මම ඥාති සොහොයුරා සමඟ ඔහුගේ වඩු මඩුවේ වහල පිළිසකර කරමින් සිටියෙමි.
වහල මත සිටි අපට යාබද පාර හොඳින් පෙනේ.
තරුණ යුවළක් පාරේ ඈත එනු මට පෙනිණ.
තරමක් ළඟට ආ කල තරුණයා කවුරුන්දැයි මම හඳුනා ගතිමි. තරුණිය ඔහුට තරමක් වැසී තිබුණෙන් ළඟට එන තුරුම හඳුනා නොගත හැකි විය.
ජෝඩුව අප අසලට ම පැමිණි කල බිම වැටුණු ලේන්සුව අහුලා දීමට තරුණයා නැමුණේ ය. තරුණිය ගේ රුව මසිත හොඳින් සිත්තම් වූයේ එවිට ය.
ඇය දුටු කල මම සීතල වී ගියෙමි.
වහලින් බිමට වැටේදෝයි බියක් මසිත ඇති විය. මා හඳුනා ගතහොත් ඊට වඩා ආත්ම ලජ්ජාවක් ඇති වේ. එහෙයින් මම ඔවුනට පිටුපා වහලට බර වීමි.
ඊළඟ මොහොතේ හොරැහින් පාර දෙස බැලූ මට තුරු වැල් අතරින් ඈත ඇදෙන ඔවුන් දිස් විය.
මම ඥාති සොහොයුරා දෙස බැලීමි. ඔහුද ඔවුන් ගැන විමසිලිමත්ව සිටි බව මට පෙනිණ.
ඒ වන විටත් මගේ ආත්මය කිඳා බසිමින් තිබිණ, මම තවදුරටත් අප්‍රාණික ව සිටියෙමි.
‘මොකද මල්ලියෙ එකපාරට වුණේ?’ ඥාති සොහොයුරා ඇසුවේය.
‘කොන්ද ඇමැට්ටි වුණා’ මම වහාම උත්තරයක් හොයා ගතිමි.
වහල මත දිගෑදුණු මම ටිකකින් වැඩ කිරීමට හිත හදා ගතිමි.
‘කවුද අයියෙ ඒ ගිය ජෝඩුව?’
‘අර නෝබට් අංකල්ගෙ මස්සිනාගෙ පුතානෙ. මිනිහ ළඟදි හොරෙන්ම බැඳල වගේ!’
මගේ හිතේ අමාරුව වැඩි විය. මම එය කොන්දේ අමාරුව පිට දා වහලින් බැස ගෙදර ගොස් හුදෙකලා වීමි.
ඇය කලකට පෙර මගේ පෙම්වතියව සිටියා ය. අප මුණ ගැසුණේ පෞද්ගලික පන්තියක දී ය.
ඈ දුටු මුල් දිනයේ දී ම මසිත ඈ කෙරෙහි ඇදී ගියේ ය. ඇගේ දසුන මට ලොවේ ඇති සොඳුරු ම දසුන විය.
මගේ හැඟීම තේරුම් ගත් මිතුරෝ මට උදවු කළහ, ඇගේ අක්කා සිටියේ ද එකම පන්තියේ ය. ඇය ද මට උදවු කළා ය. අවසානයේ මම ජය ගතිමි. ඇය මගේ පෙම්වතිය බවට පත් වූවා ය. නගරයේ තැන තැන අපේ පෙම් රජ දහන මැවිණ.
එහෙත් එය වැඩි කල් නොපැවතියේ ය. සතුරු කුමාරයා ආවේ වෙනත් නගරයක පෞද්ගලික පන්තියකිනි. ඔහු ඇයට ළං වී තිබුණේ ඇය වෙනත් දිනයක ඒ පන්තියට ගිය කල ය.
‘මට ඔයා ඕනෑ. එයත් හරි හොඳයි. එයත් ඕනැ’ ඇය කීවා ය.
එබස මසිතට වේදනා ගෙන දුන්න ද හිතේ කෝපයක් ඇති නොවූයේ ඇගේ අහිංසකකම නිසා ම ය. ඇය හුරතල් ය. බොළඳ ය. අනුන් ගේ හිත් රිදවීමට අකැමැති ය.
‘දෙන්නෙකුට කොහොමද ආදරේ කරන්නෙ?’ මම ඇසීමි.
‘අනේ මන්ද?’ ඇය කිකිණි හඬින් සිනාසුණා ය.
‘ඔයා එක්කෙනෙක්ව තෝරගන්ඩ!’
‘අනේ මන්ද’
‘ඒ වුණාට මට නං ඔයාව නැතුව බෑ’
‘එයත් ඕකම තමයි කියන්නෙ’
මම අමනාප වී හිස බිමට හරවා ගතිමි.
‘තරහ ගන්ඩ එපා බබෝ! මං ඔයාල දෙන්නව මුණ ගස්සන්නං. දෙන්න කතා කරල තීන්දුවක් ගන්ඩ!’
මම එකඟ වීමි. ඔහු ද එකඟ වී තිබිණි.
පසු දිනෙක ඇය අප දෙදෙනා මුණ ගැස්සුවා ය.
ඒ නගරයේ අවන්හලකි. ඇය එක් කොනකට වී පලතුරු බඳුනක් රස විඳින්නට වූවා ය. අපි තවත් කොනකට වී අපේ බඳුන් අතැතිව, එහෙත් ඒවා රස විඳීමට තරම් හිතේ සංහිඳියාවක් නොමැතිව පෙම් සටනක නියැළුණෙමු.
‘ඔයා මොනව කිව්වත් මට එයා නැතුව බෑ. ඔයා අපිට ඉඩ දෙන්ඩ!’ ඔහු ආයාචනා කළේ ය.
‘කරන්ඩ පුළුවන් දෙයක් නං මං අවංකවම කරනව. ඒත් මට එයාව ඔයාට දෙන්ඩ බෑ’ මම තරයේ කියා සිටියෙමි.
ඔහුට අසරණ හිනාවක් ගියේ ය.
මම ද අසරණ හිනාවක් පෑවෙමි.
‘ඔයාල තීන්දුව ගත්ත ද?’ ඇය හිස් බඳුන මේසය මත තබා අප දෙදෙනා සමඟ ම සමො'සමේ හිනා වුණා ය.
ඒ වෙලාවේ ඒ හුරතල් බැල්මෙහි මම තදින් වෙළී ගියෙමි. ඇය කෙසේවත් අත නොහරිමියි මම සිතා ගතිමි.
‘මට බෑ. ඔයා අයින් වෙන්ඩ!’ මම අලුත් පෙම්වතාට කීමි.
‘මට නං බෑ. ඔයා අයින් වෙන්ඩ!’ ඔහු මට කීවේ ය.
ඉන් එහාට ඇත්තේ ගුටි කෙළියයි. එහෙත් ඔහුටත්, මටත් එය ගෝචර නොවී ය.
මසිත දැඩි ආවේගයක් හට ගත්තේ ය. මම අවන්හලින් පිටවී ඒ ඉදිරියේ වූ මගේ බසයට නැඟුණෙමි. ඔහු ද ගොස් ඔහුට නියමිත බසයට නගිනු මම දිටිමි. ඇය අවන්හල් දොරකඩට පැමිණ බස් දෙක දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූවා ය.
දැන් මේ සියල්ල වැළලී ගොසිනි. ඇය දැන් මටත් නැත. ඔහුටත් නැත, අප තුන් හිතකින්වත් නොසිතූ කෙනකුගේ අත ගෙන ඇත.
ලෝකය අප සිතුවාට වඩා පළල් ය. අප ඒ දිග පළල අවබෝධ කොට ගත යුතු ය.
මතු යම් දිනෙක ඇය මට මහ මඟ දී හමු වනු ඇත.
පෙර පරිදිම ඇය මා හා දොඩනු ඇත. මා ද කතා කළ යුතු ය.
ජීවිතය එසේ ය, අප ඊට මුහුණ දිය යුතු ය.


