙදුණු අං යුගලක් හිමි ය. සාපේක්ෂව තරමක් දික් වූ වලිගයක් දරණ මේ සතා ගේ පාද තරමක් කෙටි ස්වභාවයක් ගනී. ඇස් පැහැදිලි ව නෙරා පෙනෙන අතර කළු පැහැයෙන් යුක්ත වේ.
මේ සතුන් ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රධාන වශයෙන් ම වාසස්ථාන ආරක්ෂා කිරීම සිදු කළ යුතු ය. ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත. මීට අමතර ව මේ සතුන් විවිධ ආකාරයෙන් මරණයට පත් කිරීමට එරෙහි ව නීති ක‍්‍රියාත්මක කළ යුතු ව ඇත.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව විල් මුවා ආරක්ෂිත සතෙකි. පනතේ 30 වන වගන්තියට අනුව මේ සතුන්ට තුවාල සිදු කිරීම, මැරීම, අල්ලා ගැනීම, අල්ලා ගැනීම සඳහා මළ පුඩුවක්, උගුලක්, තුවක්කුවක්, පොල්ලක් හෝ වෙනත් උපකරණයක් භාවිත කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතෙකු හෝ සතා ගේ කොටසක් (මස් ඇතුළුව) ළඟ තබා ගැනීම හෝ සන්තකයේ තබා ගැනීම, මස් විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම, සම් හෝ අං තට්ටු ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි වරදකට වරදකරු වූ පුද්ගලයකුට රු. 20,000කට නොඅඩු හෝ රු. 50,000කට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට අඩු නොවන හෝ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා වූ බන්ධනාගාර ගත කිරීමක් හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.
මේ නීති ක‍්‍රියාත්මක කිරීම පමණක් නො ව ජනතාව ඒ පිළිබඳ ව දැනුම්වත් කිරීම තුළින් මේ සතුන් රැක ගැනීම සඳහා යොමු වීම අද වන විට අත්‍යවශ්‍ය ව තිබේ.
Monday, 2 March 2015
චීන බෞද්ධ සත්‍ය කතා
භයානක උපන්දින සාදය
කිසි ප්‍රාණඝාතයක් නොකරන බවට දිවුරුම් දෙන ලද රාජ්‍ය නිලධාරියෙක් සිටියේය. නමුත් ඔහුගේ බිරිය කෲර චේතනා සහ කෑදර මුඛයක් සහිත ඇත්තියක් වූවාය. ඇය සෑම දිනයකම තමාට රස බොජුනක් පිළියෙල කර ගැනීම සඳහා පණ ඇති සතකුගේ දිවි නසා දැම්මාය. එහෙත් ඇයගේ ස්වාමි පුරුෂයා කිසි දිනක එසේ ඝාතනය කරන ලද කිසිම සතකුගේ මසක් ආහාර පිණිස නොගත්තේය.
එක් වර්ෂයක ඇයගේ උපන් දිනය මහ ඉහළින් පැවැත්වීමට කටයුතු සකස් කළාය. ඒ සඳහා වන සාදයට ඌරන් , එළුවන්, කුකුලන් හා තාරාවුන් වැනි ප්‍රාණීන් විශාල සංඛ්‍යාවක් එක්තැන් කොට මරණය සඳහා සූදානම් කොට තිබුණි.
ඇගේ ස්වාමිපුරුෂයා වන නිලධාරියා මෙම මරණයට කැප වී සිටින සතුන් දැක මහත් සේ කනගාටුවට හා නොසතුටට පත්ව බිරිඳ අමතා මෙසේ කීවේය.” ඔබ ඔබගේ උපන් දිනය සමරා සතුටුවෙන්නෙ මේ අහිංසක සතුන්ට මරණ වේදනාව දීලයි, මරණයට කැපවෙලා ඉන්න මේ සතුන්ට ඔබ අනුකම්පා කළ යුතුයි. ඒ අසරණයින් වෙනුවෙන් යම් ශුභවාදි දෙයක් කරන්න බලන්න”
මේ ප්‍රකාශය නිසා බිරිඳ කුපිත වූවා සේම මෙසේ විරෝධය පළ කළාය. “ ඔබ කියන්නේ අප හැමෝම බෞද්ධයින්ම විය යුතුය. හැමෝම සතුන් නොමරණ බවට දිවුරුම්දී පොරොන්දු විය යුතුය කියල ද හැමෝම එහෙම කරන්න ගියොත් මේ මුළු පළාතම අවුරුදු කීපයකදී සතුන්ගෙන් ම පිරේවි. මම ඒක බාරගන්නේ නෑ “
පසුව දා ඇය තමා සැලසුම් කළ මහා උපන්දින සාදය පැවැත්වීමේ පී‍්‍රතියෙන් ප්‍රමුදිත වූවාය . සත්ව වධකාගාරයේ අමිහිරි හඩින් අවට පරිසරය ඇළලී ගියේය. පළමුවැනි සූකරයා ඝාතනය පිණිස කුදලා ඇදගෙන යන විට උගේ ආත්මය නිලධාරි බිරිඳගේ කයට ආරූඪ විය. තියුණූ උල්පිහි තුඩ ඇගේ හදවත දෙපළු කරගෙන යන දැඩි වේදනාවෙන් ඇය පෙළුනාය. එය කෙසේවත් ඉවසිය නොහැකි මාරාන්තික පීඩාවක් බව අයට දැනෙන්ට විය. ඊළඟට පැමිණියේ එළුවකුගේ මරහඬ නගන වේදනාවය. ගෝ ඝාතකයාගේ බිහිසුණු තියුණු ආයුධ තමාගේ කය මස්වැදලි පසා කරගෙන කිඳා බසින සෙයක් ඇයට දැනුණි. එයින් අනතුරුව ආයේ කුකුලකු ගේ ගෙළ සිඳින අවස්ථාවය. ඉතා තියුණු මාරක ආයුධයේ මුවහත තමාගේ ගෙළ කසෙන් වෙන් කරන සෙයක් ඇයට දැනෙන්ට විය. ඇය මෙයට පෙර කිසි අවස්ථාවක එබඳු පීඩාකාරි වේදනාවක් විඳ දරා නැත. වේදනාවක මාරාන්තික පීඩාවක අත්දැකීම් ලබා නැත. ක්‍රමයෙන් මරණයේ වේදනාව ගැන හැඟීම් පහළ වන්ට විය. තමා අතින් බරපතල වරදක් සිදු වී ඇතැයි යන හැගීම ඇය තුළ හොල්මන් කෙළේය.
“ සත්ව ඝාතන වහාම නවත්වනු “ සූපවේදීන්ට හා ගෝ ඝාතකයින්ට ඇය අණ දුන්නාය. මෙතෙක් මරණ භයින් තැතිගෙන සිටි සියලුම සතුන් බැමි ලිහා මුදා හරින ලෙස නියම කළාය.
එදායින් පසුව කිසිම සතකු ආහාර පිණිස ඇය ඝාතනය නොකළාය. කිසිම සත්ව මංශයක් ආහාර පිණිස නොගත්තාය. සතකු ඝාතනය කිරීමේදී ඒ සතාට ඇතිවන වේදනාව කෙබඳුද යන්න සියලු දෙනාටම අවබෝධ කරදීමට ඇය උනන්දු වූවාය. සත්ව ඝාතනයේ ඇති අමානුෂික පාපකාරී ස්වභාවය ගැන සමාජය දැනුවත් කිරීමේ කාර්යය වෙනුවෙන් ඇය ඇප කැප වූවාය. මේ හේතුව නිසා ඇය දීර්ඝ කාලයක් සැපසේ ජීවත් වූවාය.

