Pages

Sunday 1 March 2015

ඇෆ්ගන් හිම කඳු කඩා වැටීමකින් ජීවිත හානි රැසක්

ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවරට උතුරින් දරුණු හිමකඳු කඩා වැටීමකින් පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙම සිදුවීමෙන් පසු හිම කඳුවලට යටවූ පිරිස් සොයා මේ වනවිට මුදාගැනීමේ මෙහෙයුම් සිදුවන බවත්, තවත් විශාල පිරිසක් ඊට යටවී සිටිනු ඇතැයි විශ්වාස කරන බවත් විදෙස් වාර්තා පවසයි.

මේ අතර, තවත් ප්‍රදේශ රැසක හිම කඳු කඩා වැටීම් සිදුව ඇති බවත්, නුරිස්ථාන් ප්‍රදේශයේ එකම පවුලක 14 දෙනෙකු ජීවිතක්ෂයට ඇති බවත් පැවසෙයි.

දශක කිහිපයකට පසුව ඇති වූ අධික හිම පතනය මෙසේ හිම කඳු කඩා වැටීමට හේතුව බව බලධාරීහු පවසති.



මෙහෙමත් හිරගෙවල්


ශ්‍රී ලංකාවේදී තහනම් කර යළි අවසර දුන් ප්‍රභාකරන්ගේ සාකච්ඡාවේ දෙවන කොටස මෙන්න

පළමුවැනි කොටසය මෙතනි

න්මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා විය. එයට හේතුව 1987 අගෝස්‌තු මාසයේ දෙවැනි සතියේදී Frontline සඟරාවේ සහ Hindu පුවත්පතේ ලේඛක ටී. එම්. සුබ්‍රමානියම් විසින් යාපනේ රහසිගත ස්‌ථානයකදී ප්‍රභාකරන් හමුවී පුරා පැයක කාලයක්‌ තුළ දෙමළ භාෂාවෙන් කරන ලද සාකච්ඡාවක්‌ Frontline සඟරාවේ පෙබරවාරි 6 වැනිදා කලාපයේ නැවත පළ වීමය (මෙය පළමු වරට පළවූයේ 1987 අගෝස්‌තු 2 වැනිදා නිකුත් වූ Frontline කලාපයේය.) ඊලාම් රාජ්‍යයක්‌ වෙනුවෙන් දිගටම සටන් කරන බව ප්‍රභාකරන් එම සාකච්ඡාවේදී පැවසීය. එසේම ඉන්දු ලංකා ගිවිසුමෙන් එල්.ටී.ටී.ඊ. ය අමාරුවේ වැටුණු හැටිද ඔහු පෙන්වා දුන්නේය. ආරක්‍ෂක අමාත්‍යාංශය Frontline රඳවා ගන්නා ලද්දේ එම කරුණු නිසා විය හැකිය. කෙසේ වුවද එම සඟරාව නිදහස්‌ කර වෙළෙඳපොළට යෑවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව ඉකුත් සතිය මැදදී වාර්තා විය. පහත පළවන්නේ ප්‍රභාකරන්ගේ එම සම්මුඛ සාකච්ඡාවේ දෙවැනි කොටසය.

FrontLine සඟරාව - 1987 අගෝස්‌තු 5 වැනිදා ඔබ යාපනයේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වුවා. මේ ගැන මතභේදාත්මක වාර්තා කිහිපයක්‌ පළ වුණා. (ඉදිරි පළාත් සභා) ඡන්දයේදී සමාජ විරෝධී සන්නද්ධ කණ්‌ඩායම් තරග කිරීම වළක්‌වාලන බව ඔබ කියා තිබුණා. තවත් වාර්තාවක කියෑවුණේ ඔබ සැම කණ්‌ඩායමකටම තරග කිරීමට ඉඩ දෙන බවයි. මේ දෙකෙන් ඇත්ත කොයි එකද?



ප්‍රභාකරන් - මැතිවරණයේදී තරග කිරීමට හැමෝටම ඉඩ දෙනවා. අප අපේ දැක්‌ම ජනතාවට ඉදිරිපත් කරනවා.

FrontLine - දෙමළ ජනතාවගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඔඹඛF) ගැන ඔබ දරන මතය කුමක්‌ද?

ප්‍රභාකරන් - ඔවුන් අතීතයේදී කළ දේවල් ඔබ දන්නවා. මැතිවරණවලට තරග කිරීම හැර ඔවුන් වෙන දන්නේ මොනවාද? ඒ අය නැවතත් ඡන්දයට යාවි. (අපේ ප්‍රදේශවල) බලය ඔවුන් අතට යනවාට අප විරුද්ධයි. අපේ අරමුණ එයයි. අපේ ස්‌ථාවරයත් එයයි. ජනතාව තීන්දුවක්‌ ලබාදීපුවාවේ. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ (ඡන්දවලදී) තරග කරපුවාවේ. අපි අපේ අරමුණ වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව ඉන්නවා. තමන් සිටිය යුත්තේ කොයි පැත්තෙද කියලා ජනතාව තීරණය කරාවි.

