Pages

Wednesday 18 February 2015

කුණු ගොඩට වීසි කළ තැඹිළි ලොඳවලින් කුස ගින්දර නිවා ගන්නා ශ්‍රී ලංකා මාතාවගේ දරුවෙක්.

කුණු ගොඩට වීසි කළ තැඹිළි ලොඳවලින් කුස ගින්දර නිවා ගන්නා ශ්‍රී ලංකා මාතාවගේ දරුවෙක්. 
ගුවන් යානා නොඑන එයාර්පෝට්, පෝට් සිටි අධිවේග මාර්ග හදන්න කලින් මෙවැනි දරුවන්ගේ කුස ගින්දර නිවා සිටීම වැදගත් නේද?








වැලන්ටයින් ශාපය


යුරෝපයේ බොහෝ රටවල ජනයා පිළිගන්නා පරිදි පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ දිනයයි.ඔව්හු එදින සැණකෙළි පවත්වති. පෙම්වතුන් සුපිරි හෝටල් සහ අවන්හල් තුළ විනෝද වන අයුරු එදින දක්‌නට පුළුවන. පෙම්වතුන් හා පෙම්වතියන් අතර රෝස මල් හුවමාරු කර ගැනීම්, සුබපැතුම් පත් යෑවීම, තෑගි බෝග පිරිනැමීම වැනි ක්‍රියාකාරකම් වැලැන්ටයින් දිනයේ සුලබව සිදුවෙයි. ඇතැම් විට සමාජය විසින් හෙළා දකිනු ලබන සමූහ ප්‍රේමය සමූහ කාමාශ්වාදය බිරින්දෑවරු හුවමාරුව වැනි දේවල් ද ඒ අතර වෙයි. තම පෙම්වතාගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකිව ජීවිතයම අඳුරු කරගන්නා පෙම්වතියන් ගැනද අසන්නට ලැබේ. ඒ නිසා වැලන්ටයින් දිනය හැඳින්වීමට වලත්තයන්ගේ දිනය යනුවෙන් උපහාසාත්මක යෙදුමක්‌ද ව්‍යවහාරයට පැමිණ තිබේ. කෙසේ වුවද "වැලන්ටයින්" යන ඉංග්‍රීසි වචනය සිංහලයට පෙරළෙන්නේ එවැනි ඌරුවකටයි.
බටහිර පන්නයට හැඩ ගැසුණු අපේ රටේ නාගරික තරුණ තරුණියන් අතර වැලන්ටයින් දිනය තරමක්‌ ප්‍රචලිතව තිබුණත් ගැමි සමාජයට එය තවමත් ඇතුළත්වී නොමැත. ඇතැම් මාධ්‍ය ආයතන එය ගම්බද තරුණ පිරිසට හුරු කරවන්නට දැඩි උත්සාහයක යෙදෙන අයුරු දක්‌නට ලැබේ. එසේ කරන්නේ ඒ ඔස්‌සේ වෙළෙඳ රැල්ලක්‌ නිර්මාණය කර ගැනීමේ හා සංස්‌කෘතික හර පද්ධතීන් වැනසීමේ අදහසිනි. 2002 වැලන්ටයින් දිනයේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ කුටි සාදා පෙම්වතුන් ජෝඩු වශයෙන් ඒවාට කොටු කිරීමේ සැලැස්‌මක්‌ ද දියත් කෙරුණේ ඒ අනුවයි. කොටහේන ප්‍රදේශයේ එක්‌තරා දේවස්‌ථානයකට පැමිණෙන්නැයි ජනමාධ්‍ය මගින් පෙම්වතුන්ට අරයුම් කරන අවස්‌ථා ද තිබේ. සමස්‌ත කතෝලික බැතිමතුන් එවැනි ක්‍රියාවන් අනුමත කරන්නේ නැත.