Sunday, 1 March 2015
ඇෆ්ගන් හිම කඳු කඩා වැටීමකින් ජීවිත හානි රැසක්
ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවරට උතුරින් දරුණු හිමකඳු කඩා වැටීමකින් පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මෙම සිදුවීමෙන් පසු හිම කඳුවලට යටවූ පිරිස් සොයා මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම් සිදුවන බවත්, තවත් විශාල පිරිසක් ඊට යටවී සිටිනු ඇතැයි විශ්වාස කරන බවත් විදෙස් වාර්තා පවසයි.
මේ අතර, තවත් ප්‍රදේශ රැසක හිම කඳු කඩා වැටීම් සිදුව ඇති බවත්, නුරිස්ථාන් ප්‍රදේශයේ එකම පවුලක 14 දෙනෙකු ජීවිතක්ෂයට ඇති බවත් පැවසෙයි.
දශක කිහිපයකට පසුව ඇති වූ අධික හිම පතනය මෙසේ හිම කඳු කඩා වැටීමට හේතුව බව බලධාරීහු පවසති.

ශ්රී ලංකාවේදී තහනම් කර යළි අවසර දුන් ප්‍රභාකරන්ගේ සාකච්ඡාවේ දෙවන කොටස මෙන්න
පළමුවැනි කොටසය මෙතනි
න්මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක් තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක් Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය (මෙය පළමු වරට පළවූයේ 1987 අගෝස්‌තු 2 වැනිදා නිකුත් වූ Frontline කලාපයේය.) ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් දිගටම සටන් කරන බව ප්‍රභාකරන් එම සාකච්ඡාවේදී පැවසීය. එසේම ඉන්දු ලංකා ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ. ය අමාරුවේ වැටුණු හැටිද ඔහු පෙන්වා දුන්නේය. ආරක්‍ෂක අමාත්‍යාංශය Frontline රඳවා ගන්නා ලද්දේ එම කරුණු නිසා විය හැකිය. කෙසේ වුවද එම සඟරාව නිදහස් කර වෙළෙඳපොළට යෑවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව ඉකුත් සතිය මැදදී වාර්තා විය. පහත පළවන්නේ ප්‍රභාකරන්ගේ එම සම්මුඛ සාකච්ඡාවේ දෙවැනි කොටසය.
FrontLine සඟරාව - 1987 අගෝස්‌තු 5 වැනිදා ඔබ යාපනයේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුවා. මේ ගැන මතභේදාත්මක වාර්තා කිහිපයක් පළ වුණා. (ඉදිරි පළාත් සභා) ඡන්දයේදී සමාජ විරෝධී සන්නද්ධ කණ්‌ඩායම් තරග කිරීම වළක්‌වාලන බව ඔබ කියා තිබුණා. තවත් වාර්තාවක කියෑවුණේ ඔබ සැම කණ්‌ඩායමකටම තරග කිරීමට ඉඩ දෙන බවයි. මේ දෙකෙන් ඇත්ත කොයි එකද?
ප්‍රභාකරන් - මැතිවරණයේදී තරග කිරීමට හැමෝටම ඉඩ දෙනවා. අප අපේ දැක්‌ම ජනතාවට ඉදිරිපත් කරනවා.
FrontLine - දෙමළ ජනතාවගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඔඹඛF) ගැන ඔබ දරන මතය කුමක්‌ද?
ප්‍රභාකරන් - ඔවුන් අතීතයේදී කළ දේවල් ඔබ දන්නවා. මැතිවරණවලට තරග කිරීම හැර ඔවුන් වෙන දන්නේ මොනවාද? ඒ අය නැවතත් ඡන්දයට යාවි. (අපේ ප්‍රදේශවල) බලය ඔවුන් අතට යනවාට අප විරුද්ධයි. අපේ අරමුණ එයයි. අපේ ස්‌ථාවරයත් එයයි. ජනතාව තීන්දුවක් ලබාදීපුවාවේ. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඡන්දවලදී) තරග කරපුවාවේ. අපි අපේ අරමුණ වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව ඉන්නවා. තමන් සිටිය යුත්තේ කොයි පැත්තෙද කියලා ජනතාව තීරණය කරාවි.
FrontLine - සුදුමාලෙයි නගරයේදී පවත්වපු ප්‍රසිද්ධ රැස්‌වීමකදී ඔබ කියා හිටියා කොටි සංවිධානය තම අරගලය විවිධ ස්‌වරූපවලින් කරනවාය කියා. ඒ ස්‌වරූප මොනවාද? මේ සටන ජන පදනමක් තිබෙන සටනක්‌ද? නැත්නම් විප්ලවීය පක්‍ෂයක මුහුණුවරකින් කරන සටනක්‌ද? අහිංසාවාදී සටනක්‌ද? නැත්නම් ඔබ යළි ආයුධ අතට ගන්නවාද?
ප්‍රභාකරන් - අපි ජන පදනමක් සහිත ජන මූල අරගලයක් කරනවා.
FrontLine - ඒත්, කොටි සංවිධානය මිලිටරි සංවිධානයක් නේද?
ප්‍රභාකරන් - අද කොටි සංවිධානය කියන්නේ ජන පදනමක් තිබෙන සංවිධානයක්. ඔබ අපේ මැයි දින රැලිය දකින්නට ඇති. ඒ රැලිය තිබුණ වකවානුවේදී මේ ප්‍රදේශය තුළ හමුදා පාලනයක් තිබුණා. හමුදා හෙලිකොප්ටර් අහසේ සිට වෙඩි තිබ්බා. ඒ අතර දකුණේ සිංහල ජනතාවට බැරිවුණා මැයි දිනය සමරන්න. (දකුණේ භීෂණය පැවැති කාලය විය යුතුය - පරිවර්තක) එවැනි භයානක තත්ත්වයක් තුළ ගිනි ගහන අව්වේ දෙලක්‍ෂයක ජනගහනයක් එකතු කරගෙන අපට මැයි දින රැලිය පවත්වන්නට පුළුවන් වුණා. අප ජන පදනමක් ඇති සංවිධානයක් කියන එකයි එහි තේරුම. අප එවැනි ශක්‌තියක් ගොඩනගාගෙන තිබෙනවා. අප මිලිටරි සංවිධානයක් විතරක් වුණානම් මෙවැනි සුවිශාල ආකාරයකින් ජනතාව මැයි දින රැලියට එන්නෙ නැහැ.
FrontLine - නැගෙනහිර මුස්‌ලිම් ජනතාව ගැන ඔබේ මතය කුමක්‌ද?
ප්‍රභාකරන් - මුස්‌ලිම්වරුන් වෙනම කොට්‌ඨාසයක් ලෙස අප දකින්නෙ නැහැ. අප සලකන්නේ ඔවුන් දෙමළ ජනතාවගේම අනු කුලකයක් ලෙසයි. මෙය භාෂාව මගින් එකමුතු කළ, ආගමෙන් වෙනස් වූ ජනතාවක් පිළිබඳ ප්‍රශ්නයක්.
FrontLine - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවාද නැද්ද යන කාරණය උදෙසා පවත්වන ජනමත විචාරණයකදී එකතු කිරීමට විරුද්ධව ඡන්දය දෙන ලෙස ජනාධිපති ජයවර්ධන ජනතාවට ආයාචනා කර තිබෙනවා. මේ එකතු කිරීමට එරෙහිව මුස්‌ලිම් ජනතාව ඡන්දය දුන්නොත් ඔබ කරන්නේ කුමක්‌ද?
ප්‍රභාකරන් - එවැනි තත්ත්වයකදී කළ යුතු දේ ගැන අපේ සැලසුමක් නැහැ. එය අනාගතයේදී සිදුවීමට යන දෙයක්. එයට උත්තර සැපයිය හැක්‌කේ එම ප්‍රශ්නය මතුවූ විටයි.
FrontLine - තරගකාරී දේශපාලනික රාමුවක් තුළ මැතිවරණයක් පැවැත්වෙන්නට යන්නේ නම් එහිදී හටගත හැකි ගැටලු ලෙස ඔබ දකින්නේ මොනවාද?