FrontLine - සුදුමාලෙයි නගරයේදී පවත්වපු ප්‍රසිද්ධ රැස්‌වීමකදී ඔබ කියා හිටියා කොටි සංවිධානය තම අරගලය විවිධ ස්‌වරූපවලින් කරනවාය කියා. ඒ ස්‌වරූප මොනවාද? මේ සටන ජන පදනමක්‌ තිබෙන සටනක්‌ද? නැත්නම් විප්ලවීය පක්‍ෂයක මුහුණුවරකින් කරන සටනක්‌ද? අහිංසාවාදී සටනක්‌ද? නැත්නම් ඔබ යළි ආයුධ අතට ගන්නවාද?

ප්‍රභාකරන් - අපි ජන පදනමක්‌ සහිත ජන මූල අරගලයක්‌ කරනවා.

FrontLine - ඒත්, කොටි සංවිධානය මිලිටරි සංවිධානයක්‌ නේද?

ප්‍රභාකරන් - අද කොටි සංවිධානය කියන්නේ ජන පදනමක්‌ තිබෙන සංවිධානයක්‌. ඔබ අපේ මැයි දින රැලිය දකින්නට ඇති. ඒ රැලිය තිබුණ වකවානුවේදී මේ ප්‍රදේශය තුළ හමුදා පාලනයක්‌ තිබුණා. හමුදා හෙලිකොප්ටර් අහසේ සිට වෙඩි තිබ්බා. ඒ අතර දකුණේ සිංහල ජනතාවට බැරිවුණා මැයි දිනය සමරන්න. (දකුණේ භීෂණය පැවැති කාලය විය යුතුය - පරිවර්තක) එවැනි භයානක තත්ත්වයක්‌ තුළ ගිනි ගහන අව්වේ දෙලක්‍ෂයක ජනගහනයක්‌ එකතු කරගෙන අපට මැයි දින රැලිය පවත්වන්නට පුළුවන් වුණා. අප ජන පදනමක්‌ ඇති සංවිධානයක්‌ කියන එකයි එහි තේරුම. අප එවැනි ශක්‌තියක්‌ ගොඩනගාගෙන තිබෙනවා. අප මිලිටරි සංවිධානයක්‌ විතරක්‌ වුණානම් මෙවැනි සුවිශාල ආකාරයකින් ජනතාව මැයි දින රැලියට එන්නෙ නැහැ.

FrontLine - නැගෙනහිර මුස්‌ලිම් ජනතාව ගැන ඔබේ මතය කුමක්‌ද?

ප්‍රභාකරන් - මුස්‌ලිම්වරුන් වෙනම කොට්‌ඨාසයක්‌ ලෙස අප දකින්නෙ නැහැ. අප සලකන්නේ ඔවුන් දෙමළ ජනතාවගේම අනු කුලකයක්‌ ලෙසයි. මෙය භාෂාව මගින් එකමුතු කළ, ආගමෙන් වෙනස්‌ වූ ජනතාවක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌.

FrontLine - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවාද නැද්ද යන කාරණය උදෙසා පවත්වන ජනමත විචාරණයකදී එකතු කිරීමට විරුද්ධව ඡන්දය දෙන ලෙස ජනාධිපති ජයවර්ධන ජනතාවට ආයාචනා කර තිබෙනවා. මේ එකතු කිරීමට එරෙහිව මුස්‌ලිම් ජනතාව ඡන්දය දුන්නොත් ඔබ කරන්නේ කුමක්‌ද?

ප්‍රභාකරන් - එවැනි තත්ත්වයකදී කළ යුතු දේ ගැන අපේ සැලසුමක්‌ නැහැ. එය අනාගතයේදී සිදුවීමට යන දෙයක්‌. එයට උත්තර සැපයිය හැක්‌කේ එම ප්‍රශ්නය මතුවූ විටයි.

FrontLine - තරගකාරී දේශපාලනික රාමුවක්‌ තුළ මැතිවරණයක්‌ පැවැත්වෙන්නට යන්නේ නම් එහිදී හටගත හැකි ගැටලු ලෙස ඔබ දකින්නේ මොනවාද?