සුද්දා මුළු රටටම කොඩිය දැම්මේ 1815 දීය. එතනින් එහාට සිදුවූ හැම දෙයක්ම මිනිහ කළ ඒවා වන්නේය. එක්දහස් අටසිය ගණන්වල අග, සුද්දා ලංකාවේ නගර හදන්නට පටන්ගත්තේය. ඒ, එවකට සුද්දාට අයිති හැම කොලනියකටම ෙපාදු වූ
ජාතික වනෝද්‍යානයක් තුළට නිසි අවසරයක් සහිතව ඇතුළුවන ඕනෑම කෙනකුගේ මූලික අභිලාෂය වන්නේ එහි නිදහසේ සැරිසරන වන සතුන්ගේ අසිරිමත් හැසිරීම් රටා දැක බලා ගැනීමය. නෙක විසිතුරු ස්වාභාවික පරිසර පද්ධතියක නිහඬ නිස්කාංසුව මදකට හෝ අත්විඳීමය. එය පරිසර හිතකාමී බොහෝ දෙනෙක් තුළ පහළ වන පොදු හැඟීමක් බඳුය.





* ගම්පහ, කළුතර, නුවර, ගාල්ල නගර ආශ්‍රිතව වැඩිපුර උපත් පාලන උපකරණ විකිණෙන්නේ අඩු වයස් දරු දැරියන් අතර



තරුණියක්ම සිහි තබා ගත යුතුය. මංගල දිනය යනු පැය කීපයකට මිහිපිට සුරලොවක් මවාගැනීම නොවේ. මංගල දිනයෙන් ආරම්භ වන සුන්දර මොහොතේ සිට මුළු ජීවිතයම සුරවිමනක් කර ගැනීමට උත්සාහ දැරීමය. මංගල උත්සවයෙන් පසු සියල්ල අවසන් වන්නේ නැත. ඔබ යුවළක් ලෙස ජීවිතය ගොඩනගා ගැනීමට කිසියම් ආර්ථික ස්ථාවරයක් අවශ්‍ය වෙයි. එබැවින් ජීවිතයේ ආරම්භයේදී පුහු ආටෝපවලට විශාල මුදලක් නාස්ති නොකොට ඒවා දෙදෙනාගේ අනාගත සුබසිද්ධිය සඳහා ප්‍රවේශම් කරගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙයි. අන්‍යයන් කරන්නන් වාලේ ඒවාට ගැති නොවී තවත් කෙනෙකුගේ මංගල උත්සවයකට වඩා ඉහළින් කිරීමේ තරගයට අවතීර්ණ නොවී තමන්ගේ ඇති හැකියාවට අනුව අනාගතයට බරක් නොවන විවාහ මංගල උත්සවයකට යොමුවීම වැදගත්ය.

අසුනක් නොලැබ හිටගෙන ගිය ගැබිනි මවක ගම්පොළ උලපනේ දී බසයෙන් එළියට විසි වී බරපතළ තුවාල ලැබූ සිද්ධියට සතියක් ගතවීමට මත්තෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හිටගෙන යද්දී ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේ දී බසයෙන් එළියට විසි වී මහ පාරට වැටී තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.