ප්‍රභාකරන් - දේශපාලන තරගකාරිත්වයට අප දැනටමත් මුහුණ දී තිබෙනවා. අපට මේවා නුපුරුදු නැහැ. කවරෙක් තෝරා ගන්නවාද කියන තැනට එන්නට ජනතාවට ඉඩ දෙමු. මේ වියවුලෙන් ඔවුන් බේරා ගත හැකි නිවැරැදි නායකත්වයක් තෝරා ගන්නට ජනතාවට ඉඩ හරිමු.
FrontLine - පන්දහසක් වූ එල්. ටී. ටී. ඊ. කේඩරයේ අනාගතය කුමක්‌ද?
ප්‍රභාකරන් - එම කේඩරයේ අනාගත ජීවිතය සඳහා අප නිවැරැදි සැලසුමක් හදනවා. අප ඔවුන් අතරමං කරන්නෙ නැහැ. ඔවුන්ගේ ජීවන මාර්ගය සඳහා ක්‍රමයක් අප පිළියෙළ කර දෙනවා.
FrontLine - කොයි විදියටද?
ප්‍රභාකරන් - අප රැකියා අවස්‌ථා ඇති කරනවා. අධ්‍යාපනය ලැබීමට කැමති අයට ඒ සඳහා අවකාශය ලැබෙනවා. ඔවුන්ට තාක්‍ෂණික අධ්‍යාපන වැඩපිළිවෙළක් අප සංවිධානය කරනවා. අප ඉතාම විනයානුකූල පැවැත්මකට යන අතර සාමූහික අවස්‌ථා නිර්මාණය කරනවා.
FrontLine - ඉන්දු ලංකා ගිවිසුම සහ (ගිවිසුමට අනුව) අවි භාරදීමේ යෝජනාව ගැන ඔබේ කේඩරයේ ප්‍රතිචාරය කුමක්‌ද? අවි භාර දෙනවාට ඔවුන් විරුද්ධද?
ප්‍රභාකරන් - අපේ කේඩරයට මාව විශ්වාසයි. ඔවුන් මගේ වචනයට අවනත වන්නේ ඒ නිසයි. ඒත් අද වන විට අපට ආරක්‍ෂාවක් නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ වෙනත් සන්නද්ධ කණ්‌ඩායම්වලින් අපට අන්තරායක් හටගෙන තිබෙනවා.
FrontLine - (ගිවිසුම ක්‍රියාත්මක වී අවි භාරදීමෙන් පසු) ඔබේ සාමාජිකයන්ගේ ගෙලෙහි එල්ලා තිබෙන සයනයිඩ් කරල්වලට සිදුවන්නේ කුමක්‌ද? අතේ ආයුධ නැතිවිට ඔය කරල්වලින් වැඩක් තිබෙනවද?
ප්‍රභාකරන් - සයනයිඩ් කරල් අවශ්‍යයි. දැන් ඒවා අත්‍යවශ්‍යයි. නැගෙනහිර පළාතේදී මැරයන්ගෙන් ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කණ්‌ඩායම්වලින් සහ සිංහල හමුදාවෙන් බේරෙන්නට ඔවුන් සතු එකම ආයුධය තමයි ඔය සයනයිඩ් කරල. ඒ විතරක් නොවෙයි තමන් සමග එක්‌ව සටන් කර ජීවිත පරිත්‍යාග කළ සහෝදර සටන්කාමීන් සිහිගන්වනු පිණිස මගේ කේඩරය දිගටම සයනයිඩ් කරල පළඳීවි. (මෙහිදී දිලිප් යෝගි දෙස හැරෙන ප්‍රභාකරන් ඔහු සයනයිඩ් කරලක් පැළඳ සිටිනවාදැයි විමසයි. යෝගි ගෙල වටා ඇති නූලකට යා කළ සයනයිඩ් කරල ඉවතට ඇද පෙන්වයි. එම කරල සාදා ඇත්තේ කලු සහ සුදු ප්ලාස්‌ටික්‌වලිනි. ප්‍රභාකරන් ද එවැනි සයනයිඩ් කරලක් කමිස කර තුළින් පිටතට ඇද පෙන්වයි. එහි ඡායාරූපයක් ගන්නදැයි µ්‍රන්ට් ලයින් වාර්තාකරු විමසූ විට ප්‍රභාකරන් විනීත ලෙස එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි.)
FrontLine - ඔබේ සටන්කරුවන් මරා දැමුණු විට ඔබට දැනෙන හැඟීම කුමක්‌ද? උදාහරණයක් වශයෙන් 1983 දී ශ්‍රී ලංකා යුද හමුදාව සමග ඇති වූ සටනකදී මරා දමන ලද කොටි සටන්කරුවකු වූ චාල්ස් ඇන්තනි සිහිපත් වනු පිණිස ඔබ ඔබේ පුතාට (මේ වන විට ප්‍රභාකරන්ගේ දෙවන පුතා වූ බාලචJද්‍රන් ඉපිද නැත) චාල්ස් ඇන්තනි යන නම තබා තිබෙනවා.
ප්‍රභාකරන් - ඔවුන් ගැන අපට හරිම දුකයි. විසිදහසක් ජීවිත පරිත්‍යාග කරමින් කළ සටන ඉන්දියාවේ අවශ්‍යතාවලට යටවෙලා. ඒ විතරක් නොවෙයිá ඒ වීරයන්ගේ නියෝජිතයන් වන අපට නිසි ගෞරවය හිමි වී නැහැ.
එමතුද නොව, මෙවැනි කාලයකදී (ඉන්දු ලංකා ගිවිසුමේ මුල් අවධියට අදාළ වකවානුව) අපට තිබෙන ජනතා සහයෝගය කොතරම් ද යන්න ඉන්දීය රජයට ප්‍රදර්ශනය කළ යුතු බවයි අපට හිතෙන්නේ. අපට අයිති දේ නොදී, අපගේ උපදෙස් ලබාගැනීමකින් තොරව, ඔවුන් (ඉන්දියාව) ගිවිසුමකට එළැඹිලා· ඒ අනුව දෙමළ ඊළම ඉලක්‌කය කරගෙන ජනතා සහයෝගය සහිතව දේශපාලනයට පිවිසීමට අප කැමතියි. සියලු තත්ත්වයන්ට ගැළපෙන උත්තරය එයයි.
FrontLine - කොටි සංවිධානය ඔවුන් සතු අවි සම්පූර්ණයෙන්ම භාර නොදෙන බව කොටි නියෝජිතයකු කී බවක් යාපනයේ පළවූ පුවත්පත්වල සඳහන් වුණා.
ප්‍රභාකරන් - ඔව්. අපි එහෙම කිව්වා. අනාරක්‍ෂිත පරිසරයක් තුළ නිරායුධ වී (අවි භාරදී) බුරුතු පිටින් සංහාරය වනවාට වඩා සටන් කර මියයාම යහපත්.
FrontLine - ඔබේ ජීවිතයට බලපෑ චරිත මොනවාද?
ප්‍රභාකරන් - තල්ති සඟරාවේ පළවූ, ර. සු. නල්ලපෙරුමාල් ලියන ලද 'කලුක්‌කුල් ඊරාම්' (ගල ඇතුළත තෙත් ය) කතා පෙළ මා පස් වතාවක් කියවා තිබෙනවා. එය ගෙතී ඇත්තේ ඉන්දියානු නිදහස් සටන වටායි. මෙහිදී ලේඛක නල්ලපෙරුමාල් අහිංසාවාදී අරගලය සහ සන්නද්ධ අරගලය තුළනය කරනවා. සාමාන්‍යයෙන් නිදහස් සටන් ව්‍යාපාරයන් ගැන ඕනෑම දෙයක් මා කියවනවා. Joan of Arc, නැපෝලියන්, වැනි අය ගැන තිබෙන පොත් මා කියවා තිබෙනවා. මම ඉතිහාසය ගැන හැමදාමත් උනන්දු වුණා. මෝගල් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කළ පළමුවැන්නාගේ නම සිවාජි. තරුණ කාලයේදී සුභාස් චන්ද්‍රබෝස්‌ගේ පින්තූරයක් නිතර මා සතුව තිබුණා. මා පාඩම් කරද්දී ඒ පින්තූරය මේසය මත තබා ගත්තා. මේස ලෑල්ල මත මා මෙහෙම ලියා තිබුණා. "මගේ මාතෘ භූමිය වෙනුවෙන් අවසන් ලේ බිඳුව දක්‌වා මම සටන් කරමි.