ප්‍රභාකරන් - දේශපාලන තරගකාරිත්වයට අප දැනටමත් මුහුණ දී තිබෙනවා. අපට මේවා නුපුරුදු නැහැ. කවරෙක්‌ තෝරා ගන්නවාද කියන තැනට එන්නට ජනතාවට ඉඩ දෙමු. මේ වියවුලෙන් ඔවුන් බේරා ගත හැකි නිවැරැදි නායකත්වයක්‌ තෝරා ගන්නට ජනතාවට ඉඩ හරිමු.

FrontLine - පන්දහසක්‌ වූ එල්. ටී. ටී. ඊ. කේඩරයේ අනාගතය කුමක්‌ද?

ප්‍රභාකරන් - එම කේඩරයේ අනාගත ජීවිතය සඳහා අප නිවැරැදි සැලසුමක්‌ හදනවා. අප ඔවුන් අතරමං කරන්නෙ නැහැ. ඔවුන්ගේ ජීවන මාර්ගය සඳහා ක්‍රමයක්‌ අප පිළියෙළ කර දෙනවා.

FrontLine - කොයි විදියටද?

ප්‍රභාකරන් - අප රැකියා අවස්‌ථා ඇති කරනවා. අධ්‍යාපනය ලැබීමට කැමති අයට ඒ සඳහා අවකාශය ලැබෙනවා. ඔවුන්ට තාක්‍ෂණික අධ්‍යාපන වැඩපිළිවෙළක්‌ අප සංවිධානය කරනවා. අප ඉතාම විනයානුකූල පැවැත්මකට යන අතර සාමූහික අවස්‌ථා නිර්මාණය කරනවා.

FrontLine - ඉන්දු ලංකා ගිවිසුම සහ (ගිවිසුමට අනුව) අවි භාරදීමේ යෝජනාව ගැන ඔබේ කේඩරයේ ප්‍රතිචාරය කුමක්‌ද? අවි භාර දෙනවාට ඔවුන් විරුද්ධද?

ප්‍රභාකරන් - අපේ කේඩරයට මාව විශ්වාසයි. ඔවුන් මගේ වචනයට අවනත වන්නේ ඒ නිසයි. ඒත් අද වන විට අපට ආරක්‍ෂාවක්‌ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ වෙනත් සන්නද්ධ කණ්‌ඩායම්වලින් අපට අන්තරායක්‌ හටගෙන තිබෙනවා.

FrontLine - (ගිවිසුම ක්‍රියාත්මක වී අවි භාරදීමෙන් පසු) ඔබේ සාමාජිකයන්ගේ ගෙලෙහි එල්ලා තිබෙන සයනයිඩ් කරල්වලට සිදුවන්නේ කුමක්‌ද? අතේ ආයුධ නැතිවිට ඔය කරල්වලින් වැඩක්‌ තිබෙනවද?

ප්‍රභාකරන් - සයනයිඩ් කරල් අවශ්‍යයි. දැන් ඒවා අත්‍යවශ්‍යයි. නැගෙනහිර පළාතේදී මැරයන්ගෙන් ප්‍රතිවිරුද්ධ සන්නද්ධ කණ්‌ඩායම්වලින් සහ සිංහල හමුදාවෙන් බේරෙන්නට ඔවුන් සතු එකම ආයුධය තමයි ඔය සයනයිඩ් කරල. ඒ විතරක්‌ නොවෙයි තමන් සමග එක්‌ව සටන් කර ජීවිත පරිත්‍යාග කළ සහෝදර සටන්කාමීන් සිහිගන්වනු පිණිස මගේ කේඩරය දිගටම සයනයිඩ් කරල පළඳීවි. (මෙහිදී දිලිප් යෝගි දෙස හැරෙන ප්‍රභාකරන් ඔහු සයනයිඩ් කරලක්‌ පැළඳ සිටිනවාදැයි විමසයි. යෝගි ගෙල වටා ඇති නූලකට යා කළ සයනයිඩ් කරල ඉවතට ඇද පෙන්වයි. එම කරල සාදා ඇත්තේ කලු සහ සුදු ප්ලාස්‌ටික්‌වලිනි. ප්‍රභාකරන් ද එවැනි සයනයිඩ් කරලක්‌ කමිස කර තුළින් පිටතට ඇද පෙන්වයි. එහි ඡායාරූපයක්‌ ගන්නදැයි µ්‍රන්ට්‌ ලයින් වාර්තාකරු විමසූ විට ප්‍රභාකරන් විනීත ලෙස එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරයි.)

