Pages

Wednesday 25 February 2015

සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාවට වීදුරු ආවරණයක්


සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් යෙදීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවේ. කුරුලු වසුරු සහ සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති කැටපත් පවුර නිරීක්ෂණය කිරීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය ඇමැති නන්දිමිත‍්‍ර ඒකනායක පෙරේදා (23) පස්වරුවේ සීගිරියේ සංචාරයක නිරතවූ අවස්ථාවේ මේ සඳහා අවධානය යොමු කර තිබේ.
ඇමැතිවරයා සමඟ විද්වත් කණ්ඩායමක්ද සීගිරියට ගොස් කැටපත් පවුර නිරීක්ෂණය කර තිබේ
සීගිරිය කැටපත් පවුරට කුරුළු වසුරු වැටීම වැළැක්වීමට සඳහා ඉහළින් අවාරණයක් ඉදිකීරීම පිළිබඳ ඇමැතිවරයා බළධාරීන්ගෙන් අදහස් විමසා ඇත‍.