FrontLine - මිස්‌ටර් ප්‍රභාකරන් ඔබට ස්‌තුතියි.

මරණයෙන් දින හතකට පසු විජය හමුවූ උර්සුලා
විජය කුමාරතුංග තවමත් මේ රටේ මිනිසුන්ගේ හදවත් තුළ ජීවත් වන්නේය. ඔහුගේ මානව ප්‍රේමය පිළිබඳ ඕනෑවටත් වඩා කතා කර තිබේ. රංගන කෞශල්‍යය ගැන මියුරු හඬ ගැන කතා කර තිබේ. මේ ඔහු ගැන වෙනත් කතාවකි.
1979 දී විජය ගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවට සැපත්ව අවුරුදු 35 ක් තිස්‌සේ විජය පැතූ සුන්දර ලෝකය ගොඩනැඟීමට නිශ්සරණාධ්‍යාශයෙන් කැපවී සිටින ජර්මන් දානපතිනියක් වේ. ඇය උර්සුලා බයර් මැතිනියයි. ඇය සමඟ යෙදුණු පිළිසඳරකින් මෙම විශේෂාංගය සැකසුණි.
ජර්මනියේ සෝලිංගන් පුවත්පතේ ජනමාධ්‍ය වේදිනියක වන ඇය විජය කුමාරතුංගයන් භවයෙන් භවයට සසර පුරා එන සහෝදරයකු බව කියයි. මතු මතුත් විජයගේ සොහොයුරියක වී ඉපදීමට ප්‍රාර්ථනා කරන උර්සුලාගේ සංවාදයට සවන් දෙමු.
උර්සුලා හිටියේ නින්දේය. මින් පෙරදී නොඇසුව භාෂාවකින් කවුරුන්දොa සමඟ කතා කරනවා අසා සිටි ඇගේ ස්‌වාමියා ඇඟට අත තබා අවදිකර ඊට හේතු විමසුවේය.
"මගේ කාමරේ ආලෝකයෙන් බැබළුණා. මා කවුරුදොa කාලවර්ණ ඉතා දැකුම්කලු ආකර්ෂණීය දේහධාරී තරුණ පුරුෂයෙකු දුටුවා. මට ඔහු කතා කළා. මමත් ඊට ප්‍රතිචාර දැක්‌වූවා. හැබැයි ඒ ඔහු කියපු කරුණු මට හොඳින් අවබෝධ වුණා. ඒ භාෂාව ගැන සිතෙන විදියට ආසියාතික රටක වාගෙයි හැඟෙන්නේ. ආසියාවේ මිනිස් රූපයක් තමා මට සිහියට නැංවෙන්නේ". ඇය ස්‌වාමියාට කීවාය.
"ඔයා භූත දොඩවනවා". ඔහු කීය. උර්සුලා ඒ සිහිනය දුටුවේ 1979 ජනවාරි 14 දින රාත්‍රියේය. ඇය මාධ්‍ය ආයතනයෙන් ලද විශේෂ විදේශීය සංචාරයක් ලැබ 1979 ජුනි 18 දින ගුවන්ගත වූවාය. සිය ගමන ආසියා මහාද්වීපය සොයා ආරම්භ කරන්නට වූවාය.
ඇය ගුවන් තොටුපළට පිවිසියේ සිය ස්‌වාමියා ද කැටුවය.
එහිදී ඔවුනට අමුත්තෙකු හමුවිය. ඒ අමුත්තා අන් කවුරුත් නොවේ. මෙයට ප්‍රථම රාත්‍රියක සිහිනයෙන් දැක කතා කළ අද්භූත ආගන්තුකයාම යෑයි උර්සුලාට සිතුණි. ඇය ස්‌වාමියාට ද මේ සිද්ධිය හෙළි කළාය.
මාස හයකට ඉහතදී සිහිනයෙන් දුටුව ඒ ලස්‌සන මනුෂ්‍යයා දැන් තමා ඉදිරියේ ජීවමානව සිටිනවා නේදැයි උර්සුලා කල්පනා කරද්දී ඇයගේ කල්පනා ලොව බිඳිමින් ඔහු කතා කරන්නට විය. මේ ඔයාලා ඉන්නේ කොහෙ රටකට යන්නදැයි ඔහු ආකර්ශනීය සිනාවකින් තම හඬ අවදි කළේය.
භද්‍ර යෞවනයේ හිඳින උත්තුංග පුද්ගලයා දැත් එකතු කොට ආචාරකොට මෙසේ කතා කරන අතර මේ ආශ්චර්යය උර්සුලාට අදහා ගත නොහැකි විය.
"අපි ආසියාවේ රටවල් කිහිපයක සංචාරය කරනවා. ඔබ කොහේ ඉඳලාද ආවේ."
"මම ශ්‍රී ලංකාවේ. මගේ මවුබිමට යන්න මේ ඉඳින්නේ" ඔහු කීය.
"ආ කොච්චර ලස්‌සන හොඳ රටක්‌ද. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාව කියලා අපි අහල තියෙනවා."
"ආන්න හරි ඒ මගේ මවුරට තමයි. ඔය දෙන්නා අපේ රට අමතක කරන්නේ නැහැනේ." අද්භූත ආගන්තුක අමුත්තා ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නට වූයේය.
ස්‌වාමියා හා කතා කරගත් ඇය "අපි ඔබගේ රටට මුලින්ම ඔබ සමඟ එනවා" යෑයි කියමින් එකම ගුවන් යානයෙහි නැඟී ශ්‍රී ලාංකික අමුත්තා සමඟ ගුවන් ගත වූවාය.
මාධ්‍යවේදිනියක වන ඇය ශ්‍රී ලංකා සංචාරයේදී ගමන් කළ යුතු නගර, නැරඹිය යුතු වැදගත් ආයතන පිළිබඳ විමසන්නට වූයේ දැඩි කුතුහලයෙනි.
"මේ කාලයේ තමයි බුදු සිරිපතුල වඳින්නට වන්දනාවේ යන්නේ. ඔය දෙන්නට යන්න පුලුවන් අනුරාධපුරය, පොළොන්නරුව, කැලණිය, සීගිරි චිත්‍ර, දඹුල්ල, සිංහරාජ වනාන්තරය, ජයසිරිමහා බෝධිය, දළදා මාලිගය, ගංගා, අලි ඇතුන්, මහාවැව් බලන්න හැකියි. අමුත්තා හෙළිකළ තොරතුරු අසන විටදී ඇය උද්දාමයෙන් උද්දාමයට පත්වූවාය. "උර්සුලාවෝ සිහිනයෙන් දුටු සිද්ධිය හෙළි කරමින් දැයි දෙගිඩියාවෙන් පසු වෙද්දී "ඇයි ඔය තරම් බර කල්පනාවක භය වෙන්න එපා මගේ රටේ මිනිස්‌සු ආගන්තුක සත්කාරයට කැමැතියි. බොහොම ශීලාචාර ගුණ යහපත් අය. මම හොඳ නවාතැන් පළක් සොයා දෙන්නම්", අමුත්තා කීය.
කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකා භූමියට පය තැබුවා පමණි.