FrontLine - ඔබේ සටන්කරුවන් මරා දැමුණු විට ඔබට දැනෙන හැඟීම කුමක්‌ද? උදාහරණයක්‌ වශයෙන් 1983 දී ශ්‍රී ලංකා යුද හමුදාව සමග ඇති වූ සටනකදී මරා දමන ලද කොටි සටන්කරුවකු වූ චාල්ස්‌ ඇන්තනි සිහිපත් වනු පිණිස ඔබ ඔබේ පුතාට (මේ වන විට ප්‍රභාකරන්ගේ දෙවන පුතා වූ බාලචJද්‍රන් ඉපිද නැත) චාල්ස්‌ ඇන්තනි යන නම තබා තිබෙනවා.

ප්‍රභාකරන් - ඔවුන් ගැන අපට හරිම දුකයි. විසිදහසක්‌ ජීවිත පරිත්‍යාග කරමින් කළ සටන ඉන්දියාවේ අවශ්‍යතාවලට යටවෙලා. ඒ විතරක්‌ නොවෙයිá ඒ වීරයන්ගේ නියෝජිතයන් වන අපට නිසි ගෞරවය හිමි වී නැහැ.

එමතුද නොව, මෙවැනි කාලයකදී (ඉන්දු ලංකා ගිවිසුමේ මුල් අවධියට අදාළ වකවානුව) අපට තිබෙන ජනතා සහයෝගය කොතරම් ද යන්න ඉන්දීය රජයට ප්‍රදර්ශනය කළ යුතු බවයි අපට හිතෙන්නේ. අපට අයිති දේ නොදී, අපගේ උපදෙස්‌ ලබාගැනීමකින් තොරව, ඔවුන් (ඉන්දියාව) ගිවිසුමකට එළැඹිලා· ඒ අනුව දෙමළ ඊළම ඉලක්‌කය කරගෙන ජනතා සහයෝගය සහිතව දේශපාලනයට පිවිසීමට අප කැමතියි. සියලු තත්ත්වයන්ට ගැළපෙන උත්තරය එයයි.

FrontLine - කොටි සංවිධානය ඔවුන් සතු අවි සම්පූර්ණයෙන්ම භාර නොදෙන බව කොටි නියෝජිතයකු කී බවක්‌ යාපනයේ පළවූ පුවත්පත්වල සඳහන් වුණා.

ප්‍රභාකරන් - ඔව්. අපි එහෙම කිව්වා. අනාරක්‍ෂිත පරිසරයක්‌ තුළ නිරායුධ වී (අවි භාරදී) බුරුතු පිටින් සංහාරය වනවාට වඩා සටන් කර මියයාම යහපත්.

FrontLine - ඔබේ ජීවිතයට බලපෑ චරිත මොනවාද?

ප්‍රභාකරන් - තල්ති සඟරාවේ පළවූ, ර. සු. නල්ලපෙරුමාල් ලියන ලද 'කලුක්‌කුල් ඊරාම්' (ගල ඇතුළත තෙත් ය) කතා පෙළ මා පස්‌ වතාවක්‌ කියවා තිබෙනවා. එය ගෙතී ඇත්තේ ඉන්දියානු නිදහස්‌ සටන වටායි. මෙහිදී ලේඛක නල්ලපෙරුමාල් අහිංසාවාදී අරගලය සහ සන්නද්ධ අරගලය තුළනය කරනවා. සාමාන්‍යයෙන් නිදහස්‌ සටන් ව්‍යාපාරයන් ගැන ඕනෑම දෙයක්‌ මා කියවනවා. Joan of Arc, නැපෝලියන්, වැනි අය ගැන තිබෙන පොත් මා කියවා තිබෙනවා. මම ඉතිහාසය ගැන හැමදාමත් උනන්දු වුණා. මෝගල් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කළ පළමුවැන්නාගේ නම සිවාජි. තරුණ කාලයේදී සුභාස්‌ චන්ද්‍රබෝස්‌ගේ පින්තූරයක්‌ නිතර මා සතුව තිබුණා. මා පාඩම් කරද්දී ඒ පින්තූරය මේසය මත තබා ගත්තා. මේස ලෑල්ල මත මා මෙහෙම ලියා තිබුණා. "මගේ මාතෘ භූමිය වෙනුවෙන් අවසන් ලේ බිඳුව දක්‌වා මම සටන් කරමි.

FrontLine - මිස්‌ටර් ප්‍රභාකරන් ඔබට ස්‌තුතියි.

මරණයෙන් දින හතකට පසු විජය හමුවූ උර්සුලා

විජය කුමාරතුංග තවමත් මේ රටේ මිනිසුන්ගේ හදවත් තුළ ජීවත් වන්නේය. ඔහුගේ මානව ප්‍රේමය පිළිබඳ ඕනෑවටත් වඩා කතා කර තිබේ. රංගන කෞශල්‍යය ගැන මියුරු හඬ ගැන කතා කර තිබේ. මේ ඔහු ගැන වෙනත් කතාවකි.

