Pages

Tuesday 24 February 2015

දියේ ලගින ඌරන් ගැන කතාවක්


alt

මඩේ ලැග්ගත් ඌරන් දියේ ලගින බවක් අප අසා නැත. ස්වභාවයෙන්ම අපිරිසිදුව සිටීමට ප්‍රිය කරන ඌරන් ජලයට ප්‍රිය කරන බව දැනගැනීමට ලැබිම පවා පුදුමයක් වනවා නිසැකය. නමුත් බහමාස් රාජ්‍යයට  අයත් කැරිබියානු දිවයිනක් වන ‘බිග් මේජර් කේහි’ පදිංචිකරුවන් වන මෙම සූකර රංචුව දියේ බැස කෙළි සෙල්ලම් කිරීමටත් පිහිනීමටත් කෙතරම් දක්ෂද කියතොත් මොවුන්ගේ ජල ක්‍රීඩා  නැරඹීමට වාර්ෂිකව සංචාරකයින් විශාල පිරිසක් ‘බිග් මේජර් කේ’ වෙත පැමිණන්නෝය.
මිනිස් වාසයෙන් තොරවූ දිවයිනක් වන බිග් මේජර් කේ වෙත ඇදී එන සංචාරකයන් බොහෝ දෙනෙකු පාහේ ඒ වෙත එන්නේ කොහෙන් ආවාදැයි නොදන්න මෙම යෝධ ඌරන් රංචුව සමග එක්ව මුහුදේ පිහිනීමටය. දවසේ වැඩි කාලයක් හිරු එළියෙන් නැහැවුණු වෙරළ තීරයේ අව්ව තපිමින් ගත කරන මෙම ඌරන් රංචුව දිවයින වෙත එන සංචාරකයන් රැගත් යාත්‍රා දුටු කල දියඹට පැන ඒවා වෙත පිහිනා එන්නේ දැඩි උදේ‍යා්ගයකිනි. සාමාන්‍යයෙන් වෙරළේ සිට අඩි තුන්සියයක් පමණ ඔබ්බට ඔවුන් මෙලෙස පිහිනා යාමට සමත්ය. හුදකලා දිවයිනක ගත කරන ජීවිතයට හොඳින් හැඩගැසී සිටින මෙම යෝධ සූකරයන් බොහෝවිට තම කුසගින්න නිවා ගන්නේ දිවයින අසලින් ගමන් කරන යාත්‍රාවලින් මුහුදට වීසි කරන ආහාර ද්‍රව්‍යවලිනි. දිවයිනේ සිටින මෙම අපූරු අමුත්තන් පිරිස ගැන දන්නා යාත්‍රාවල ගමන් ගන්නා පිරිස්ද ඒ අසලින් යාත්‍රා කරත්දී ආහාර ද්‍රව්‍ය දියඹට වීසි කිරීමට අමතක කරන්නේ නැත.
බිග් මේජර් කේ දිවයින වෙත කවදා කෙසේ ආවාදැයි නොදන්නා මෙම සූකර රංචුව එක්තරා ආකාරයකින් අබිරහසකි. නමුත් මොවුන් දිවයිනට පැමිණි ආකාරය සම්බන්ධයෙන් ඇති මත කිහිපයක් වෙයි. ඉන් එකක් නම් නාවිකයන් පිරිසක් මෙම ඌරන්ව පසුව ආහාරයට ගැනීමේ බලා‍පොරොත්තුවෙන් දිවයිනට දමා ගියද යළි ඒ වෙත පැමිණෙන්නට ඔවුන්ට අතපසු වන්නට ඇති බවය. ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ කිසියම් නැවක ගමන් ගත් මෙම සූකර රංචුව නැව අනතුරට පත් වීමෙන් පසු මෙම දිවයින වෙත පිහිනා එන්නට සමත් වන්නට ඇති බවය.
alt

alt

Facebook නිර්මාතෘගේ අලුත්ම පිම්ම

FBFacebook වෙනුවෙන්ම සැන්ෆ්‍රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයක නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි. පොදු වෙළඳ සැල්හෝටල්,ක්‍රීඩාංගණ ඇතුළුව සුඛෝපභෝගී පහසුකම් ඇතිව සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්‍රධාන අරමුණ Facebookසේවකසේවිකාවන්ට සැන් ෆ්‍රැන්සිස්කෝ හි තම මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීම වන බවත් නගර සැළසුමට අනුව නිවාස ඒකක10000ක් ඉදිකිරීමට නියමිත බවත් පැවසේ.  ලොව ප්‍රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්‍රෑන්ක් ගෙරි මෙම නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරයි.
FB1FB2FB3