මේ නම් මගේම උපන් රට තමයි. මොකක් හෝ පුංචි වැරදීමකින් මම ජර්මනියේ ඉපදිලා තියෙන්නේ. මට දැන් දැනෙන්නේ මෙතෙක් කලක් ආගන්තුක දේශයක සිරවෙලා සිටියාදොaයි සිතෙනවා. ඇය ස්‌වාමියාටත් විජයටත් හෙළි කළාය. තමා ඉපදුණු තම මාතෘ භූමියට සත්‍ය ලෙසම සැපත් වී සිටින බව ඇයට හැඟෙන බවද ජීවිතයේ මින් පෙර නොලද ආස්‌වාදයක්, සතුටක් ශරීරයට විනිවිද දැනෙන බවද කීය.
විජය කුමාරතුංගයන් විසින් ඒ සීතල රාත්‍රියේම කොළඹ තරු පහේ සුපිරි හෝටලයකට කතා කර ආගන්තුක ජෝඩුවට හොඳින් ආරක්‍ෂාව සපයා රැක බලා ගන්නා ලෙසට එහි පාලනාධිකාරියට දැනුම් දුන්නේය.
එහිදී විජය ඔවුන්ට සමුදුන්නේ සංචාරය අතුරතුරදී තම නිවහනටද පැමිණ ආගන්තුක සත්කාරයකට සහභාගි වන ලෙසට දයාර්දව ඉල්ලීමක් කරමින්ය.
ශ්‍රී ලංකාවේ මාස කිහිපයක් ගතකළ උර්සුලාවෝ සංචාරයේ දී විශාල දැනුම් සම්භාරයක් සමඟ අවබෝධයක් ද ලැබුවාය.
භාෂාව, සිංහල සිරිත් විරිත් ආදිය ගැන ලත් අවබෝධය තුළින් ඇය සිහිනයෙන් කතා කළ භාෂාව සිංහල භාෂාවම බව ප්‍රත්‍යක්‍ෂ විය.
උඹගේ රට ශ්‍රී ලංකාව. උඹ ආත්ම ගණනාවක් සිංහල බෞද්ධ කාන්තාවක්. දානපතිනියක්. උඹට ළඟදී එහි යන්නට වාසනාව ලැබේවි. එදා රාත්‍රි සිහිනයෙන් විජය සිංහල භාෂාවෙන් කියා ඇති සුබ පණිවුඩය එය බව ඇයට වැටහිණි.
සංචාරය අවසන් කළ උර්සුලා යළි ජර්මනිය බලා නික්‌ම යැමට පෙර ගුවන් තොටුපළේ දී හමුවී කටුනායකදී සමුගත් නාඳුනන මිත්‍රයාගේ ඉල්ලීම අනුව ඔහු සොයාගෙන ගියේ ඔහු විසින් දෙන ලද ලිපිනය අනුවය.
ඔබගේ හමුවීම නිසා මේ සංචාරය සාර්ථක වුණා. ඔබ අපගේ ආත්මගත සොයුරෙක්, මේ සංචාරයෙන් හුඟාක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. ඔබට පුංචි පරිත්‍යාගයක් තියෙනවා. උර්සුලා විජයගෙන් ඉල්ලා සිටියේ මුදල් තොගයක් දිගු කරමිනි.
"මට කිසිවක් එපා. උපකාර උදව් කළයුතු පුද්ගලයන්, ආයතන, ළමා නිවාස තියෙනවා. අපි ගිහින් ඒ අයට දෙමු." මෙසේ කී විජය ඔවුන් සමඟ මහරගම සුචරිතෝදය ළමා නිවාසයට ගියේය. "මතක හිටින වැදගත් යමක් කරනවා නම් මෙතැන සුදුසුයි. මේවාගේ දුප්පත් දරුවෝ ලංකාවේ කිහිප තැනකම හිඳිනවා." සුචරිතෝදයේ දරුවන් පෙන්වමින් විජය හඳුන්වා දුන්නේය.
විජය ගේ ඉල්ලීමෙන් පසුව උර්සුලාගේ කාරුණික හදවත උණුවිණි. දරුවන්ට ඇඳුම් පැළඳුම්, ආහාර පාන, පොත පත පමණක් නොව අලුත්ම ගොඩනැඟිලි රාශියක්‌ද 1979 සිට අඛණ්‌ඩව ලබාදීමේ පදනමක් ඇරඹුණේය.
මාසිකව දිළිඳු දරුවන් දහසකට පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා ශිෂ්‍යත්ව ලබාදීම. ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර ආශ්‍රිතව ප්‍රජා ශාලා 25 ක් ඉදිකිරීම, පෙර පාසල්, දහම් පාසල්, පරිගණක පුහුණු ආයතන ආරම්භ කොට ගුරු වැටුප් සමඟ සියල්ලන්ට ආහාර පාන සැපයීම, ළමා නිවාස, වැඩිහිටි නිවාස ඉදිකිරීම, ගංගාරාම විහාරස්‌ථානයේ අභිනව වෘත්තීය පුහුණු ආයතන ගොඩනැඟිල්ල ඉදිකිරීම, එහි නවම් මහා පෙරහැරට මූල්‍යාධාර සැපයීම, හිසට සෙවණක් නැති පවුල් දහසකට නිවාස දහසක් ඉදිකිරීමටද ජර්මන් හිතු මිතු ගම ඇරඹීම, පිළියන්දල සිපින් ඔµa ලයිµa ආයුර්වේද රෝහල ඉදිකර ජාත්‍යන්තරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචාරය කිරීම ආදිය ඇයගේ පරිත්‍යාග කීපයක් වෙයි.
"මම ශ්‍රී ලංකාවට සේවය කරන්නේ සංසාර පළ පුරුද්ද හින්දයි. මම විතර සමාජයට වැඩ කරල සතුටු වන ජනමාධ්‍යවේදිනියක් ලෝකයේ නැතුව ඇති."
"මගේ කතාව ලංකාවේ දරුවන්හටත් ජනමාධ්‍ය වෘත්තියේ නියෑළෙන ජනමාධ්‍යවේදී සැමටත් ආදර්ශයක් වෙයි." උර්සුලා ඇයගේ කතාව හෙළි කරන්නට වූයේය.
"මට පුනරුත්පත්තිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මම බෞද්ධ පත පොත කියවනවා. භාවනා හොඳින් දන්නවා. මම හදවතින්ම බෞද්ධයි. උපතින් ජර්මන් වුණාට ගතින් සිතින් බෞද්ධයි."
"මගේ තාත්තා ජර්මන් යුද සෙබළෙක්. ඊට පෙර තාත්තා ප්‍රසිද්ධ සංගීතඥයෙක්. දෙවැනි ලෝක යුද්ධය නිසා සංගීතය අහන අය අඩුවෙලා. තාත්තා හමුදාවට බැඳුණේ අගහිඟ හින්දා."
"මම පාසලට ඇන්දේ එක ගවුමයි. සෙරෙප්පු පාවිච්චි කරන්නට සල්ලි තිබුණේ නැහැ. ඉස්‌කෝලේ ගියේ හැමදාම බඩ ගින්නෙයි. මගේ යෙහෙළියක් ගෙනා ආහාර වලින් ටිකක් කෑවා. එහෙම ඉගෙනගෙන ජනමාධ්‍යවේදිනියක වුණා."
"මගේ පුත්‍රයෙක් සෝලංගන් පත්‍රයේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්. ඡායාරූප ශිල්පියෙක්."
"විජය කුමාරතුංග කියන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ අග්‍රාමාත්‍යවරියක් හා අග්‍රාමාත්‍යවරයෙකුගේත් දෙවැනි දියණියගේ ස්‌වාමි පුරුෂයා බවත් ඔහු සුප්‍රසිද්ධ චිත්‍රපට රංගන ශිල්පියකු බවත් දැන ගත්තාට පසුව අපි මවිත වුණා. ඔහු තවදුරටත් ඔහුගේ පවුලේ තොරතුරු හෙළි කළේ නැහැ. කාලයක් ආශ්‍රය කරනකොට අපි මේවා දැනගත්තා."