1979 දී විජය ගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවට සැපත්ව අවුරුදු 35 ක්‌ තිස්‌සේ විජය පැතූ සුන්දර ලෝකය ගොඩනැඟීමට නිශ්සරණාධ්‍යාශයෙන් කැපවී සිටින ජර්මන් දානපතිනියක්‌ වේ. ඇය උර්සුලා බයර් මැතිනියයි. ඇය සමඟ යෙදුණු පිළිසඳරකින් මෙම විශේෂාංගය සැකසුණි.

ජර්මනියේ සෝලිංගන් පුවත්පතේ ජනමාධ්‍ය වේදිනියක වන ඇය විජය කුමාරතුංගයන් භවයෙන් භවයට සසර පුරා එන සහෝදරයකු බව කියයි. මතු මතුත් විජයගේ සොහොයුරියක වී ඉපදීමට ප්‍රාර්ථනා කරන උර්සුලාගේ සංවාදයට සවන් දෙමු.

උර්සුලා හිටියේ නින්දේය. මින් පෙරදී නොඇසුව භාෂාවකින් කවුරුන්දොa සමඟ කතා කරනවා අසා සිටි ඇගේ ස්‌වාමියා ඇඟට අත තබා අවදිකර ඊට හේතු විමසුවේය.

"මගේ කාමරේ ආලෝකයෙන් බැබළුණා. මා කවුරුදොa කාලවර්ණ ඉතා දැකුම්කලු ආකර්ෂණීය දේහධාරී තරුණ පුරුෂයෙකු දුටුවා. මට ඔහු කතා කළා. මමත් ඊට ප්‍රතිචාර දැක්‌වූවා. හැබැයි ඒ ඔහු කියපු කරුණු මට හොඳින් අවබෝධ වුණා. ඒ භාෂාව ගැන සිතෙන විදියට ආසියාතික රටක වාගෙයි හැඟෙන්නේ. ආසියාවේ මිනිස්‌ රූපයක්‌ තමා මට සිහියට නැංවෙන්නේ". ඇය ස්‌වාමියාට කීවාය.

"ඔයා භූත දොඩවනවා". ඔහු කීය. උර්සුලා ඒ සිහිනය දුටුවේ 1979 ජනවාරි 14 දින රාත්‍රියේය. ඇය මාධ්‍ය ආයතනයෙන් ලද විශේෂ විදේශීය සංචාරයක්‌ ලැබ 1979 ජුනි 18 දින ගුවන්ගත වූවාය. සිය ගමන ආසියා මහාද්වීපය සොයා ආරම්භ කරන්නට වූවාය.

ඇය ගුවන් තොටුපළට පිවිසියේ සිය ස්‌වාමියා ද කැටුවය.

එහිදී ඔවුනට අමුත්තෙකු හමුවිය. ඒ අමුත්තා අන් කවුරුත් නොවේ. මෙයට ප්‍රථම රාත්‍රියක සිහිනයෙන් දැක කතා කළ අද්භූත ආගන්තුකයාම යෑයි උර්සුලාට සිතුණි. ඇය ස්‌වාමියාට ද මේ සිද්ධිය හෙළි කළාය.

මාස හයකට ඉහතදී සිහිනයෙන් දුටුව ඒ ලස්‌සන මනුෂ්‍යයා දැන් තමා ඉදිරියේ ජීවමානව සිටිනවා නේදැයි උර්සුලා කල්පනා කරද්දී ඇයගේ කල්පනා ලොව බිඳිමින් ඔහු කතා කරන්නට විය. මේ ඔයාලා ඉන්නේ කොහෙ රටකට යන්නදැයි ඔහු ආකර්ශනීය සිනාවකින් තම හඬ අවදි කළේය.

භද්‍ර යෞවනයේ හිඳින උත්තුංග පුද්ගලයා දැත් එකතු කොට ආචාරකොට මෙසේ කතා කරන අතර මේ ආශ්චර්යය උර්සුලාට අදහා ගත නොහැකි විය.

"අපි ආසියාවේ රටවල් කිහිපයක සංචාරය කරනවා. ඔබ කොහේ ඉඳලාද ආවේ."

"මම ශ්‍රී ලංකාවේ. මගේ මවුබිමට යන්න මේ ඉඳින්නේ" ඔහු කීය.

"ආ කොච්චර ලස්‌සන හොඳ රටක්‌ද. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාව කියලා අපි අහල තියෙනවා."

"ආන්න හරි ඒ මගේ මවුරට තමයි. ඔය දෙන්නා අපේ රට අමතක කරන්නේ නැහැනේ." අද්භූත ආගන්තුක අමුත්තා ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නට වූයේය.

