මඩේ ලැග්ගත් ඌරන් දියේ ලගින බවක් අප අසා නැත. ස්වභාවයෙන්ම අපිරිසිදුව සිටීමට ප්‍රිය කරන ඌරන් ජලයට ප්‍රිය කරන බව දැනගැනීමට ලැබිම පවා පුදුමයක් වනවා නිසැකය. නමුත් බහමාස් රාජ්‍යයට අයත් කැරිබියානු දිවයිනක් වන ‘බිග් මේජර් කේහි’ පදිංචිකරුවන් වන මෙම සූකර රංචුව දියේ බැස කෙළි සෙල්ලම් කිරීමටත් පිහිනීමටත් කෙතරම් දක්ෂද කියතොත් මොවුන්ගේ ජල ක්‍රීඩා නැරඹීමට වාර්ෂිකව සංචාරකයින් විශාල පිරිසක් ‘බිග් මේජර් කේ’ වෙත පැමිණන්නෝය.
මිනිස් වාසයෙන් තොරවූ දිවයිනක් වන බිග් මේජර් කේ වෙත ඇදී එන සංචාරකයන් බොහෝ දෙනෙකු පාහේ ඒ වෙත එන්නේ කොහෙන් ආවාදැයි නොදන්න මෙම යෝධ ඌරන් රංචුව සමග එක්ව මුහුදේ පිහිනීමටය. දවසේ වැඩි කාලයක් හිරු එළියෙන් නැහැවුණු වෙරළ තීරයේ අව්ව තපිමින් ගත කරන මෙම ඌරන් රංචුව දිවයින වෙත එන සංචාරකයන් රැගත් යාත්‍රා දුටු කල දියඹට පැන ඒවා වෙත පිහිනා එන්නේ දැඩි උදේයා්ගයකිනි. සාමාන්‍යයෙන් වෙරළේ සිට අඩි තුන්සියයක් පමණ ඔබ්බට ඔවුන් මෙලෙස පිහිනා යාමට සමත්ය. හුදකලා දිවයිනක ගත කරන ජීවිතයට හොඳින් හැඩගැසී සිටින මෙම යෝධ සූකරයන් බොහෝවිට තම කුසගින්න නිවා ගන්නේ දිවයින අසලින් ගමන් කරන යාත්‍රාවලින් මුහුදට වීසි කරන ආහාර ද්‍රව්‍යවලිනි. දිවයිනේ සිටින මෙම අපූරු අමුත්තන් පිරිස ගැන දන්නා යාත්‍රාවල ගමන් ගන්නා පිරිස්ද ඒ අසලින් යාත්‍රා කරත්දී ආහාර ද්‍රව්‍ය දියඹට වීසි කිරීමට අමතක කරන්නේ නැත.
බිග් මේජර් කේ දිවයින වෙත කවදා කෙසේ ආවාදැයි නොදන්නා මෙම සූකර රංචුව එක්තරා ආකාරයකින් අබිරහසකි. නමුත් මොවුන් දිවයිනට පැමිණි ආකාරය සම්බන්ධයෙන් ඇති මත කිහිපයක් වෙයි. ඉන් එකක් නම් නාවිකයන් පිරිසක් මෙම ඌරන්ව පසුව ආහාරයට ගැනීමේ බලාපොරොත්තුවෙන් දිවයිනට දමා ගියද යළි ඒ වෙත පැමිණෙන්නට ඔවුන්ට අතපසු වන්නට ඇති බවය. ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ කිසියම් නැවක ගමන් ගත් මෙම සූකර රංචුව නැව අනතුරට පත් වීමෙන් පසු මෙම දිවයින වෙත පිහිනා එන්නට සමත් වන්නට ඇති බවය.

.gif)
.gif)
.jpg)

සුද්දා මුළු රටටම කොඩිය දැම්මේ 1815 දීය. එතනින් එහාට සිදුවූ හැම දෙයක්ම මිනිහ කළ ඒවා වන්නේය. එක්දහස් අටසිය ගණන්වල අග, සුද්දා ලංකාවේ නගර හදන්නට පටන්ගත්තේය. ඒ, එවකට සුද්දාට අයිති හැම කොලනියකටම ෙපාදු වූ
ජාතික වනෝද්‍යානයක් තුළට නිසි අවසරයක් සහිතව ඇතුළුවන ඕනෑම කෙනකුගේ මූලික අභිලාෂය වන්නේ එහි නිදහසේ සැරිසරන වන සතුන්ගේ අසිරිමත් හැසිරීම් රටා දැක බලා ගැනීමය. නෙක විසිතුරු ස්‌වාභාවික පරිසර පද්ධතියක නිහඬ නිස්‌කාංසුව මදකට හෝ අත්විඳීමය. එය පරිසර හිතකාමී බොහෝ දෙනෙක් තුළ පහළ වන පොදු හැඟීමක් බඳුය.

* ගම්පහ, කළුතර, නුවර, ගාල්ල නගර ආශ්‍රිතව වැඩිපුර උපත් පාලන උපකරණ විකිණෙන්නේ අඩු වයස් දරු දැරියන් අතර

තරුණියක්ම සිහි තබා ගත යුතුය. මංගල දිනය යනු පැය කීපයකට මිහිපිට සුරලොවක් මවාගැනීම නොවේ. මංගල දිනයෙන් ආරම්භ වන සුන්දර මොහොතේ සිට මුළු ජීවිතයම සුරවිමනක් කර ගැනීමට උත්සාහ දැරීමය. මංගල උත්සවයෙන් පසු සියල්ල අවසන් වන්නේ නැත. ඔබ යුවළක් ලෙස ජීවිතය ගොඩනගා ගැනීමට කිසියම් ආර්ථික ස්ථාවරයක් අවශ්‍ය වෙයි. එබැවින් ජීවිතයේ ආරම්භයේදී පුහු ආටෝපවලට විශාල මුදලක් නාස්ති නොකොට ඒවා දෙදෙනාගේ අනාගත සුබසිද්ධිය සඳහා ප්‍රවේශම් කරගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙයි. අන්‍යයන් කරන්නන් වාලේ ඒවාට ගැති නොවී තවත් කෙනෙකුගේ මංගල උත්සවයකට වඩා ඉහළින් කිරීමේ තරගයට අවතීර්ණ නොවී තමන්ගේ ඇති හැකියාවට අනුව අනාගතයට බරක් නොවන විවාහ මංගල උත්සවයකට යොමුවීම වැදගත්ය.