"අපි සුචරිතෝධදය ළමා නිවාසයට ආධාර කරලා විජයගෙන් සමුගන්න කොට ඔහු මෙහෙම කීවා.
"අදින් පසුව ඔබ ලංකාවට එන්න ඕනේ ආගන්තුකයන් විදියට නොවෙයි. අපේම රටේ ළෙන්ගතු මිත්‍රයන් විදියටයි. ඒ එක්‌කම අපේ මේ බැඳීම ඉදිරියටත් පවතීවි." ඔහු කීවා.
ජර්මනිය දෙකඩ වුණු රටක්. දෙකඩ වුණු ජාතියක්. අද අපි එකතුව සිටිනවා. ලංකාවටත් දැන් උතුර නැගෙනහිර දකුණ කියා බේද නැතුව එකතුවෙලා සිටිනවා. ඔයා දන්නවාද මගේ මේ සමාජ සේවයට මුදල් හොයා ගන්නේ කොහොමද කියලා. අපේ ජර්මන් රටේ උපන් දින සාදවලට රුපියල් මිලියන ගණනක් එක පැයට දෙකට නාස්‌ති කරනවා. අපි ඒ මුදල් නාස්‌තිය වළක්‌වා ඒ මුදල් ලංකාවට මේ වාගේ වැඩ කරන්නට වැය කරනවා.
"මම විජය සමඟ අන්තිම වරට කතාකර සමුගත්තේ 1988 පෙබරවාරි මාසයේ මුල් සතියේදීයි."
විජය එදා මීට පෙර කිසිදවසක අපට නොකී කතාවක් කීවා. මම පුදුම වුණා.
"උර්සුලා සහෝදරිය. ඔයා කිසිදාක මේ පුංචි රට කිසිදා අමතක කරන්නට එපා. මේ රටේ මගේ ජනතාව ඔබට ආදරේ කරයි. ඔබව ආරක්‍ෂා කරයි. විජය කුමාරතුංගවත් පවුලේ අයවත් හැමදාම හදවතේ තියාගන්න කියලා ඔහු කීවා.
"මම විජයගේ පවුලෙන් සමුඅරන් ජර්මන් ගියා. සියලු බැඳීම් ඉවත් කරන්න. විජය ගැන බැඳීම් අත හැරියත් ලංකාවත් විජය ගේ පවුලත් අත් අරින්න එපා. 'විජය සමඟ තිබුණු හිත මිතුරුකම අත්හරින්න,' කවුරුදොa පණිවුඩයක් දීලා තිබුණා."
විජයගේ අකල් වියෝව පිළිබඳ ඒ දුක්‌බර පුවත බුද්ධි කිර්තිසේන අපිට දීලා තිබුණේ මෙහෙමයි.
"විජය මැරිලා දින 07 කට පසුව මා ඔහු සිහිනයෙන් දැක්‌කා. විජය සතුටින් සිටියේ. කොහේද ඉන්නේ ඇසුවා. සත්‍ය විශ්වාස කරන්න. මම ඉන්න තැනට ඔබට එන්නට බැහැ. නමුත් මට එන්න පුළුවන්. අපේ රටට හොඳ යුගයක් උදා වේවි. ජාතික සමඟිය ඇතිවේවි. ඔබ මගේ රටට උපකාර කරන්න, කියා විජය මගෙන් ඉල්ලා සිටියා," ඇය කීවාය.

Friday, 27 February 2015
සුන්දර උණවටුන අපි රැකගනිමු!!!
හොරු අල්ලනවා වගේ උණවටුන කෙලෙසූවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. සුන්දර උණවටුන අපි රැකගනිමු!!! මෙන්න නම් ගම් එක්ක විස්තර
උණවටුන මෙරට අති සුන්දර මුහුදු වෙරළක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වසර ගණනාවක් තිස්සේ මෙම අදහස පැලපදියම් වී ඇති නමුත් අද ඔබ උණවටුනට ගියොත් ඒ සුන්දර උණවටුන දැකිය නොහැකි වනු අැති.මන්ද යත් වෙරළ සංරක්ෂණය මුවාවෙන් සිදුකළ කොමිස් කුටිටි ජාවාරමක් නිසා සුන්දර උණවටුන වෙනුවට ,දියකඩන, යකඩබට, සැකසු ගල් පර ආදියෙන් උණවටුව වෙරළ කළාපය හානියට පත්වී තිබේ.
පසුගිය රජය සමයේ උණවටුනේ වැල්ලේ දේවාලය අවට සංවර්ධනය කරන මුවාවෙන් පසුගිය රජයට හිතවාදී ව කටයතු කළ පුද්ලගලයෙක් මේ සුන්දර වෙරළ විනාශ කලේ සිය පෞද්ගලික මඩිය තර කර ගැනීම සඳහාය.
මුහුදු රළ ගසන වෙරළේ සිට මීටර් 25ත් 30ත් අතර ප‍්‍රමාණයකින් පළල් වූ ප‍්‍රදේශයක වෙරළේ වැලිවැටිය තැන්පත්වී තිබුණි. උණවටුනට පැමිණි සංචාරකයන්ගේ මනදොළ පිනවූයේ මේ වැලිවැටියයි.
වසරේ එක් කාර්තුවකදී උණවටුන වෙරළ තීරය සුළු වශයෙන් ඛාදනයට ලක්වීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් ඊළඟ කාර්තුවේදී ස්වභාවිකව යළිදු වැලිවැටිය නිර්මාණය විය. මේ තත්වය කෘත‍්‍රීමව වෙනස් කරන්නට මැදිහත් වූයේ ජනාධිපති උපදේශකයෙකු යැයි කියාගන්නා රාජපක්ෂවරුන්ට හිතවත් වෛද්‍ය අජිත් රණවක නමැති ව්‍යාපාරිකයාය.
උණවටුන සංචාරක කලාපයේ ඔහුට අයත් ඉඩම් තුනකි. එක් ඉඩමක් පිහිටියේ උණවටුන පීකොක් හෝටලයත්, ධීවර විවේකාගාරයත් අතරය. සැන්ඩි ලේන් හෝටලය පිහිටි භූමියද ඔහුගේය. උණවටුන වෙරළේ යද්දෙහිමුල්ල ඉඩමද මෙම ව්‍යාපාරිකයා සතුය. වසරේ මුළු කාලය පුරාම ඔහුගේ හෝටලය සහ ඉඩම් ආසන්නයේ වැලිවැටිය රඳවාගැනීමේ අරමුණින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලවා උණවටුන වැල්ල දේවාලය අසල තුඩුවෙන් ගල්වැටියක් ඉදිකරගත්තේය. උණවටුන වෙරළේ විනාශයට මග පෑදුනේ මේ ගල්වැටියත් සමගය. මෙම ගල්වැටිය දැම්මේ වැල්ලේ දේවාලය රැකගෙන සංරක්ෂණය කිරීමේ අරමුණින් යයි මතයක් පතුරුවා හැරියද එය පට්ටපල් බොරුවකි. මිනිසුන් දහස් ගණනකගේ ජීවිකාව අහිමි වෙද්දී දෙවොලේ දෙවියන් කොහි සිටින්නේදැයි කිසිවෙකු දන්නේ නැත.
Thursday, 26 February 2015
ලංකාව පාවාදුන් උඩරට ගිිවිසුමට වසර 200 යි
අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කළු සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි.