වැලන්ටයින් යනු කතෝලික පූජකවරයෙකි. එතුමා ගැන පැහැදිලි ඓතිහාසික වාර්තා සොයාගත නොහැක. කතෝලික සාන්තුවරයන්ගේ නාමාවලියේද එවැනි කෙනෙකු ගැන සඳහන් නොවේ. කතෝලික බැතිමතුන් පෙබරවාරි 14 වැනිදා වෙන්කරගෙන තිබෙන්නේ ශාන්ත සිරිල් සහ ශාන්ත මෙතෝදියස්‌ නමැති සාන්තුවරුන් වෙනුවෙනි. ඉතාලියේ ජීවත් වූ ප්‍රාණ පරිත්‍යාග කළ වැලන්ටයින් නමැති රෝමානු කතෝලික පූජකවරුන් දෙදෙනකු ගැන පූරාවෘත්තයන්හි සඳහන් වෙයි. රෝමයේ දෙවන ක්‌ලෝඩියස්‌ රජු ක්‍රිස්‌තු වර්ෂ 279 දී වැලැන්ටයින් නමැති පූජකයකු හිස සිඳ මැරුවේය. ඒ රජුගේ පාලන කාලයෙහි විවාහක තරුණයේ යුද හමුදාව බැඳීමට මැලිකමක්‌ දැක්‌වූහ. හමුදාවට දුර්වල වීමට එය බලපෑවේය. ඒ ගැන අවධානය යොමු කළ ක්‌ලෝඩියස්‌ රජු විවාහය තහනම් කළේය. ඒ නීතිය හේතුවෙන් විවාහයට වැටකඩොලු බැඳුණු පෙම්වතුන් ගැන අනුකම්පා කළ වැලැන්ටයින් පූජකතුමා රහසිගත කුටියක්‌ තුළ තරුණ තරුණියන් විවාහ කරවීමේ වැඩපිළිවෙළක්‌ දියත් කළේය. ඔහු මරා දමන්නට රජු විසින් නියම කරන ලද්දේ එයට දඬුවම් වශයෙනි. ආදරවන්තයන්ට උදව් කිරීම හේතුවෙන් එවැනි දඬුවමකට ලක්‌වූ වැලැන්ටයින් පූජකවරයාගේ දේහය ද ඇත. එතුමා වෙනුවෙන් 1835 දී තැනූ දේවස්‌ථානයක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේද තිබේ. වැලැන්ටයින් නමින් පුරාවෘත්තයන්හි සඳහන් වන මේ පූජකවරුන් දෙදෙනා එක්‌ අයකු විය හැකි බව බොහෝ දෙනා අනුමාන කරති.
මරණ දඬුවම නියම වී සිටි වැලැන්ටයින් පූජකවරයා බලන්නට පැමිණි තරුණ තරුණියෝ එතුමා කෙරෙහි ඔවුන් තුළ ඇති ආදරය වැලිවලින් සිරමැදිරියේ බිත්තිවල සටන් කළහ. එතුමාගේ කුටියට රෝස මල් විසි කළහ. සිරමැදිරියේ බිත්තිවල සටහන් කළහ. එතුමාගේ කුටියට රෝසමල් විසි කළහ. සිරමැදිරියේ රැකවලාගේ දියණියද ඔවුන් අතර සිටියාය. පූජකවරයා සමග නිතර කතාබහ කරන්නට ඇයට පියාගෙන් අවසර ලැබිණි. දෙදෙනා අතර පෙම් සබඳතාවක්‌ ඇතිවුණ බව කියෑවෙයි. හිස සිඳින්නට රැගෙන යන දිනයේ පූජකවරයා තම පෙම්වතිය වෙනුවෙන් සිරමැදිරියේ බිත්තියක "ඔබගේ වැලැන්ටයින්ගේ ආදරය" Love From your Valantine යනුවෙන් සටහන් කළේය. පෙම්වතුන් අතර රෝසමල් හා සුබපැතුම්පත් හුවමාරුවට පදනම වැටුණේ වැලැන්ටයින් තුමාගේ ජීවිතය සමග බැඳුන මෙම සිදුවීම් අසුරෙනි. පෙම්වතා හැඳින්වීමට වැලැන්ටයින් නම ද භාවිත වෙයි. ලොව මුල්ම වැලැන්ටයින් සුබපැතුම් පත ලෙස සැලකෙන්නේ 1415 වසරේ ලන්ඩනයේ සිරමැදිරියක සිටි චාල්ස්‌ නමැති ආදිපාදවරයා පෙම්තියට යෑවූ සුබපැතුමයි.