ස්‌වාමියා හා කතා කරගත් ඇය "අපි ඔබගේ රටට මුලින්ම ඔබ සමඟ එනවා" යෑයි කියමින් එකම ගුවන් යානයෙහි නැඟී ශ්‍රී ලාංකික අමුත්තා සමඟ ගුවන් ගත වූවාය.

මාධ්‍යවේදිනියක වන ඇය ශ්‍රී ලංකා සංචාරයේදී ගමන් කළ යුතු නගර, නැරඹිය යුතු වැදගත් ආයතන පිළිබඳ විමසන්නට වූයේ දැඩි කුතුහලයෙනි.

"මේ කාලයේ තමයි බුදු සිරිපතුල වඳින්නට වන්දනාවේ යන්නේ. ඔය දෙන්නට යන්න පුලුවන් අනුරාධපුරය, පොළොන්නරුව, කැලණිය, සීගිරි චිත්‍ර, දඹුල්ල, සිංහරාජ වනාන්තරය, ජයසිරිමහා බෝධිය, දළදා මාලිගය, ගංගා, අලි ඇතුන්, මහාවැව් බලන්න හැකියි. අමුත්තා හෙළිකළ තොරතුරු අසන විටදී ඇය උද්දාමයෙන් උද්දාමයට පත්වූවාය. "උර්සුලාවෝ සිහිනයෙන් දුටු සිද්ධිය හෙළි කරමින් දැයි දෙගිඩියාවෙන් පසු වෙද්දී "ඇයි ඔය තරම් බර කල්පනාවක භය වෙන්න එපා මගේ රටේ මිනිස්‌සු ආගන්තුක සත්කාරයට කැමැතියි. බොහොම ශීලාචාර ගුණ යහපත් අය. මම හොඳ නවාතැන් පළක්‌ සොයා දෙන්නම්", අමුත්තා කීය.

කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකා භූමියට පය තැබුවා පමණි.

මේ නම් මගේම උපන් රට තමයි. මොකක්‌ හෝ පුංචි වැරදීමකින් මම ජර්මනියේ ඉපදිලා තියෙන්නේ. මට දැන් දැනෙන්නේ මෙතෙක්‌ කලක්‌ ආගන්තුක දේශයක සිරවෙලා සිටියාදොaයි සිතෙනවා. ඇය ස්‌වාමියාටත් විජයටත් හෙළි කළාය. තමා ඉපදුණු තම මාතෘ භූමියට සත්‍ය ලෙසම සැපත් වී සිටින බව ඇයට හැඟෙන බවද ජීවිතයේ මින් පෙර නොලද ආස්‌වාදයක්‌, සතුටක්‌ ශරීරයට විනිවිද දැනෙන බවද කීය.

විජය කුමාරතුංගයන් විසින් ඒ සීතල රාත්‍රියේම කොළඹ තරු පහේ සුපිරි හෝටලයකට කතා කර ආගන්තුක ජෝඩුවට හොඳින් ආරක්‍ෂාව සපයා රැක බලා ගන්නා ලෙසට එහි පාලනාධිකාරියට දැනුම් දුන්නේය.

එහිදී විජය ඔවුන්ට සමුදුන්නේ සංචාරය අතුරතුරදී තම නිවහනටද පැමිණ ආගන්තුක සත්කාරයකට සහභාගි වන ලෙසට දයාර්දව ඉල්ලීමක්‌ කරමින්ය.

ශ්‍රී ලංකාවේ මාස කිහිපයක්‌ ගතකළ උර්සුලාවෝ සංචාරයේ දී විශාල දැනුම් සම්භාරයක්‌ සමඟ අවබෝධයක්‌ ද ලැබුවාය.

භාෂාව, සිංහල සිරිත් විරිත් ආදිය ගැන ලත් අවබෝධය තුළින් ඇය සිහිනයෙන් කතා කළ භාෂාව සිංහල භාෂාවම බව ප්‍රත්‍යක්‍ෂ විය.

උඹගේ රට ශ්‍රී ලංකාව. උඹ ආත්ම ගණනාවක්‌ සිංහල බෞද්ධ කාන්තාවක්‌. දානපතිනියක්‌. උඹට ළඟදී එහි යන්නට වාසනාව ලැබේවි. එදා රාත්‍රි සිහිනයෙන් විජය සිංහල භාෂාවෙන් කියා ඇති සුබ පණිවුඩය එය බව ඇයට වැටහිණි.