මාර්තු 02 වන දිනට ඉංග‍්‍රීසි ආණ්ඩුව සමඟ උඩරැුටියන් අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොහොත් ඉතිහාසයේ සඳහන්වන උඩරට ගිවිසුමට අවුරුදු දෙසීයක් ගතවේ. ඊට පෙර 1796 පෙබරවාරි 16 දින වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග‍්‍රීසින් විසින් අයත්කර ගෙන තිබුණි. මාර්තු 02 දින පස්වරු හතරට ශ්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මහනුවර මඟුල් මඩුවේදී හමුවන ලෙස උඩරට අධිකාරම් හා දිසාවේවරුන් සහ අනිකුත් ප‍්‍රධානීන්ට දන්වා තිබුණි. එදා මල්වත්තේ මහනායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප‍්‍රමුඛ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේලාද මඟුල් මඩුවෙහි වැඩඋන්හ. එහිදී ගිිවිසුම මෙම ප‍්‍රධානීන්ට හා මොහොට්ටාලවරු ඇතුළු සුළු මුලාදෑනීන්ටද කියවා දෙනු ලැබීය.
එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනෙකුගේ පාලනය යටතේ පැවති අප රටේ ස්වෛරීත්වය එංගලන්තයේ III වන ජෝර්ජ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත්විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත්වූයේ 1714දී I වන ජෝර්ජ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි කියූ බි‍්‍රතාන්‍යයේ අඩක් නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝර්ජ්ටය. ගිවිසුම ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංග‍්‍රහයේ (Ceylon Legislative Enactment) xi ඛණ්ඩයේ 390 ෙඡ්දය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ජ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මගින් සම්මත වූ ජනරජයක් නැවතත් අපට ලැබුණේ 1970 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කලූ සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි. හතර කෝරළේ, හත්කෝරළේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332ක් වූ මුලූ රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප‍්‍රමාණය නූතනයෙහි සියලූම පළාත් සභා ප‍්‍රදේශ හා බස්නාහිර සහ දකුණ පළාත් සභා ප‍්‍රදේශයන් තුළ සමහර කොටස් ද අයිති වූ භූමි ප‍්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වූවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම්, පැළඳුම්, සමාජ චාරිත‍්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත‍්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්‍යයේය.
1833 ඔක්තෝබර් 11 දින ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් නිකුත් කළ ආඥාවක් අනුව මුහුදුබඩ ප‍්‍රදේශද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා 1845 ඔක්තෝබර් 01 දින සිට හයවන පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ්‍රීමත් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 දින ඔහු පෙරදී දකුණු හා බස්නාහිර පළාතට අයත්ව තිබූ කොටස් සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බි‍්‍රතාන්‍ය ක‍්‍රීටයට ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද කි‍්‍රයාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්ථාදායකය මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති කි‍්‍රයාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝණය කිරීමේදී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවටද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා අනපනත් මිස අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් වූ අන පනත් හා නීති රීති නොවේ. අපේ පැවති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන) දෙවැනි ක‍්‍රමය වූ ප‍්‍රධානීන් ඉදිරියේ විසª නඩු හා ගම් සභා නඩු විසඳීමේ ක‍්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුලූ දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරැුටියෙකුට ඉංග‍්‍රීසින්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක් ලබා නොදුන්නේය.
බි‍්‍රතාන්‍ය ගිවිසුමෙන් ඔවුන් මත පැවරුන වගකීම් හා විශ්වාසනීයත්වය ආරක්ෂා කළේ කෙසේද? 1817-18 ඌව කැරැල්ල, 1848 මාතලේ කැරැුල්ල ආදී ඔවුන්ගේ පාලනයට විරුද්ධව පැනනැගි මහජන විරෝධතාවන් කෲර ලෙස මැඩ පැවත්වීමට ආණ්ඩුකාරයා ඔහු සතුව තිබූ නෛතික බලය මෙන්ම විධායක හා පරිපාලන බලතල ද උපරිම ලෙස ක‍්‍රියාත්මක කළේය. ඔවුන්ගේ ආඥා පනතකින් සියලූම ඉඩම්වල අයිතිය රජය සතු කරගෙන ඒවා කිරීටය සතු ඉඩම් (Crown Land) යැයි නිවේදනය කළේය. පාරම්පරිකව හිමි වූ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට අසරණ ගම්වාසීන්ට නීතියේ සරණ පැතීමට නොහැකි විය. එම ඉඩම් කෝපි, තේ, රබර්, පොල් ආදී වැවිලි සඳහා රන් පවුම් සමාගම්වලට මෙන්ම වැවිලි කර්මාන්තය ගැන උනන්දුවක් දැක්වූ ආණ්ඩුවේ ඒජන්තවරුන් වැනි උසස් නිලතල දැරුවන්ට ලබාදුන්නේය. ඒ. පර්ග්‍යුසන්ගේ 1857 වාර්තාවක් අනුව යුරෝපීය වැවිලිකරුවන්ට එවකට අක්කර 6337092 අයත් වූ අතර එම ප‍්‍රමාණය වගා කිරීමේ කටයුතු සඳහා ගෙන්වා ගත් ඉන්දීය කම්කරු පිරිස 129200 ක් විය. බදුල්ලේ උඩුකිඳ ප‍්‍රදේශයෙන් පමණක් එක් රාත‍්‍රියකදී ස්වකීය නිවාසවලින් පාරට ඇද දැමූ පිරිස, මධ්‍යම පළාතේ පිරිසත් සමග පවුලේ 37000 ක් විය. (ඌව ජර්නල්) උඩරට ගැමි කොමිසමේ වාර්තාවක් අනුව මෙම පිරිසට ඉඩම් අඟලකුදු තම උපන් බිමින් හිමි නොවීය. උඩරට තරුණ පෙරමුණද මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්තාවක් සැපයූ නමුත් ඉංග‍්‍රීසි ආණ්ඩුව ඒ පිළිබඳව මුණිවත රැුක්කේය. ඉංග‍්‍රීසීන් අප රටෙන් ගිය පසුත් මෙම ඉඩම් රජයේ ඉඩම් (State Land) යැයි නම්කර කිසිදු සාධාරණයක් පරවේනි ඉඩම් හිමි ගැමියන්ට ඉටුවී නැත. ඒ වෙනුවට පසුගිය රජය පහළ වෙල්ලස්සෙන් පමණක් අක්කර පනස්දාහක් සමාගම්වලට බදුදීමට සැලසුම් කර තිබුණි.
මෙම තත්ත්වය තේරුම් ගැනීමට විටින් විට බලයට එන පාලකයින්ට හැකි වන්නේ අද ගමේ සොහොන් බිමකට ඉඩම් කෑල්ලක් අත්පත් කර ගැනීමට යාමේදී පවා ඉන්දියන් වතු කම්කරු සංගමයට, වෘත්තීය සමිති නායකයින්ට, වතුකරේ දේශපාලකයන්ට පිංසෙන්ඩු වීමට සෑම නායකයෙකුටම සිදුව ඇති නිසාය. මෙම තත්ත්වය වඩාත් උග‍්‍ර වී ඇත්තේ 1977 ව්‍යවස්ථාවෙන් පසු ක‍්‍රියාත්මක වන ජන අනුපාත මැතිවරණ ක‍්‍රමය නිසාය. මෙම තත්ත්වය වෙනස් කිරීමට අද දැයට අවශ්‍ය වන්නේ ජාති හිතෛෂි ජන නායකයන් මිස මිල මුදල්, බලය, නිලය පසුපස යන දේශපාලන නායකයන් නොවේ. පෘතුගීසීන්ගෙන්, ලන්දේසින්ගෙන් උඩරට ගැමියා රැකගත්තේ මෙම ඉඩම්ය. ඉංග‍්‍රීසීන් මිත‍්‍රයින් ලෙස මෙම ජනතාවගේ පරවේනි අයිතිය රැකීමට ගිවිස ගත්තත් අවුරුදු තුන්සියයක් පමණ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණයන්ගෙන් ගැමියා රැක ගත් ඉඩම් දේපල ඔවුන්ට අහිමි විය. එපමණක් නොව මුහුදුබඩ ප‍්‍රදේශවලට අධ්‍යාපන පහසුකම් ලබාදුන් අතර ඔවුන් උඩරට පළමු ස්වභාෂා පාසල ආරම්භ කළේ 1856 දීය.