භාරතීය දේව විශ්වාසයන්ට අනුව කාමයට අධිපති දෙවියා මල්සරාය. ඔහු පාර්වතී දෙස බැලුම් හෙළනු දැක කෝපයට පත් ඊශ්වරයා තම නෙත් කිරණින් මල්සරාගේ සිරුර දවාලීය. ඔහුට අනංගයා යන නාම ලැබුණේ අංග හෙවත් සිරුර නැත්තා යන අරුතිනි. අනඟ රැඟුම් හා අනඟ කෙළි යන වචන ඔහුගේ හැසිරීම් රටාව සමග බැඳී ඇත. අනංගයා තම දුන්නෙන් ආදරයේ මල් හී විද පෙම්වතුන්ගේ හදවත් සිදුරු කරයි. ඔහුගේ සිරිත ඔවුන් ආදරයෙන් උමතු කිරීමයි. බටහිර රටවල වැසියන්ගේ විශ්වාසයට අනුව කාමයට අධිපති වීනස්‌ දෙවියාගේ පුත්‍රයා කියුපිඩ්ය.වීනස්‌ යනු සිකුරුය. එසේම රූපයෙන් අගතැන්පත් දෙවඟනක්‌ ලෙසද හැඳින්වෙයි. කියුපිඩ් නිරූපණය කරන්නේ පියාපත් සහිත මල් දුන්නක්‌ අතින් ගත් බිළිඳකුගේ ස්‌වරූපයෙනි. පෙරදිග විශ්වාසයේ හැටියට ඒ මල්සරා හෙවත් අනංගයාය. ආදර පැතුම්පත්වල ඔහුගේ රුව ද යෙදෙයි. වැලැන්ටයින් සුබපැතුම් යෑවීම ප්‍රචලිත කරන ලද්දේ 1847 වසරේදී එස්‌තර් හොලන්ඩ් නමැති වෙළෙන්දියක විසිනි. සැබවින්ම එය වෙළෙඳ ව්‍යාපාරයකි. නත්තල් පත් හැරුණු විට බටහිර රටවල වැඩිපුරම හුවමාරු වන්නේ වැලැන්ටයින් සුබපැතුම් පත්ය.
අද වන විට අප සංස්කෘතියත් සීග්‍රයෙන් බටහිර ගති පැවතුම් වලට පෙලබෙන බව නොරහසකි. ඊටත් වඩා වේගයෙන් බටහිර පවතින දුසිරිත් (පෙරදිග ඇසින් බලන විට ) අප සමාජයට මුල්බැසගෙන හමාරය. වැලන්ටයින් දිනයද එවැන්නකි .යම අයෙක් මෙය කොළබ ඉහල පැලැන්තියේ දෙයක් ලෙස හුවා දක්වති. නමුත් ප්‍රශ්නය බහුලව පවතින්නේ ඔවුන් අනුකරණය කිරීමට යන (වෙනත් ලෙසකින් කියනවානම් වෙන්න පොෂ් ) පිරිස අතරය. මක් නිසාද යත් කුඩාකල සිට සංකර ලෙස හැදුන වැඩුන අය තමන්ගේ සීමාව හොද හැටි දනිති. ඊටත් අමතරව ඔවුන්ගේ ගති පැවතුම් වලට සමාන ගති පැවතුම් ඇති සමාජයක්ද සිටි. එහෙමත් නැත්නම් ධනය හා බල පුළුවන් කම නිසා අවසානයේ ඔවුන් අමාරුවේ නොවැටී ජිවත් වෙයි.
රටේ සදාචාරයට වඩා තමන්ගේ ජනප‍්‍රියත්වය බොහොම ඉහළින් සලකපු මාධ්‍ය ජාවාරම්කරුවන් මේ වැලන්ටයින් ආගමනය පිටුපස ලොකු භූමිකාවක් රඟපාපු බව ප‍්‍රකට කාරණාවක්. මිය ගිය වැලන්ටයින් පූජකවරයා ලංකාවේ තවමත් ජීවත් වෙන්නේ ඒ ‘මාධ්‍ය වීසාවල’ අනුමැතිය නිසයි. යම් දවසක මාධ්‍යයන් තුළින් ම වැලන්ටයින්ට වැට බැඳුණොත් ආවටත් වැඩිය ඉක්මනින් වැලන්ටයින් අපේ රටින් යවන්න පුළුවන් කියන එකත් විශ්වාසයි. ඒත් මේ රටේ එහෙම වෙන්නෙ නෑ. මොකද වැදගත් වෙන්නෙ ‘මුදල්’ මිසක, රට, ජාතිය, ආගම, සංස්කෘතිය හෝ සභ්‍යත්වය නො වන නිසා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා මුල්කරගෙන අපේ සමාජයට සිදු කළ ආකල්ප ම ය හානිය සුළුපටු නෑ. අදටත් ඔය කියන දවසෙදි මේ ධර්මද්වීපයේ බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වේ.