සංචාරය අවසන් කළ උර්සුලා යළි ජර්මනිය බලා නික්‌ම යැමට පෙර ගුවන් තොටුපළේ දී හමුවී කටුනායකදී සමුගත් නාඳුනන මිත්‍රයාගේ ඉල්ලීම අනුව ඔහු සොයාගෙන ගියේ ඔහු විසින් දෙන ලද ලිපිනය අනුවය.

ඔබගේ හමුවීම නිසා මේ සංචාරය සාර්ථක වුණා. ඔබ අපගේ ආත්මගත සොයුරෙක්‌, මේ සංචාරයෙන් හුඟාක්‌ වැදගත් දේවල් ඉගෙන ගත්තා. ඔබට පුංචි පරිත්‍යාගයක්‌ තියෙනවා. උර්සුලා විජයගෙන් ඉල්ලා සිටියේ මුදල් තොගයක්‌ දිගු කරමිනි.

"මට කිසිවක්‌ එපා. උපකාර උදව් කළයුතු පුද්ගලයන්, ආයතන, ළමා නිවාස තියෙනවා. අපි ගිහින් ඒ අයට දෙමු." මෙසේ කී විජය ඔවුන් සමඟ මහරගම සුචරිතෝදය ළමා නිවාසයට ගියේය. "මතක හිටින වැදගත් යමක්‌ කරනවා නම් මෙතැන සුදුසුයි. මේවාගේ දුප්පත් දරුවෝ ලංකාවේ කිහිප තැනකම හිඳිනවා." සුචරිතෝදයේ දරුවන් පෙන්වමින් විජය හඳුන්වා දුන්නේය.

විජය ගේ ඉල්ලීමෙන් පසුව උර්සුලාගේ කාරුණික හදවත උණුවිණි. දරුවන්ට ඇඳුම් පැළඳුම්, ආහාර පාන, පොත පත පමණක්‌ නොව අලුත්ම ගොඩනැඟිලි රාශියක්‌ද 1979 සිට අඛණ්‌ඩව ලබාදීමේ පදනමක්‌ ඇරඹුණේය.

මාසිකව දිළිඳු දරුවන් දහසකට පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා ශිෂ්‍යත්ව ලබාදීම. ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර ආශ්‍රිතව ප්‍රජා ශාලා 25 ක්‌ ඉදිකිරීම, පෙර පාසල්, දහම් පාසල්, පරිගණක පුහුණු ආයතන ආරම්භ කොට ගුරු වැටුප් සමඟ සියල්ලන්ට ආහාර පාන සැපයීම, ළමා නිවාස, වැඩිහිටි නිවාස ඉදිකිරීම, ගංගාරාම විහාරස්‌ථානයේ අභිනව වෘත්තීය පුහුණු ආයතන ගොඩනැඟිල්ල ඉදිකිරීම, එහි නවම් මහා පෙරහැරට මූල්‍යාධාර සැපයීම, හිසට සෙවණක්‌ නැති පවුල් දහසකට නිවාස දහසක්‌ ඉදිකිරීමටද ජර්මන් හිතු මිතු ගම ඇරඹීම, පිළියන්දල සිපින් ඔµa ලයිµa ආයුර්වේද රෝහල ඉදිකර ජාත්‍යන්තරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචාරය කිරීම ආදිය ඇයගේ පරිත්‍යාග කීපයක්‌ වෙයි.

"මම ශ්‍රී ලංකාවට සේවය කරන්නේ සංසාර පළ පුරුද්ද හින්දයි. මම විතර සමාජයට වැඩ කරල සතුටු වන ජනමාධ්‍යවේදිනියක්‌ ලෝකයේ නැතුව ඇති."

"මගේ කතාව ලංකාවේ දරුවන්හටත් ජනමාධ්‍ය වෘත්තියේ නියෑළෙන ජනමාධ්‍යවේදී සැමටත් ආදර්ශයක්‌ වෙයි." උර්සුලා ඇයගේ කතාව හෙළි කරන්නට වූයේය.

"මට පුනරුත්පත්තිය ගැන ලොකු විශ්වාසයක්‌ තියෙනවා. මම බෞද්ධ පත පොත කියවනවා. භාවනා හොඳින් දන්නවා. මම හදවතින්ම බෞද්ධයි. උපතින් ජර්මන් වුණාට ගතින් සිතින් බෞද්ධයි."

"මගේ තාත්තා ජර්මන් යුද සෙබළෙක්‌. ඊට පෙර තාත්තා ප්‍රසිද්ධ සංගීතඥයෙක්‌. දෙවැනි ලෝක යුද්ධය නිසා සංගීතය අහන අය අඩුවෙලා. තාත්තා හමුදාවට බැඳුණේ අගහිඟ හින්දා."