එනම් ගිවිසුම අත්සන් කර අවුරුදු හතළිස් එකකට පසුවය. මෙම ප‍්‍රදේශවල සිට කොළඹට ප‍්‍රවාහන පහසුකම් සපයා දුන්නේ 1827 දී හමුදාවන්ගේ ගමන් පහසුව සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා දුන් පසුවය. උඩරට ඉඩම් බුක්ති විඳීමේ චාරිත‍්‍රය පැවතියේ ප‍්‍රදේශයේ ජනතාවගේ සමගිය හා එකමුතුව රැුකගැනීම අරමුණු කොටගෙනය.
හුන්නස්ගිරිය කැලේ අභිරහසක්
අයිටීඑන් සේවකයා නෑ : ඇඳුම් කෑලි හමුවේ
2015 පෙබරවාරි මස 26 15:25:12 | .
ස්වාධීන රූපවාහිනියේ මාතලේ හුන්නස්ගිරිය මුදුනේ විකාශනාගාරයේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී ජේ.එස්. ජාගොඩ (45) මහතා අඟහරුවාදා අලුයම සිට හුන්නස්ගිරියේදි අතුරුදන් වී ඇතැයි මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත.
ඇඳ සිටි සරම හා කමිසයේ කැබලි කිහිපයක් සම්ප්‍රේෂණාගාරයේ පහළ කැලයේ තිබූ බවත් එම ස්ථානයේ ගස් වැල් පොඩිවී තිබූ බවත් පොලිසිය කියයි. අඟහරුවාදා අලුයම 12.30 ට පමණ සිය සගයන් දෙදෙනා සමග තේ බී නින්දට ගිය ජාගොඩ මහතා ඔහුගේ කාමරයේ නොසිටි බව සගයන් පොලිසියට පවසා ඇත.
මාතලේ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා හුන්නස්ගිරි මහ කැලේ සෝදිසියක්ද අද පටන් ගත්තේය.
මාතලේ, කළුදෑවල ජාගොඩ මහතා පදිංචිව සිටියේය. ඔහුගේ බිරිඳ හා දරුවන් මාතර පළාතේ සිටි. ජාගොඩ මහතාට මෑතදි උසස්වීමක් ලැබුණු බවත් ඔහුගේ සගයකු බව කියන පුද්ගලයකු ඒ ගැන නොසතුටින් සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.
දින දෙකකට පසුවත් ඔහු ගැන ආරංචියක් ලැබී නැති බව පොලිසිය කියයි. කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කළ පොලිසිය හෝඩුවා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.
Wednesday, 25 February 2015
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාවට වීදුරු ආවරණයක්
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් යෙදීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවේ. කුරුලු වසුරු සහ සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති කැටපත් පවුර නිරීක්ෂණය කිරීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය ඇමැති නන්දිමිත‍්‍ර ඒකනායක පෙරේදා (23) පස්වරුවේ සීගිරියේ සංචාරයක නිරතවූ අවස්ථාවේ මේ සඳහා අවධානය යොමු කර තිබේ.
ඇමැතිවරයා සමඟ විද්වත් කණ්ඩායමක්ද සීගිරියට ගොස් කැටපත් පවුර නිරීක්ෂණය කර තිබේ
සීගිරිය කැටපත් පවුරට කුරුළු වසුරු වැටීම වැළැක්වීමට සඳහා ඉහළින් අවාරණයක් ඉදිකීරීම පිළිබඳ ඇමැතිවරයා බළධාරීන්ගෙන් අදහස් විමසා ඇත.
Tuesday, 24 February 2015
දියේ ලගින ඌරන් ගැන කතාවක්
මඩේ ලැග්ගත් ඌරන් දියේ ලගින බවක් අප අසා නැත. ස්වභාවයෙන්ම අපිරිසිදුව සිටීමට ප්‍රිය කරන ඌරන් ජලයට ප්‍රිය කරන බව දැනගැනීමට ලැබිම පවා පුදුමයක් වනවා නිසැකය. නමුත් බහමාස් රාජ්‍යයට අයත් කැරිබියානු දිවයිනක් වන ‘බිග් මේජර් කේහි’ පදිංචිකරුවන් වන මෙම සූකර රංචුව දියේ බැස කෙළි සෙල්ලම් කිරීමටත් පිහිනීමටත් කෙතරම් දක්ෂද කියතොත් මොවුන්ගේ ජල ක්‍රීඩා නැරඹීමට වාර්ෂිකව සංචාරකයින් විශාල පිරිසක් ‘බිග් මේජර් කේ’ වෙත පැමිණන්නෝය.
මිනිස් වාසයෙන් තොරවූ දිවයිනක් වන බිග් මේජර් කේ වෙත ඇදී එන සංචාරකයන් බොහෝ දෙනෙකු පාහේ ඒ වෙත එන්නේ කොහෙන් ආවාදැයි නොදන්න මෙම යෝධ ඌරන් රංචුව සමග එක්ව මුහුදේ පිහිනීමටය. දවසේ වැඩි කාලයක් හිරු එළියෙන් නැහැවුණු වෙරළ තීරයේ අව්ව තපිමින් ගත කරන මෙම ඌරන් රංචුව දිවයින වෙත එන සංචාරකයන් රැගත් යාත්‍රා දුටු කල දියඹට පැන ඒවා වෙත පිහිනා එන්නේ දැඩි උදේයා්ගයකිනි. සාමාන්‍යයෙන් වෙරළේ සිට අඩි තුන්සියයක් පමණ ඔබ්බට ඔවුන් මෙලෙස පිහිනා යාමට සමත්ය. හුදකලා දිවයිනක ගත කරන ජීවිතයට හොඳින් හැඩගැසී සිටින මෙම යෝධ සූකරයන් බොහෝවිට තම කුසගින්න නිවා ගන්නේ දිවයින අසලින් ගමන් කරන යාත්‍රාවලින් මුහුදට වීසි කරන ආහාර ද්‍රව්‍යවලිනි. දිවයිනේ සිටින මෙම අපූරු අමුත්තන් පිරිස ගැන දන්නා යාත්‍රාවල ගමන් ගන්නා පිරිස්ද ඒ අසලින් යාත්‍රා කරත්දී ආහාර ද්‍රව්‍ය දියඹට වීසි කිරීමට අමතක කරන්නේ නැත.
බිග් මේජර් කේ දිවයින වෙත කවදා කෙසේ ආවාදැයි නොදන්නා මෙම සූකර රංචුව එක්තරා ආකාරයකින් අබිරහසකි. නමුත් මොවුන් දිවයිනට පැමිණි ආකාරය සම්බන්ධයෙන් ඇති මත කිහිපයක් වෙයි. ඉන් එකක් නම් නාවිකයන් පිරිසක් මෙම ඌරන්ව පසුව ආහාරයට ගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනට දමා ගියද යළි ඒ වෙත පැමිණෙන්නට ඔවුන්ට අතපසු වන්නට ඇති බවය. ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ කිසියම් නැවක ගමන් ගත් මෙම සූකර රංචුව නැව අනතුරට පත් වීමෙන් පසු මෙම දිවයින වෙත පිහිනා එන්නට සමත් වන්නට ඇති බවය.

Facebook නිර්මාතෘගේ අලුත්ම පිම්ම
Facebook වෙනුවෙන්ම සැන්ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයක නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි. පොදු වෙළඳ සැල්, හෝටල්,ක්‍රීඩාංගණ ඇතුළුව සුඛෝපභෝගී පහසුකම් ඇතිව සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebookසේවකසේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීම වන බවත් නගර සැළසුමට අනුව නිවාස ඒකක10000ක් ඉදිකිරීමට නියමිත බවත් පැවසේ. ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි මෙම නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරයි.
Subscribe to:
Posts (Atom)