අද කාලයේ ආදරය ලෙස ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ විනෝදය, ලිංගික සතුට , තෑගිබෝග වැනිදේවල්ය. වැලන්ටයින් කීවාම අපිට මතක් වෙන්නේද , රාගයෙන් මත්වූ තරුණ ජෝඩු හොරෙන් පෙම්සුව විඳින දසුන්ය.වැලන්ටයින් කියද්දී සිහියට නැගෙන දෙවල් අතර , රූම්ස් , බීච් , පාර්ක් සහ බොක්ස් යන දේවල් පෙරමුනේ සිටී. එහෙත් අද කාලයේ ආදරය පලාගොස් ලිංගිකත්වය ඉතිරීවී තිබේ..ප්‍රථම ලිංගික එක්වීමේදී තම සහකාරියගේ හැසිරීම් රටාව, ඇය පුදුම වෙන ආකාරය, ඇය සතුටුවෙන ආකාරය ඕනෑම කොල්ලෙක් සිතින් අත්විදී.එය ඔහුගේ ජීවිතයේ වටිනාම දවස්වලින් එකකි. එහෙත් කනගාටුවට කාරණාවනම්........අද කාලේ ගොඩක් ගෑනු ළමයි එම සුන්දර අත්දැකීම , තම ජීවන ගමන් මගේ මුනගැහෙන නොවදගත් පුද්ගලයකුට, පරණ පෙම්වතාට, විනෝදයට ඇසුරු කරන පෙම්වතෙකුට ලබාදීමයි.
මීටත් වඩා භයනකම් වසංගතය උසස්පෙළ සිසු සිසුවියන් අතර මෙය පැතිරී යාමයි. යොවුන් වියට පා තබන ඔවුන් සමහරක් නොදැනුවත් කම නිසාවෙන් අසරණ වෙති. තවත් සමහරු කාමුකත්වය පසුපස යන වැඩිමල් පෙම්වතුන්ට හසු වෙති
එකකින් තරුණ තරුණියන්හට උපත් පාලන කොපු මිලදී ගැනීමට උගන්වයි. අනෙක තරුණියන් හට ප්‍රවේසම් වීමට මතක් කරදෙයි
මෙවැනි සංකර සිරිත් ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටකට කොහෙත්ම ගැලපෙන්නේ නැත ......ඒ බව අනගාරික ධර්මපාලතුමා ජීවතුන් අතර සිටියදී හොඳින් දැනගෙන සිටියේය ....මේ එතුමාගේ වදන් පෙළකි ...
" මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ,
ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා."
එදා අනගාරික ධර්මපාලතුමා මෙලෙස පැවසූයේ වර්තමානයේ බෞද්ධයන් සංකර සිරිත්වලට මේ ආකාරයෙන් ගොදුරුවීම නොවේද ?
මෙය දැනටමත් ජාතික ප්‍රශ්නයක් වී හමාරය..මේකෙන් විනාශ වෙන්නෙ අපේ සිංහල දැරියන්ය .සුද්ද අපිට පුරුදු කරපු දුරාචාර තමයි මත් පැන් ,සිගරැට්, සූදුව ..අනිත් දෙයනම් මේ වැලන්ටයින්ය ..මේ දවසට අපේ දැරියන් කීයක් තමන්ගෙ චරිතෙ විනාශ කර ගන්නවද ?...ඇයි අපි මේ ගැන කතා කරන්න බය වෙන්නෙ... ආදරේ කරන්න විශේෂ එක් දවසක් ඕන නැත ආදරේ කරන අයට හැම දවසක්ම විශේෂයි ..මේක අපේ දෙයක් නෙවෙයි.. දැරියනි ,,මේවගේ විනාශකාරී දේවල් වලට අහුවෙලා තමන්ගෙ ජීවිත අදුරු කර නොගන්න ....මුස්ලිම් ජාතිකයන් මේ වැඩ කරන්නෙ නැත ..සිංහල අපි තමයි මේ හැම කුනු ගොඩක්ම අපේ ඇගට දාගන්නෙ ...දැරියනි මේ කපටි වැඩ වලට හසුනොවන්න
මෙවැනි දුරාචාර දේවල් අරභයා තමන්ගේ නම ඇඳී තිබීම පිළිබඳව ශාන්ත වැලන්ටයින් පියතුමා දන්නේ නම් සිය දහස් වාරයක් කණගාටුවනවාටද සැක නැත......
..................