"මම පාසලට ඇන්දේ එක ගවුමයි. සෙරෙප්පු පාවිච්චි කරන්නට සල්ලි තිබුණේ නැහැ. ඉස්‌කෝලේ ගියේ හැමදාම බඩ ගින්නෙයි. මගේ යෙහෙළියක්‌ ගෙනා ආහාර වලින් ටිකක්‌ කෑවා. එහෙම ඉගෙනගෙන ජනමාධ්‍යවේදිනියක වුණා."

"මගේ පුත්‍රයෙක්‌ සෝලංගන් පත්‍රයේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්‌. ඡායාරූප ශිල්පියෙක්‌."

"විජය කුමාරතුංග කියන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ අග්‍රාමාත්‍යවරියක්‌ හා අග්‍රාමාත්‍යවරයෙකුගේත් දෙවැනි දියණියගේ ස්‌වාමි පුරුෂයා බවත් ඔහු සුප්‍රසිද්ධ චිත්‍රපට රංගන ශිල්පියකු බවත් දැන ගත්තාට පසුව අපි මවිත වුණා. ඔහු තවදුරටත් ඔහුගේ පවුලේ තොරතුරු හෙළි කළේ නැහැ. කාලයක්‌ ආශ්‍රය කරනකොට අපි මේවා දැනගත්තා."

"අපි සුචරිතෝධදය ළමා නිවාසයට ආධාර කරලා විජයගෙන් සමුගන්න කොට ඔහු මෙහෙම කීවා.

"අදින් පසුව ඔබ ලංකාවට එන්න ඕනේ ආගන්තුකයන් විදියට නොවෙයි. අපේම රටේ ළෙන්ගතු මිත්‍රයන් විදියටයි. ඒ එක්‌කම අපේ මේ බැඳීම ඉදිරියටත් පවතීවි." ඔහු කීවා.

ජර්මනිය දෙකඩ වුණු රටක්‌. දෙකඩ වුණු ජාතියක්‌. අද අපි එකතුව සිටිනවා. ලංකාවටත් දැන් උතුර නැගෙනහිර දකුණ කියා බේද නැතුව එකතුවෙලා සිටිනවා. ඔයා දන්නවාද මගේ මේ සමාජ සේවයට මුදල් හොයා ගන්නේ කොහොමද කියලා. අපේ ජර්මන් රටේ උපන් දින සාදවලට රුපියල් මිලියන ගණනක්‌ එක පැයට දෙකට නාස්‌ති කරනවා. අපි ඒ මුදල් නාස්‌තිය වළක්‌වා ඒ මුදල් ලංකාවට මේ වාගේ වැඩ කරන්නට වැය කරනවා.

"මම විජය සමඟ අන්තිම වරට කතාකර සමුගත්තේ 1988 පෙබරවාරි මාසයේ මුල් සතියේදීයි."

විජය එදා මීට පෙර කිසිදවසක අපට නොකී කතාවක්‌ කීවා. මම පුදුම වුණා.

"උර්සුලා සහෝදරිය. ඔයා කිසිදාක මේ පුංචි රට කිසිදා අමතක කරන්නට එපා. මේ රටේ මගේ ජනතාව ඔබට ආදරේ කරයි. ඔබව ආරක්‍ෂා කරයි. විජය කුමාරතුංගවත් පවුලේ අයවත් හැමදාම හදවතේ තියාගන්න කියලා ඔහු කීවා.

"මම විජයගේ පවුලෙන් සමුඅරන් ජර්මන් ගියා. සියලු බැඳීම් ඉවත් කරන්න. විජය ගැන බැඳීම් අත හැරියත් ලංකාවත් විජය ගේ පවුලත් අත් අරින්න එපා. 'විජය සමඟ තිබුණු හිත මිතුරුකම අත්හරින්න,' කවුරුදොa පණිවුඩයක්‌ දීලා තිබුණා."

විජයගේ අකල් වියෝව පිළිබඳ ඒ දුක්‌බර පුවත බුද්ධි කිර්තිසේන අපිට දීලා තිබුණේ මෙහෙමයි.

"විජය මැරිලා දින 07 කට පසුව මා ඔහු සිහිනයෙන් දැක්‌කා. විජය සතුටින් සිටියේ. කොහේද ඉන්නේ ඇසුවා. සත්‍ය විශ්වාස කරන්න. මම ඉන්න තැනට ඔබට එන්නට බැහැ. නමුත් මට එන්න පුළුවන්. අපේ රටට හොඳ යුගයක්‌ උදා වේවි. ජාතික සමඟිය ඇතිවේවි. ඔබ මගේ රටට උපකාර කරන්න, කියා විජය මගෙන් ඉල්ලා සිටියා," ඇය කීවාය.